1. සොතානුධතසුත්තවණ්ණනා අට්ඨකථා
1. සොතානුධතසුත්තවණ්ණනා
1. සොතානුධත සූත්‍ර වර්ණනාව
පඤ්චමස්ස පඨමෙ සොතානුගතානන්ති පසාදසොතං ඔදහිත්වා ඤාණසොතෙන වවත්ථපිතානං. චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛාති චත්තාරො ගුණානිසංසා පාටිකඞ්ඛිතබ්බා. ඉදං පන භගවතා අත්ථුප්පත්තිවසෙන ආරද්ධං. කතරඅත්ථුප්පත්තිවසෙනාති? භික්ඛූනං ධම්මස්සවනාය අනුපසඞ්කමනඅත්ථුප්පත්තිවසෙන. පඤ්චසතා කිර බ්රාහ්මණපබ්බජිතා “සම්මාසම්බුද්ධො ලිඞ්ගවචනවිභත්තිපදබ්යඤ්ජනාදීහි කථෙන්තො අම්හෙහි ඤාතමෙව කථෙස්සති, අඤ්ඤාතං කිං කථෙස්සතී”ති ධම්මස්සවනත්ථං න ගච්ඡන්ති. සත්ථා තං පවත්තිං සුත්වා තෙ පක්කොසාපෙත්වා “කස්මා එවං කරොථ, සක්කච්චං ධම්මං සුණාථ, සක්කච්චං ධම්මං සුණන්තානඤ්ච සජ්ඣායන්තානඤ්ච ඉමෙ එත්තකා ආනිසංසා”ති දස්සෙන්තො ඉමං දෙසනං ආරභි.
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සොතානුගථානං යනු පැහැදීමේ කණයොමා නැණකණින් තීරණය කරන්නවුන්ටය, චත්තාරො ආනිසංසා පාටිකඞ්කා යනු ගුණානිසංස සතරක් බලාපොරොත්තු විය යුතුය, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් අරඹන ලදි, කවර නම් අර්ත්ථොත්පත්තියක් වශයෙන්ද යත්, භික්ෂූන් ධර්ම ශ්‍රවණයට නොපැමිණීමේ අර්ත්ථාත්පත්ති වශයෙනි, පන්සියයක් බමුණු පැවිද්දෝ “සම්බුදුන් වහන්සේ ලිංග වචන විභක්ති පද ඛ්යංජනාදියෙන් කියන සේක් අප විසින් දන්නා දෙයක්ම කියන සේක, නොදත් කුමක් කියන සේක්දැයි ධර්ම ශ්‍රවණය කරන තැනට නොයත්, ශාස්තෲන් වහන්සේ එපුවත අසා ඔවුන් කැඳවා කුමක්නිසා මෙසේ කරහුද? ධර්මය අසුවූ සකස්ව ධර්මය අසන්නවුනට ද සජ්ඣායනය කරන්නවුනට ද මේ මෙපමණ අනුසස් යයි දක්වන සේක් මේ දේශනාව ඇරඹූ සේක.
තත්ථ ධම්මං පරියාපුණාතීති සුත්තං ගෙය්යන්තිආදිකං නවඞ්ගං සත්ථුසාසනභූතං තන්තිධම්මං වළඤ්ජෙති. සොතානුගතා හොන්තීති සොතං අනුප්පත්තා අනුපවිට්ඨා හොන්ති. මනසානුපෙක්ඛිතාති චිත්තෙන ඔලොකිතා. දිට්ඨියා සුප්පටිවිද්ධාති අත්ථතො ච කාරණතො ච පඤ්ඤාය සුට්ඨු පටිවිද්ධා පච්චක්ඛං කතා. මුට්ඨස්සති කාලං කුරුමානොති නයිදං බුද්ධවචනං අනුස්සරණසතියා අභාවෙන වුත්තං, පුථුජ්ජනකාලකිරියං පන සන්ධාය වුත්තං. පුථුජ්ජනො හි මුට්ඨස්සති කාලං කරොති නාම. උපපජ්ජතීති සුද්ධසීලෙ පතිට්ඨිතො දෙවලොකෙ නිබ්බත්තති. ධම්මපදා ප්ලවන්තීති අන්තරාභවෙ නිබ්බත්තමුට්ඨස්සතිනො, යෙපි පුබ්බෙ සජ්ඣායමූලිකා වාචාපරිචිතබුද්ධවචනධම්මා, තෙ සබ්බෙ පසන්නෙ ආදාසෙ ඡායා විය ප්ලවන්ති, පාකටා හුත්වා පඤ්ඤායන්ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදොති බුද්ධවචනානුස්සරණසතියා උප්පාදො දන්ධො ගරු. අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති, නිබ්බානගාමී හොතීති අත්ථො.
එහි ධම්මං පරියාපුණාති යනු සුත්තගෙය්ය ආදී නවාංග සත්ථුසාසනය වූ පෙළදහම උගණියි, සොතානුධතා හොන්ති යනු කණට අනුව පවත්නාහු අනුව පිවිසියාහු වෙත්, මනසානුපෙක්ඛිතා යනු සිතෙන් බැලුවාහුයි, දිට්ඨියා සුප්පටිවිද්ධා යනු අර්ත්ථයෙන් ද කාරණයෙන් ද ප්‍රඥාවෙන් ද මනාව අවබෝධ කළාහුය, ප්රත්යක්ෂ කළාහුය, මුට්ඨස්සති කාලං කුරුමාණො යන මෙය බුද්ධ වචනය සිහිකිරීමේ සිහිය නැති නිසා නොකියන ලද්දකි, පුහුදුන් අයගේ කළුරිය කිරීම සඳහා කියන ලදි. පෘථග්ජනයා සිහිමුළාවූයේ කළුරිය කරයි නම්, උප්පජ්ජති යනු පිරිසුදු ශීලයෙහි පිහිටියේ දෙව්ලොව උපදියි, ධම්මපදාපි ලපන්ති යනු ශාන්තභාවයෙහි උපන් සුව ඇත්තාට පෙර සජ්ඣායනයෙන් මුළාවට පත්ව වචනයෙන් පිරිහුණු යම් බුද්ධවචන ධර්මයෝ වෙත්ද ඒ සියල්ලෝ පැහැපත් කැඩපතක සෙවනැල්ල මෙන් සිහිවෙත්, වැටහෙත්, ප්රකටව පැනෙත්. දන්ධො භික්ඛවෙ සත්තුප්පාදො යනු බුද්ධ වචනය සිහිකිරීමේ සිහිය ඉපදීමම. අලස බහුල වූයේයි, අථ සො සත්තො ඛිප්පංයෙව විස්සෙගාමී හොති යන නිර්වාණගාමී වේ යයි අර්‍ත්‍ථයි,
ඉද්ධිමා චෙතොවසිප්පත්තොති ඉද්ධිසම්පන්නො චිත්තස්ස වසිභාවපත්තො ඛීණාසවො. අයං වා සො ධම්මවිනයොති එත්ථ විභාවනත්ථො වා-සද්දො. යත්ථාති යස්මිං ධම්මවිනයෙ. බ්රහ්මචරියං අචරින්ති බ්රහ්මචරියවාසං වසිං. ඉදම්පි බුද්ධවචනං මයා පුබ්බෙ වළඤ්ජිතන්ති බුද්ධවචනානුස්සරණවසෙනෙතං වුත්තං. දෙවපුත්තොති පඤ්චාලචණ්ඩො විය හත්ථකමහාබ්රහ්මා විය සනඞ්කුමාරබ්රහ්මා විය ච එකො ධම්මකථිකදෙවපුත්තො. ඔපපාතිකො ඔපපාතිකං සාරෙතීති පඨමං උප්පන්නො දෙවපුත්තො පච්ඡා උප්පන්නං සාරෙති. සහපංසුකීළිකාති එතෙන නෙසං දීඝරත්තං කතපරිචයභාවං දස්සෙති. සමාගච්ඡෙය්යුන්ති සාලාය වා රුක්ඛමූලෙ වා සම්මුඛීභාවං ගච්ඡෙය්යුං. එවං වදෙය්යාති සාලාය වා රුක්ඛමූලෙ වා පඨමතරං නිසින්නො පච්ඡා ආගතං එවං වදෙය්ය. සෙසමෙත්ථ පාළිනයෙනෙව වෙදිතබ්බං.
