8. තපසුත්තවණ්ණනා අට්ඨකථා
8. තපසුත්තවණ්ණනා
8. තාප සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අත්තන්තපාදීසු අත්තානං තපති දුක්ඛාපෙතීති අත්තන්තපො. අත්තනො පරිතාපනානුයොගං අත්තපරිතාපනානුයොගං. පරං තපතීති පරන්තපො. පරෙසං පරිතාපනානුයොගං පරපරිතාපනානුයොගං. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. නිච්ඡාතොති ඡාතං වුච්චති තණ්හා, සා අස්ස නත්ථීති නිච්ඡාතො. සබ්බකිලෙසානං නිබ්බුතත්තා නිබ්බුතො. අන්තො තාපනකිලෙසානං අභාවා සීතලො ජාතොති සීතීභූතො. ඣානමග්ගඵලනිබ්බානසුඛානි පටිසංවෙදෙතීති සුඛප්පටිසංවෙදී. බ්රහ්මභූතෙන අත්තනාති සෙට්ඨභූතෙන අත්තනා.
අටවැනි සූත්‍රයෙහි අත්තන්තප ආදියෙහි තමන් තවයි, දුකට පමුණුවයි යන්නෙන් අත්තන්තපො නමි, තමන් තැවීමෙහි යෙදීම අත්තපරිතාපනානුයොගං නමි, අනුන් තවන්නේනුයි, පරන්තපො නමි, අනුන් තැවීමේ යෙදීම පරපරිතාපනානුයොගං නමි, දිට්ඨෙවධම්මො යනු මේ ආත්මභාවයේදීමයි, නිච්ඡානො යනු තෘෂ්ණාව ඡාතයි කියනු ලැබේ, ඒ තෘෂ්ණාව ඔහුට නැතැයි නිච්ඡාතො නමි, සියලු කෙලෙසුන්ගෙන් නිවුණු බැවින් නිබ්බුතො නමි, ඇතුළත තවන කෙලෙසුන් නැති බැවින් සිසිල් වූයේයි සිතිභූතො යි ධ්‍යාන මාර්ගඵල නිර්වාණ සුඛයන් විඳිනුයි සුඛපටිසංවෙදි නමි, බ්රහ්මභුතෙන අත්තනා යනු ශ්‍රේෂ්ඨ වූ තමා විසිනි,
අචෙලකොතිආදීනි වුත්තත්ථානෙව. ඔරබ්භිකාදීසු උරබ්භා වුච්චන්ති එළකා, උරබ්භෙ හනතීති ඔරබ්භිකො. සූකරිකාදීසුපි එසෙව නයො. ලුද්දොති දාරුණො කක්ඛළො. මච්ඡඝාතකොති මච්ඡබන්ධො කෙවට්ටො. බන්ධනාගාරිකොති බන්ධනාගාරගොපකො. කුරූරකම්මන්තාති දාරුණකම්මන්තා.
අචෙලකො යනාදිය කියන ලද අරුත් ඇත්තේය, ඔරබ්භිකා යනාදියෙහි එළුවෝ උරබ්භායි කියනු ලැබෙත්, එළුවන් නසයි යන්නෙන් ඔරබ්භිකො නමි වෙයි. සූකරික යනාදියෙහිද මේ ක්‍රමයමයි, ලුද්දො යනු දරුණු තැනැත්තේයි, කර්කශ තැනැත්තේයි, මච්ඡඝාතකො මසුන් බඳින්නා කෙවුලායි, බන්ධනාගාරිකො යනු සිරගෙය රකින්නායි, කුරූරකම්මන්තා යනු දරුණු කර්මාන්ත ඇත්තෝයි,
මුද්ධාවසිත්තොති ඛත්තියාභිසෙකෙන මුද්ධනි අභිසිත්තො. පුරත්ථිමෙන නගරස්සාති නගරතො පුරත්ථිමාය දිසාය. සන්ථාගාරන්ති යඤ්ඤසාලං. ඛරාජිනං නිවාසෙත්වාති සඛුරං අජිනචම්මං නිවාසෙත්වා. සප්පිතෙලෙනාති සප්පිනා චෙව තෙලෙන ච. ඨපෙත්වා හි සප්පිං අවසෙසො යො කොචි ස්නෙහො තෙලන්ති වුච්චති. කණ්ඩුවමානොති නඛානං ඡින්නත්තා කණ්ඩුවිතබ්බකාලෙ තෙන කණ්ඩුවමානො. අනන්තරහිතායාති අසන්ථතාය. සරූපවච්ඡායාති සදිසවච්ඡාය. සචෙ ගාවී සෙතා හොති, වච්ඡොපි සෙතකොව. සචෙ කපිලා වා රත්තා වා, වච්ඡකොපි තාදිසොවාති එවං සරූපවච්ඡාය. සො එවමාහාති සො රාජා එවං වදෙති. වච්ඡතරාති තරුණවච්ඡකභාවං අතික්කන්තා බලවවච්ඡා. වච්ඡතරීසුපි එසෙව නයො. බරිහිසත්ථායාති පරික්ඛෙපකරණත්ථාය චෙව යඤ්ඤභූමියං අත්ථරණත්ථාය ච.
මුද්ධාවසිත්තො යන ක්ෂත්රිය අභිෂෙකයෙන් මුදුනෙහි අබිසෙස් කරන ලද්දේයි, පුරත්ථිමෙන නගරස්ස යනු නුවරින් පෙරදිගිනි, සත්‍ථාගාරං යනු යාග ශාලාවයි, ඛරාජිනං නිවාසෙත්වා යනු කුර සහිත අඳුන් දිවි සමක් හැඳයි. සප්පිතෙලෙන යනු ගිතෙලින් හා තෙලෙනි, ගිතෙල් හැර ඉතිරි යම්කිසි තෙලක් වේද එය තෙලයි කියනු ලැබේ. කණ්ඩුවමානො යනු නිය සිඳින ලද බැවින් කැසියයුතු කල්හි එයින් කසන්නේයි, අනත්ථරහිතාය යනු නොඇතිරීම සඳහායි: සරූපචච්ඡාය යනු සමාන වස්සකු ඇති යනුයි, ඉදින් දෙන සුදු වෙයි ද, වස්සා ද සුදු වූවෙක්මය, ඉදින් දෙන දුඹුරු හෝ රතු හෝ වේ ද, වසුපැටවා ද ඇය සමාන වූයේයි මෙසේ සමාන වසුපැටවකු ඇති යනුයි, සො එවමාහ යනු ඒ රජතෙමේ මෙසේ කියයි, වච්ඡතරා යනු තුරුණු වසු බව ඉක්මවූ බලවත් වස්සෝයි, වච්ඡතරි යනාදියෙහි ද මේ ක්‍රමයමැයි, බරිහිසත්තාය යනු වටකිරීමට මෙන්ම යාග බිමෙහි ඇතිරීම සඳහා ද වෙයි.
චතුත්ථපුග්ගලං බුද්ධුප්පාදතො පට්ඨාය දස්සෙතුං ඉධ, භික්ඛවෙ, තථාගතොතිආදිමාහ. තත්ථ තථාගතොතිආදීනි වුත්තත්ථානෙව. තං ධම්මන්ති තං වුත්තප්පකාරසම්පදං ධම්මං. සුණාති, ගහපති, වාති කස්මා පඨමං ගහපතිං නිද්දිසති? නිහතමානත්තා උස්සන්නත්තා ච. යෙභුය්යෙන හි ඛත්තියකුලතො පබ්බජිතා ජාතිං නිස්සාය මානං කරොන්ති. බ්රාහ්මණකුලා පබ්බජිතා මන්තෙ නිස්සාය මානං කරොන්ති, හීනජච්චකුලා පබ්බජිතා අත්තනො විජාතිතාය පතිට්ඨාතුං න සක්කොන්ති. ගහපතිදාරකා පන කච්ඡෙහි සෙදං මුඤ්චන්තෙහි පිට්ඨියා ලොණං පුප්ඵමානාය භූමිං කසිත්වා තාදිසස්ස මානස්ස අභාවතො නිහතමානදප්පා හොන්ති. තෙ පබ්බජිත්වා මානං වා දප්පං වා අකත්වා යථාබලං බුද්ධවචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තා සක්කොන්ති අරහත්තෙ පතිට්ඨාතුං. ඉතරෙහි ච කුලෙහි නික්ඛමිත්වා පබ්බජිතා න බහුකා, ගහපතිකාව බහුකා. ඉති නිහතමානත්තා උස්සන්නත්තා ච පඨමං ගහපතිං නිද්දිසතීති.
සතරවැනි පුද්ගලයා බුද්ධෝත්පාද කාලයෙහි සිට දැක්වීමට ‘ඉධ තථාගතො’ යනාදිය කීය. තථාගතානි යනාදියෙහි කියන ලද අර්ත්ථ ඇත්තේමය, තං ධම්මං යනු කියන ලද ආකාරයෙන් යුක්ත ධර්මයයි, සුණාති ගහපති වා යනු කුමක් නිසා පළමුව ගෘහපතියා නිර්දේශ කරයි ද? නිහතමානී බව ද බොහෝ බව ද නිසාය, බොහෝ සෙයින් ක්ෂත්රිය කුලයෙන් පැවිදිවූවෝ මන්ත්‍ර නිසා මාන කරති, පහත්ජාති කුලයෙන් පැවිදිවූවෝ තමන්ගේ විජාතික බවින් පිහිටීමට නොහැකිවෙත්, ගෘහපති දරුවෝ වනාහි එබඳු මානය නැති බැවින් නසනලද මාන ගවර් ඇත්තෝ වෙත්, කිසිලිවලින් දහදිය හෙලමින් පිටෙහි ලුණු පිපෙත්දී ඔවුහු පැවිදිව මානය හෝ ආඩම්බරය නොකොට ශක්ති පමණින් බුද්ධධර්මය උගෙන විදර්ශනාවට කටයුතු කරන්නාහු අරහත් බවෙහි පිහිටන්නට හැකිවෙති, සෙසු කුලයන්ගෙන් නික්ම පැවිදි වූවෝ බොහෝ නොවෙති, ගෘහපතියෝම බොහෝ වෙති, මෙසේ නිහතමාන බැවින් ද, බහුල බැවින් ද පළමුව ගෘහපතියා නිර්දේශ කරයි.
අඤ්ඤතරස්මිං වාති ඉතරෙසං වා කුලානං අඤ්ඤතරස්මිං. පච්චාජාතොති පතිජාතො. තථාගතෙ සද්ධං පටිලභතීති පරිසුද්ධං ධම්මං සුත්වා ධම්මසාමිම්හි තථාගතෙ “සම්මාසම්බුද්ධො වත භගවා”ති සද්ධං පටිලභති. ඉති පටිසඤ්චික්ඛතීති එවං පච්චවෙක්ඛති. සම්බාධො ඝරාවාසොති සචෙපි සට්ඨිහත්ථෙ ඝරෙ යොජනසතන්තරෙපි වා ද්වෙ ජායම්පතිකා වසන්ති, තථාපි නෙසං සකිඤ්චනසපලිබොධට්ඨෙන ඝරාවාසො සම්බාධොව. රජාපථොති රාගරජාදීනං උට්ඨානට්ඨානන්ති මහාඅට්ඨකථායං වුත්තං. ආගමනපථොතිපි වට්ටති. අලග්ගනට්ඨෙන අබ්භොකාසො වියාති අබ්භොකාසො. පබ්බජිතො හි කූටාගාරරතනපාසාදදෙවවිමානාදීසු පිහිතද්වාරවාතපානෙසු පටිච්ඡන්නෙසු වසන්තොපි නෙව ලග්ගති න සජ්ජති න බජ්ඣති. තෙන වුත්තං – “අබ්භොකාසො පබ්බජ්ජා”ති. අපිච සම්බාධො ඝරාවාසො කුසලකිරියාය යථාසුඛං ඔකාසාභාවතො, රජාපථො අසංවුතසඞ්කාරට්ඨානං විය රජානං, කිලෙසරජානං සන්නිපාතට්ඨානතො. අබ්භොකාසො පබ්බජ්ජා කුසලකිරියාය යථාසුඛං ඔකාසසබ්භාවතො.
