යෙදුමෙන් කියවන්න

වප‍්පසුත‍්තං

4. 4. 5. 5.

4. 4. 5. 5.

[වප‍්පසුත‍්තං]

[වප්ප සූත්‍රය]

45. එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො වප‍්පො සක‍්කො නිගණ‍්ඨසාවකො යෙන ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො වප‍්පං සක‍්කං නිගණ‍්ඨසාවකං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච :

45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර අසල න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි නුවට සවු වප්ප ශාක්‍ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පසෙක හුන් නුවටසවු වප්ප ශාක්‍යහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ.

ඉධස‍්ස වප‍්ප කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා. පස‍්සසි නො ත්‍වං වප‍්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති? පස‍්සාමහං භන‍්තෙ තං ඨානං: ඉධස‍්ස භන‍්තෙ පුබ‍්බෙ පාපකම‍්මං කතං අවිපක‍්කවිපාකං. තතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති.

වප්පයෙනි, අවිද්‍යා විරාගයෙන් මාර්‍ගවිද්‍යා උත්පාදයෙන් මෙ සස්නෙහි (මහණ) කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ සිතින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යමක් නිදාන කොට දුඃඛවේදනාවට ප්‍රත්‍යය වූ ආස්‍රවයෝ පුරුෂයා පරලොව්හි අනුබඳනාහු නම් එ කරුණ තො දක්නෙහිදැයි? වහන්ස, එ කරුණ මම් දක්නෙමි: වහන්ස, මෙ ලොව්හි නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්‍මයෙක් වන්නේ ය. එ හේතුයෙන් දුකට ප්‍රත්‍යය වූ ආස්‍රවයෝ පුරුෂයා පරලොව්හි ලුහුබඳනාහ යි.

අයඤ‍්ච ඛො පනායස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස වප‍්පෙන සක‍්කෙන නිගණ‍්ඨසාවකෙන සද‍්ධිං කථා විප‍්පකතා හොති. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං එතදවොච : කාය නුත්‍ථ මොග‍්ගල‍්ලාන එතරහි කථාය සන‍්නිසින‍්නා කා ච පන වො අන‍්තරා කථා විප‍්පකතාති.

ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ නුවට සවු වප්ප ශාක්‍යයා සමග වූ මෙ කථාව ද අඩාළ කරණ ලද වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියාහු උපස්ථාන ශාලාව කරා එළඹි සේක. එළඹ පැනවූ ආසනයෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල වදාළ සේක: මොග්ගල්ලානයෙනි, දැන් තෙපි කවර කථායෙකින් හුන්නහු ද, තොප විසින් කවර අතුරු කථායෙකුත් අඩාළ කරණ ලද දැ යි.

ඉදාහං භන‍්තෙ වප‍්පං සක‍්කං නිගණ‍්ඨසාවකං එතදවොචං : ඉධස‍්ස වප‍්ප කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා. පස‍්සසි නො ත්‍වං වප‍්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති? එවං වුත‍්තෙ භන‍්තෙ වප‍්පො සක‍්කො නිගණ‍්ඨසාවකො මං එතදවොච : පස‍්සාමහං භන‍්තෙ තං ඨානං: ඉධස‍්ස භන‍්තෙ පුබ‍්බෙ පාපකම‍්මං කතං අවිපක‍්කවිපාකං තතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති. අයං ඛො භන‍්තෙ වප‍්පෙන සක‍්කෙන නිගණ‍්ඨසාවකෙන සද‍්ධිං කථා විප‍්පකතා, අථ භගවා අනුප‍්පත‍්තොති.