ඉද්ධිමා චෙතොවසිප්පත්තො යනු සෘද්ධියෙන් යුක්ත වූ සිත් වසඟ බවට පත් ක්ෂීණාශ්රවයායි, අයං වා සො ධම්මවිනයො යනු මෙහි ප්‍රකට කිරීම් අර්‍ත්‍ථයෙහි ශබ්දයයි, යත්ථ යනු යම් ධර්මවිනයක යනුයි, බ්රහ්මචරියං අචරි යනු බ්‍රහ්මචරිය වාසයෙහි විසීය, මේ බුද්ධ වචනය මවිසින් පෙර පාවිච්චි කරන ලදැයි බුද්ධ වචනය සිහිකිරීම් වශයෙන්ම මෙය කියන ලදි, දෙවප්රත්තො යනු පඤ්චාලචණ්ඩ වැනි වූ ද, හත්ථක මහාබ්‍රහ්මයා වැනි වූ ද, සතංකුමාර බ්‍රහ්මයා වැනි වූ ද එක් ධර්මකථික දිව්‍ය පුත්‍රයෙකි. ඔපපාතිකො ඔප්පාතිකං සාරෙති යනු පළමුව උපන් දෙවිපුත්තෙමේ පසුව උපන්නහු සිහිකරයි. සහපංසුකීළිකා යන මෙයින් ඒවා බොහෝකලක් පුහුණු කරන ලද බව දක්වයි. සමාගච්ඡෙය්යුං යනු ශාලාවක හෝ ගස් මුලක හෝ මුණ ගැසුණාහ. එවං වදෙය්ය යනු ශාලාවක හෝ ගස්මුලක හෝ පළමුව හුන්නේ පසුව ආවහුට මෙසේ කියයි, මෙහි සෙස්ස පෙළක්රමයෙන්ම දතයුතුය.
2. ඨානසුත්තවණ්ණනා
2. ඨාන සූත්‍ර වර්ණනාව
දුතියෙ ඨානානීති කාරණානි. ඨානෙහීති කාරණෙහි. සොචෙය්යන්ති සුචිභාවො. සංවසමානොති එකතො වසමානො. න සන්තතකාරීති න සතතකාරී. න සන්තතවුත්ති සීලෙසූති සතතං සබ්බකාලං සීලජීවිතං න ජීවතීති අත්ථො. සංවොහාරමානොති කථෙන්තො. එකෙන එකො වොහරතීති එකෙන සද්ධිං එකො හුත්වා කථෙති. වොක්කමතීති ඔක්කමති. පුරිමවොහාරා පච්ඡිමවොහාරන්ති පුරිමකථාය පච්ඡිමකථං, පුරිමකථාය ච පච්ඡිමකථා, පච්ඡිමකථාය ච පුරිමකථා න සමෙතීති අත්ථො.
දෙවැනි සූත්‍රයෙහි ඨානානි යනු කාරණයෝයි, ඨානෙහි යනු කාරණයන්ගෙනි, සොවෙය්‍යං යනු පිරිසුදු බවයි, සංවසමානො යනු එක්ව වසන්නේයි, න සන්තතකාරී යනු නිතර නොකරන්නේයි, න සනත්තවුත්ති සීලෙසු යනු නිතර සියලු කල්හි සිල්වත් දිවියක් නොගෙවයි යන අරුත්ය, සංවොහාරමානො යනු කියන්නේයි, එකෙන එකො වොහරති යනු එකකු සමඟ එක්වී කියයි, චොක්කමති යනු බැසගනියි, පුරිමවොහාරා පච්ඡිමවොහාරං යනු පළමු කථාවෙන් පසු කථාවයි, පළමු කථාවෙන් පසු කථාව ද පසු කථාවෙන් පළමු කථාව ද නොගැලපේයයි අර්‍ත්‍ථයි.
ඤාතිබ්යසනෙනාතිආදීසු ඤාතීනං බ්යසනං ඤාතිබ්යසනං, ඤාතිවිනාසොති අත්ථො. දුතියපදෙපි එසෙව නයො. රොගබ්යසනෙ පන රොගොයෙව ආරොග්යවිනාසනතො බ්යසනං රොගබ්යසනං. අනුපරිවත්තන්තීති අනුබන්‍ධන‍්ති. ලාභො චාතිආදීසු එකං අත්තභාවං ලාභො අනුපරිවත්තති, එකං අලාභොති එවං නයො නෙතබ්බො. සාකච්ඡායමානොති පඤ්හපුච්ඡනවිස්සජ්ජනවසෙන සාකච්ඡං කරොන්තො. යථාති යෙනාකාරෙන. උම්මග්ගොති පඤ්හුම්මග්ගො. අභිනීහාරොති පඤ්හාභිසඞ්ඛරණවසෙන චිත්තස්ස අභිනීහාරො. සමුදාහාරොති පඤ්හපුච්ඡනං. සන්තන්ති පච්චනීකසන්තතාය සන්තං කත්වා න කථෙතීති අත්ථො. පණීතන්ති අතප්පකං. අතක්කාවචරන්ති යථා තක්කෙන නයග්ගාහෙන ගහෙතුං සක්කා හොති, එවං න කථෙතීති අත්ථො. නිපුණන්ති සණ්හං. පණ්ඩිතවෙදනීයන්ති පණ්ඩිතෙහි ජානිතබ්බකං. සෙසං සබ්බත්ථ වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං.
ඤාතිව්යසෙන්න යනාදියෙහි ඤාතීන්ට සිදුවන විපත ඤාති ව්‍යසනයයි, ඥාතීන්ගේ විනාශය යනාර්ථයි, දෙවැනි පදයෙහිද මේ ක්‍රමයයි, රොගව්‍යසන යන පදයෙහි අර්ථය වන්නේ රොගයමය, නීරොගී බව නැතිවීමෙන් වන ව්‍යසනය රොගව්යාසනං නමි, අනුපරිවත්තන්ති යනු ලුහුබඳිත්: ලාභො ච යනාදියෙහි ලාභය එක් ආත්මභාවයක් ලුහුබඳියි, ආලාභය එක් ආත්මභාවයක් යැයි මෙසේ ක්‍රමයක් එළවිය යුතුයි, සාකච්ඡායමානො යනු ප්‍රශ්න ඇසීම් විසඳීම් වශයෙන් සාකච්ඡා කරන්නේය, යථා යනු යම් අයුරකින් යනුයි, උම්මග්ගො යනු ප්‍රශ්න උත්මාර්ගයයි, අභිනීහාරො යනු ප්‍රශ්න සැකසීම් වශයෙන් සිතේ විනිශ්චයයි, සමුදාහාරො යනු ප්‍රශ්න ඇසීමයි, සන්තං යනු විරොධ සන්තාපයෙන් ශාන්තකොට නොකියයි යන අර්ත්ථයයි, පණීතං යනු අතෘප්තකරවූයි, අතක්කාවචරං යනු යම්සේ තර්කයෙන් න්‍යායානුකූලව ගැනීමට හැකිවේද එසේ නොකියයි යන අරුත්ය, නිපුණං යනු සියුම්වූයි, පණ්ඩිතවෙදනීයං යනු පණ්ඩිතයන් විසින් දැනගත යුත්තකි, සෙසු සියලු තන්හි කියන ලද්ද අනුසාරයෙන් දතයුතුය.
3. භද්දියසුත්තවණ්ණනා
3. භද්දිය සූත්‍ර වර්ණනාව
තතියෙ උපසඞ්කමීති භුත්තපාතරාසො හුත්වා මාලාගන්ධවිලෙපනං ගහෙත්වා භගවන්තං වන්දිස්සාමීති උපසඞ්කමි. මා අනුස්සවෙනාතිආදීසු අනුස්සවවචනෙන මම කථං මා ගණ්හථාති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො. සාරම්භොති කරණුත්තරියලක්ඛණො සාරම්භො. අලොභාදයො ලොභාදිපටිපක්ඛවසෙන වෙදිතබ්බා. කුසලධම්මූපසම්පදායාති කුසලධම්මානං සම්පාදනත්ථාය, පටිලාභත්ථායාති වුත්තං හොති. ඉමෙ චෙපි, භද්දිය, මහාසාලාති පුරතො ඨිතෙ සාලරුක්ඛෙ දස්සෙන්තො එවමාහ. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථත්තා ච සුවිඤ්ඤෙය්යමෙව. සත්ථරි පන දෙසනං විනිවට්ටෙන්තෙ භද්දියො සොතාපන්නො ජාතොති.