අඤ්ඤතරසමිං වා යනු සෙසු කුලයන්ගෙන් හෝ එක්තරා කුලයකයි, පච්චාජාතො යනු උපන්නේයි, තථාගතෙ සද්ධං පටිලභති යනු පිරිසුදු ධර්මය අසා ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේ කෙරෙහි තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයයි ශ්‍රද්ධාව ලබයි, ඉති පටිසඤ්චික්ඛති යනු මෙසේ ප්රත්යවෙක්ෂා කරයි, සම්බාධො සරාවාසො යනු ඉදින් රියන් සැටක හෝ යොදුන් සියයක අතරක් ඇති හෝ ගෙයක අඹුසැමි යුවලක් වෙසෙත්ද එසේ වෙයි, කරදර සහිත යන අරුතින් ගෘහවාසය බාධා සහිතමය, රජාපථො යනු රාගරජස් නැගෙන තැනයයි මහ අටුවාවෙහි කියන ලදි. ආගමන පථය (එන මාර්ගය) යනු, ද වටියි, නොලැගෙන බැවින් අභ්‍යවකාශය මෙනැයි අබ්භොකාසො නමි, පැවිද්දෝ වනාහි දොරකවුළු වැසී ඇති සැඟවී ඇති කුළුගෙවල් රුවන් පහර දෙව්වීමන් ආදියෙහි වසන්නේ ද, නොලැගෙයි, නොඇලෙයි, නොබැඳෙයි. එහෙයින් අබ්භොකාසො පබ්බජ්ජාය කියන ලදි, තව ද කුශල ක්‍රියාවට ඉඩ ඇති බැවින් ගෘහවාසය බාධා සහිතය, නොවසනලද කුණු ගොඩක් මෙන් කෙලෙස් රජස් රැස්වන තැනක් බැවින් රජාපථයකි, කුශල ක්‍රියාවන්ට සුවසේ අවකාශ සපයන බැවින් පැවිද්ද අභ්යවකාශයකි,
නයිදං සුකරං…පෙ… පබ්බජෙය්යන්ති එත්ථ අයං සඞ්ඛෙපකථා – යදෙතං සික්ඛත්තයබ්රහ්මචරියං එකම්පි දිවසං අඛණ්ඩං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිපුණ්ණං, එකදිවසම්පි ච කිලෙසමලෙන අමලිනං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිසුද්ධං, සඞ්ඛලිඛිතං ලිඛිතසඞ්ඛසදිසං ධොතසඞ්ඛසප්පටිභාගං චරිතබ්බං. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්තපරිපුණ්ණං…පෙ… චරිතුං. යංනූනාහං කෙසෙ ච මස්සුඤ්ච ඔහාරෙත්වා කසායරසපීතතාය කාසායානි බ්රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්ථානි අච්ඡාදෙත්වා පරිදහිත්වා අගාරස්මා නික්ඛමිත්වා අනගාරියං පබ්බජෙය්යන්ති. එත්ථ ච යස්මා අගාරස්ස හිතං කසිවණිජ්ජාදිකම්මං අගාරියන්ති වුච්චති, තඤ්ච පබ්බජ්ජාය නත්ථි, තස්මා පබ්බජ්ජා අනගාරියාති ඤාතබ්බා, තං අනගාරියං. පබ්බජෙය්යන්ති පටිපජ්ජෙය්යං.
නයිදං සුකරං -පෙ- පබ්බජෙය්යං යන මෙහි මේ සැකවින් කථාවයි, යම් මේ ශික්ෂාත්රය බ්‍රහ්මචර්‍ය්‍යාව එක් දිනකුදු නොකඩ කොට අවසන් සිත පැමිණවිය යුතු බැවින් එකන්තපරිපුණ්ණං නමි, එක් දිනකුදු කෙලෙස් මලින් අපිරිසුදු නොකොට අවසන් සිත පැමිණවියයුතු බැවින් එකන්තපරිසුද්ධං නමි, සඞ්ඛලිඛිතං යනු ලියවූ හක්ගෙඩියක් මෙන් සේදු හක්ගෙඩියකට සමානව හැසිරිය යුතුයි, මෙය පහසු නොවේ, අගාරං අජ්ඣාවසාතා යනු ගිහිගෙහි වසන්නහු විසිනි, එකන්තපරිපුණ්ණං -පෙ- චරිතුං, යන්නූනාහං කෙසේ ද, රැවුල ද බහා කසට රසපෙවූ බැවින් කාසායානි නම් වූ, බඹසර වසන්නවුනට සුදුසු වත්ථානි වස්ත්‍රය, අච්ඡාදෙත්වා යනු හැඳයි, අගාරස්මා ගිහිගෙයින් නික්ම පබ්බජෙය්යං පැවිදිවන්නේ නම් යනුයි. මෙහිද යම්හෙයකින් ගිහිගෙයට හිතවත්වූ කෘෂි වණික් ආදී කටයුතු අගාරියයි කියනු ලැබේ. එයද පැවිද්දට නැත, එබැවින් පැවිද්ද අනගාර්යයි දතයුතුය, එය අනගාරියං නමි, පබ්බජෙය්යං යනු පිළිපදින්නෙමි,
අප්පං වාති සහස්සතො හෙට්ඨා භොගක්ඛන්ධො අප්පො නාම හොති, සහස්සතො පට්ඨාය මහා. ආබන්ධනට්ඨෙන ඤාතියෙව ඤාතිපරිවට්ටො. සො වීසතියා හෙට්ඨා අප්පො නාම හොති, වීසතියා පට්ඨාය මහා. භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නොති යා භික්ඛූනං අධිසීලසඞ්ඛාතා සික්ඛා, තඤ්ච, යත්ථ චෙතෙ සහ ජීවන්ති, එකජීවිකා සභාගවුත්තිනො හොන්ති, තං භගවතා පඤ්ඤත්තසික්ඛාපදසඞ්ඛාතං සාජීවඤ්ච තත්ථ සික්ඛනභාවෙන සමාපන්නොති භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො. සමාපන්නොති සික්ඛං පරිපූරෙන්තො සාජීවඤ්ච අවීතික්කමන්තො හුත්වා තදුභයං උපගතොති අත්ථො.
අප්පං වා යනු දහසින් යට භොගසමූහය අප නම් වෙයි, දහසින් උඩ මහායි. එකට බඳනා අරුතින් ඤාතියාම ඤාති පරිවට්ට නමි. එය විස්සෙන් යට අප නම් වෙයි. වින්සෙන් මත්තෙහි මහයි. එකට බඳනා අරුතින් ඤාතියාම ඤාති පරිවධ නමි. එය විස්සෙන් යට අප්ප නම් වෙයි. විස්සෙන් මත්තෙහි මහයි. භික්ඛුනං සික්ඛාසාජීව සමාපන්නො යනු භික්ෂූන්ගේ අධිශීල සංඛ්‍යාත යම් ශීලයක් වේද, ඔවුහු ඒ සමග එක්ව ජිවත් වෙති. එක්ව ජිවත් වන්නේ සමාන පැවතුම් ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද සංඛ්‍යාත වූ සමාන දිවිපැවැත්මට එහි හික්මෙන බැවින් මනාව බැසගත්තෝයි භික්ඛුනං සික්ඛාසාජීවසමාපන්නො නමි: සමාපන්නො යනු ශික්ෂාව සපුරන්නේ සාජීවය ද නොයික්මවන්නේ වී ඒ දෙකටම පැමිණියේය යන අරුත්ය,
පාණාතිපාතං පහායාතිආදීනි වුත්තත්ථානෙව. ඉමෙසං භෙදායාති යෙසං ඉතොති වුත්තානං සන්තිකෙ සුතං, තෙසං භෙදාය. භින්නානං වා සන්ධාතාති ද්වින්නං මිත්තානං වා සමානුපජ්ඣායකාදීනං වා කෙනචිදෙව කාරණෙන භින්නානං එකමෙකං උපසඞ්කමිත්වා “තුම්හාකං ඊදිසෙ කුලෙ ජාතානං එවං බහුස්සුතානං ඉදං න යුත්ත”න්තිආදීනි වත්වා සන්ධානං කත්තා. අනුප්පදාතාති සන්ධානානුප්පදාතා, ද්වෙ ජනෙ සමග්ගෙ දිස්වා “තුම්හාකං එවරූපෙ කුලෙ ජාතානං එවරූපෙහි ගුණෙහි සමන්නාගතානං අනුච්ඡවිකමෙත”න්තිආදීනි වත්වා දළ්හීකම්මං කත්තාති අත්ථො. සමග්ගො ආරාමො අස්සාති සමග්ගාරාමො. යත්ථ සමග්ගා නත්ථි, තත්ථ වසිතුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගරාමොතිපි පාළි, අයමෙව අත්ථො. සමග්ගරතොති සමග්ගෙසු රතො, තෙ පහාය අඤ්ඤත්ථ ගන්තුං න ඉච්ඡතීති අත්ථො. සමග්ගෙ දිස්වාපි සුත්වාපි නන්දතීති සමග්ගනන්දී. සමග්ගකරණිං වාචං භාසිතාති යා වාචා සත්තෙ සමග්ගෙයෙව කරොති, තං සාමග්ගිගුණපරිදීපිකමෙව වාචං භාසති, න ඉතරන්ති.
පාණාතිපාතං පහාය යනාදිය කියන ලද අර්ත්ථ ඇත්තේය, ඉමෙසං භෙදාය යනු මෙයිනැයි කියන ලද යමකුගේ සමීපයෙහි අසන ලද්දේ ද ඔවුන් බිඳවීම සඳහායි, භින්නානං වා සන්දාතා යනු කිසියම් කරුණකින් බිඳුනා වූ මිතුරන් දෙදෙනකුගේ හෝ සමානුපජ්ඣායකාදීන්ගේ හෝ එකිනෙකා වෙත ගොස් මෙබඳු වූ කුලයෙහි උපන්නා වූ මෙසේ බහුශ්‍රැත වූ නුඹලාට මෙය නොමනායයි ආදිය කියා සමගි කරවන්නාවූයි, අනුප්පදාතා යනු සමගිය දෙන්නාවූයි, සමගි වූ දෙදෙනකු දැක මෙබඳු කුලයෙහි උපන්නා වූ මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්ත වූ නුඹලාට මෙය සුදුසුයැයි ආදිය කියා (ඒ සමගිය) දැඩිබවට පත් කළාවූ යන අරුත්ය, සමගියෙහි ඇලීම මොහුගෙනුයි සමග්ගාරාමො නමි, යම්තැනක සමගිවූවෝ නැත්ද, එහි විසීමට ද නොකැමති වේ යයි අරුත්ය, සමග්ගරාමො යනු ද පෙළයි. මේ අර්ත්ථයමයි, සමග්ගරතො යනු සමගි වූවන් කෙරෙහි ඇඑණේයි, ඔවුන් අතහැර අන්තැනකට යාමටවත් නොකැමති වේ යයි අරුත්ය, සමගිවූවන් දැක ද අසා ද සතුටු වේනුයි සමග්ගනන්දි නමි, සමග්ගකරණිං වාචං භාසිතා යනු යම් වචනයකින් සත්ත්වයින් සමගි වූවන්ම කරයි ද ඒ සමගියෙහි ගුණය පළට කරන්නා වූ වචන කියයි අන් යමක් නොවෙයි,
නෙලාති එලං වුච්චති දොසො, නාස්සා එලන්ති නෙලා, නිද්දොසාති අත්ථො “නෙලඞ්ගො සෙතපච්ඡාදො”ති (උදා· 65) එත්ථ වුත්තනෙලං විය. කණ්ණසුඛාති බ්යඤ්ජනමධුරතාය කණ්ණානං සුඛා, සූචිවිජ්ඣනං විය කණ්ණසූලං න ජනෙති. අත්ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච්ඡති අප්පටිහඤ්ඤමානා සුඛෙන චිත්තං පවිසතීති හදයඞ්ගමා. ගුණපරිපුණ්ණතාය පුරෙ භවාති පොරී. පුරෙ සංවඩ්ඪනාරී විය සුකුමාරාතිපි පොරී. පුරස්ස එසාතිපි පොරී, නගරවාසීනං කථාති අත්ථො. නගරවාසිනො හි යුත්තකථා හොන්ති, පිතිමත්තං පිතාති, භාතිමත්තං භාතාති වදන්ති. එවරූපී කථා බහුනො ජනස්ස කන්තා හොතීති බහුජනකන්තා. කන්තභාවෙනෙව බහුජනස්ස මනාපා චිත්තවුඩ්ඪිකරාති බහුජනමනාපා.
