සාපූගියසුත්තං
4. 4. 5. 4.
4. 4. 5. 4.
[සාපූගියසුත්තං]
[සාපූගිය සූත්‍රය]
44. එකං සමයං ආයස්මා ආනන්දො කොලියෙසු විහරති සාපූගන්නම කොලියානං නිගමො. අථ ඛො සම්බහුලා සාමුගියා කොළියපුත්තා යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සාපුගියෙ කොළියපුත්තෙ ආයස්මා ආනන්දො එතදවොච :
44. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කෝලිය දනව්හි සාපූග නම් කෝලිය නියම්ගම්හි වැඩ වසන්නාහ. එකල්හි බොහෝ සාපූගිය කෝලිය පුත්‍රයෝ ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඳ එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් සාපූගිය කෝලිය පුත්‍රයනට ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තෙල කීහ.
චත්තාරිමානි බ්යග්ඝපජ්ජා පාරිසුද්ධිපධානියඞ්ගානි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතානි සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. කතමානි චත්තාරි?
ව්‍යග්ඝපජ්ජයෙනි, යථාර්‍ත්‍ථ දන්නා වූ යථාර්‍ත්‍ථ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට පවසන ලද සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස වූ ශෝකපරිදේවයන්ගේ සමතික්රමයට, දුක් දොම්නස් දුරලනුවට න්යායාධිගමයට නිර්වාණ සාක්ෂාත්කාරයට මෙ සතර පාරිසුද්ධි පධානියඞ්ග කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
සීලපාරිසුද්ධිපධානියඞ්ගං චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං.
සීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ග යි.
කතමඤ්ච බ්යග්ඝපජ්ජා සීලපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ බ්යග්ඝපජ්ජා භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං වුච්චති බ්යග්ඝපජ්ජා සීලපාරිසුද්ධි. ඉති එවරූපිං සීලපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි, පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති, යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා සීලපාරිසුද්ධිපධානියඞ්ගං.
ව්‍යග්ඝපජ්ජයෙනි, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්ෂා පදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධියයි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණ වූ හෝ මෙ බඳු ශීලපාරිසුද්ධිය පුරන්නෙමි. පරිපූර්ණ වූ හෝ ශීලපාරිශුද්ධිය එ එ කරුණෙහි විදර්ශනාප්රඥායෙන් අනුගන්නෙමි යි එහිලා යම් ඡන්දයෙක් හා යම් ව්‍යායාමයෙක් හා යම් උත්සාහයෙක් හා යම් උත්සොලභියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ශීලපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
කතමඤ්ච බ්යග්ඝපජ්ජා චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ බ්යග්ඝපජ්ජා භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ-(පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ-)චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්යග්ඝපජ්ජා චිත්තපාරිසුද්ධි. ඉති එවරූපිං චිත්තපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි, පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤංච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං.
ව්‍යග්ඝපජ්ජයෙනි, චිත්තපාරිශුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ...) චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මේ චිත්තපාරිශුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණ වූ හෝ මෙ බඳු චිත්තපාරිශුද්ධිය පුරන්නෙමි යි පරිපූර්ණ වූ හෝ චිත්තපාරිශුද්ධිය ඒ ඒ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් හා උස්සෝළහියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්‍යක් ප්‍රඥායෙක් හා වේ නම් ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයි කියනු ලැබේ.
කතමඤ්ච බ්යග්ඝපජ්ජා දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං? ඉධ බ්යග්ඝපජ්ජා භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච්චති බ්යග්ඝපජ්ජා දිට්ඨිපාරිසුද්ධි. ඉති එවරූපිං දිට්ඨිපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගං.
ව්‍යග්ඝපජ්ජයෙනි, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුකැයි යථාභූතය දන්නේ ය ... මේ දුක්ඛසමුදය යි ... මේ දුක්ඛනිරෝධයයි ... මෙ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති ය යි යථාභූතය දන්නේ ය. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ දිට්ඨිපාරිසුද්ධි යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණවූ හෝ මෙබඳු දිට්ඨිපාරිසුද්ධිය පුරන්නෙමි යි පරිපූර්ණ වූ හෝ දිට්ඨිපාරිසුද්ධිය එ එ කරුණෙහි විවසුන් නැණින් අනුගන්නෙමි යි එහි යම් ඡන්දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
කතමඤ්ච බ්යග්ඝපජ්ජා විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං? ස ඛො සො බ්යග්ඝපජ්ජා අරියසාවකො ඉමිනා ච සීලපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො ඉමිනා ච චිත්තපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො ඉමිනා ච දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගෙන සමන්නාගතො රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙති, විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමොචයති, සො රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙත්වා විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමොචෙත්වා සම්මාවිමුත්තිං ඵුසති. අයං වුච්චති බ්යග්ඝපජ්ජා විමුත්තිපාරිසුද්ධි. ඉති එවරූපිං විමුත්තිපාරිසුද්ධිං අපරිපූරං වා පරිපූරෙස්සාමි පරිපූරං වා තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤංච. ඉදං වුච්චති බ්යග්ඝපජ්ජා විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගං.
ව්‍යග්ඝපජ්ජයෙනි, විමුත්තිපාරිසුද්ධිපධානියඞ්ගය හා කවරෙ යත්: ව්‍යග්ඝපජ්ජයෙනි, එම අරීසවු මෙ ශීලපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්වාගත වූයේ මෙ චිත්තපාරිශුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්වාගත වූයේ මෙ දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් හා සමන්වාගත වූයේ රාගයට කරුණු වූ ඉෂ්ටාලම්බනයන් නිමිති කොට සිත වෙන් කොට ලයි. විමොචනීය ආලම්බනයන් නිමිති කොට සිත මුදාලයි. හෙ රජනීය ධර්මයන්හි සිත වෙන් කොට ලා විමොචනීය ධර්මයන්හි සිත මුදවා සම්‍යක් හේතුයෙන් අර්හත්ඵල විමුක්තිය (නැණපහසින්) පහස්නේ ය. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙ විමුත්තිපාරිසුද්ධිය යි කියනු ලැබේ. මෙසේ අපරිපූර්ණ වූ හෝ මෙ බඳු විමුක්තිපාරිශුද්ධිය පුරන්නෙමි, පරිපූර්ණ වූ හෝ විමුක්තිපාරිශුද්ධිය එ එ තන්හි ප්‍රඥායෙන් අනුගන්නෙමි යි එහි යම් ඡන්දයෙක් හා ව්‍යායාමයෙක් හා උත්සාහයෙක් උත්සොල්හියෙක් හා අප්රතිවානියෙක් හා ස්මෘතියෙක් හා සම්ප්‍රජන්‍යයෙක් හා වේ නම්, ව්‍යග්ඝපජ්ජයෙනි, මේ විමුක්තිපාරිශුද්ධිපධානියඞ්ග යි කියනු ලැබේ.
ඉමානි ඛො බ්යග්ඝපජ්ජා චත්තාරි පාරිසුද්ධිපධානියඞ්ගානි, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතානි සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියායාති.
ව්‍යග්ඝපජ්ජයෙනි, සියල්ල දන්නා, සියල්ල දක්නා අර්හත් සම්‍යක් සම්බුද්ධ එ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස දුක්දොම්නසුන්ගේ අත්ථගමය පිණිස න්‍යායයාගේ අධිගමය පිණිස නිර්වාණයාගේ සාක්ෂාත්කාරය පිණිස මොනොවට පවසන ලද මෙ සතර පාරිශුද්ධි පධානියඞ්ග යි.