වහන්ස, මෙහි මම නුවට සවු වප්ප ශාක්‍යහට තෙල කීමි: වප්පයෙනි, මෙහි (මහණ) අවිද්‍යා විරාගයෙන් විද්‍යා - උත්පාදයෙන් කයින් සංවෘත වූයේ වචනයෙන් සංවෘත වූයේ මනසින් සංවෘත වූයේ වෙයි. වප්පයෙනි, යම් හේතුයෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් තෝ එකරුණ දන්හිදැ”යි. වහන්ස, මෙසේ කියූ කල්හි නුවටසවු වප්පශාක්‍ය මට තෙල කීයේ ය: “වහන්ස, තෙල කරුණ මම දන්මි. වහන්ස, නො පැසුනු විපාක ඇති පෙර කළ පාපකර්‍මයෙක් වන්නේ ය. එ හේතුයෙන් අභිසම්පරායෙහි දුඃඛවේදනීය ආස්‍රවයෝ පුරුෂයා ලුහුබඳනාහයි. වහන්ස, නුවටසවු වප්ප ශාක්‍ය සමග කළ කථාව මේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්තයහ යි.

අථ ඛො භගවා වප‍්පං සක‍්කං නිගණ‍්ඨසාවකං එතදවොච : සචෙ ඛො මෙ ත්‍වං වප‍්ප අනුඤ‍්ඤෙය්‍යඤ‍්චෙව අනුජානෙය්‍යාසි, පටික‍්කොසිතබ‍්බඤ‍්ච පටික‍්කොසෙය්‍යාසි, යස‍්ස ච මෙ භාසිතස‍්ස අත්‍ථං න ජානෙය්‍යාසි, මමෙවෙත්‍ථ උත‍්තරිං පටිපුච‍්ඡෙය්‍යාසි: ඉදං භන‍්තෙ කථං, ඉමස‍්ස කො අත්‍ථො?ති සියා නො එත්‍ථ කථාසල‍්ලාපොති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නුවටසවු වප්ප ශාක්‍යයාට තෙල වදාළහ: වප්පයෙනි, ඉදින් තෝ මට අනුඥා කටයුත්තක් ම අනුදන්නෙහි නම් ප්‍රතික්‍රෝශ කටයුත්තක් ප්‍රතික්‍රෝශ කරන්නෙහි නම් මාගේ යම් ම භාෂිතයෙක අරුත් නො දන්හි නම් තෙල කරුණෙහි මත්තෙහි මා ම පුළුවුස්නෙහි නම් “වහන්ස, මෙ කෙසේය, මෙහි අර්‍ත්‍ථ කවරැ?”යි. මෙහි ලා අපගේ කථා සල්ලාපයෙක් වන්නේ යයි.

අනුඤ‍්ඤෙය්‍යං චෙවාහං භන‍්තෙ භගවතො අනුජානිස‍්සාමි. පටික‍්කොසිතබ‍්බඤ‍්ච පටික‍්කොසිස‍්සාමි. යස‍්ස චාහං භගවතො භාසිතස‍්ස අත්‍ථං න ජානිස‍්සාමි, භගවන‍්තං යෙවෙත්‍ථ උත‍්තරිං පටිපුච‍්ඡිස‍්සාමි : ඉදං භන‍්තෙ කථං ඉමස‍්ස ක්‍වත්‍ථොති? හොතු නො එත්‍ථ කථාසල‍්ලාපොති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අනුඥා කටයුත්තක් ම මම් අනුදන්නෙමි. ප්‍රතික්‍රෝශ කටයුත්තක් ම ප්‍රතික්‍රෝශ කෙරෙමි. භාග්‍යවතුන් වහන්සේගේ යම් ම භාෂිතයකත් අර්‍ත්‍ථය නො දනිම් නම් එහි ලා මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ම පුළුවුස්නෙමි. “වහන්ස, මෙ කෙසේ ය, මෙහි අරුත් කවරැ?” යි. මෙහි ලා අපගේ කථාසල්ලාපයෙක් වේව යි.

තං කිං මඤ‍්ඤසි වප‍්ප, යෙ කායසමාරම‍්භපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා, කායසමාරම‍්භා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. සො නවඤ‍්ච කම‍්මං න කරොති. පුරාණඤ‍්ච කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තී කරොති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහීති. පස‍්සසි නො ත්‍වං වප‍්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති? නො හෙතං භන‍්තෙ.