නෙළා යනු දෝෂයට එළයයි කියනු ලැබේ, ඔහුට දොසක් නැත්තේනුයි නෙළා නමි, නිදොස්ය යන අරුත්ය, ‘නෙළඞ්ගො සෙතපච්ඡදො’ යන මෙහි කියන ලද සීලය මෙනි, කණ්ණාසුඛා යනු ව්‍යංජනයන්ගේ මිහිරි බැවින් කණට සුව එළවන්නාවූයි, හිඳිකටුවකින් ඇනීමක් මෙන් කණට හුලක් නොදනවන්නේයි, අර්ත්ථමධුරතාවෙන් සියලු සිරුරෙහි කෝපය නොදනවා ප්‍රේමය දනවන්නේනුයි පෙමනීයා යි. හදවතට යයි, නොගැටෙමින් සුවසේ සිතට පිවිසේනුයි හදයඞ්ගමා යි, ගුණ පිරිපුන් බැවින් පෙරටු වන්නේයි පොරි නමි, පුරයෙහි වැඩුණු කාන්තාවක් මෙන් සුකුමාලය යන්නෙන් ද පොරි වෙයි, මෝ පුරයේනුයිද පොරි නමි, පුරයෙහි මෝ යනු නුවර වැසියන්ගේ කථාව යන අරුත්ය, නුවර වැසියන්ගේ සුදුසු කථාවෙයි, පීතෘබවට තාත යනු ද, සොහොයුරුබවට භාතු යනුද කියති, මෙබඳුවූ කථාව බොහෝ දෙනාට මනාපය, සිත් වඩන්නේ යයි බහුජනමනාපා නමි,
කාලෙ වදතීති කාලවාදී, වත්තබ්බයුත්තකාලං සල්ලක්ඛෙත්වා වදතීති අත්ථො. භූතං තච්ඡං සභාවමෙව වදතීති භූතවාදී. දිට්ඨධම්මිකසම්පරායිකඅත්ථසන්නිස්සිතමෙව කත්වා වදතීති අත්ථවාදී. නවලොකුත්තරධම්මසන්නිස්සිතං කත්වා වදතීති ධම්මවාදී. සංවරවිනයපහානවිනයසන්නිස්සිතං කත්වා වදතීති විනයවාදී. නිධානං වුච්චති ඨපනොකාසො, නිධානමස්සා අත්ථීති නිධානවතී. හදයෙ නිධෙතබ්බයුත්තකං වාචං භාසිතාති අත්ථො. කාලෙනාති එවරූපිං භාසමානොපි ච “අහං නිධානවතිං වාචං භාසිස්සාමී”ති න අකාලෙන භාසති, යුත්තකාලං පන අවෙක්ඛිත්වාව භාසතීති අත්ථො. සාපදෙසන්ති සඋපමං, සකාරණන්ති අත්ථො. පරියන්තවතින්ති පරිච්ඡෙදං දස්සෙත්වා, යථාස්සා පරිච්ඡෙදො පඤ්ඤායති, එවං භාසතීති අත්ථො. අත්ථසංහිතන්ති අනෙකෙහිපි නයෙහි විභජන්තෙන පරියාදාතුං අසක්කුණෙය්යතාය අත්ථසම්පන්නං භාසති. යං වා සො අත්ථවාදී අත්ථං වදති, තෙන අත්ථෙන සංහිතත්තා අත්ථසංහිතං වාචං භාසති, න අඤ්ඤං නික්ඛිපිත්වා අඤ්ඤං භාසතීති වුත්තං හොති.
සුදුසු කාලයෙහි කියන්නේනුයි කාලවාදී නමි කිවයුතු කාලය සලකා කියයි යන අරුත්ය, වූ දෙයම සත්‍යයම ස්වභාවයම කියයිනුයි භූතවාදී නමි. මෙලොව හා පරලොව වැඩ ඇසුරුවූවක්ම කොට කියයිනුයි අත්ථවාදි නමි. නවලොවුතුරු දහම් ඇසුරුවූවක්ම කොට කියයිනුයි ධම්මවාදි නමි, තැබීමෙහි ඉඩ නිධානයයි කියනු ලැබේ, තැබීමේ ඉඩ ඇයට ඇත්තේනුයි නිධානවති නමි, හදවතෙහි තැබියයුතු වචන කියන ලදැයි අරුත්ය, කාලෙන යනු මෙබන්දක් කියන්නේ ද මම හදවතෙහි තැබිය යුත්තක් කියමියි නුසුදුසු කල්හි නොකියයි, සුදුසු කාලය බලාම කියයි යන අරුත්ය, සාපදෙසං යනු උපමාසහිතවූයි. කරුණු සහිත වූ යන අරුත්ය, පරියන්තිවතිං යනු පිරිසිඳීම දක්වා යම්සේ කථාවෙහි නිමාවක් දකියි ද එසේ කියයි යන අර්ථයයි, අත්ථසංහිතං යනු අර්ත්ථ සම්පන්න වූ දෙය නොයෙක් ක්රමයන්ගෙන් බෙදන්නහු විසින් ද හාත්පසින් ගැනීමට නොහැකිවන්නේය, ඒ අර්ත්ථවාදී පුද්ගලයා යම් අර්‍ත්‍ථයක් කියයි ද ඒ අර්ත්ථයෙන් යුක්ත වූ බැවින් අර්‍ත්‍ථසංහිත වූ වචනයක් කියයි, එකක් ඉදිරිපත් කොට වෙනෙකක් නොකියයි කියන ලද්දේ වෙයි:
බීජගාමභූතගාමසමාරම්භාති මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජන්ති පඤ්චවිධස්ස බීජගාමස්ස චෙව යස්ස කස්සචි නීලතිණරුක්ඛාදිකස්ස භූතගාමස්ස ච සමාරම්භා, ඡෙදනභෙදනපචනාදිභාවෙන විකොපනා පටිවිරතොති අත්ථො.
බීජගාම භූතගාම සමාරම්හා යනු මූලබීජ, ඛන්ධබීජ, එලුබීජ, අග්ගබීජ බීජබීජයි පස් ආකාර වූ බීජගාමයෝ මෙන්ම යම්කිසි නිල්තණ ගස් ආදී භූතගාමයෝ ද වැනසීමෙන් සිඳීම් පිළිස්සීම් ආදියෙන් හානිකිරීමෙන් දුරුවූයේය යන අරුත්ය:
එකභත්තිකොති පාතරාසභත්තං සායමාසභත්තන්ති ද්වෙ භත්තානි. තෙසු පාතරාසභත්තං අන්තොමජ්ඣන්හිකෙන පරිච්ඡින්නං, ඉතරං මජ්ඣන්හිකතො උද්ධං අන්තොඅරුණෙන. තස්මා අන්තොමජ්ඣන්හිකෙ දසක්ඛත්තුං භුඤ්ජමානොපි එකභත්තිකොව හොති. තං සන්ධාය වුත්තං “එකභත්තිකො”ති. රත්තියා භොජනං රත්ති, තතො උපරතොති රත්තූපරතො. අතික්කන්තෙ මජ්ඣන්හිකෙ යාව සූරියත්ථඞ්ගමනා භොජනං විකාලභොජනං නාම, තතො විරතත්තා විරතො විකාලභොජනා.
එකභත්තිකො යනු උදෑසන බත හා සවස බතයයි බත් දෙකෙකි, ඔවුනතුරෙන් උදය බතෙහි සීමාව මධ්‍යාහ්නයෙන් පිරිසිඳින ලද්දේය, අනෙක මධ්‍යාහ්නයෙන් මත්තෙහි අරුණෝද්ගමනයෙන් කෙළවර වෙයි, එබැවින් මධ්‍යාහ්නය දක්වා කාලය අතරෙහි දසවරක් වළඳන්නේ ද ඒකභත්තික වෙයි, ඒ සඳහා එකභත්තිකොයි කියන ලදි, රාත්‍රි භොජනය රත්ති නමි. එයින් වැළකුණේයි රත්තුපරතො නමි, මධ්‍යාහ්නය ඉක්මුණු කල්හි හිරු බැසයාම තෙක් බොජුන විකාල භොජනය නමි, එයින් වැලකුණ බැවින් විරතො විකාලභොජනා නමි,
ජාතරූපන්ති සුවණ්ණං. රජතන්ති කහාපණො ලොහමාසකො ජතුමාසකො දාරුමාසකොති යෙ වොහාරං ගච්ඡන්ති. තස්ස උභයස්සාපි පටිග්ගහණා පටිවිරතො, නෙව තං උග්ගණ්හාති, න උග්ගණ්හාපෙති, න උපනික්ඛිත්තං සාදියතීති අත්ථො.
ජාතරූපං යනු ස්වර්ණයයි (රන්ය). රජතං යනු කහවණු ලොහමාසක, ජතුමාසක දාරුමාසකයයි යමක් ව්‍යවහාරයට යයි ද ඒ දෙකේම පිළිගැනීමෙන් වෙන්වූයේ එය නොපිළිගනියි, නොගන්වයි ළඟ තබන ලද්ද නොයිවසයි යන අරුත්ය,
ආමකධඤ්ඤපටිග්ගහණාති සාලිවීහියවගොධූමකඞ්ගුවරකකුද්රූසකසඞ්ඛාතස්ස සත්තවිධස්සපි ආමකධඤ්ඤස්ස පටිග්ගහණා. න කෙවලඤ්ච එතෙසං පටිග්ගහණමෙව, ආමසනම්පි භික්ඛූනං න වට්ටතියෙව. ආමකමංසපටිග්ගහණාති එත්ථ අඤ්ඤත්ර ඔදිස්ස අනුඤ්ඤාතා ආමකමංසමච්ඡානං පටිග්ගහණමෙව භික්ඛූනං න වට්ටති, නො ආමසනන්ති.
