තපසුත්තං
4. 4. 5. 8.
4. 4. 5. 8.
[තපසුත්තං]
[තාප සූත්‍රය]
48. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
48. මහණෙනි, ලොව විද්‍යමාන මෙ පුඟුල්හි සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්ම පරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප ද වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො ම යෙදුනේ අත්තන්තප නො වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො ම යෙදුනේ පරන්තප නො ම වෙයි. හේ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ ඉහාත්මයෙහි ම නිෂ්තෘෂ්ණ වූයේ කෙලෙස් නිවනින් පිරිනිවියේ සිහිල් වූයේ (ධ්යානමග්ගඵලනිබ්බාන සඞ්ඛ්‍යාත) සුව විඳිනාසුලුයේ ශ්‍රේෂ්ඨ සිතින් වෙසෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො හොති, අත්තපරිතාපනානුයොගමනුයුත්තො?
මහණෙනි, පුද්ගල කෙසේ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වේය යත්:
ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො න එහි භද්දන්තිකො න තිට්ඨභද්දන්තිකො නාභිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියති.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමි කල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කී කල නො එනු සිල් කොට ඇතියේ වෙයි. ‘සිටුව, වහන්සැ’ යි කී කල නො සිටිනු සිල් කොට ඇතියේ වෙයි. පළමු එළ වූ අහර නො පිළිගන්නේ වෙයි. උදෙසා කළ අහර නො පිළිගන්නේ වෙයි. නිමන්ත්‍රණ නො පිළිගන්නේ වෙයි.
සො න කුම්භිමුඛා පතිගණ්හාති, න කළොපිමුඛා පතිගණ්හාති, න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සඞ්කිත්තීසු න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං, න සුරං න මෙරයං න ථුසොදකං පිවති.
හේ කළමුවෙන් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි. හේ සැළ මුවින් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි. වළඳන දෙදෙනෙකුන් අතුරින් එකකු නැගී දෙන අහර නො පිළිගන්නේ වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. කිරිපොවන්නිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නො පිළිගන්නේ වෙයි. සමාදන් කොට පිසූකල දෙන අහර නො පිළිගන්නේ වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගන්නේ වෙයි. යම් තැනෙක මැසිමුළු ගළ ගළව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගන්නේ වෙයි. මත්ස්‍ය නො පිළිගන්නේ වෙයි. මාංශ නො පිළිගන්නේ වෙයි. රහ නො බොන්නේය. මෙර නො බොන්නේය. සෞවීර නො බොන්නේය.
සො එකාගාරිකො වා හොති එකාලොපිකො ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො. සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො. එකිස්සා පි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති, සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි ආහාරං ආහාරෙති, සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති.
හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. සත් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු යැපෙයි. දෙ දැත්තෙකිනුදු යැපෙයි. සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. සත් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරභක්තභෝජනයෙහි යෙදුනේ වෙසෙයි.
සො සාකභක්ඛොපි හොති, සාමාකභක්ඛොපි හොති, නීවාරභක්ඛොපි හොති, දද්දුලභක්ඛොපි හොති, හටභක්ඛොපි හොති, කණභක්ඛොපි හොති, ආචාමභක්ඛොපි හොති, පිඤ්ඤාකභක්ඛොපි හොති, තිණභක්ඛොපි හොති, ගොමයභක්ඛොපි හොති. වනමූලඵලාහාරොපි යාපෙති පවත්තඵලභොජී.
හේ පලා වළඳන්නේ හෝ වෙයි. හේ බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. වැටුනු ඵල වළඳනසුලු වූයේ වනමූලඵල ආහාර කොට ඇතියේ ද යැපෙයි.
සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනම්පි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාළකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති.
හේ හණ වැහැරි ද දරයි. මුසු හණ වැහැරි ද දරයි. මිනියෙන් හළ පිළි ද දරයි. පහුල් පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන් මුවසම් ද දරයි. ක්ෂුර සහිත අඳුන් මුවසම් ද දරයි. කුසවැහැරි ද ද දරයි. වාකචීරය ද දරයි. ඵලකචීරය ද දරයි. කේසකම්බල ද දරයි. වාලකම්බල ද දරයි. මහමුහුනු පියාපතුදු දරයි.
කෙසමස්සුලොචකො හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො. උබ්බට්ටකොපි හොති ආසනපටික්ඛිත්තො. උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානමනුයුත්තො. කණ්ටකාපස්සයිකොපි හොති, කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති. සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති.
