මල්ලිකාසුත්තං
4. 4. 5. 7.
4. 4. 5. 7.
[මල්ලිකාසුත්තං]
[මල්ලිකා සූත්‍රය]
47. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මල්ලිකා දෙවී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මල්ලිකා දෙවී භගවන්තං එතදවොච :
47. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකත්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා:
කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
“වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්වර්ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්‍ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
කො පන භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වර්ණ හා දුරූපිණී හා දක්නට ඉතා ලමු වූවා, ආඪ්‍ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච?
වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?
කො පන භන්තෙ හෙතු කො පච්චයො, යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා චාති?
වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්ශනීය වූවා ප්‍රසාද එළවන්නී උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වූවා, ආඪ්‍ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?”
ඉධ මල්ලිකෙ එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා. අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා හොති න දාතා සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. ඉස්සාමනිකා ඛො පන හොති පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු. ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති. සා යත්ථ යත්ථ පච්චාජායති, දුබ්බණ්ණා ච හොති දුරූපා ච සුපාපිකා දස්සනාය, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපෝපකරණ නො දෙන්නී වෙයි. ඊර්ෂ්යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්දන පූජායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා දිළිඳු ද වෙයි.
ඉධ පන මල්ලිකෙ එකච්චො මාතුගාමො කොධනා හොති උපායාසබහුලා අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති පතිත්ථීයති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා ඛො පන හොති පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු. න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති, දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය. අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවසථ හා ප්‍රදීපෝපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් තොර සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්වර්ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්‍ය ද වෙයි. මහේශාක්‍ය ද වෙයි.
ඉධ පන මල්ලිකෙ එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. ඉස්සාමනිකා ඛො පන හොති. පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්ධ විලේපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෝපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් එයින් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්‍ය ද වෙයි.
ඉධ පන මල්ලිකෙ එකච්චො මාතුගාමො අක්කොධනා හොති අනුපායාසබහුලා බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජති න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථීයති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා ඛො පන හොති පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සා චෙ තතො චුතා ඉත්ථත්තං ආගච්ඡති, සා යත්ථ යත්ථ පච්චාජායති අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්ධ විලේපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්ශනීය වෙයි. ප්‍රාසාදිකා වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය වෙයි. මහේශාක්‍ය වෙයි.
අයං ඛො මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වණ ද දුරූපිණී ද දර්ශනයට ඉතා ලමු ද වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද වේ නම්, අල්පේශාක්‍ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්රත්යයි.
අයං පන මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො දුබ්බණ්ණා ච හොති දුරූපා සුපාපිකා දස්සනාය, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්වණ ද දුරූපිණී ද දර්ශනයට ඉතා ලමු ද වේ නම්, මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්රත්යයි.
අයං ඛො මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා. දළිද්දා ච හොති අප්පස්සකා අප්පභොගා අප්පෙසක්ඛා ච.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්ශනීය ප්‍රාසාදිකා වූවා උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වේ නම්, අල්පස්වක අල්පභෝග වූවා දිළිඳු ද අල්පේශාක්‍ය ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්රත්යයි.
අයං පන මල්ලිකෙ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චො මාතුගාමො අභිරූපා ච හොති දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, අඩ්ඪා ච හොති මහද්ධනා මහාභොගා මහෙසක්ඛා චාති.
මල්ලිකාවෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප දර්ශනීය ප්‍රාසාදික වූවා උත්තම වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වේ නම්, මහත් ධන මහාභෝග ඇත්තී ආඪ්‍ය ද වේ නම්, මහේසැකි ද වේ නම්, මේ එයට හේතු යි, මේ එයට ප්‍රත්‍ය වේ.
එවං වුත්තෙ මල්ලිකා දෙවී භගවන්තං එතදවොච : යා නූනාහං භන්තෙ අඤ්ඤං ජාතිං කොධනා අහොසිං උපායාසබහුලා, අප්පම්පි වුත්තා සමානා අභිසජ්ජිං කුප්පිං බ්යාපජ්ජිං පතිත්ථීයිං, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසිං, සාහං භන්තෙ එතරහි දුබ්බණ්ණා දුරූපා සුපාපිකා දස්සනාය.