ආමකධඤ්ඤපටිග්ගහණා යනු සාල් වී යව, ගොධුම, කඞ්ගුවරක කුදුසක නමින් ගැනෙන අමු ධාන්‍ය පිළිගැනීමෙනි. හුදෙක් මේවා පිළිගැනීම පමණක් නොව අතගෑම ද භික්ෂූන්ට නොවටීමය, ආමකමංසපටිග්ගහණා යනු මෙහි උදෙසා අනුදන්නා ලද දෙය හැර අමු මස්-මාළු පිළිගැනීමම භික්ෂූන්ට නොවටියි, අතගෑම නොවේ,
ඉත්ථිකුමාරිකපටිග්ගහණාති එත්ථ ඉත්ථීති පුරිසන්තරගතා, ඉතරා කුමාරිකා නාම, තාසං පටිග්ගහණම්පි ආමසනම්පි අකප්පියමෙව. දාසිදාසපටිග්ගහණාති එත්ථ දාසිදාසවසෙනෙව තෙසං පටිග්ගහණං න වට්ටති, “කප්පියකාරකං දම්මි, ආරාමිකං දම්මී”ති එවං වුත්තෙ පන වට්ටති. අජෙළකාදීසුපි ඛෙත්තවත්ථුපරියොසානෙසු කප්පියාකප්පියනයො විනයවසෙන උපපරික්ඛිතබ්බො. තත්ථ ඛෙත්තං නාම යස්මිං පුබ්බණ්ණං රුහති. වත්ථු නාම යස්මිං අපරණ්ණං රුහති. යත්ථ වා උභයම්පි රුහති, තං ඛෙත්තං. තදත්ථාය අකතභූමිභාගො වත්ථු. ඛෙත්තවත්ථුසීසෙන චෙත්ථ වාපි-තළාකාදීනිපි සඞ්ගහිතානෙව.
ඉත්ථිකුමාරිකපටිග්ගහණා යනු මෙහි ස්ත්‍රිය යනු පුරුෂයකු වෙත ගිය තැනැත්තියයි, අන්‍ය වූ තැනැත්තිය කුමාරිකා නමි, ඔවුන් පිළිගැනීම ද පැහැසීම ද අකැපමය, දාසදාසිපටිග්ගහණා යනු මෙහි දැසිදස් වශයෙන් ඔවුන් පිළිගැනීම නොවටියි, කැපකරුවකු දෙමි, ආරාමිකයකු දෙමියි මෙසේ කී කල වටියි, එළුබැටළුවන් ආදීන්හි ද කෙත්වත් අවසන්හි ද කැප අකැප ක්‍රමය විනය වශයෙන් විමසා බැලිය යුත්තේය, එහි යම්තැනක මඩට අයත් ධ්‍යාන වැවෙයි ද එය ඛෙත්ත නමි, යම් තැනක ගොඩ අයත් ධාන්‍ය වැවෙයි ද එය වත්ථු නමි, යම් තැනක දෙවර්ගයම වැවෙයිද එය ඛෙත්ත නමි, ඒ සඳහා සූදානම් නොකළ බිම් කොටස වත්ථු නමි, ඛෙත්තවත්ථු ශීර්ෂයෙන් මෙහි වැව්, විල් ආදිය ද ඇතුළත් කරන ලද්දේමය,
දූතෙය්යං වුච්චති දූතකම්මං ගිහීනං පණ්ණං වා සාසනං වා ගහෙත්වා තත්ථ තත්ථ ගමනං. පහිණගමනං වුච්චති ඝරා ඝරං පෙසිතස්ස ඛුද්දකගමනං. අනුයොගො නාම තදුභයකරණං. තස්මා දුතෙය්යපහිණගමනානං අනුයොගොති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. කයවික්කයාති කයා ච වික්කයා ච. තුලාකූටාදීසු කූටන්ති වඤ්චනං. තත්ථ තුලාකූටං තාව රූපකූටං, අඞ්ගකූටං, ගහණකූටං, පටිච්ඡන්නකූටන්ති චතුබ්බිධං හොති. තත්ථ රූපකූටං නාම ද්වෙ තුලා සමරූපා කත්වා ගණ්හන්තො මහතියා ගණ්හාති, දදන්තො ඛුද්දිකාය දෙති. අඞ්ගකූටං නාම ගණ්හන්තො පච්ඡාභාගෙ හත්ථෙන තුලං අක්කමති, දදන්තො පුබ්බභාගෙ. ගහණකූටං නාම ගණ්හන්තො මූලෙ රජ්ජුං ගණ්හාති, දදන්තො අග්ගෙ. පටිච්ඡන්නකූටං නාම තුලං සුසිරං කත්වා අන්තො අයචුණ්ණං පක්ඛිපිත්වා ගණ්හන්තො තං පච්ඡාභාගෙ කරොති, දදන්තො අග්ගභාගෙ.
කායවික්කයා යනු මිළදී ගැනීමෙන් හා විකිණීමෙනි, පණිවිඩ පනත් කිරීම දූතෙය්යං නමි, ගිහියන්ගේ ලිපියක් හෝ හසුනක් ගෙන ඒ ඒ තැනට යාමයි, පහීණගමනං යනු ගෙන්ගෙට යන්නහුගේ කෙටිගමනයි, ඒ දෙකම කිරීම අනුයොගො නමි. එබැවින් දූතෙය්‍ය පහිණගමන යන ගමන්වල යෙදීමයි. මෙසේ මෙහි අර්ත්ථය දතයුතුයි, කූටං යනු තුලාකූටාදීන්හි රැවටීමයි, එහි තුලාකූටය වනාහි-රූපකූට, අංගකූට, ගහණකූට, පටිච්ඡන්න කූටයයි සතරාකාර වෙයි, එහි රූපකූටය නම් තරාදි දෙකක් සමාන කොට ගන්නේ බොහෝවක් ගනියි, දෙන්නේ අඩුව දෙයි, අඞ්ගකූටය නනමි, ගන්නේ පසු කොටසෙහි අතින් තරාදිය අදියි, දෙන්නේ තරාදිය පසු කොටසෙහි අදියි, ගහණකූට නම් ගන්නේ මුලෙහි රැහැන ගනියි, දෙන්නේ කෙළවරෙහි ගනියි, පටිච්ඡන්නකූට නම් තරාදිය හිල් කොට ඇතුළත යකඩ කුඩු බහා ගන්නේ එය පසුපසට කරයි, දෙන්නේ අග කොටසෙහි කරයි,
කංසො වුච්චති සුවණ්ණපාති, තාය වඤ්චනං කංසකූටං. කථං? එකං සුවණ්ණපාතිං කත්වා අඤ්ඤා ද්වෙ තිස්සො ලොහපාතියො සුවණ්ණවණ්ණා කරොති. තතො ජනපදං ගන්ත්වා කිඤ්චිදෙව අඩ්ඪකුලං පවිසිත්වා “සුවණ්ණභාජනානි කිණථා”ති වත්වා අග්ඝෙ පුච්ඡිතෙ සමග්ඝතරං දාතුකාමා හොන්ති. තතො තෙහි “කථං ඉමෙසං සුවණ්ණභාවො ජානිතබ්බො”ති වුත්තෙ “වීමංසිත්වා ගණ්හථා”ති සුවණ්ණපාතිං පාසාණෙ ඝංසිත්වා සබ්බපාතියො දත්වා ගච්ඡති.
ස්වර්ණභාජනය කංසයි කියනු ලැබේ. එයින් රැවටීම කංසකූට නමි, කෙසේද? එක් රන් භාජනයක් තනා අනෙක් ලෝහ භාජන දෙකතුනක් රන්වන් කරත්, එයින් දනව්වට ගොස් කිසියම් ධනවත් ගෙදරකට ගොස් රන් බඳුන් මිළදී ගන්නැයි කියා අගය ඇසූවිට වැඩි මිළකට දෙනු කැමැත්තෝ වෙත්, ඉක්බිති ඔවුන් විසින් කෙසේ මේවායේ රන්බව දැනගත යුතුදැයි ඇසූවිට සොයාබලා ගන්නැයි බඳුන් දී යති,
මානකූටං නාම හදයභෙද-සිඛාභෙද-රජ්ජුභෙදවසෙන තිවිධං හොති. තත්ථ හදයභෙදො සප්පිතෙලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො හෙට්ඨාඡිද්දෙන මානෙන “සණිකං ආසිඤ්චා”ති වත්වා අත්තනො භාජනෙ බහුං පග්ඝරාපෙත්වා ගණ්හාති, දදන්තො ඡිද්දං පිධාය සීඝං පූරෙත්වා දෙති. සිඛාභෙදො තිලතණ්ඩුලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො සණිකං සිඛං උස්සාපෙත්වා ගණ්හාති, දදන්තො වෙගෙන පූරෙත්වා සිඛං ඡින්දන්තො දෙති. රජ්ජුභෙදො ඛෙත්තවත්ථුමිනනකාලෙ ලබ්භති. ලඤ්ජං අලභන්තා හි ඛෙත්තං අමහන්තම්පි මහන්තං කත්වා මිනන්ති.
මානකූටය, හදයභෙද සිඛාභෙද රජ්ජුභෙද වශයෙන් තෙවැදෑරුම් වෙයි. එහි හදය භෙදය ගිතෙල් තෙල් ආදිය මනින විට ලැබෙයි. ඒවා (මිළදී) ගන්නේ යටහිල්කළ මිනුමෙන් හෙමින් වත්කරන්නැයි කියා තමන්ගේ බඳුනෙහි බොහෝ වත්කරවා ගනියි. දෙන්නේ සිදු වසා ඉක්මණින් පුරවාදෙයි, සිඛාභෙදය තල සහල් ආදිය මනින විට ලැබෙයි, ඒවා මිළදී ගන්නේ හෙමින් මුදුන් කොට ගනියි, දෙන්නේ ඉක්මණින් පුරවා මුදුන කපා දෙයි. රජ්ජුභෙදය කෙත්වත් මනිනවිට ලැබෙයි, අල්ලස නොලබන්නහු කුඩාවූද කෙත මහත්කොට මනිත්.
උක්කොටනාදීසු උක්කොටනන්ති සාමිකෙ අස්සාමිකෙ කාතුං ලඤ්ජග්ගහණං. වඤ්චනන්ති තෙහි තෙහි උපායෙහි පරෙසං වඤ්චනං. තත්රිදමෙකං වත්ථු – එකො කිර ලුද්දකො මිගඤ්ච මිගපොතකඤ්ච ගහෙත්වා ආගච්ඡති. තමෙකො ධුත්තො “කිං භො මිගො අග්ඝති, කිං මිගපොතකො”ති ආහ. “මිගො ද්වෙ කහාපණෙ, මිගපොතකො එක”න්ති ච වුත්තෙ එකං කහාපණං දත්වා මිගපොතකං ගහෙත්වා ථොකං ගන්ත්වා නිවත්තො “න මෙ භො මිගපොතකෙනත්ථො, මිගං මෙ දෙහී”ති ආහ. තෙන හි ද්වෙ කහාපණෙ දෙහීති. සො ආහ – “නනු තෙ භො මයා පඨමං එකො කහාපණො දින්නො”ති? ආම දින්නොති. ඉමම්පි මිගපොතකං ගණ්හ, එවං සො ච කහාපණො අයඤ්ච කහාපණග්ඝනකො මිගපොතකො”ති ද්වෙ කහාපණා භවිස්සන්තීති. සො “කාරණං වදතී”ති සල්ලක්ඛෙත්වා මිගපොතකං ගහෙත්වා මිගං අදාසීති. නිකතීති යොගවසෙන වා මායාවසෙන වා අපාමඞ්ගං පාමඞ්ගන්ති, අමණිං මණින්ති, අසුවණ්ණං සුවණ්ණන්ති කත්වා පතිරූපකෙන වඤ්චනං. සාචියොගොති කුටිලයොගො. එතෙසංයෙව උක්කොටනාදීනමෙතං නාමං. තස්මා උක්කොටනසාචියොගො වඤ්චනසාචියොගො නිකතිසාචියොගොති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙචි අඤ්ඤං දස්සෙත්වා අඤ්ඤස්ස පරිවත්තනං සාචියොගොති වදන්ති, තං පන වඤ්චනෙනෙව සඞ්ගහිතං.