තෙවැන්නෙහි උපසඞ්කමි යනු වැළඳූ උදේ අහර ඇත්තේ වී මල්ගඳවිලවුන් ගෙන භාග්‍යවතුන් වහන්සේ වඳිමැයි එළඹියේය, මා අනුස්සවෙන යනාදියෙහි අනුශ්‍රැති වශයෙන් මගේ කථාව නොගනුවයි මේ ක්‍රමයෙන් අර්ත්ථය දතයුතුය, පසාරම්හො යනු එකටෙක කිරීමේ ලක්ෂණය ඇති තරහවයි, අලොභාදිය ලෝභාදියට ප්රතිපක්ෂ වශයෙන් දතයුතුය, කුසලධම්මුපසම්පදාය යනු කුශල ධර්මයන් සම්පාදනය කරනු සඳහා, ලබාගැනීම සඳහායි කියන ලද්දේ වෙයි, ඉමෙ ද්වෙපි භද්දිය මහාසාලා යනු ඉදිරියෙහි පිහිටි සල්ගස් දක්වමින් මෙසේ කීය, මෙහි සෙස්ස යට කියන ලද ක්‍රමය ඇති බැවින් ද පැහැදිලි අරුත් ඇති බැවින් ද මනාව වැටහෙන්නේමය, ශාස්තෲන් වහන්සේ දෙසුම පවත්වත්දීම භද්දිය තෙමේ සෝවාන් වූයේය.
4. සාපූගියසුත්තවණ්ණනා
4. සාපූගිය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සාමුගියාති සාමුගනිගමවාසිනො. බ්යග්ඝපජ්ජාති තෙ ආලපන්තො එවමාහ. කොලනගරස්ස හි කොලරුක්ඛෙ හාරෙත්වා කතත්තා කොලනගරන්ති ච බ්යග්ඝපථෙ මාපිතත්තා බ්යග්ඝපජ්ජන්ති ච ද්වෙ නාමානි. එතෙසඤ්ච පුබ්බපුරිසා තත්ථ වසිංසූති බ්යග්ඝපජ්ජවාසිතාය බ්යග්ඝපජ්ජවාසිනො බ්යග්ඝපජ්ජාති වුච්චන්ති. තෙ ආලපන්තො එවමාහ. පාරිසුද්ධිපධානියඞ්ගානීති පාරිසුද්ධිඅත්ථාය පධානියඞ්ගානි පදහිතබ්බවීරියස්ස අඞ්ගානි, කොට්ඨාසාති අත්ථො. සීලපාරිසුද්ධිපධානියඞ්ගන්ති සීලපරිසොධනවීරියස්සෙතං නාමං. තඤ්හි සීලපාරිසුද්ධිපරිපූරණත්ථාය පධානියඞ්ගන්ති සීලපාරිසුද්ධිපධානියඞ්ගං. සෙසෙසුපි එසෙව නයො. තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමීති තස්මිං තස්මිං ඨානෙ විපස්සනාපඤ්ඤාය අනුග්ගහෙස්සාමි. යො තත්ථ ඡන්දොතිආදීසු යො තස්මිං අනුග්ගණ්හනෙ කත්තුකාමතාඡන්දොති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො. සතිසම්පජඤ්ඤං පනෙත්ථ සතිං උපට්ඨපෙත්වා ඤාණෙන පරිච්ඡින්දිත්වා වීරියපග්ගහනත්ථං වුත්තං. රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙතීති රාගපච්චයෙසු ඉට්ඨාරම්මණෙසු යථා චිත්තං විරජ්ජති, එවං කරොති. විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමොචෙතීති යෙහි ආරම්මණෙහි චිත්තං විමොචෙතබ්බං, තෙසු යථා විමුච්චති, එවං කරොති. විරාජෙත්වාති එත්ථ මග්ගක්ඛණෙ විරාජෙති නාම, ඵලක්ඛණෙ විරත්තං නාම හොති. දුතියපදෙපි එසෙව නයො. සම්මාවිමුත්තිං ඵුසතීති හෙතුනා නයෙන අරහත්තඵලවිමුත්තිං ඤාණඵස්සෙන ඵුසතීති.
සිවුවැන්නෙහි සාපූගියා යනු සාපූග නියම්ගම් වැසියෝයි, ව්යග්ඝපජ්ජා යනු ඔවුන් අමතමින් මෙසේ කීහ, කොල නගරයේ ඩෙබරගස් ඉවත් කරවා කරවන ලද බැවින් කොලනගර යයි ද, ව්යාඝ්ර මාර්ගයෙහි නිමවනලද බැවින් ව්යග්ඝපජ්ජ යයි ද නම් දෙකෙකි, මොවුන්ගේ පූර්‍වපුරුෂයෝ එහි විසූහයි ව්යග්ඝපජ්ජයෙහි වැසියන් බැවින් ව්යග්ඝපජ්ජයෝයි කියනු ලැබෙත්, එහෙයින් ඔවුන් අමතමින් මෙසේ කීහ. පාරිසුද්ධිපධානියඞ්ගානි යනු පාරිසුද්ධිය සඳහා බවුන් වැඩීමේ උත්සාහයේ අංගයෝයි, බවුන් සඳහා වැඩිය යුතු වීර්යයේ අංගයෝ, කොට්ඨාශයෝයි අර්‍ත්‍ථයි, එය ශීල පාරිශුද්ධිය සපිරීම සඳහා උත්සාහයට අංගයක් වේ යයි “සීලපාරිසුද්ධිපධානයඞ්ගං” නමි, සෙසු තන්හිද මේ ක්‍රමයමයි, තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු ඒ ඒ තැන විදර්ශනා ප්‍රඥාවට අනුග්‍රහ කරන්නෙමි, යො තත්ථ ඡන්දො යනාදියෙහි ඒ අනුග්‍රහ කිරීමෙහි යම් කත්තුකම්‍යතා ඡන්දයක් වේදැයි මේ ක්‍රමයෙන් අර්ත්ථය දතයුතුයි, මෙහි සතිසම්පජඤ්ඤය සිහිය නංවා නුවණින් පිරිසිඳ වීර්යය පැවැත්වීම සඳහා කියන ලදි, රජනීයෙසු ධම්මෙසු චිත්තං විරාජෙති යනු රාගයට ප්‍රත්‍යය වූ ඉෂ්ටාරම්මණයන්හි යම්සේ සිත නොඇලෙයිද එසේ කරයි, විමොචනීයෙසු ධම්මෙසු චිත්තං විමුච්වති යනු ඒ අරමුණුවලින් සිත මිදවිය යුතුයි, ඒ අරමුණුවල යම්සේ සිත මිදෙයිද එසේ කරයි, චිරාජෙත්වා යනු මෙහි මාර්ගක්ෂණයෙහි නොඇලෙයි නමි, ඵලක්ෂණයෙහි මිදුනේ නමි වෙයි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි, සම්මා විමුත්තිං පුසති යනු හේතුවෙන් ක්‍රමයෙන් අරහත්ත ඵල විමුත්තිය ස්පර්ශ කරයි.
5. වප්පසුත්තවණ්ණනා
5. වප්ප සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ වප්පොති දසබලස්ස චූළපිතා සක්යරාජා. නිගණ්ඨසාවකොති වෙසාලියං සීහසෙනාපති විය නාළන්දායං උපාලිගහපති විය ච නිගණ්ඨස්ස නාටපුත්තස්ස උපට්ඨාකො. කායෙන සංවුතොති කායද්වාරස්ස සංවුතත්තා පිහිතත්තා කායෙන සංවුතො නාම. සෙසද්වයෙපි එසෙව නයො. අවිජ්ජාවිරාගාති අවිජ්ජාය ඛයවිරාගෙන. විජ්ජුප්පාදාති මග්ගවිජ්ජාය උප්පාදෙන. තං ඨානන්ති තං කාරණං. අවිපක්කවිපාකන්ති අලද්ධවිපාකවාරං. තතොනිදානන්ති තංහෙතු තප්පච්චයා. දුක්ඛවෙදනියා ආසවා අස්සවෙය්යුන්ති දුක්ඛවෙදනාය පච්චයභූතා කිලෙසා අස්සවෙය්යුං, තස්ස පුරිසස්ස උප්පජ්ජෙය්යුන්ති අත්ථො. අභිසම්පරායන්ති දුතියෙ අත්තභාවෙ. කායසමාරම්භපච්චයාති කායකම්මපච්චයෙන. ආසවාති කිලෙසා. විඝාතපරිළාහාති එත්ථ විඝාතොති දුක්ඛං. පරිළාහොති කායිකචෙතසිකො පරිළාහො. ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොතීති ඤාණවජ්ඣං කම්මං ඤාණඵස්සෙන ඵුසිත්වා ඵුසිත්වා ඛයං ගමෙති, විපාකවජ්ඣං කම්මං විපාකඵස්සෙන ඵුසිත්වා ඵුසිත්වා ඛයං ගමෙති. නිජ්ජරාති කිලෙසජීරණකපටිපදා. සෙසවාරෙසුපි එසෙව නයො. ඉධ ඨත්වා අයං භික්ඛු ඛීණාසවො කාතබ්බො, චත්තාරි මහාභූතානි නීහරිත්වා චතුසච්චවවත්ථානං දස්සෙත්වා යාව අරහත්තඵලං කම්මට්ඨානං කථෙතබ්බං.