මෙසේ වදාළ කල්හි මල්ලිකාදේවී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය: වහන්ස, යම් බඳු මම් එකැතියෙන් අන් දැයෙක්හි උපායාස බහුල කොට ඇතියෙම් කිපෙනසුලු වූමු ද, මඳ කොට ද කියනලදුයෙම් ම ලැගියමු ද, කිපියමු ද, සැහැවි හළමු ද, තද වූ මුද, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කළමු ද, වහන්ස, එ මම් මෙ කල දුර්වර්ණ වූයෙම් දුරූපිණී වූයෙම් දර්ශනයට ඉතා ලමු වෙමි.
යා නූනාහං භන්තෙ අඤ්ඤං ජාතිං අදාසිං සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං, සාහං භන්තෙ එතරහි අඩ්ඪා ච මහද්ධනා මහාභොගා.
වහන්ස, යම් බඳු මම් අන්යජාතියෙක්හි එකැතියෙන් මහණකුට වේවයි බමුණකුට වේවයි ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්ධ විලේපන ශය්‍යා ආවස්ථ ප්‍රදීප උපකරණ දිනිමු ද, වහන්ස, එ මම් මෙ කල ආඪ්‍ය වූයෙම් මහත් ධන මහත් භෝග ඇතියමු.
යා නූනාහං භන්තෙ අඤ්ඤං ජාතිං අනිස්සාමනිකා අහොසිං පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු, න ඉස්සිං න උපදුස්සිං න ඉස්සං බන්ධිං, සාහං භන්තෙ එතරහි මහෙසක්ඛා. සන්ති ඛො පන භන්තෙ, ඉමස්මිං රාජකුලෙ ඛත්තියකඤ්ඤාපි බ්රාහ්මණකඤ්ඤාපි ගහපතිකඤ්ඤාපි. තාසාහං ඉස්සරාධිපච්චං කාරෙමි.
වහන්ස, යම් බඳු මම ඒකාන්තයෙන් අන්යජාතියෙක පරලාභ සත්කාර ගුරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා රහිත සිත් ඇතියෙම් ඊර්ෂ්‍යා නො කෙළෙම් උපද්වේෂ නො කෙළෙම් ඊර්ෂ්‍යා නො බැඳියෙම් ද, වහන්ස, එ මම් මෙ කල මහේශාක්යයමු. වහන්ස, මෙ රජකුලෙහි ක්ෂත්රිය කන්‍යාවෝ ද බ්‍රාහ්මණ කන්‍යාවෝ ද ගෘහපති කන්‍යාවෝ ද ඇත. වහන්ස, ඔවුනට මම ඓශ්චර්‍ය්‍ය හා ආධිපත්‍යය කරවමි.
එසාහං භන්තෙ අජ්ජතග්ගෙ අක්කොධනා භවිස්සාමි අනුපායාසබහුලා. බහුම්පි වුත්තා සමානා නාභිසජ්ජිස්සාමි න කුප්පිස්සාමි න ව්යාපජ්ජිස්සාමි න පතිත්ථීයිස්සාමි. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සාමි. දස්සාමි සමණස්ස බ්රාහ්මණස්ස අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං. සෙය්යාවසථපදීපෙය්යං. අනිස්සාමනිකා භවිස්සාමි පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු. න ඉස්සිස්සාමි න උපදුස්සිස්සාමි න ඉස්සං බන්ධිස්සාමි.
වහන්ස, තෙල මම් අද පටන් කොට උපායාස බහුල කොට නැතියෙම් නො කිපෙනසුලු වන්නෙමි. බොහෝ කොටත් කියන ලදුයෙම් ම නො ලැගෙන්නෙමි. නො කිපෙන්නෙමි. සැහැවි නො හරින්නෙමි. තද නො වන්නෙමි. කෝපය ද්වේෂය අප්‍රත්‍යය පහළ නො කරන්නෙමි. මහණකුට වේවයි බමුණකුට වේවයි ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවස්ථ ප්‍රදීපෙය දෙන්නෙමි. පරලාභ සත්කාර ගුරුකාර වන්දන මානන පූජනායෙහි ඊර්ෂ්‍යා නැති සිතැතියෙම් වන්නෙමි. ඊර්ෂ්‍යා නො කරන්නෙමි. උපද්වේෂ නො කරන්නෙමි. ඉසි නො බඳනෙමි.
අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසිකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
වහන්ස, ඉතා මැනැවැ, වහන්ස ඉතා මැනැව. ... වහන්ස, අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට ධරණ සේක්වා යි.