වප්පයෙනි, එ කිමැයි සිතව, කායකර්‍මප්‍රත්‍යය කොට ඇති විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් වෙත් නම් කායකර්‍මාන්තප්‍රත්‍යයෙන් විරත වූ ඔහට විඝාතපරිදාහකර වූ එ ආස්‍රවයෝ නොවෙත් නම් හේ අභිනව කර්‍ම ද නො කෙරේ නම් පුරාතන කර්‍මය ද පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා ‘එව, බලව’ යනුවට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා වේදිතව්‍ය වෙයි. වප්පය, තෝ යම් හෙයෙකින් දුඃඛවේදනීය වූ ආස්‍රවයෝ අභිසම්පරායෙහි පුරුෂයා ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්නෙහි දැ? යි. වහන්ස, තෙල නැත්මැ යි.

තං කිං මඤ‍්ඤසි වප‍්ප, යෙ වචීසමාරම‍්භපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා. වචීසමාරම‍්භා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. සො නවඤ‍්ච කම‍්මං න කරොති. පුරාණඤ‍්ච කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තීකරොති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහීති. පස‍්සසි නො ත්‍වං වප‍්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති? නො හෙතං භන‍්තෙ.

වප්පය, වාක්කර්‍මයෙන් දුක් හා කායික චෛතසිකපරිදාහය ඇතිකරණ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් වාක්කර්‍මයෙන් වැළකි ඔහට දුඃඛපරිදාහ ඇතිකරණ එම ආස්‍රවයෝ මෙ පරිද්දෙන් නොවන්නාහු නම් හෙ අභිනවකර්‍ම නො කෙරේ නම් පැරණි කර්‍ම ද පැහැසැ පැහැස විගතාන්ත කෙරේ නම් කෙලෙස් දිරවන ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්ප, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හි ලුහුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැ? යි. වහන්ස, තෙල නො වේ ම ය.

තං කිං මඤ‍්ඤසි වප‍්ප, යෙ මනොසමාරම‍්භපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා මනොසමාරම‍්භා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. සො නවඤ‍්ච කම‍්මං න කරොති. පුරාණඤ‍්ච කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තීකරොති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහීති. පස‍්සසි නො ත්‍වං වප‍්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති? නො හෙතං භන‍්තෙ.

වප්පය, මනඃකර්‍මප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇතිකරණ යම් ආස්‍රව කෙනෙක් උපදිත් නම් මනඃකර්‍මප්‍රත්‍යයෙන් වැළකියහුට විඝාතපරිදාහකර වූ මේ ආස්‍රවයෝ වෙසෙසින් නොවන්නාහු නම් එ අභිනව කර්‍මත් නො කෙරේ නම් පැරණි කර්‍මත් පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් නිර්ජරා ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එව බලව යන විධානයට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වෙයි. වප්පය, තෝ යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හිදී පුරුෂයා අනුබඳනාහු නම් එබඳු කරුණු දක්හි දැයි? වහන්ස, තෙල නො වේ මැයි.

තං කිං මඤ‍්ඤසි වප‍්ප, යෙ අවිජ‍්ජාපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති ආසවා විඝාතපරිළාහා. අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. සො නවඤ‍්ච කම‍්මං න කරොති. පුරාණඤ‍්ච කම‍්මං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තීකරොති. සන්‍දිට‍්ඨිකා නිජ‍්ජරා අකාලිකා එහිපස‍්සිකා ඔපනයිකා පච‍්චත‍්තං වෙදිතබ‍්බා විඤ‍්ඤූහීති. පස‍්සසි නො ත්‍වං වප‍්ප තං ඨානං යතො නිදානං පුරිසං දුක‍්ඛවෙදනීයා ආසවා අස‍්සවෙය්‍යුං අභිසම‍්පරායන‍්ති? නො හෙතං භන‍්තෙ.

වප්පය, එ කිමැයි සිතව, අවිද්‍යාප්‍රත්‍යයෙන් විඝාතපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අවිද්‍යාවිරාගයෙන් විද්‍යා-උත්පාදනයෙන් විඝාතපරිදාහකර එ ආස්‍රවයෝ මෙසෙයින් ඔහට නො වෙත් නම් හෙ අභිනව කර්‍මත් නො කෙරේ නම් පුරාතන කර්‍මත් පැහැසැ පැහැසැ විගතාන්ත කෙරේ නම් නිර්‍ජරා ප්‍රතිපත් සාන්දෘෂ්ටික වූවා අකාලික වූවා එහි පස්ස, යන විධියට නිසි වූවා උපනයනාර්‍හ වූවා විඥයන් විසින් තමන් තුළ ලා දතයුතු වූවා වෙයි. වප්පය, යම් කරුණෙකින් දුඃඛවේදනීය ආස්‍රවයෝ පරලොව්හිදී පුරුෂයා අනුබඳනාහු නම් එබඳු කරුණක් දක්හි දැයි? වහන්ස, තෙල නැත් මැ යි.