පස්වැන්නෙහි චප්පො යනු තථාගතයන් වහන්සේගේ සුළුපියා වූ ශාක්‍ය රජුයි, නිගණ්ඨසාවකා යනු විශාලා නුවර සීහ සේනාපති වැනි නාලන්දාවෙහි උපාලි ගහපති වැනි නිගණ්ඨනාථ පුත්තයන්ගේ උපස්ථායකයෙකි, කායෙන සංවුතො යනු කායද්වාරය සංවරකළ බැවින් වසන ලද බැවින් කයින් සංවරවූයේ නමි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයයි, අවිජ්ජාවිරාගා යනු අවිද්‍යාව ක්ෂයවීමේ විරාගයෙනි, විජ්ජුප්පාදා යනු මාර්‍ගවිද්‍යාව ඉපදීමෙනි, තං ඨානං යනු ඒ කාරණයයි, අවිපක්කවිපාකං යනු නොලබන ලද විපාකවාරයයි, තතො නිදානං යනු එම හේතුවෙන් එම ප්රත්යයෙන්ය, දුක්ඛවෙදනීයා ආසවා අස්සවෙය්යුං යනු දුක්ඛවේදනාවට ප්‍රත්‍යය වූ ක්ලේශයෝ හටගනිත්, එම පුද්ගලයාට උපදිත් යයි අර්ත්ථයයි, අභිසම්පරායං යනු දෙවැනි ආත්මභාවයෙහියි, කායසමාරම්භපච්චයා යනු කායකර්ම ප්රත්යයෙනි, ආස්වා යනු කෙලෙස්ය, විඝාතපරිළාහා යන මෙහි විඝාතො යනු දුකයි, පරිළාහො යනු කායික හා චෛතසික දැවිල්ලයි, පුස්ස ඵුස්ස ඛ්යංන්ති කරොති යනු ඥානයෙන් නැසියයුතු කර්මය ඥාන ස්පර්ශයෙන් ස්පර්ශ කරමින් විනාශයට යවයි, විපාකයෙන් නැසිය යුතු කර්මය විපාක ස්පර්ශයෙන් ස්පර්ශ කරමින් විනාශයට යවයි, නිජ්ජරා යනු කෙලෙස් දිරවන පිළිවෙතයි, සෙසු දොරටුවල ද මේ ක්‍රමයමැයි, මෙහි සිට මේ භික්ෂුව ක්ෂීණාශ්රවයෙක් කළයුතුය, සතර මහා භූතයන් ගෙනහැර චතුස්සත්‍ය විශ්ලේෂණය දක්වා යම්තාක් අරහත්ඵල කමටහන කිවයුතු
ඉදානි පන තස්ස ඛීණාසවස්ස සතතවිහාරෙ දස්සෙතුං එවං සම්මා විමුත්තචිත්තස්සාතිආදිමාහ. තත්ථ සම්මා විමුත්තචිත්තස්සාති හෙතුනා කාරණෙන සම්මා විමුත්තස්ස. සතතවිහාරාති නිච්චවිහාරා නිබද්ධවිහාරා. නෙව සුමනො හොතීති ඉට්ඨාරම්මණෙ රාගවසෙන න සොමනස්සජාතො හොති. න දුම්මනොති අනිට්ඨාරම්මණෙ පටිඝවසෙන න දොමනස්සජාතො හොති. උපෙක්ඛකො විහරති සතො සම්පජානොති සතිසම්පජඤ්ඤපරිග්ගහිතාය මජ්ඣත්තාකාරලක්ඛණාය උපෙක්ඛාය තෙසු ආරම්මණෙසු උපෙක්ඛකො මජ්ඣත්තො හුත්වා විහරති.
දැන් එම ක්ෂීණාශ්රවයාට නිරන්තර විහරණය දැක්වීමට මෙසේ “සම්මාවිමුත්තචිත්තස්ස” යනාදිය කීය. සම්මා විමුත්තචිත්තස්ස යනු හේතුවෙන් කාරණයෙන් ක්‍රමයෙන් මනාව මිදුනහුගේයි, සත්තවිහාරා යනු නිත්‍ය විහරණයෝයි, නිරන්තර විහරණයෝයි, නෙව සුමනො හොති යනු ඉටු අරමුණෙනි ඇලීම් වශයෙන් සොම්නස හටගත්තේ නොවෙයි. න දුම්මනො යනු අනිටු අරමුණෙහි ගැටීම් වශයෙන් දොම්නස හටගත්තේ නොවෙයි, උපෙඛතො විහරති සතො සම්පජානො යනු සිහිනුවණින් වෙළනාලද මධ්‍යස්ථාකාර ලක්ෂණ ඇති උපෙක්ෂාවෙන් ඒ අරමුණුවල උපෙක්ෂකව මධ්‍යස්ථව වාසය කරයි.
කායපරියන්තිකන්ති කායන්තිකං කායපරිච්ඡින්නං, යාව පඤ්චද්වාරකායො පවත්තති, තාව පවත්තං පඤ්චද්වාරිකවෙදනන්ති අත්ථො. ජීවිතපරියන්තිකන්ති ජීවිතන්තිකං ජීවිතපරිච්ඡින්නං, යාව ජීවිතං පවත්තති, තාව පවත්තං මනොද්වාරිකවෙදනන්ති අත්ථො. තත්ථ පඤ්චද්වාරිකවෙදනා පච්ඡා උප්පජ්ජිත්වා පඨමං නිරුජ්ඣති, මනොද්වාරිකවෙදනා පඨමං උප්පජ්ජිත්වා පච්ඡා නිරුජ්ඣති. සා හි පටිසන්ධික්ඛණෙ වත්ථුරූපස්මිංයෙව පතිට්ඨාති. පඤ්චද්වාරිකා පවත්තෙ පඤ්චද්වාරවසෙන පවත්තමානා පඨමවයෙ වීසතිවස්සකාලෙ රජ්ජනදුස්සනමුය්හනවසෙන අධිමත්තා බලවතී හොති, පණ්ණාසවස්සකාලෙ ඨිතා හොති, සට්ඨිවස්සකාලතො පට්ඨාය පරිහායමානා, අසීතිනවුතිවස්සකාලෙ මන්දා හොති. තදා හි සත්තා “චිරරත්තං එකතො නිසීදිම්හා නිපජ්ජිම්හා”ති වදන්තෙපි න ජානාමාති වදන්ති. අධිමත්තානිපි රූපාදිආරම්මණානි න පස්සාම, සුගන්ධදුග්ගන්ධං වා සාදුඅසාදුං වා ථද්ධමුදුකං වාති න ජානාමාතිපි වදන්ති. ඉති නෙසං පඤ්චද්වාරිකවෙදනා භග්ගා හොති, මනොද්වාරිකා පවත්තති. සාපි අනුපුබ්බෙන පරිහායමානා මරණසමයෙ හදයකොටිංයෙව නිස්සාය පවත්තති. යාව පනෙසා පවත්තති, තාව සත්තො ජීවතීති වුච්චති. යදා නප්පවත්තති, තදා “මතො නිරුද්ධො”ති වුච්චති.