උක්කොටනාදියෙහි උක්කොටනං යනු හිමියා නොහිමියා කිරීමට අල්ලස් ගැනීමයි, වඤ්චනං යනු ඒ ඒ උපායයන්ගෙන් අනුන් රැවටීමයි, එහි මේ එක් කථා පුවතකි, එක් වැද්දෙක් මුවකු හා මුව පොව්වකු රැගෙන එයි, එක් කපටියෙක් එම්බල මුවා කීයක් වටීද මුව පැටියා කීයක් වටීදැයි ඔහුගෙන් ඇසීය, මුවා කහවණු දෙකෙකි, මුව පැටියා කහවණු එකකැයි කියන ලද්දේ කහවණුවක් දී, මුව පැටියා ගෙන ටිකදුරක් ගොස් පෙරළා එමින් එම්බල මට මුව පැටියාගෙන් වැඩක් නැත. මුවා මට දෙවයි කීය. එසේ නම් කහවණු දෙකක් දෙවයි වැද්දා කීය. එම්බල මා පළමුව එක් කහවණුවක් දෙන ලද්දේ නොවේයැයි අනෙකා ඇසීය. “එසේය දෙන ලදි”, “මේ මුව පැටවා ද ගනුව එසේ ඒ කහවණුව ද, මේ කහවණුවක් අගය ඇති මුව පැටියාදැයි කහවණු දෙකක් වෙයි” කීය. ඒ වැද්දා හරි දෙයක් කියතැයි සලකා මුව පැටියා ගෙන මුවා දුන්නේය. නිකති යනු යෝග වශයෙන් හෝ මායා වශයෙන් ද හෝ නොහවඩිය හවඩියයි ද නොමැණික මැණික යයි ද නොරත් රන්යැයි ද, එයට සමානවූවකින් රැවටීමයි. සාචියොගො යනු වංචන ප්‍රයෝගයකි, මේ උක්කොටනාදීන්ටම නමකි, එබැවින් උක්කොටන සාචියොගය, වඤ්චනසාචියොගය, නිකතිසාචියොගයයි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුය, වෙන එකක් දක්වා අන්දෙයකට පෙරලීම සාචියෝගයයි ඇතමෙක් කියති, එය වංචනයෙහිම ඇතුළත් කරන ලදි,
ඡෙදනාදීසු ඡෙදනන්ති හත්ථච්ඡෙදනාදි. වධොති මාරණං. බන්ධොති රජ්ජුබන්ධනාදීහි බන්ධනං. විපරාමොසොති හිමවිපරාමොසො, ගුම්බවිපරාමොසොති දුවිධො. යං හිමපාතසමයෙ හිමෙන පටිච්ඡන්නා හුත්වා මග්ගප්පටිපන්නං ජනං මුසන්ති, අයං හිමවිපරාමොසො. යං ගුම්බාදීහි පටිච්ඡන්නා මුසන්ති, අයං ගුම්බවිපරාමොසො. ආලොපො වුච්චති ගාමනිගමාදීනං විලොපකරණං. සහසාකාරොති සාහසිකකිරියා, ගෙහං පවිසිත්වා මනුස්සානං උරෙ සත්ථං ඨපෙත්වා ඉච්ඡිතභණ්ඩග්ගහණං. එවමෙතස්මා ඡෙදන…පෙ… සහසාකාරා පටිවිරතො හොති.
ඡේදනාදියෙහි ඡෙදනං යනු අත්සිඳීම් ආදියයි, වධො යනු මැරීමයි, බන්ධො යනු රැහැනෙන් බැඳීම් ආදී බැඳීමයි, විපරමොසො යන හිමවිපරාමොසය ගුම්බවිපරාමොසයයි දෙයාකාර වෙයි, හිම වැටෙන කාලයෙහි හිමයෙන් සැඟවී සිට මගට පිළිපන් මිනිසුන් මුළා කෙරෙත් ද මෙය හිමවිපරමොස නමි, ලැහැබ් ආදියෙහි සැඟවී සිට යමකු මුළා කරත්ද, මෙය ගුම්බවිපරාමොස නමි, ආලොපො යනු ගම් නියම්ගම් ආදිය වැනසීම යයි කියනු ලැබේ, සහසාකරො යනු සාහසික කටයුතුයි, ගෙට පිවිස මිනිසුන්ගේ උරයට අවිය තබා කැමති බඩු ගැනීමයි, මෙසේ මේ සිදීම් -පෙ- සාහසික ක්‍රියාවලින් මිඳුණේ වෙයි,
සො සන්තුට්ඨො හොතීති ස්වායං භික්ඛු හෙට්ඨා වුත්තෙන චතූසු පච්චයෙසු ද්වාදසවිධෙන ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතො හොති. ඉමිනා පන ද්වාදසවිධෙන ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතස්ස භික්ඛුනො අට්ඨ පරික්ඛාරා වට්ටන්ති – තීණි චීවරානි, පත්තො, දන්තකට්ඨච්ඡෙදනවාසි, එකා සූචි, කායබන්ධනං පරිස්සාවනන්ති. වුත්තම්පි චෙතං –
සො සන්තුට්ඨො හොති යනු ඒ මේ භික්ෂුව යට කියන ලද සිවුපසයෙහි දොළොස් වැදෑරුම් වූ ඉතරිතර පච්චය සන්තෝෂයෙන් යුක්තවූයේ වෙයි, මේ දොළොස් වැදෑරුම් වූ ඉතරීතර ප්‍රත්‍යය සන්තෝෂයෙන් යුක්ත වූ භික්ෂුවට තුන්සිවුර, පාත්‍රය, දැහැටිදඬු කපන පිහිය, එක් හිඳිකටුවක්, කාබහන, හා පෙරහන යන අටපිරිකර වටියි, මෙය කියන ලදි:
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති.
තුන් සිවුර ද, පාත්‍රය ද, පිහිය ද, හිඳිකටුව ද, පටිය ද පෙරහන ද යන මේ අට යෝගයෙහි යෙදුණු භික්ෂුවටයි.
තෙ සබ්බෙ කායපරිහාරිකාපි හොන්ති, කුච්ඡිපරිහාරිකාපි. කථං? තිචීවරං තාව නිවාසෙත්වා පාරුපිත්වා ච විචරණකාලෙ කායං පරිහරති පොසෙතීති කායපරිහාරිකං හොති. චීවරකණ්ණෙන උදකං පරිස්සාවෙත්වා පිවනකාලෙ, ඛාදිතබ්බඵලාඵලං ගහණකාලෙ ච කුච්ඡිං පරිහරති පොසෙතීති කුච්ඡිපරිහාරිකං හොති. පත්තොපි තෙන උදකං උද්ධරිත්වා න්හානකාලෙ කුටිපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකො හොති, ආහාරං ගහෙත්වා භුඤ්ජනකාලෙ කුච්ඡිපරිහාරිකො. වාසිපි තාය දන්තකට්ඨච්ඡෙදනකාලෙ මඤ්චපීඨානං අඞ්ගපාදචීවරකුටිදණ්ඩකසජ්ජනකාලෙ ච කායපරිහාරිකා හොති, උච්ඡුච්ඡෙදනනාළිකෙරාදිතච්ඡනකාලෙ කුච්ඡිපරිහාරිකා. සූචිපි චීවරසිබ්බනකාලෙ කායපරිහාරිකා හොති, පූවං වා ඵලං වා විජ්ඣිත්වා ඛාදනකාලෙ කුච්ඡිපරිහාරිකා. කායබන්ධනං බන්ධිත්වා විචරණකාලෙ කායපරිහාරිකං, උච්ඡුආදීනි බන්ධිත්වා ගහණකාලෙ කුච්ඡිපරිහාරිකං. පරිස්සාවනං තෙන උදකං පරිස්සාවෙත්වා න්හානකාලෙ සෙනාසනපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකං, පානීයපානකපරිස්සාවනකාලෙ තෙනෙව තිලතණ්ඩුලපුථුකාදීනි ගහෙත්වා ඛාදනකාලෙ ච කුච්ඡිපරිහාරිකං. අයං තාව අට්ඨපරික්ඛාරිකස්ස පරික්ඛාරමත්තා.
ඒ සියල්ල කය පරිහරණය කරවන්නේ ද, කුස පරිහරණය කරවන්නේ ද වෙයි, කෙසේද? තුන්සිවුර හැඳ පොරොවා හැසිරෙන කල්හි කය පරිහරණය කරයි. පෝෂණය කරයිනුයි කාය පරිහාරිය වෙයි, සිවුරු කොණෙන් දිය පෙරා බොන කල්හි ද කෑ යුතු පලාපල ගන්නා කල්හි ද කුස පරිහරණය කරයි. පෝෂණය කරයිනුයි කුච්ඡිපරිහාරිය වෙයි, පාත්‍රය ද එයින් දිය ගෙන නහන කල්හි මෙන්ම කිළිය පිරියම් කරන කල්හි ද කායපරිහාරික වෙයි, අහර ගෙන වළඳන කල්හි කුච්ඡිපරිහාරියයි, පිහිය ද එයින් දැහැටි දඬු කපන කල්හි මෙන්ම ඇඳපුටුවල පා ආදී අවයව සිවුර කිළියට අවශ්‍ය ලී පිළියල කරන කල්හි ද කායපරිහාරික වෙයි, උක් කපන පොල් බිඳින කල්හි කුච්ඡිපරිහාරිකයි. හිඳිකටුව ද සිවුරු මසන කල්හි කායපරිහාරියයි, කැවුමක් හෝ පළතුරක් හෝ විද කන කල්හි තුච්ඡිපරිහාරික වෙයි, කාබහන බැඳ හැසිරෙන කල්හි කායපරිහාරික වෙයි, උක් ආදිය බැඳගන්නා කල්හි කුච්ඡිපරිහාරිය වෙයි, පෙරහන එයින් දිය පෙරා නහන කල්හි ද සෙනසුන් පිරිබඩ කරන කල්හි ද කායපරිහාරිකයි, බොනදිය හා පානයන් පෙරන කල්හි ද තල සහල් හබලපෙති ගෙන කන කල්හි ද කුච්ඡිපරිහාරියයි, මේ අෂ්ටපරිෂ්කාරයාගේ පරිෂ්කාරමාත්රයයි,
නවපරික්ඛාරිකස්ස පන සෙය්යං පවිසන්තස්ස තත්රට්ඨකපච්චත්ථරණං වා කුඤ්චිකා වා වට්ටති. දසපරික්ඛාරිකස්ස නිසීදනං වා චම්මඛණ්ඩං වා වට්ටති. එකාදසපරික්ඛාරිකස්ස කත්තරයට්ඨි වා තෙලනාළිකා වා වට්ටති. ද්වාදසපරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහනං වා වට්ටති. එතෙසු ච අට්ඨපරික්ඛාරිකොව සන්තුට්ඨො, ඉතරෙ අසන්තුට්ඨා මහිච්ඡා මහාභාරාති න වත්තබ්බා. එතෙපි අප්පිච්ඡාව සන්තුට්ඨාව සුභරාව සල්ලහුකවුත්තිනොව. භගවා පන න ඉමං සුත්තං තෙසං වසෙන කථෙසි, අට්ඨපරික්ඛාරිකස්ස වසෙන කථෙසි. සො හි ඛුද්දකවාසිඤ්ච සූචිඤ්ච පරිස්සාවනෙ පක්ඛිපිත්වා පත්තස්ස අන්තො ඨපෙත්වා පත්තං අංසකූටෙ ලග්ගෙත්වා තිචීවරං කායප්පටිබද්ධං කත්වා යෙනිච්ඡකං සුඛං පක්කමති, පටිනිවත්තිත්වා ගහෙතබ්බං නාමස්ස න හොති. ඉති ඉමස්ස භික්ඛුනො සල්ලහුකවුත්තිතං දස්සෙන්තො භගවා සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙනාතිආදිමාහ.