හිසකේ රවුළු උදුරා ලීමෙහි යෙදුනේ හිසකේ රවුළු උදුරනුයේ ද වෙයි. අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරුව සිටුනේ වෙයි. උලුළුයෙන් තවුස් වැර වැඩීමෙහි යෙදුනේ උලුළුයෙන් සිටුනේ ද වෙයි. කටු ඇතිරියෙහි හෝනේ ද වෙයි. කටුඇතිරියෙහි සයනය ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි. මෙසේ මෙ බඳු අනේකප්‍රකාර වූ කය පිළිබඳ ආතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙසෙයි.
එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො.
මහණෙනි, මෙසේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඔරබ්භිකො හොති සූකරිකො සාකුන්තිකො මාගවිකො ලුද්දො මච්ඡඝාතකො චොරො චොරඝාතකො බන්ධනාගාරිකො, යෙ වා පනඤ්ඤෙපි කෙ චි කුරූරකම්මන්තා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වේය යත්: මහණෙනි, මෙ ලොව් හි ඇතැම් පුඟුලෙක් තිරෙළුවන් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. හුරන් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. ළිහිණින් මරා දිවි වැටුම් ඇතියේ හෝ වෙයි. රෞද්‍ර වූ මුව වැදි හෝ වෙයි. මත්ස්‍ය ඝාතක වෙයි. සොර වෙයි. සොරුන් මරණේ වෙයි. බන්ධනාගාර ඇතියේ හෝ වෙයි. යම් බඳු අන්‍ය වූ ද කිසියම් කුරිරු කර්මාන්ත කරණුයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො?
මහණෙනි, කෙසේ නම් පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප වේය යත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප වේය යත්:
ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාවසිත්තො බ්රාහ්මණො වා මහාසාලො, සො පුරත්ථිමෙන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා ඛරාජිනං නිවාසෙත්වා සප්පිතෙලෙන කායං අබ්භඤ්ජිත්වා මිගවිසාණෙන පිට්ඨිං කණ්ඩූවමානො සන්ථාගාරං පවිසති සද්ධිං මහෙසියා බ්රාහ්මණෙන ච පුරොහිතෙන.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් මූදර්ධාවෂික්ත ක්ෂත්රිය රජෙක් හෝ මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හේ නුවර පෙර දික්හි අභිනව සන්ථාගාරයක් කරවා කේරවුළු බහවා රළු අඳුන් දිවිසම් හැඳ ගිහි තෙලෙන් කය අභ්යඤ්ජන කොට මුවහඟින් පිට කසනුයේ මෙහෙසිය හා පුරෝහිත බමුණු හා සන්ථාගාරයට පිවිසෙයි.
සො තත්ථ අනන්තරහිතාය භූමියා හරිතුපලිත්තාය සෙය්යං කප්පෙති. එකිස්සාය ගාවියා සරූපවච්ඡාය යං එකස්මිං ථනෙඛීරං හොති, තෙන රාජා යාපෙති. යං දුතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන මහෙසී යාපෙති. යං තතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන බ්රාහ්මණො පුරොහිතො යාපෙති, යං චතුත්ථස්මිං ථනෙ ඛීරං හොති, තෙන අග්ගිං ජුහන්ති. අවසෙසෙන වච්ඡකො යාපෙති. සො එවමාහ : එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය. එත්තකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය. එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා රුක්ඛා ඡිජ්ජන්තු යූපත්ථාය, එත්තකා දබ්භා ලූයන්තු බරිහිසත්ථායාති යෙපිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති.
හේ එහි ගොම පිරිබඩ කළ නො අතුළ බිම්හි ශය්‍යා කෙරෙයි. ස්වරූප වසු ඇති එක් දෙනකගේ එක් තනෙක යම් කිරෙක් වේ නම් එයින් රජ යැපෙයි, දෙවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් මෙහෙසිය යැපෙයි. තෙවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් පුරෝහිත බ්‍රාහ්මණ යැපෙයි. සතරවන තනෙහි යම් කිරෙක් වේ නම් එයින් ගිනි පුදත්. අවශේෂයෙන් වස්සා යැපෙයි. හේ මෙසේ කියයි: යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලැබෙත්වා, මෙතෙක් තරුණ වස්සෝ යඥ පිණිස නසනු ලැබෙත්වා, මෙතෙක් තරුණ වැස්සියෝ යඥ පිණිස නසනු ලැබෙත්වා, යාගාවාටස්තම්භ සඳහා මෙතෙක් රුක්හු සිඳිනු ලැබෙත්වා, පිරිකෙව් කරණු හා යාග බිම අතුරණු හා පිණිස මෙතෙක් ඉලුප්තණ සිඳිනු ලැබේවා. දස්හ යි හෝ ප්රෙෂ්යහ යි හෝ කම්කරුහ යි හෝ ඔහුගේ යම් ම කෙනෙක් වෙත් නම් ඔහු ද දඬුවමින් තැතිගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකි මුව ඇත්තාහු හඬනාහු පිරියම් කරත්.