කායපරියන්තිකං යනු ජීවිතය අත්තකොට, දිවි කෙළවර කොටයි, යම්තාක් දිවි පවතීද එතෙක් පැවති මනොද්වාරික වේදනාවය යන අර්ත්ථයයි, එහි පඤ්චද්වාරික වේදනාව පසුව ඉපිද පළමුව නිරුද්ධ වෙයි, මනොද්වාරික වූ වේදනාව පළමුව ඉපිද පසුව නිරුද්ධ වෙයි, එය පිළිසිඳගන්නා මොහොතෙහි වස්තු රූපයෙහිම පිහිටයි, පඤ්චද්වාරික වේදනාව පංචද්වාර වශයෙන් පවතිමින් පළමු වියවූ විසිවස් කල්හි ඇලීම් කිපීම් මුළාවීම් වශයෙන් අධිකව (වැඩිවී) බලවත් වෙයි, පණස්වස් කල්හි සිටියේ වෙයි, සැටවස් කල්හි සිට පිරිහෙමින් පසු අනුවස් කල්හි මඳ වෙයි, එකල්හි සත්ත්වයෝ බොහෝ කලක් එක්ව හුන්නෙමු, වැදහොත්තෙමුයි කියන කල්හි ද නොදනිමුයි කියති, ඉතා දැඩි වූ රූපාරම්මණයන් ද නොදකිමු, නොඅසුමු ගඳ සුවද හෝ මිහිරි හෝ අමිහිරි, තද හෝ මෙලෙක් යයි නොදනිමුයි කියති, මෙසේ ඔවුන්ගේ පංචද්වාරික වේදනාව බිඳුණේ වෙයි, මනොද්වාරික වේදනාව පවතියි. යම්තාක් එම වේදනාව පවතීද ඒතාක් සත්ත්වයා ජීවත් වේයැයි කියනු ලැබේ. යම් විටෙක නොපවතීද එකල්හි මළේ නිරුද්ධ වූයේයි කියනු ලැබේ.
ස්වායමත්ථො වාපියා දීපෙතබ්බො – යථා හි පුරිසො පඤ්චඋදකමග්ගසම්පන්නං වාපිං කරෙය්ය. පඨමං දෙවෙ වුට්ඨෙ පඤ්චහි උදකමග්ගෙහි උදකං පවිසිත්වා අන්තොවාපියං ආවාටෙ පූරෙය්ය. පුනප්පුනං දෙවෙ වස්සන්තෙ උදකමග්ගෙ පූරෙත්වා ගාවුතඩ්ඪයොජනමත්තං ඔත්ථරිත්වා උදකං තිට්ඨෙය්ය තතො තතො විස්සන්දමානං. අථ නිද්ධමනතුම්බෙ විවරිත්වා ඛෙත්තෙසු කම්මෙ කයිරමානෙ උදකං නික්ඛමන්තං, සස්සපාකකාලෙ උදකං නික්ඛන්තං උදකං පරිහීනං, “මච්ඡෙ ගණ්හාමා”ති වත්තබ්බතං ආපජ්ජෙය්ය. තතො කතිපාහෙන ආවාටෙසුයෙව උදකං සණ්ඨහෙය. යාව පන තං ආවාටෙසු හොති, තාව මහාවාපියං උදකං අත්ථීති සඞ්ඛං ගච්ඡති. යදා පන තත්ථ ඡිජ්ජති, තදා “වාපියං උදකං නත්ථී”ති වුච්චති. එවං සම්පදමිදං වෙදිතබ්බං.
මෙම අර්ත්ථය වැවකට සමානකොට දැක්විය යුත්තේය, යම්සේ පුරුෂයෙක් ජලමාර්ග පහකින් සමන්විත වැවක් කරන්නේද, පළමුව වැසි වටකල්හි ජලමාර්ග පසෙන් ජලය පිවිස වැව ඇතුළත වලවල් පිරෙන්නේය, නැවත නැවත වැසි වස්නා කල්හි දියමං පුරවා ගවු අඩයොදුන් පමණ පැතිරී, ඒ ඒ තැනින් ගලායමින් ජලය පවතින්නේය, ඉක්බිති සොරොවු විවරකොට කුඹුරුවල වැඩකරන කල්හි දිය නික්මෙන්නේයි ද, ගොයම් පැසෙන කල්හි දිය නික්මුණේයි ද, දිය පිරිහිණ, මසුන් ගනිමුයි කියයුතු බවට පැමිණෙන්නේය, ඉක්බිති කිහිපදිනකින් වලවල්හිම දිය රඳා ඇත්තේය, යම්තාක් දිය වලවල්හි වෙයිද එතෙක් මහවැවෙහි දිය ඇතැයි පිළිගැනීම වෙයි, යම් විටෙක එහි සිඳීයයි ද එවිට වැවෙහි දිය නැතැයි කියනු ලැබේ, මේ කාරණය ඒ අයුරින් දතයුතුය.
පඨමං දෙවෙ වස්සන්තෙ පඤ්චහි මග්ගෙහි උදකෙ පවිසන්තෙ ආවාටානං පූරණකාලො විය හි පඨමමෙව පටිසන්ධික්ඛණෙ මනොද්වාරිකවෙදනාය වත්ථුරූපෙ පතිට්ඨිතකාලො, පුනප්පුනං දෙවෙ වස්සන්තෙ පඤ්චමග්ගානං පූරණකාලො විය පවත්තෙ පඤ්චද්වාරිකවෙදනාය පවත්ති, ගාවුතඩ්ඪයොජනමත්තං අජ්ඣොත්ථරණං විය පඨමවයෙ වීසතිවස්සකාලෙ රජ්ජනාදිවසෙන තස්ස අධිමත්තබලවභාවො, යාව වාපිතො උදකං න නිග්ගච්ඡති, තාව පූරාය වාපියා ඨිතකාලො විය පඤ්ඤාසවස්සකාලෙ තස්ස ඨිතකාලො, නිද්ධමනතුම්බෙසු විවටෙසු කම්මෙ කයිරමානෙ උදකස්ස නික්ඛමනකාලො විය සට්ඨිවස්සකාලතො පට්ඨාය තස්ස පරිහානි, උදකෙ භට්ඨෙ උදකමග්ගෙසු පරිත්තඋදකස්ස ඨිතකාලො විය අසීතිනවුතිකාලෙ පඤ්චද්වාරිකවෙදනාය මන්දකාලො, ආවාටෙසුයෙව උදකස්ස පතිට්ඨිතකාලො විය හදයවත්ථුකොටිං නිස්සාය මනොද්වාරෙ වෙදනාය පවත්තිකාලො, ආවාටෙසු පරිත්තෙපි උදකෙ සති “වාපියං උදකං අත්ථී”ති වත්තබ්බකාලො විය යාව සා පවත්තති, තාව “සත්තො ජීවතී”ති වුච්චති. යථා පන ආවාටෙසු උදකෙ ඡින්නෙ “නත්ථි වාපියං උදක”න්ති වුච්චති, එවං මනොද්වාරිකවෙදනාය අප්පවත්තමානාය සත්තො මතොති වුච්චති. ඉමං වෙදනං සන්ධාය වුත්තං – “ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො”ති.
පළමුව වැසි වටනා කල්හි දියමං පසින් දිය පිවිසෙන විට වලවල් පිරුණු කාලය මෙන් පළමුවම ප්රතිසන්ධි ක්ෂණයෙහි මනෝද්වාරික වේදනාව වස්තුරූපයෙහි පිහිටි කාලයයි, නැවත නැවත වැසි වස්නා කල්හි මාර්ග පස පිරුණු කාලය මෙන් ප්‍රවෘත්තියෙහි පංචද්වාරික වේදනාවගේ පැවැත්මයි. ගව්වක් අඩුයොදුනක් පමණ දිය පැතිරි සිටීම මෙන් පළමුවියෙහි විසිවස් කල්හි ඇලීමාදි වශයෙන් එම වේදනාවගේ අධිකව බලවත් බවයි, යම්තාක් වැවෙන් ජලය නොනික්මෙයි ද එතෙක් වැව පුරවා සිටි කාලයයි, සොරොවු විවරකළ කල්හි කර්මාන්ත කරනවිට දිය නික්මෙන කාලය මෙන් සැටවස් කාලයෙහි සිට එම වේදනාවගේ පිරිහීමයි, දිය බැසගිය කල්හි දියමංවල මඳදියක් සිටි කාලය මෙන් අසූ අනුවස් කල්හි පංචද්වාරික වේදනාව අඩු කාලයයි, වලවල්හි පමණක් දිය පිහිටි කාලය මෙන් හදවත් කෙළවර නිසා මනෝද්වාරයෙහි වේදනාව පැවති කාලයයි: වලවල මද දියක් වුවද ඇති කල්හි වැවෙහි දිය ඇතැයි කිවයුතු කාලය මෙන් යම්තාක් එම වේදනාව පවතියිද එතෙක් සත්ත්වයා ජීවත් වේයයි කියනු ලැබේ. යම්සේ වලවල්හි දිය සිඳුණු විට වැවෙහි දිය නැතැයි කියනු ලැබේ ද එසේ මනෝද්වාරික වේදනාව නොපවත්නා කල්හි සත්ත්වයා මළේ යයි කියනු ලැබේ. මේ වේදනාව අරභයා “ජීවිත පරියන්තිකං වෙදනං වෙදියමානො”යි කියන ලදි.