නවපිරිකරට වනාහි නින්දට පිවිසෙන්නාට පසුතුරුණ හෝ යතුර හෝ වටියි, දසපිරිකරට හිඳිනා සම්කඩ වටියි, එකොළොස් පිරිකරට කතුර හෝ තෙල ගුලාව හෝ වටියි, දොළොස් පිරිකරට කුඩය හෝ සෙරෙප්පුව හෝ වටියි, මේවා අතුරින් ද අටපිරිකර ඇත්තේම සතුටු ඇත්තේයි, සෙස්සෝ අසතුටු වෝවෝ බොහෝ කැමති වූවෝ මහත් තෘෂ්ණා ඇත්තෝයි නොකිවයුතුය, මොවුහු ද අලපෙච්ඡ වූවෝම සතුටු ඇත්තෝම පහසුවෙන් පෝෂණය කළ හැක්කෝම සැහැල්ලු පැවතුම් ඇත්තෝම වෙති, භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය ඔවුන් අරමුණු කොට නොදෙසූ සේක, අටපිරිකර ඇත්තා වශයෙන් දෙසූ සේක. හෙතෙමේ කුඩා පිහිය ද හිඳිකටුව ද පෙරහනෙහි බහා පාත්‍රය ඇතුළෙහි තබා පාත්‍රය අංශකූටයෙහි එල්වා තුන්සිවුර කායබන්ධනය කොට කැමති තැනකට සුවසේ යයි, ආපසු හැරී ගතයුත්තක් නම් ඔහුට නොවෙයි. මෙසේ මේ භික්ෂුවගේ සැහැල්ලු පැවතුම් ඇතිබව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ “සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන” යනාදිය දෙසූ සේක.
තත්ථ කායපරිහාරිකෙනාති කායපරිහරණමත්තකෙන. කුච්ඡිපරිහාරිකෙනාති කුච්ඡිපරිහරණමත්තකෙන. සමාදායෙව පක්කමතීති තං අට්ඨපරික්ඛාරමත්තකං සබ්බං ගහෙත්වාව කායප්පටිබද්ධං කත්වාව ගච්ඡති, “මම විහාරො පරිවෙණං උපට්ඨාකො”තිස්ස සඞ්ගො වා බන්ධො වා න හොති. සො ජියා මුත්තො සරො විය, යූථා අපක්කන්තො මත්තහත්ථී විය ඉච්ඡිතිච්ඡිතං සෙනාසනං, වනසණ්ඩං, රුක්ඛමූලං, නවං පබ්භාරං පරිභුඤ්ජන්තො එකො තිට්ඨති, එකො නිසීදති, සබ්බිරියාපථෙසු එකො අදුතියො.
එහි කායපරිහාරිකෙන යනු කය පරිහරණය කරන පමණකිනින, කුච්ඡිපරිහාරිකෙන යනු කුස පරිහරණය කරන පමණකිනි, සමාදායෙව පක්කමති යනු ඒ අටපිරිකර පමණක් වූ සියල්ල ගෙනම කයට අයත් දෙයක් කොටම යයි, මගේ විහාරය, පිරිවෙණ, උපස්ථායකයෝයි ඔහුට ඇලීමක් හෝ බැඳීමක් හෝ නොවෙයි, හෙතෙමෙ දුන්නෙන් මිදුණු හීතලයක් මෙන් රැලෙන් ඉවතට යන මතැතෙකු මෙන් කැමති කැමති සෙනසුන වන ලැහැබ, ගස්මුල අලුත් අලුත් මිටියාවත පරිභෝග කරමින් හුදෙකලාව සිටියි, හුදෙකලාව හිදියි, සියලු ඉරියව්වල තනිව දෙවැන්නකු නැතිව සිටියි.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. (සු· නි· 42; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙසො 128) –
සිවුදිගට අයත්වූයේ නොවළහන ලද්දේ වෙයි ලද දෙයින් සතුටු වෙමින් උවදුරු උසුලන්නේ නොකැළඹුණේ කඟවේනකු මෙන් තනිව හැසිරෙයි.
එවං වණ්ණිතං ඛග්ගවිසාණකප්පතං ආපජ්ජති.
මෙසේ වර්ණනා කරන ලද කඟවේනකුට සමානබවට එළඹෙයි,
ඉදානි තමත්ථං උපමාය සාධෙන්තො සෙය්යථාපීතිආදිමාහ. තත්ථ පක්ඛී සකුණොති පක්ඛයුත්තො සකුණො. ඩෙතීති උප්පතති. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – සකුණා නාම “අසුකස්මිං පදෙසෙ රුක්ඛො පරිපක්කඵලො”ති ඤත්වා නානාදිසාහි ආගන්ත්වා නඛපක්ඛතුණ්ඩාදීහි තස්ස ඵලානි විජ්ඣන්තා විධුනන්තා ඛාදන්ති, “ඉදං අජ්ජතනාය, ඉදං ස්වාතනාය භවිස්සතී”ති නෙසං න හොති. ඵලෙ පන ඛීණෙ නෙව රුක්ඛස්ස ආරක්ඛං ඨපෙන්ති, න තත්ථ පක්ඛං වා පත්තං වා නඛං වා තුණ්ඩං වා ඨපෙන්ති, අථ ඛො තස්මිං රුක්ඛෙ අනපෙක්ඛා හුත්වා යො යං දිසාභාගං ඉච්ඡති, සො තෙන සපත්තභාරොව උප්පතිත්වා ගච්ඡති. එවමෙව අයං භික්ඛු නිස්සඞ්ගො නිරපෙක්ඛොයෙව පක්කමති, සමාදායෙව පක්කමති. අරියෙනාති නිද්දොසෙන. අජ්ඣත්තන්ති සකෙ අත්තභාවෙ. අනවජ්ජසුඛන්ති නිද්දොසසුඛං.
දැන් ඒ කරුණ උපමාවකින් ඔප්පුකරමින් “සෙය්යථාපි” යනාදිය දෙසූ සේක. එහි පක්ඛීසකුණො යනු පියාපත් ඇති ලිහිණියායි, ඩෙති යනු ඉගිලෙයි, මේ වනාහි මෙහි කෙටි අරුතයි, ලිහිණියෝ නම් අසුවල් පෙදෙසෙහි ගස ඉදුණු ගෙඩි ඇත්තේ යයි දැන නොයෙක් දෙසින් පැමිණ නිය පියාපත් තුඩ ආදියෙන් ඒ ගසේ ගෙඩි විද සොලවමින් කත්, මෙය අදට මෙය හෙටට වන්නේයයි ඔවුනට (අදහසක්) නැත. ගෙඩි හිඟ වූ විට ගසට ආරක්ෂාවක් හෝ එහි පියාපතක් හෝ නියක් හෝ තුඩක් හෝ නොතබති, ඉක්බිති ඒ ගස ගැන බලාපොරොත්තු රහිත වූවාහු යමෙක් යම් දිශාභාගයක් කැමති වේද හෙතෙම පියාපත් බර ඇතිවම එයින් ඉගිලී යන්නේ ද රැගෙනම යයි, අරියෙන යනු නිදොස් වූවෙනි, අජ්ඣත්තං යනු සිය අත් බවෙහියි, අනවජ්ජසුඛං යනු නිදොස් සුවයයි,
සො චක්ඛුනා රූපං දිස්වාති සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො භික්ඛු චක්ඛුවිඤ්ඤාණෙන රූපං පස්සිත්වාති අත්ථො. සෙසපදෙසුපි යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.15) වුත්තං. අබ්යාසෙකසුඛන්ති කිලෙසෙහි අනාසිත්තසුඛං, අවිකිණ්ණසුඛන්තිපි වුත්තං. ඉන්ද්රියසංවරසුඛං හි දිට්ඨාදීසු දිට්ඨමත්තාදිවසෙන පවත්තතාය අවිකිණ්ණං හොති.
සො චක්ඛුනා රූපං දිස්වා යනු මේ ආර්‍ය්‍ය ශීල සමූහයෙන් යුක්ත වූ ඒ භික්ෂුව චක්ෂුර්විඥානයෙන් රූප දැකයි යන අර්‍ත්‍ථයි, සෙසු පදයන්හි ද යමක් කිවයුතු වන්නේ ද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි දී කියන ලදී. අව්‍යාසෙක සුඛං යනු කෙලෙසුන්ගෙන් නොඉසින ලද (නොතෙමන ලද) සුවයයි, අවිකිණ්ණ (නොවිසුරුණු) සැපයයි ද කියන ලදි, ඉන්ද්රිය සංවර සුඛය වනාහි දුටු ආදියෙහි දුටුදෙය පමණක් ආදී වශයෙන් පැවති බැවින් නොවිසුරුණේ වෙයි,
සො අභික්කන්තෙ පටික්කන්තෙති සො මනච්ඡට්ඨානං ඉන්ද්රියානං සංවරෙන සමන්නාගතො භික්ඛු ඉමෙසු අභික්කන්තපටික්කන්තාදීසු සත්තසු ඨානෙසු සතිසම්පජඤ්ඤවසෙන සම්පජානකාරී හොති. තත්ථ අභික්කන්තන්ති පුරතො ගමනං. පටික්කන්තන්ති පච්ඡාගමනං.
සො අභික්කන්තෙ පටික්කන්තෙ යනු මනස සවැනිකොට ඇති ඉඳුරන්ගේ සංවරයෙන් යුක්ත වූ භික්ෂුව මේ ඉදිරියට යාම පිටුපසට ඒම ආදී සත් තැන්හි සිහිනුවණ වශයෙන් නුවණින් කරන්නේ වෙයි. එහි අභික්කන්තං යනු ඉදිරියට යාමයි පටික්කන්තං යනු ආපසු ඒමයි,
සම්පජානකාරී හොතීති සාත්ථකසම්පජඤ්ඤං, සප්පායසම්පජඤ්ඤං, ගොචරසම්පජඤ්ඤං, අසම්මොහසම්පජඤ්ඤන්ති ඉමෙසං චතුන්නං සතිසම්පයුත්තානං සම්පජඤ්ඤානං වසෙන සතිං උපට්ඨපෙත්වා ඤාණෙන පරිච්ඡින්දිත්වායෙව තානි අභික්කන්තපටික්කන්තානි කරොති. සෙසපදෙසුපි එසෙව නයො. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන ඉච්ඡන්තෙන දීඝනිකායෙ සාමඤ්ඤඵලවණ්ණනාතො වා මජ්ඣිමනිකායෙ සතිපට්ඨානවණ්ණනාතො වා ගහෙතබ්බො.
සම්පජඤ්ඤකාරි හොති යනු සාත්ථකසම්පජඤ්ඤය, සප්පායසම්පජඤ්ඤය, ගොචරසම්පජඤ්ඤය, අසම්මොහසම්පජඤ්ඤය යන මේ සතර සතියෙන් යුක්ත වූ සම්පජඤ්ඤයන්ගේ වශයෙන් සිහිය එළවා නුවණින් පිරිසිඳම ඉදිරියට යාම් ආපසු ඒම් කරයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, මෙයි මෙහ සංක්‍ෂෙපයයි, විස්තරය කැමතිවන්නහු විසින් දීඝනිකායෙහි සාමඤ්ඤඵල වර්ණනාවෙන් හෝ මජ්ඣිම නිකායෙහි සතිපට්ඨාන වර්ණනාවෙන් හෝ ගතයුතුය,
සො ඉමිනා චාතිආදිනා කිං දස්සෙති? අරඤ්ඤවාසස්ස පච්චයසම්පත්තිං දස්සෙති. යස්ස හි ඉමෙ චත්තාරො පච්චයා නත්ථි, තස්ස අරඤ්ඤවාසො න ඉජ්ඣති, තිරච්ඡානගතෙහි වා වනචරකෙහි වා සද්ධිං වත්ථබ්බතං ආපජ්ජති. අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා “කිං එවරූපස්ස පාපභික්ඛුනො අරඤ්ඤවාසෙනා”ති භෙරවසද්දං සාවෙන්ති, හත්ථෙහි සීසං පහරිත්වා පලායනාකාරං කරොන්ති. “අසුකො භික්ඛු අරඤ්ඤං පවිසිත්වා ඉදඤ්චිදඤ්ච පාපකම්මමකාසී”ති අයසො පත්ථරති. යස්ස පනෙතෙ චත්තාරො පච්චයා අත්ථි, තස්ස අරඤ්ඤවාසො ඉජ්ඣති. සො හි අත්තනො සීලං පච්චවෙක්ඛන්තො කිඤ්චි කාළකං වා තිලකං වා අපස්සන්තො පීතිං උප්පාදෙත්වා තං ඛයතො වයතො සම්මසන්තො අරියභූමිං ඔක්කමති. අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා අත්තමනා වණ්ණං භාසන්ති. ඉතිස්ස උදකෙ පක්ඛිත්තතෙලබින්දු විය යසො විත්ථාරිකො හොති.