එවං සම‍්මා විමුත‍්තචිත‍්තස‍්ස ඛො වප‍්ප භික‍්ඛුනො ඡ සත‍්තතවිහාරා අධිගතා හොන‍්ති. සො චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති. න දුම‍්මනො උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සො කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තීති පජානාති.

වප්පය, මෙසේ සම්‍යක් හේතුයෙන් විමුක්තචිත්ත ඇති මහණහු විසින් ෂට් සතතවිහාර කෙනෙක් අධිගත වෙත්. හෙ චක්‍ෂුර්විඥානයෙන් රූපායතනයක් දැක සතුටු සිත් ඇතියේ නො මැ වෙයි. නොසතුටු සිත් ඇතියේ නො මැ වෙයි. ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. ශ්‍රෝතවිඥානයෙන් ශබ්දායතනයක් අසා … ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධායතනයක් ඉවසා ... ජිහ්වාවිඥානයෙන් රසායතනයක් විඳ ... කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යායතනයක් පැහැසැ ... මනෝවිඥානයෙන් ධර්‍මයතනයක් දැනැ නො ම සතුටු වෙයි. නො ම අසතුටු වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කායපරිච්ඡින්න වූ (පඤ්චද්වාරික) වේදනාව විඳිනුයේ කායපර්‍ය්‍යන්තික වේදනාව විඳිමි යි දන්නේ ය. ජීවිතපරියන්තික වූ වේදනාව විඳිනුයේ ජීවිතපරියන්තික වේදනාව විඳිමි යි දන්නේ ය. කරජකායයාගේ භේදයෙන් ජීවිතක්‍ෂයයාගේ මතුයෙහි ඉහතාත්මයෙහි ම හැම වේදයිතයන් අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දනිත්.

සෙය්‍යථාපි වප‍්ප ථූණං පටිච‍්ච ඡායා පඤ‍්ඤායති. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුද‍්දාලපිටකං ආදාය. සො තං ථූණං මූලෙ ඡින්‍දෙය්‍ය. මූලෙ ඡෙත්‍වා පළිඛණෙය්‍ය. පළිඛණිත්‍වා මූලානි උද‍්ධරෙය්‍ය, අන‍්තමසො උසීරනාළ මත‍්තානිපි. සො තං ථූණං ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දෙය්‍ය. ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡෙත්‍වා ඵාලෙය්‍ය. ඵාලෙත්‍වා සකලිකං සකලිකං කරෙය්‍ය. සකලිකං සකලිකං කරිත්‍වා වාතාතපෙ විසොසෙය්‍ය. වාතාතපෙ විසොසෙත්‍වා අග‍්ගිනා ඩහෙය්‍ය. අග‍්ගිනා ඩහිත්‍වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‍වා මහාවාතෙ වා ඔපුනෙය්‍ය. නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවං හිස‍්ස වප‍්ප යා ථූණං පටිච‍්ච ඡායා, සා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා.

වප්පය, රුක නිසා සෙය යම්සේ පැනේ නම් ඉක්බිති පුරුෂයෙක් හුදැලු හා පැසගෙණ එයි, හෙ එ රුක මුල්හි සිඳුනේ ය. මුල්හි සිඳ වටා කණනේ ය. වටා කැණ යටත් පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරනේ ය. හේ එ රුක කඩ - කඩ කොට සිඳුනේ ය. කඩ - කඩ කොට සිඳ පළනේ ය. පළා කැබැලි - කැබැලි කොට ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරනේ ය. හළු කොට මහ සුළඟෙහි පොළා හරනේ ය. සැඩදිය පහර ඇති නදියෙක හෝ පා කොට හරනේ ය. වප්පය, මෙසේ රුක නිසා යම් සෙයක් උසුන් මුල් ඇතියා තාලාවස්තුකෘත වූවා අනභාවකෘත වූවා මතුයෙහි නො උපදනා සැහැවි ඇතිවූවා වේ ද,