කායස්ස භෙදාති කායස්ස භෙදෙන. උද්ධං ජීවිතපරියාදානාති ජීවිතක්ඛයතො උද්ධං. ඉධෙවාති පටිසන්ධිවසෙන පරතො අගන්ත්වා ඉධෙව. සීතී භවිස්සන්තීති පවත්තිවිප්ඵන්දනදරථරහිතානි සීතානි අප්පවත්තනධම්මානි භවිස්සන්ති.
කායස්ස භෙදා යනු කය බිඳීමෙනි, උද්ධං ජීවිතපරියාදානා යනු ජීවිතක්ෂයෙන් මත්තෙහියි, ඉධෙව යනු ප්‍රතිසන්දි වශයෙන් වෙනතක නොගොස් මෙහිමයි, සීති භවිස්සන්ති යනු පැවැත්මේ සැලීම් හා උවදුරු රහිත සිසිල් බව, නොපැවැත්මේ ධර්ම වෙයි,
ථූණං පටිච්චාති රුක්ඛං පටිච්ච. කුද්දාලපිටකං ආදායාති කුද්දාලඤ්ච ඛණිත්තිඤ්ච පච්ඡිඤ්ච ගහෙත්වාති අත්ථො. දෙසනා පන කුද්දාලවසෙනෙව කතා. මූලෙ ඡින්දෙය්යාති මූලම්හි කුද්දාලෙන ඡින්දෙය්ය. පලිඛණෙය්යාති ඛණිත්තියා සමන්තා ඛණෙය්ය.
ථූණං පටිච්ච යනු ගසක් නිසායි, කුද්දාලපිටකං ආදාය යනු උදැල්ල ද, කණිනහුල ද, පැස ද, ගෙනයි යන අරුත්ය, දෙසුම උදැල්ලක අයුරින් කරන ලදි, මූලෙ ජින්දෙය්ය යනු උදැල්ලෙන් මුල සිඳින්නේය, පලිඛණෙය්ය යනු යවුලෙන් හාත්පස කණින්නේය,
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – රුක්ඛො විය හි අත්තභාවො දට්ඨබ්බො, රුක්ඛං පටිච්ච ඡායා විය කුසලාකුසලං කම්මං, ඡායං අප්පවත්තං කාතුකාමො පුරිසො විය යොගාවචරො, කුද්දාලො විය පඤ්ඤා, පිටකං විය සමාධි, ඛණිත්ති විය විපස්සනා, ඛණිත්තියා මූලානං පලිඛණනකාලො විය අරහත්තමග්ගෙන අවිජ්ජාය ඡෙදනකාලො, ඛණ්ඩාඛණ්ඩං කරණකාලො විය ඛන්ධවසෙන දිට්ඨකාලො, ඵාලනකාලො විය ආයතනවසෙන දිට්ඨකාලො, සකලීකරණකාලො විය ධාතුවසෙන දිට්ඨකාලො, වාතාතපෙන විසොසනකාලො විය කායිකචෙතසිකස්ස වීරියස්ස කරණකාලො, අග්ගිනා ඩහනකාලො විය ඤාණෙන කිලෙසානං ඩහනකාලො, මසිකරණකාලො විය වත්තමානක-පඤ්චක්ඛන්ධකාලො, මහාවාතෙ ඔඵුනනකාලො විය නදීසොතෙ පවාහනකාලො විය ච ඡින්නමූලකානං පඤ්චන්නං ඛන්ධානං අප්පටිසන්ධිකනිරොධො, ඔඵුනනප්පවාහනෙහි අපඤ්ඤත්තිකභාවූපගමො විය පුනබ්භවෙ විපාකක්ඛන්ධානං අනුප්පාදෙන අපණ්ණත්තිකභාවො වෙදිතබ්බො.
එවමෙව ඛො යන මෙහි උපමා සැසඳීමයි, ආත්මභාවය ගස මෙන් දැක්විය යුතුය, ගස නිසා සෙවනැල්ල මෙන් කුශල අකුශල කර්මයයි, ඡායාව නොපවත්නක් කරනු කැමති පුරුෂයා මෙන් යෝගාවචරයායි, උදැල්ල මෙන් ප්රඥාවයි, පැස මෙන් සමාධියයි, යහුල මෙන් විදර්ශනාවයි, යහුලෙන් මුල් කණින කාලය මෙන් අරහත් මගින් අවිද්‍යාව සිඳින කාලයයි, කඩ කඩ කරන කාලය මෙන් ස්කන්ධ වශයෙන් දුටු කාලයයි, පළන කාලය මෙන් ආයතන වශයෙන් දුටු කාලයයි, පලුගසන කාලය මෙන් ධාතු වශයෙන් දුටු කාලයයි, වාසුළඟෙහි වියලන කාලය මෙන් කායික චෛතසික වීර්ය කරන කාලයයි, ගින්නෙන් දවන කාලය මෙන් නුවණින් කෙලෙසුන් නදවන කාලයයි. අඟුරු කරන කාලය මෙන් පංචස්කන්ධය පවත්නා කාලයයි, මහ සුළඟෙහි පාවෙන කාලය හෝ ගංවතුරෙහි ගසාගෙන යන කාලය මෙන් සුන්මුල් ඇති පංචස්කන්ධයන්ගේ ප්රතිසන්ධි නොගන්නා පරිදි නිරොධයට පත්වීමයි, ඉපිලීම් හා ගසාගෙන යාම්වලින් නොපැනීම් බවට පැමිණීම මෙන් පුනර්භවයෙහි විපාකස්කන්ධයන් නොයිපදීමෙන් නොපෙනෙන බව දතයුතුයි.
භගවන්තං එතදවොචාති සත්ථරි දෙසනං විනිවට්ටෙන්තෙ සොතාපත්තිඵලං පත්වා එතං “සෙය්යථාපි, භන්තෙ”තිආදිවචනං අවොච. තත්ථ උදයත්ථිකොති වඩ්ඪිඅත්ථිකො. අස්සපණියං පොසෙය්යාති පඤ්ච අස්සපොතසතානි කිණිත්වා පච්ඡා වික්කිණිස්සාමීති පොසෙය්ය. සහස්සග්ඝනකස්ස අස්සස්ස පඤ්චසතමත්තං උපකරණං ගන්ධමාලාදිවසෙන පොසාවනිකංයෙව අගමාසි. අථස්ස තෙ අස්සා එකදිවසෙනෙව රොගං ඵුසිත්වා සබ්බෙ ජීවිතක්ඛයං පාපුණෙය්යුන්ති ඉමිනා අධිප්පායෙන එවමාහ. උදයඤ්චෙව නාධිගච්ඡෙය්යාති වඩ්ඪිඤ්ච ගෙහතො නීහරිත්වා දින්නමූලඤ්ච කිඤ්චි න ලභෙය්ය. පයිරුපාසින්ති චතූහි පච්චයෙහි උපට්ඨහිං. ස්වාහං උදයඤ්චෙව නාධිගච්ඡින්ති සො අහං නෙව උදයං න ගෙහතො දින්නධනං අධිගච්ඡිං, පණියඅස්සජග්ගනකො නාම ජාතොස්මීති දස්සෙති. සෙසමෙත්ථ උත්තානමෙවාති.