සො ඉමිනා ච යනාදියෙන් කුමක් දක්වයිද? අරණ්යවාසයේ ප්‍රත්‍යය සම්පත්තිය දක්වයි, යමෙකුට මේ සිවුපසය නැත්ද ඔහුට අරණ්‍යවාසය සපිරෙයි, තිරිසන්ගත සතුන් සමඟ හෝ වනචාරීන් සමඟ පැවතිය යුතු බවට පැමිණෙයි, අරණ්‍යයෙහි අධිගෘහිත දෙවිවරු මෙබඳු වූ පාපී භික්ෂුවකගේ අරණ්යවාසයෙන් කවර වැඩෙක්දැයි බියකරු හඬ අස්වති, අත්වලින් හිසට ගසා පළායන බවක් දක්වති, අසුවල් භික්ෂුව අරණට පිවිස මේ මේ පව්කම් කළේයයි අපකීර්තිය පැතිරෙයි, යමෙකුට මෙම සිවුපසය ඇත්ද ඔහුට අරණ්‍යවාසය සපිරෙයි, හෙතෙම තමන්ගේ ශීලය පිරික්සන්නේ කිසි කිළුටක් හෝ කැලලක් හෝ නොදක්නේ ප්‍රීතිය උපදවා එය ක්ෂයවීම් වැයවීම් වශයෙන් සිහිකරන්නේ ආර්ය භූමියට බැස ගනියි, අරණ්‍යයෙහි වෙසෙන දෙවිවරු සතුටු සිතැත්තෝ ගුණ කියති, මෙසේ දියෙහි දැමු තෙල් බිඳුවක් මෙන් ඔහුගේ කීර්තිය පැතිරීයන්නේ වෙයි,
තත්ථ විවිත්තන්ති සුඤ්ඤං, අප්පසද්දං, අප්පනිග්ඝොසන්ති අත්ථො. එතදෙව හි සන්ධාය විභඞ්ගෙ “විවිත්තන්ති සන්තිකෙ චෙපි සෙනාසනං හොති, තඤ්ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං විවිත්ත”න්ති (විභ· 526) වුත්තං. සෙති චෙව ආසති ච එත්ථාති සෙනාසනං. මඤ්චපීඨානමෙතං අධිවචනං. තෙනාහ – “සෙනාසනන්ති මඤ්චොපි සෙනාසනං, පීඨම්පි, භිසිපි, බිම්බොහනම්පි, විහාරොපි, අඩ්ඪයොගොපි, පාසාදොපි, හම්මියම්පි, ගුහාපි, අට්ටොපි, මාළොපි, ලෙණම්පි, වෙළුගුම්බොපි, රුක්ඛමූලම්පි, මණ්ඩපොපි සෙනාසනං, යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති, සබ්බමෙතං සෙනාසන”න්ති (විභ· 527). අපිච විහාරො, අඩ්ඪයොගො, පාසාදො, හම්මියං, ගුහාති ඉදං විහාරසෙනාසනං නාම. මඤ්චො, පීඨං, භිසි, බිම්බොහනන්ති ඉදං මඤ්චපීඨසෙනාසනං නාම. චිමිලිකා, චම්මඛණ්ඩො, තිණසන්ථාරො, පණ්ණසන්ථාරොති ඉදං සන්ථතසෙනාසනං නාම. යත්ථ වා පන භික්ඛූ පටික්කමන්තීති එතං ඔකාසසෙනාසනං නාමාති එවං චතුබ්බිධං සෙනාසනං හොති. තං සබ්බම්පි සෙනාසනග්ගහණෙන ගහිතමෙව.
එහි විචිත්තං යනු හිස්ය, ශබ්ද අඩුය, නිහඬයයි අරුත්ය, මෙයම සඳහා විභඞ්ගයෙහි, විවිත්තං යනු සමීපයෙහි වුව ද සෙනසුනක් වේ ද එය ගිහියන්ගෙන් හා පැවිද්දන්ගෙන් නොගැවසුණේ වේ ද එයින් එය විචිත්තංයි කියන ලදි, මෙහි නිදන්නේ මෙන්ම හිඳින්නේනුයි සෙනාසනං නමි, ඇඳ පුටුවලට මෙය නමෙකි, එහෙයින්, සෙනාසනං යනු ඇඳ ද සෙනසුනකි, පුටුව ද මෙට්ටය ද කොට්ටය ද විහාරය ද අඩ්ඪයෝගය ද පහය ද සඳළුතලය ද ගුහාව ද අටල්ල ද මිදුල ද ලෙණ ද හුණපඳුර ද ගසුමුල ද මණ්ඩපය ද සෙනසුනකි. යම් තැනක භික්ෂුහු ආපසු එත්ද මේ සියල්ල සෙනසුන යයි කියන ලදි, තවද විහාරය, අඩ්ඪයෝගය, පහය මහල්ගෙය, ගුහාව යන මෙය විහාර සෙනාසන නමි, ඇඳ, පුටුව මෙට්ටය, කොට්ටය, යන මෙය මඤ්චපීඨ සෙනාසන නමි, තලපත් ඇතිරිය, සම්කඩ, තණ ඇතිරිය, කොළ ඇතිරිය යන මෙය සත්ථ සෙනාසනය නමි. යම් තැනක භික්ෂුහු පෙරළා එත්ද එය ඕකාස සෙනාසනය නමි, මෙසේ සතර වැදෑරුම් සෙනාසනයක් වෙයි, ඒ සියල්ලම සෙනසුන යයි ගැනීමෙන් ගන්නා ලද්දේය,
ඉමස්ස පන සකුණසදිසස්ස චාතුද්දිසස්ස භික්ඛුනො අනුච්ඡවිකං දස්සෙන්තො අරඤ්ඤං රුක්ඛමූලන්තිආදිමාහ. තත්ථ අරඤ්ඤන්ති “නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤ”න්ති (විභ· 529) “ඉදං භික්ඛුනීනං වසෙන ආගතං අරඤ්ඤං. “ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) ඉදං පන ඉමස්ස භික්ඛුනො අනුරූපං. තස්ස ලක්ඛණං විසුද්ධිමග්ගෙ ධුතඞ්ගනිද්දෙසෙ වුත්තං. රුක්ඛමූලන්ති යංකිඤ්චි සීතච්ඡායං විවිත්තං රුක්ඛමූලං. පබ්බතන්ති සෙලං. තත්ථ හි උදකසොණ්ඩීසු උදකකිච්චං කත්වා සීතාය රුක්ඛච්ඡායාය නිසින්නස්ස නානාදිසාසු ඛායමානාසු සීතෙන වාතෙන බීජියමානස්ස චිත්තං එකග්ගං හොති. කන්දරන්ති කං වුච්චති උදකං, තෙන දාරිතං උදකභින්නං පබ්බතපදෙසං, යං නිතම්බන්තිපි නදීනිකුඤ්ජන්තිපි වදන්ති. තත්ථ හි රජතපට්ටසදිසා වාලිකා හොති, මත්ථකෙ මණිවිතානං විය වනගහනං, මණික්ඛන්ධසදිසං උදකං සන්දති. එවරූපං කන්දරං ඔරුය්හ පානීයං පිවිත්වා ගත්තානි සීතානි කත්වා වාලිකං උස්සාපෙත්වා පංසුකූලචීවරං පඤ්ඤාපෙත්වා නිසින්නස්ස සමණධම්මං කරොතො චිත්තං එකග්ගං හොති. ගිරිගුහන්ති ද්වින්නං පබ්බතානං අන්තරං, එකස්මිංයෙව වා උමඞ්ගසදිසං මහාවිවරං. සුසානලක්ඛණං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.34) වුත්තං. වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං, යත්ථ න කසන්ති න වපන්ති. තෙනෙවාහ – “වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචන”න්තිආදි. අබ්භොකාසන්ති අච්ඡන්නං. ආකඞ්ඛමානො පනෙත්ථ චීවරකුටිං කත්වා වසති. පලාලපුඤ්ජන්ති පලාලරාසිං. මහාපලාලපුඤ්ජතො හි පලාලං නික්කඩ්ඪිත්වා පබ්භාරලෙණසදිසෙ ආලයෙ කරොන්ති, ගච්ඡගුම්බාදීනම්පි උපරි පලාලං පක්ඛිපිත්වා හෙට්ඨා නිසින්නා සමණධම්මං කරොන්ති. තං සන්ධායෙතං වුත්තං.
මේ ලිහිණියකුට සමාන වූ සිවුදිගට අයත් භික්ෂුවට සුදුසු දෙය දක්වන්නේ, “අරඤ්ඤං රුක්ඛමුලං යනාදිය කීය. එහි අරඤ්ඤාං යනු ඉන්ද්රඛීලයෙන් පිටතට නික්ම මේ සියල්ල අරණ්‍යය”යි (නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤං) යන මෙය භික්ෂුණීන්ගේ වශයෙන් ද ආ අරණ්යයයි, “අරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිමං” යන මෙය මේ භික්ෂුවට සුදුසුයි, එහි ලක්ෂණය විසුද්ධිමග්ගයෙහි ධුතංග නිර්දේශයෙහි කියන ලදි, රුක්ඛමූලං යනු කිසියම් තද සෙවන ඇති විවේක සහිත වූ ගස්මුලකි, පබ්බතං යනු ගලකි, එහි දියපොකුණුවල දිය කිසකොට සිසිල් දියෙන් පවන් සලනු ලබන්නාවූ ඒ භික්ෂුවගේ සිත එකඟ වෙයි. කන්දරං යනු කං යනු ජලයයි, එයින් දැදුරු වූ, ජලයෙන් බිඳුණු පර්වත ප්රදේශයයි, නිතම්බ යනු ද නදීකුඤ්ච යනුද කියති, එහි රිදීපටක් සමාන වූ වැලි වෙයි, මතුයෙහි මැණික් වියනක් වැනි වූ වනගහනයයි, මැණික් කඳක් වැනි වූ දියගලයි, මෙබඳුවූ කඳුරකට බැස පැන්බී අවයව සිසිල්කොට වැලි ගොඩගසා පාංශුකූල සිවුර පනවා වැඩහිද මහණදහම් කරන්නාගේ සිත එකඟවෙයි, ගිරිගුහං යනු පර්වත දෙකක අතර හෝ එකක හෝ උමඟක් වැනි මහාවිවරයයි, සුසාන ලක්ෂණය විසුද්ධිමග්ගයෙහි කියන ලදි. වනපත්ථං යනු මිනිසුන් ලඟාවන සීමාව ඉක්මවා සිටි හී නොසාන නොවපුරන තැනයි, වනපත්ථ යන මෙය දුරෙහි පැවැති සෙනසුනට නමකැයි එහෙයින් කියන ලදි, අබ්හොකාසං යනු නොවැසුණු තැනයි (එළිමහනයි), කැමති තැනැත්තේ සිවුරු කුටියක් කොට වෙසෙයි, පලාලපූඤ්ජං යනු පිදුරුගොඩයි, මහත් පිඳුරු ගොඩකින් පිඳුරු ඇද පර්වත ගුහාවක් වැනි ගෙවල් කරත් වනරොද ලැහැබ් ආදියෙහි ද මත්තෙහි පිදුරු හෙලා යටහුන්නාහු මහණදම් කරත්, එය සඳහා මෙය කියන ලදි.