එවමෙව ඛො වප‍්ප එවං සම‍්මා විමුත‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො ඡ සන‍්තතවිහාරා අධිගතා හොන‍්ති: සො චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති, න දුම‍්මනො. උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති, න දුම‍්මනො. උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සො කායපරියන‍්තිකං වෙදනං වෙදියමානො කායපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන‍්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස‍්ස භෙදා උද‍්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීතීභවිස‍්සන‍්තීති පජානාතීති.

වප්පය, එ සෙයින් ම මෙසේ සම්‍යක් විමුක්තචිත්ත ඇති භික්‍ෂූහු විසින් ෂට් සතතවිහාරයෝ අධිගත වෙත්. හෙ ඇසින් රුවක් දැක සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නොම වෙයි. සිහි ඇතියේ මනා නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. කණින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් ඉවසා ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පැහැසැ ... මනසින් දහමක් දැන සොම්නස් ඇතියේ නොම වෙයි. දොම්නස් ඇතියේ නො ම වෙයි. සිහි ඇතියේ නුවණ ඇතියේ උපේක්‍ෂකව වෙසෙයි. හෙ කායපරියන්තික වේදනා විඳිමින් කායපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. ජීවිතපරියන්තික වේදනා විඳිමින් ජීවිතපරියන්තික වේදනා විඳිමි යි දන්නේය. කායභේදයෙන් ජීවිතක්‍ෂයයෙන් මතුයෙහි මෙ අත්බව්හි ම හැම වේදයිතයෝ අනභිනන්‍දිත වූවාහු සිහිල් වන්නාහ යි දන්නේ යි.

එවං වුත‍්තෙ වප‍්පො සක‍්කො නිගණ‍්ඨසාවකො භගවන‍්තං එතදවොච : සෙය්‍යථාපි භන‍්තෙ පුරිසො උදයත්‍ථිකො අස‍්සපණියං පොසෙය්‍ය. සො උදයඤ‍්චෙව න ලභෙය්‍ය, උත‍්තරිං ච කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස. එවමෙව ඛො අහං භන‍්තෙ උදයත්‍ථිකො බාලෙ නිගණ‍්ඨෙ පයිරුපාසිං. සො හං උදයඤ‍්චෙව නාධිගච‍්ඡිං උත‍්තරිඤ‍්ච කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අහොසිං. එසාහං භන‍්තෙ අජ‍්ජතග‍්ගෙ යො මෙ බාලෙසු නිගණ‍්ඨෙසු සම‍්පසාදො, තං මහාවාතෙ වා ඔපුනාමි, නදියා වා සීඝසොතාය පවාහෙමි. අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- උපාසකං මං භන‍්තෙ භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි නුවටසවු වප්ප ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: වහන්ස, යම් පරිදි උදයාර්ත්‍ථි වූ පුරුෂයෙක් අශ්වපණ්‍යයක් පුස්නේ නම් හේ ලාභ ද නො ලබන්නේ ය. මතුයෙහිත් ක්ලමථයට දුඃඛයට භාගී වන්නේ ය. වහන්ස, එ පරිදි ම මම් උදයාර්ත්‍ථියෙම් බාලනුවටුන් ඇසුරු කෙළෙමි. එ මම් උදයකුදු නො ලදිමි. මතුයෙහිත් ක්ලමථයට දුඃඛයට භාගී වීමි. වහන්ස, තෙල මම් අද පටන් කොට මාගේ බාලනුවටුන් කෙරෙහි යම් සම්ප්‍රසාදයෙක් වී නම් එය මහසුළඟෙහි හෝ පොළා හරනෙමි. සැඩ දියපහර ඇති නදියෙක හෝ පා කොට හරනෙමි. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, ... භාග්‍යවතුන් වහන්සේ මා අදින් මතුයෙහි දිවිහිමියෙන් සරණගිය උපාසක කොට ධරණ සේක්වා!