භගවන්තං එතදවොච යනු ශාස්තෲන් වහන්සේ විසින් දෙසුම පවත්වත්දී සෝවාන් ඵලයට පැමිණ ‘එතං සෙය්යථාපි භන්තෙ’ යනාදී වචනය කීවේය, එහි උදයත්ථිකො යනු පොලිය කැමතිවන්නේයි, අස්සපණියං පොසෙය්ය යනු අස්පොව්වන් පන්සියයක් මිළදීගෙන පසුව විකුණන්නෙමැයි පෝෂණය කරන්නේය, දහසක් අගනා අශ්වයාට පන්සියයක් පමණ අගය ඇති උපකරණ ගඳමල් ආදි වශයෙන් පෝෂණයට අවශ්‍ය දේ ලෙසම ගියේය, (වැයවිය). ඉක්බිති ඔහුගේ එම අශ්වයෝ එක් දිනකින්ම ලෙඩවී සියල්ලෝ ජීවිතක්ෂයට පැමිණෙන්නාහුය, මේ අදහසින් මෙසේ කීය, උදයඤ්චෙව න ලභෙය්ය යනු පොලිය ද ගෙයින් ගෙනගොස් දුන් මුදල ද යන කිසිවක් නොලබන්නේය, පයිරුපාසිං යනු සිවු පසයෙන් උවටැන් කෙළෙමි, සොහංඋයඤ්චෙව නාධිගච්ඡිං යනු ඒ මම පොලිය ද ගෙයින් දුන් ධනය ද නොලැබීමි. විකිණීමට අසුන් පෝෂණය කරන්නෙක් වූයෙමියි දක්වයි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේය.
6. සාළ්හසුත්තවණ්ණනා
6. සාළ්හ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ද්වයෙනාති ද්වීහි කොට්ඨාසෙහි. ඔඝස්ස නිත්ථරණන්ති චතුරොඝනිත්ථරණං. තපොජිගුච්ඡාහෙතූති දුක්කරකාරිකසඞ්ඛාතෙන තපෙන පාපජිගුච්ඡනහෙතු. අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති එකං සමණධම්මකොට්ඨාසං. අපරිසුද්ධකායසමාචාරාතිආදීසු පුරිමෙහි තීහි පදෙහි කායිකවාචසිකචෙතසිකසීලානං අපරිසුද්ධතං දස්සෙත්වා පච්ඡිමෙන පදෙන අපරිසුද්ධාජීවතං දස්සෙති. ඤාණදස්සනායාති මග්ගඤාණසඞ්ඛාතාය දස්සනාය. අනුත්තරාය සම්බොධායාති අරහත්තාය, අරහත්තඤාණඵස්සෙන ඵුසිතුං අභබ්බාති වුත්තං හොති. සාලලට්ඨින්ති සාලරුක්ඛං. නවන්ති තරුණං. අකුක්කුච්චකජාතන්ති “භවෙය්ය නු ඛො, න භවෙය්යා”ති අජනෙතබ්බකුක්කුච්චං. ලෙඛණියා ලිඛෙය්යාති අවලෙඛනමත්තකෙන අවලිඛෙය්ය. ධොවෙය්යාති ඝංසෙය්ය. අන්තො අවිසුද්ධාති අබ්භන්තරෙ අසුද්ධා අපනීතසාරා.
සයවැන්නෙහි ද්වයෙන යනු කොටස් දෙකකිනි, ඔඝස්ස නිත්ථරණං යනු ඔඝ සතරින් එතෙරවීමයි, තපොජිගච්ඡාහෙතු යනු දුෂ්කර ක්‍රියා සංඛ්‍යාත තපසින් පවු පිළිකුල් කරන හේතුවයි, අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගං යනු එක් මහණ දහම් කොටසකි. අපරිසුද්ධකායසමාචාර යනාදියෙහි මුල් තුන පදයෙන් කායික, වාචසික, චෛතසික ශීලයන්ගේ අපිරිසුදුව දක්වා පසු පදයෙන් අපිරිසුදු දිවිපැවැත්ම දක්වයි, ඤාණදස්සනාය යනු මාර්ගඥාන සංඛ්‍යාත වූ දර්ශනයාගේයි: අනුත්තරාය සම්බොධාය යනු රහත් බව සඳහායි, අරහත්ඥානස්පර්ශයෙන් ස්පර්ශ කිරීමට නුසුදුස්සෝයි කියන ලද්දේ වෙයි, සාලලට්ඨිං යනු සල්ගසයි, නවං යනු තරුණ වූයි, අකුක්කුච්චකජාතං යනු වන්නේ ද නොවන්නේ දැයි නොඉපදවිය යුතු කුකුසයි, ලෙඛනියා ලිඛෙය්‍ය යනු සූරන අවියකින් සූරන්නේය, ධොවෙය්ය යනු උලන්නේය, අන්තො අවිසුද්ධා යනු ඇතුළත අපිරිසුදු වූවාහු ඉවත්කළ හර ඇත්තාහුයි,
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – සාලලට්ඨි විය හි අත්තභාවො දට්ඨබ්බො, නදීසොතං විය සංසාරසොතං, පාරං ගන්තුකාමපුරිසො විය ද්වාසට්ඨි දිට්ඨියො ගහෙත්වා ඨිතපුරිසො, සාලලට්ඨියා බහිද්ධා සුපරිකම්මකතකාලො විය බහිද්ධා තපචරණං ගාළ්හං කත්වා ගහිතකාලො, අන්තො අසුද්ධකාලො විය අබ්භන්තරෙ සීලානං අපරිසුද්ධකාලො, සාලලට්ඨියා සංසීදිත්වා අධොගමනං විය දිට්ඨිගතිකස්ස සංසාරසොතෙ සංසීදනං වෙදිතබ්බං.
එවමෙව ඛො යනු මෙහි උපමා සැසඳීමයි, සල්ගස මෙන් ආත්මභාවය දැක්විය යුතුය, නදියෙහි සැඩපහර මෙන් සසර සැඩ පහරයි, පරතෙරට යනු කැමති පුරුෂයා මෙන් දෙසැට දිටු ගෙන සිටි පුරුෂයායි, සල්ගසෙහි පිටත මනාව පිරියම් කළ කාලය මෙන් බාහිර වූ තපස් හැසිරීම් දැඩිකොට ගත් කාලයයි, ඇතුළත අපිරිසුදු කාලය මෙන් ඇතුළත ශීලයන්ගේ අපිරිසුදු කාලයයි, සල්ගස ගිලී යටට යාම මෙන් මිසදිටු ගත්තහු සසර සැඬ පහරෙහි ගිලීයාම දතයුතුයි,
ඵියාරිත්තං බන්ධෙය්යාති ඵියඤ්ච අරිත්තඤ්ච යොජෙය්ය. එවමෙවාති එත්ථාපි ඉදං ඔපම්මසංසන්දනං – සාලලට්ඨි විය අත්තභාවො, නදීසොතං විය සංසාරසොතං, පාරං ගන්තුකාමපුරිසො විය යොගාවචරො, බහිද්ධා සුපරිකම්මකතකාලො විය ඡසු ද්වාරෙසු සංවරස්ස පච්චුපට්ඨිතකාලො, අන්තො සුවිසොධිතභාවො විය අබ්භන්තරෙ පරිසුද්ධසීලභාවො, ඵියාරිත්තබන්ධනං විය කායිකචෙතසිකවීරියකරණං, සොත්ථිනා පාරිමතීරගමනං විය අනුපුබ්බෙන සීලං පූරෙත්වා සමාධිං පූරෙත්වා පඤ්ඤං පූරෙත්වා නිබ්බානගමනං දට්ඨබ්බං.