පච්ඡාභත්තන්ති භත්තස්ස පච්ඡතො. පිණ්ඩපාතපටික්කන්තොති පිණ්ඩපාතපරියෙසනතො පටික්කන්තො. පල්ලඞ්කන්ති සමන්තතො ඌරුබද්ධාසනං. ආභුජිත්වාති බන්ධිත්වා. උජුං කායං පණිධායාති උපරිමසරීරං උජුකං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසන්හාරූනි න පණමන්ති. අථස්ස යා තෙසං පණමනපච්චයා ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජෙය්යුං, තා න උප්පජ්ජන්ති. තාසු න උප්පජ්ජමානාසු චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං න පරිපතති, වුද්ධිං ඵාතිං උපගච්ඡති. පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා, මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව විභඞ්ගෙ වුත්තං – “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා. තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති (විභ· 537). අථ වා “පරීති පරිග්ගහට්ඨො. මුඛන්ති නිය්යානට්ඨො. සතීති උපට්ඨානට්ඨො. තෙන වුච්චති – ‘පරිමුඛං සති’”න්ති එවං පටිසම්භිදායං (පටි· ම· 1.164) වුත්තනයෙන පනෙත්ථ අත්ථො දට්ඨබ්බො. තත්රායං සඞ්ඛෙපො “පරිග්ගහිතනිය්යානං සතිං කත්වා”ති.
පච්ඡාභත්තං යනු අහර ගැනීමෙන් පසුවයි, පිණ්ඩපාතපටික්කන්තො යනු පිඬු සෙවීමෙන් පසු පෙරළා ආයේයි, පල්ලඞ්කො යනු හාත්පසින් අරමිණි බැඳසිටි අසුනයි, ආභුජිත්වා යනු බැඳයි, උජුංකායං පණිධාය යනු උඩුකය කෙලින් තබායි, අටළොස් පිටකටුවෙහි කෙළවරින් කෙළවර තනායි, මෙසේ හුන්නහුගේ සම්, මස්, නහර නොනැමෙයි, ඉක්බිති ඔහුට ඒවා නැමීමේ හේතුවෙන් මොහොතින් මොහොතෙහි යම් වේදනාවක් උපදියිද ඒවා නොඋපදියි. ඒවා නූපදනා කල්හි සිත එකඟ වෙයි, කමටහන නොනැසෙයි. වැඩීමට පළල්වීමට යයි, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කමටහන ඉදිරිපත් කොට සිහිය පිහිටුවා හෝ මුඛය සමීපයෙහි කොට යන අරුත්ය, එහෙයින්ම විභංගයෙහි මෙය කියන ලදි. “නාසය අග හෝ මුඛනිමිත්තෙහි හෝ සිහිය එළඹියේ වෙයි මනාව පිහිටියේ වෙයි” එහෙයින් “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”යි කියන ලදි. නැතහොත් පරි යනු හාත්පසින් මනාව ගැනීමේ අර්ථයයි, මුඛ යනු විදීමේ අර්ත්ථයයි, සති යනු වැටහීම් අර්ත්ථයයි,” මෙසේ පටිසම්භිදාවෙහි කියන ලද ක්‍රමයෙන් මෙහි අර්ත්ථය දැක්විය යුතුය, එහි විමසා ගන්නා ලද මිදීම සිහිකොට යන මෙය කෙටි අදහසයි,
අභිජ්ඣං ලොකෙති එත්ථ ලුජ්ජන-පලුජ්ජනට්ඨෙන පඤ්චුපාදානක්ඛන්ධා ලොකො. තස්මා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු රාගං පහාය කාමච්ඡන්දං වික්ඛම්භෙත්වාති අයමෙත්ථ අත්ථො. විගතාභිජ්ඣෙනාති වික්ඛම්භනවසෙන පහීනත්තා විගතාභිජ්ඣෙන, න චක්ඛුවිඤ්ඤාණසදිසෙනාති අත්ථො. අභිජ්ඣාය චිත්තං පරිසොධෙතීති අභිජ්ඣාතො චිත්තං පරිමොචෙති, යථා නං සා මුඤ්චති චෙව මුඤ්චිත්වා ච න පුන ගණ්හාති, එවං කරොතීති අත්ථො. බ්යාපාදපදොසං පහායාතිආදීසුපි එසෙව නයො. බ්යාපජ්ජති ඉමිනා චිත්තං පූතිකුම්මාසාදයො විය පුරිමපකතිං පජහතීති බ්යාපාදො. විකාරප්පත්තියා පදුස්සති, පරං වා පදූසෙති විනාසෙතීති පදොසො. උභයම්පෙතං කොධස්සෙව අධිවචනං. ථිනං චිත්තගෙලඤ්ඤං, මිද්ධං චෙතසිකගෙලඤ්ඤං. ථිනඤ්ච මිද්ධඤ්ච ථිනමිද්ධං. ආලොකසඤ්ඤීති රත්තිම්පි දිවාපි දිට්ඨආලොකසඤ්ජානනසමත්ථාය විගතනීවරණාය පරිසුද්ධාය සඤ්ඤාය සමන්නාගතො. සතො සම්පජානොති සතියා ච ඤාණෙන ච සමන්නාගතො. ඉදං උභයං ආලොකසඤ්ඤාය උපකාරකත්තා වුත්තං. උද්ධච්චඤ්ච කුක්කුච්චඤ්ච උද්ධච්චකුක්කුච්චං. තිණ්ණවිචිකිච්ඡොති විචිකිච්ඡං තරිත්වා අතික්කමිත්වා ඨිතො. “කථමිදං කථමිද”න්ති එවං නප්පවත්තතීති අකථංකථී. කුසලෙසු ධම්මෙසූති අනවජ්ජෙසු ධම්මෙසු. “ඉමෙ නු ඛො කුසලා, කථමිමෙ කුසලා”ති එවං න විචිකිච්ඡති න කඞ්ඛතීති අත්ථො. අයමෙත්ථ සඞ්ඛෙපො. ඉමෙසු පන නීවරණෙසු වචනත්ථලක්ඛණාදිභෙදතො යං වත්තබ්බං සියා, තං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.71-72) වුත්තං. පඤ්ඤාය දුබ්බලීකරණෙති යස්මා ඉමෙ පඤ්ච නීවරණා උප්පජ්ජමානා අනුප්පන්නාය ලොකියලොකුත්තරාය පඤ්ඤාය උප්පජ්ජිතුං න දෙන්ති, උප්පන්නාපි අට්ඨ සමාපත්තියො පඤ්ච වා අභිඤ්ඤා උච්ඡින්දිත්වා පාතෙන්ති. තස්මා පඤ්ඤාය දුබ්බලීකරණාති වුච්චන්ති. විවිච්චෙව කාමෙහීතිආදීනි විසුද්ධිමග්ගෙ විත්ථාරිතානි.
අභිජ්ඣං ලොකො යන මෙහි කැඩීම් බිඳීම් අරුතින් පංචඋපාදානස්කන්ධයන්හි රාගය අතැර කාමච්ඡන්දය යටපත්කොට යන මෙය මෙහි අර්ත්ථයයි, විගතාභිජ්ඣෙන යනු යටපත් කිරීම් වශයෙන් තුනීවූ බැවින් පහවූ අභිධ්යාවෙනි, චක්ඛුවිඤ්ඤාණයට සමාන වූවෙන් නොවේ යන අර්ත්ථයයි, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති යනු දැඩි ලෝභයෙන් සිත මුදවයි, යම්සේ එය යෝගාවචරයා මුදයි ද මෙන්ම මුදා යළි නොගනියි ද එසේ කරයි යන අරුත්ය, ව්යාපාදදොසං පහාය යනාදියෙහි මේ ක්‍රමයමැයි, වියවුලට පත්වෙයි, මෙයින් සිත පිළුණු අහර සේ මුල් ස්වභාවය අත්හරීනුයි ව්‍යාපාදයයි, වෙනසට පැමිණීමෙන් කෙලෙසෙයි, අනුන් හෝ කෙළෙසවයි, විනාශයට පමුණුවයිනුයි සදොස නමි, මේ දෙකම ක්‍රොධයට නමකි, ථීනය සිතේ ගිලන් බවයි, මිද්ධය චෛතසිකයන්ගේ ගිලන්බවයි, ථීනය ද මිද්ධය ද ථීනමිද්ධං නමි, ආලොකසඤ්ඤී යනු රැයෙහි ද දහවල්හි ද දක්නා ලද දැනීමේ සමත්කම් ඇති පහවූ නීවරණ ඇති පිරිසුදු සංඥාවෙන් යුක්තවූයේයි, සතො සම්පජානො යනු සිහියෙන් ද නුවණින් ද යුක්තවූයේයි, මේ දෙක ආලෝක සංඥාවට උපකාරවත් බැවින් කියන ලදි. නොසන්සුන් බව ද කුකුස ද උද්ධච්චකුක්කුච්චං නමි, තිණ්ණවිච්කිච්ඡො යනු සැකය තරණය කොට දුරුකොට සිටියේයි, මෙය කෙසේද මෙය කෙසේදැයි මෙසේ නොපවතීනුයි අකථංකථි නමි, කුසලෙසු ධම්මෙසු යනු නිවැරදි දහම්හිය, මේවා කෙසේ නම් කුසල් ද මේවා කෙසේනම් කුසල්දැයි මෙසේ සැක නොකරයි යන අර්ත්ථයයි, මේ මෙහි සංක්ෂිප්තයයි, මේ නීවරණයන්හි වචන අර්ත්ථ ලක්ෂණ භෙද වශයෙන් යමක් කිවයුතුද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි කියන ලදි: පඤ්ඤාය දුබ්බලිකරණෙ යනු මේ පංචනීවරණයෝ උපදින්නාහු නූපන් ලෝකෝත්තර ප්‍රඥාවට ඉපදීමට නොදෙත්, උපන්නාවූද අෂ්ටසමාපත්තීන් හෝ පංච අභිඥා හෝ සිඳ හෙලත්, එහෙයින් ප්‍රඥාව දුර්වල කරන්නෝයි කියනු ලැබෙත්, විචිචෙව කාමෙහි යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලදි.
ඉමෙ ආසවාතිආදි අපරෙනාපි පරියායෙන චතුසච්චප්පකාසනත්ථං වුත්තං. නාපරං ඉත්ථත්තායාති පජානාතීති එත්තාවතා හෙට්ඨා තීහි අඞ්ගෙහි බාහිරසමයස්ස නිප්ඵලභාවං දස්සෙත්වා චතුත්ථෙන අඞ්ගෙන අත්තනො සාසනස්ස ගම්භීරභාවං පකාසෙත්වා දෙසනාය අරහත්තෙන කූටං ගණ්හි. ඉදානි දෙසනං අප්පෙන්තො එවං ඛො, භික්ඛවෙතිආදිමාහ.
ඉමෙ ආසවා යනාදිය වෙනත් ක්‍රමයකින් චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරනු සඳහා කියන ලදි: නාපරං ඉත්ථත්තායාති පජානාති යනු මෙපමණකින් අංග තුනකින් බාහිර ආගමික දර්ශනයේ නිෂ්ඵලභාවය දක්වා සිවුවැනි අංගයෙන් තමන්ගේ සසුනෙහි ගැඹුරු බව ප්‍රකාශකොට දෙසුම අරහත් බවින් කුළුගැන්වූ සේක. දැන් දෙසුම නංවන්නාහු එවං ඛො භික්ඛවෙ යනාදිය දෙසූ සේක.