එවං ඛො භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො.
මහණෙනි, මෙසේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ අත්තන්තප ද වෙයි. පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ පරන්තප ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො හොති න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති?
මහණෙනි, කෙසේ නම් පුඟුල් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුනේ අත්තන්තප නො වේය යත්: පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුනේ පරන්තප නො වේය යත්: හෙ ආත්මන්තප නො වූයේ පරන්තප නො වූයේ දිටුදැහැමියෙහි ම තෘෂ්ණා නැතියේ කෙලෙස් නිවණින් පිරිනිවියේ සිහිල් වූයේ සුව විඳුනා සුලුයේ ශ්‍රේෂ්ඨ සිතින් වාසය කෙරේය යත්:
ඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
මහණෙනි, මෙ ලොව්හි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාහ. උන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට දැනගන්නාහ. උන් වහන්සේ ආදි කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්ත්ථ කොට සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට ධර්මය දෙසන්නාහ. බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරන්නාහ.
තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති : සම්බාධො ඝරාවාසො රජාපථො අබ්භොකාසො පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති.
ගෙහෙවියෙක් වේවයි, ගෙහෙවි පුතෙක් වේවයි, අන්‍යතර කුලයෙක උපන්නෙක් වේවයි, එ ධර්මය අසන්නේය. හේ එ දහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා ප්රතිලාභ කෙරෙයි. හේ එ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්වාගත වූයේ මෙසේ නුවණින් සිතයි: “ඝරාවාසය සම්බාධකයෙක. කෙලෙස් දුහුලියට මගෙක. පැවිද්ද අභ්යවකාශයෙක. ගිහිගෙහි වසන්නහු විසින් ඒකාන්තපරිපූර්ණ වූ එකාන්තපරිශුද්ධ වූ ලියු සකක් සේ පිරිසිදු මෙ බඹසර සරනට සුකර නො වෙයි. ඒකාන්තයෙන් මම් කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදිම් නම් මැනැවැ”යි.
සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
හේ පසුකල්හි අල්ප වූ භෝගස්කන්ධය හැර මහත් වූ හෝ භෝගස්කන්ධය හැර අල්ප වූ හෝ ඥාතිපරිවර්තය හැර මහත් වූ හෝ ඥාතිපරිවර්තය හැර කෙස්මස් බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙයි.
සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාවාචා පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, න අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාවාචා පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී. බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
හේ මෙසේ පැවිදි වූයේ ම භික්ෂූන්ගේ ශික්ෂාසාජීවයට පැමිණියේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇතියේ දයාපත් වූයේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. අයිනාදන් හැර අයිනාදනින් වැළකියේ දුන් දෑ ගන්නා සුලුයේ දුන් දෑ කැමැති වනුයේ වෙයි. නො සොර වූ පිවිතුරු සිතින් වෙසෙයි. අබ්රම්සර හැරපියා බ්‍රහ්මචාරී වූයේ, දුරුව වෙසෙනුයේ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැක්කේ වෙයි. මුසාව හැර මුසවායෙන් වැළැකියේ සත්‍යවාදී වූයේ සත්‍යසන්‍ධාන ඇතියේ ස්ථිරකථා ඇතියේ හැදැහිය යුතු කථා ඇතියේ ලෝකයා නුළු නො කරණුයේ වෙයි. පිසුනු බස් හැර පිසුනු බසින් වැළැකියේ, මොවුන්ගේ භේදය පිණිස මෙ තන්හි අසා එතන්හි නො කියනුයේ, ඔවුන්ගේ භේදය පිණිස එතන්හි හෝ අසා මොවුනට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් සමග කරණුයේ සමග වූවනට අනුබල දෙනුයේ හෝ සමගියෙහි ඇලුම් ඇතියේ සමග්‍රරත වූයේ සමගියෙන් සතුටුවන සුල්ලේ සමග කරණ වදන් කියනුයේ ද වෙයි. පරොස්බස් හැර පියා පරොස් බසින් වැළැකියේ වෙයි. යම් එ බසෙක් නිදොස් වේ නම් කණට සුව එළවා නම් පෙම් දනවා නම් හෘදයග්‍රාහී වේ නම් පෞර වේ නම් බොහෝ දෙනාට කාන්ත වේ නම් බොහෝ දෙනාට මනාප වේ නම් එබඳු බස් කියනුයේ වෙයි. සම්ඵප්‍රලාප හැර සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ කල්හි බණනසුලුයේ සැබවක් ම බණන සුලුයේ අර්ත්ථය ම බණන සුලුයේ ධර්මය බණනසුලු වූයේ විනය බණන සුලුයේ සිත්හි නිදහනට නිසි, නිසි කල්හි කරුණු සහිත කොට පිරිසිඳුම් ඇති කොට අර්‍ත්‍ථසංහිත කොට බස් තෙපලනුයේ වෙයි.
සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකාපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිනගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
හේ බීජගාම භූතගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි. (ප්රාතරාසභක්ත සංඛ්‍යාත) එක්බතක් ඇතියේ, රාත්‍රිභෝජනයෙන් වැළැකියේ විකාල භෝජනයෙන් අපගත වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳ විලෙවුන් දැරුම් සැදුම් සැරැහුම් යන කරුණෙන් වැළැකියේ වෙයි. උසසුන් මහස්නෙන් වැළැකියේ වෙයි. ජාතරූපරජතයන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළු තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළන් හා හූරන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත්, ගව, අසුන් හා වෙළෙඹුන් පිළිගැණීමෙන් වැළැකියේ වෙයි. දූතකර්ම හා පණිවුඩ පණත් ගෙණ යාමෙහි යෙදුමෙන් වැළැකියේ වෙයි. ක්‍රය වික්රය දෙකින් වැළැකියේ වෙයි. තුලාකූට, කංසකූට මානකූටයෙන් වැළැකියේ වෙයි. උක්කෝටන, වඤ්චන, නිකතී යන කුටිලයෝගයෙන් වැළැකියේ වෙයි. ඡේදනය, වධය, බන්ධනය, මං පැහැරීම ය, වොලොගැන්ම ය, සැහැසිකම් ය යන මෙයින් වැළැකියේ වෙයි.
සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති. සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛි සකුණො, යෙන යෙනෙව ඩෙති. සපත්තභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
හේ කායපාරිහාරිකචීවරයෙන් සතුටු වෙයි. කුක්‍ෂිපාරිහාරික පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. හෙ යම් මැ දිගෙක් හි යේ නම්, යම් සෙයෙකින් පක්ෂිශකුණි යම් මැ දිගෙක යේ නම්, පත්‍රභාර ඇතිව ම යේ ද, එසෙයින් රැගෙණ ම යෙයි. මෙපරිදි මහණ කායපාරිහාරික චීවරයෙන් කුක්ෂි පාරිහාරික පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. හේ යම් මැ දිගෙක යේ නම්, අටපිරිකර මතු රැගෙණ ම යෙයි. හෙ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් සමන්වාගත වූයේ අධ්‍යාත්මයෙහි නිරවද්‍ය සුඛ විඳුනේ ය.
සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
හෙ ඇසින් රූපයක් දැක නිමිති නො ගන්නාසුලුයේ අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙ පුඟුල්හි කරා ලාමක අකුශලධර්ම වන අභිධ්‍යා දෞර්මනස්යයෝ ලුහු බඳනාහු නම්, එ අවුරණුවට පිළිපදනේ ය. චක්ෂුරින්ද්රියය රක්නේ ය. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝතයෙන් ශබ්දය අසා ... ඝ්‍රාණයෙන් ගන්ධය අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැස ... මනසින් ධර්මායතනයක් දැන නිමිති නොගන්නා සුලුයේ අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල පුඟුල්හි කරා අභිධ්‍යා දෞර්මනස්ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහු නම්, එ අවුරණුවට පිළිපදනේ ය. මනින්ද්රියය රක්නේ ය. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. හෙ මෙ ආර්‍ය්‍ය ඉන්ද්රිය සංවරයෙන් සමන්වාගත වූයේ අධ්‍යාත්මයෙහි (කෙලෙසුන් විසින් අනාෂික්තවූ) අව්‍යාසේක සුඛය විඳුනේ ය.
සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
හේ ඉදිරිගමනෙහි හා ප්රත්යාගමනෙහි සම්පජානකාරී වෙයි. ඉදිරි බැලුම් හා දිගනුදික් බැලුම්හි සම්පජානකාරී වෙයි. අත් පා හැකුළුම් හා දිගු කිරීමෙහි සම්පජානකාරී වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි සම්පජානකාරී වෙයි. අසිත, පීත, ඛායිත හා සායිතයෙහි සම්පජානකාරී වෙයි. සුලුවටන් මහවටන් කම්හි සම්පජානකාරී වෙයි. ගමනෙහි, සිටුමෙහි, හිඳුමෙහි, නිදියෙහි, නිදි වැරුම්හි, කථායෙහි, තුෂ්ණීම්භාවයෙහි සම්පජානකාරී වෙයි.
සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
හෙ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් සමන්වාගත වූයේ මෙ ආර්‍ය්‍ය ඉන්ද්රියසංවරයෙන් සමන්වාගත වූයේ මෙ ආර්‍ය්‍ය ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වූයේ අරණ්‍යය, රුක්මුල්ය, පර්වතය, කඳුරුය, ගිරිගුහාය, සොහොනය, වනපෙතය, අබවස්ය, පිදුරු කිළිය යන විවික්තශයනාසනයක් බෙජෙයි.
සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති, සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං සුවුපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චං චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
හෙ පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයේ පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සිහි පරිමුඛ කොට එළවා හිඳුනේ ය. හෙ පඤ්චෝපාදානස්කන්ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයෙන් තොර වූ සිතැත්තේ සර්වප්රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දුරු කොට පහ වූ ස්ත්‍යාන මිද්ධ ඇතියේ (විගතනීවරණයෙන්) ආලෝකසංඥා ඇතියේ ස්මෘති ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. ඖද්ධත්‍යය හා කෞකෘත්‍යය දුරු කොට උද්ධතභාවය නැතියේ අධ්‍යාත්මයෙහි මොනොවට සන්හුන් සිතැතියේ වාස කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සා දුරු කොට තරණය කළ විචිකිච්ඡා ඇතියේ කුශලධර්මයෙහි කථංකථීභාව නැතියේ වාස කරයි. විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි. හේ චිත්තයාගේ උපක්ලේශවූ ප්‍රඥාව දුර්වල කරණ මෙ පඤ්ච නීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්ත්ථ ධ්‍යානයට එළඹ වාස කරයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය -පෙ- සත්තානං චුතූපපාතඤාණාය -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.
හේ මෙ සෙයින් සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් ම අඞ්ගණ රහිත වත් ම උපක්ලේශයන් විගත වත් ම මෘදු වත් ම කර්මන්ය වත් ම ස්ථිත වත් ම නො සැලෙනබවට පත් වත් ම පූර්වේනිවාසානුස්මෘතිඥානය සඳහා ... සත්ත්වයන්ගේ ච්යුත්යුතපාත ඥානය සඳහා ... ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය සඳහා සිත නතු කෙරෙයි. හේ මෙ දුකැ යි යථාභූතය දන්නේ ය. මෙ දුඃඛසමුදයය යි යථාභූතය දන්නේ ය. මෙ දුඃඛනිරෝධ ය යි යථා භූතය දන්නේ ය. මෙ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවයහ යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවසමුදය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවනිරෝධ ය යි යථාභූතය දන්නේ ය. මෙ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය.
තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති.
මෙ සෙයින් දන්නා ඔහුගේ චිත්තය කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. විමුක්ත වත් ම විමුක්තය යන ඥානය වෙයි: “ජාතිය ක්ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වසන ලදී. සිවුමග කරණී කරණ ලදී. මෙබව සඳහා අන් කිසක් නැතැ” යි දන්නේ ය.
එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො හොති න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
මහණෙනි, මෙසෙයින් පුද්ගල නො ම ආත්මන්තප වෙයි. නො ම ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙයි. නො ම පරන්තප වෙයි. නො ම පරපරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙයි. හෙ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ ඉහාත්මයෙහි ම තෘෂ්ණා නැතියේ පිරිනිවියේ සිහිල් වූයේ ධ්යානමාර්ගඵල නිර්වාණසුඛ විඳිනුයේ ශ්රෙෂඨචිත්තයෙන් වාස කරයි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන මෙ පුද්ගලයෝ සතර දෙනහ යි.