පියාරිත්තං ඛන්ධෙය්ය යනු හබල හා අරිත්රය (සුක්කානම) යොදන්නේය, එවමෙව යන මෙහි ද මෙය උපමා ගැලපීමයි, ආත්මභාවය සල්ගස මෙනි, සසර සැඬපහර නදී සැඬපහර මෙනි, යෝගාවචරයා පරතෙරට යනු කැමති පුරුෂයා මෙනි, සදොරෙහි සංවරය එළඹි කාලය පිටත මනාව ඔපමට්ටම් කළ කාලය මෙනි, ඇතුළත පිරිසුදු සිල්වත් බව ඇතුළත මනාව පිරිසුදු කළ කාලය මෙනි, කායික චෛතසික වීර්‍ය්‍යය කිරීම හබල හා සුක්කානම බැඳීම මෙනි, පිළිවෙලින් සිල් පුරා සමාධිය පුරා ප්‍රඥාව පුරා නිවනට යාම සුවසේ පරතෙරට යාම මෙන් දැක්විය යුතුය,
කණ්ඩචිත්රකානීති සරලට්ඨිසරරජ්ජුසරපාසාදසරසාණිසරපොක්ඛරණිසරපදුමානීති අනෙකානි කණ්ඩෙහි කත්තබ්බචිත්රානි. අථ ඛො සො තීහි ඨානෙහීති සො එවං බහූනි කණ්ඩචිත්රකානි ජානන්තොපි න රාජාරහො හොති, තීහියෙව පන ඨානෙහි හොතීති අත්ථො. සම්මාසමාධි හොතීති මග්ගසමාධිනා ච ඵලසමාධිනා ච සමාහිතො හොතීති අයමෙත්ථ අත්ථො. සම්මාදිට්ඨීති මග්ගසම්මාදිට්ඨියා සමන්නාගතො. ඉදං දුක්ඛන්තිආදීහි චතූහි සච්චෙහි චත්තාරො මග්ගා තීණි ච ඵලානි කථිතානි. අයං පන මග්ගෙනෙව අවිරාධිතං විජ්ඣති නාමාති වෙදිතබ්බො. සම්මාවිමුත්තීති අරහත්තඵලවිමුත්තියා සමන්නාගතො. අවිජ්ජාක්ඛන්ධං පදාලෙතීති අරහත්තමග්ගෙන පදාලෙති නාමාති වුච්චති. ඉමිනා හි හෙට්ඨා අරහත්තමග්ගෙන අවිජ්ජාක්ඛන්ධො පදාලිතො, ඉධ පන පදාලිතං උපාදාය පදාලෙතීති වත්තුං වට්ටතීති.
කණ්ඩචිත්රකානි යනු හීදඬු, හීරැහැන්, හිපහය, හීතිරය, හී පොකුණ, හී පියුම යනාදී නොයෙක් හීවලින් කළ හැකි චිත්රයෝයි, අථ ඛො සො තීහි ඨානෙහි යනු හෙතෙම මෙසේ බොහෝ හී විසිතුරු දන්නේ වුව ද රජකුට සුදුසුවූයේ නොවෙයි, කරුණු තුනකින්ම වේ යයි අර්ත්ථය : සම්මාසමාධිහොති යනු මාර්ග සමාධියෙන් ද ඵල සමාධියෙන් ද සමාහිත වූයේය යනු මෙහි අර්ත්ථයයි, සම්මාදිට්ඨි යන මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූයේයි, ඉදං දුක්ඛං යනාදී වූ සතර සත්‍යයෙන් සතර මාර්ගය ද ඵල තුන ද කියන ලදි: මෙය වනාහි මාර්ගයෙන්ම නොවළක්වන ලද්දේ විදියි නමැයි දතයුතුය. සම්මා විමුත්ති යනු අරහත් ඵලවිමුක්තියෙන් යුක්ත වූයේයි, අවිජ්ජාක්ඛන්ධං පදාලෙති යනු අරහත් මගින් පලාලයි නමැයි කියනු ලැබේ. මේ අරහත් මාර්ගයෙන් යට අවිද්‍යා ස්කන්ධය පලනලද්දේ මෙහි වනාහි පලනලද්ද ඇසුරුකොට පලාලයි කීමට වටියි.
7. මල්ලිකාසුත්තවණ්ණනා
7. මල්ලිකා සූත්‍ර වර්ණනාව
සත්තමෙ මල්ලිකා දෙවීති පසෙනදිරඤ්ඤො දෙවී. යෙන මිධෙකච්චො මාතුගාමොති යෙන ඉධෙකච්චා ඉත්ථී. දුබ්බණ්ණාති බීභච්ඡවණ්ණා. දුරූපාති දුස්සණ්ඨිතා. සුපාපිකාති සුට්ඨු පාපිකා සුට්ඨු ලාමිකා. දස්සනායාති පස්සිතුං. දලිද්දාති ධනදලිද්දා. අප්පස්සකාති සකෙන ධනෙන රහිතා. අප්පභොගාති උපභොගපරිභොගභණ්ඩකරහිතා. අප්පෙසක්ඛාති අප්පපරිවාරා. අඩ්ඪාති ඉස්සරා. මහද්ධනාති වළඤ්ජනකධනෙන මහද්ධනා. මහාභොගාති උපභොගපරිභොගභණ්ඩභොගෙන මහාභොගා. මහෙසක්ඛාති මහාපරිවාරා. අභිරූපාති උත්තමරූපා. දස්සනීයාති දස්සනයුත්තා. පාසාදිකාති දස්සනෙන පාසාදිකා. වණ්ණපොක්ඛරතායාති වණ්ණෙන චෙව සරීරසණ්ඨානෙන ච.
සත්වැන්නෙහි මල්ලිකාදෙවි යනු පසේනදී රජුගේ බිසවයි, යෙනමීධෙකච්චො මාතුගාමො යනු යම් හෙයකින් මෙහි එක් ස්ත්‍රියක් යනුයි, දුබ්බණ්ණා යනු පිළිකුල් දනවන පැහැය ඇත්තේ. දුරූපා යනු නොමනා සටහන් ඇත්තීයි, සුපාපිකා යනු බෙහෙවින් පවිටු වූ, බෙහෙවින් ලාමකවූයි, දස්සනාය යනු දැකීමටයි, දිළිද්දා යු ධනයෙන් දිළිඳුවූයි, අප්පස්සකා යනු ස්වකීය ධනධාන්‍ය රහිතවූයි, අප්පභොගා යනු උපභොග පරිභොග භාණ්ඩ රහිතවූයි, අප්පෙසක්ඛා යනු අඩු පිරිවර ඇත්තාවූයි අඩ්ඪා යනු ඉසුරු ඇත්තාවූයි. මහද්ධනා යනු පරිභොග කරන ධනයෙන් මහත් සේ ධනවත්වූයි, මහාභොගා යනු උපභොග පරිභොග භාණ්ඩයන්ගෙන් මහත් භෝග ඇත්තාවූයි, මහෙසක්ඛා යනු මහත් පිරිවර ඇතියි, අභිරෑප යනු උතුම් රුවැතියි, දස්සනීයා යනු දැක්මට සුදුසුවූයි, පාසාදිකා යනු දැකුමෙන් පහදවන්නාවූයි, වණ්ණපොක්ඛරතාය යනු වර්ණයෙන් මෙන්ම ශරීර සටහනින් ද යනුයි,
අභිසජ්ජතීති ලග්ගති. බ්යාපජ්ජතීති පකතිං පජහති. පතිත්ථීයතීති කොධවසෙන ථිනභාවං ථද්ධභාවං ආපජ්ජති. න දාතා හොතීති න දායිකා හොති. සෙය්යාවසථපදීපෙය්යන්ති එත්ථ සෙය්යාති මඤ්චපල්ලඞ්කාදිසයනං. ආවසථොති ආවසථාගාරං. පදීපෙය්යං වුච්චති වට්ටිතෙලාදිපදීපූපකරණං. ඉස්සාමනිකාති ඉස්සාය සම්පයුත්තචිත්තා. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. කොධනා අහොසින්ති කොධමනා අහොසිං. අනිස්සාමනිකා අහොසින්ති ඉස්සාවිරහිතචිත්තා අහොසිං. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
අභිසජ්ජති යනු ඇලෙයි, ව්යාපජ්ජති යනු ප්‍රකෘතිය අත්හරියි, පතිත්ථියති යනු ක්‍රොධ වශයෙන් දැඩිබවට තදබවට පැමිණෙයි. න දාතා හොති යනු දෙන්නියක නොවෙයි, සෙය්යාවසථපදීපෙය්යං යනු මෙහි සෙය්යා යනු ඇඳ පළඟ ආදී නිදන අසුනයි, ආවසථො යනු වසන ගෙයයි, පදීපෙය්යං යනු වැටිතෙල් ආදී පහන් උපකරණයැයි කියනු ලැබේ, ඉස්සාමනිකා යනු ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිතැත්තීය, මේ ක්‍රමයෙන් සියලු තැන අර්ත්ථය දතයුතුයි, කොධානා අහොසිං යනු ක්‍රෝධ සිත් ඇත්තී වූයෙමි, අනිස්සාමනිකා අහොසිං යනු ඊර්ෂ්‍යාවෙන් තොර සිතැත්තී වීමි. මෙහි ඉතිරිය පැහැදිලි අරුත් ඇත්තේමය.