යෙදුමෙන් කියවන්න

9. තණ‍්හාජාලිනීසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. තණ‍්හාජාලිනීසුත‍්තවණ‍්ණනා

9. තණ්හාජාලිනී සූත්‍ර වර්ණනාව

නවමෙ ජාලිනින‍්ති ජාලසදිසං. යථා හි ජාලං සමන‍්තතො සංසිබ‍්බිතං ආකුලබ්‍යාකුලං, එවං තණ‍්හාපීති ජාලසදිසත‍්තා ජාලිනීති වුත‍්තා. තයො වා භවෙ අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතාය එතිස‍්සා තත්‍ථ තත්‍ථ අත‍්තනො කොට‍්ඨාසභූතං ජාලං අත්‍ථීතිපි ජාලිනී. සරිතන‍්ති තත්‍ථ තත්‍ථ සරිත්‍වා සංසරිත්‍වා ඨිතං. විසටන‍්ති පත්‍ථටං වික‍්ඛිත‍්තං. විසත‍්තිකන‍්ති තත්‍ථ තත්‍ථ විසත‍්තං ලග‍්ගං ලගිතං. අපිච “විසමූලාති විසත‍්තිකා. විසඵලාති විසත‍්තිකා”තිආදිනාපි (මහානි· 3; චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙසො 22) නයෙනෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. උද‍්ධස‍්තොති උපරි ධංසිතො. පරියොනද‍්ධොති සමන‍්තා වෙඨිතො. තන‍්තාකුලකජාතොති තන‍්තං විය ආකුලජාතො. යථා නාම දුන‍්නික‍්ඛිත‍්තං මූසිකච‍්ඡින‍්නං පෙසකාරානං තන‍්තං තහිං තහිං ආකුලං හොති, “ඉදං අග‍්ගං ඉදං මූල”න‍්ති අග‍්ගෙන වා අග‍්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක‍්කරං හොති, එවං සත‍්තා ඉමාය තණ‍්හාය පරියොනද‍්ධා ආකුලබ්‍යාකුලා න සක‍්කොන‍්ති අත‍්තනො නිස‍්සරණමග‍්ගං උජුං කාතුං. ගුලාගුණ‍්ඨිකජාතොති ගුලාගුණ‍්ඨිකං වුච‍්චති පෙසකාරකඤ‍්ජියසුත‍්තං. ගුලා නාම සකුණිකා, තස‍්සා කුලාවකොතිපි එකෙ. යථා තදුභයම‍්පි ආකුලං අග‍්ගෙන වා අග‍්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක‍්කරන‍්ති පුරිමනයෙනෙව යොජෙතබ‍්බං. මුඤ‍්ජපබ‍්බජභූතොති මුඤ‍්ජතිණං විය පබ‍්බජතිණං විය ච භූතො, තාදිසො ජාතො. යථා තානි තිණානි කොට‍්ටෙත්‍වා කතරජ‍්ජුං ජිණ‍්ණකාලෙ කත්‍ථචි පතිතං ගහෙත්‍වා තෙසං තිණානං “ඉදං අග‍්ගං ඉදං මූල”න‍්ති අග‍්ගෙන වා අග‍්ගං, මූලෙන වා මූලං සමානෙතුං දුක‍්කරං. තම‍්පි ච පච‍්චත‍්තපුරිසකාරෙ ඨත්‍වා සක‍්කා භවෙය්‍ය උජුං කාතුං, ඨපෙත්‍වා පන බොධිසත‍්තෙ අඤ‍්ඤො සත‍්තො අත‍්තනො ධම‍්මතාය තණ‍්හාජාලං පදාලෙත්‍වා අත‍්තනො නිස‍්සරණමග‍්ගං උජුං කාතුං සමත්‍ථො නාම නත්‍ථි. එවමයං ලොකො තණ‍්හාජාලෙන පරියොනද‍්ධො අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තති. තත්‍ථ අපායොති නිරය-තිරච‍්ඡානයොනි-පෙත‍්තිවිසය-අසුරකායා. සබ‍්බෙපි හි තෙ වඩ‍්ඪිසඞ‍්ඛාතස‍්ස ආයස‍්ස අභාවතො අපායාති වුච‍්චන‍්ති. තථා දුක‍්ඛස‍්ස ගතිභාවතො දුග‍්ගති. සුඛසමුස‍්සයතො විනිපතිතත‍්තා විනිපාතො. ඉතරො පන –

නවවැන්නෙහි ජාලිනිං යනු දැලක් වැනිවූයි, යම්සේ දැල හාත්පසින් මනාව මසන ලද්දේ අවුල්වියවුල් වේද තෘෂ්ණාව ද එසේයයි දැලක් සමානවූ බැවින් ජාලිනී යයි කියන ලදි, ත්‍රිවිධ භවයෙහි හෝ ඇතුළට බැස පැතිරී සිටි මේ තෘෂ්ණාවට ඒ ඒ තැන තමන්ගේ කොටසක් වූ දැලක් ඇතැයි යනුවෙන් ද ජාලිනී නම්වෙයි, සරිතං යනු ඒ ඒ තැන හැසිර සිටියේයි, විසටං යනු පැතුරුණු විසුරුණුයි, විසත්තිකං යනු ඒ ඒ තැන ඇළුණු, ලැගුණු එල්ලුණුයි, තවද විෂටමූල වූයේ ද විසත්තිකායි, විෂ ඵල ඇත්තේනුයි ද විසත්තිකායි ආදී ක්‍රමයෙන් ද මෙහි අර්‍ත්‍ථය දැක්විය යුතුයි, උද්ධසෙතා යනු මත්තෙහි බසින ලද්දේයි, පරියොනද්ධො යනු හාත්පසින් වෙළුනේයි, තන්තාකුලජාතො යනු නූලක් මෙන් අවුල් වූයේයි, යම්සේ නම් ඉවත දමනලද, මීයන් විසින් කැපූ පෙහෙරුන්ගේ නූලක් ඒ ඒ තැන අවුල් වේද, මේ අගය මේ මූලයයි අගින් හෝ අග මුලින් හෝ මුල ගණන් ගැනීමට දුෂ්කර වෙයි ද එමෙන්ම සත්ත්වයෝ මේ තෘෂ්ණාවෙන් වටවී අවුල් වියවුල් වූවාහු තමන්ගේ විමුක්තිමාර්‍ගය සෘජු කිරීමට නොහැකි වෙති, ගුලාගුණ්ඨිකජාතො යනු පෙහෙරුන්ගේ කැඳදැමු නූල ගුලාගුණ්ඨිකයැයි කියනු ලැබේ, ගුලා යනු කිරිල්ලියයි, ඇයගේ කැදැල්ල යයි ද ඇතමෙක් කියති, යම්සේ ඒ දෙකම අවුල් ද අගින් අග හෝ මුලෙන් මුල හෝ ගණන් ගැනීමට දුෂ්කර යයි මුල් ක්‍රමයෙන්ම යෙදිය යුතුය, මුඤ්ජබබ්බජභූතො යනු මුදුතණ මෙන් ද බබුස්තණ මෙන් ද වූයේ එබඳුවූයේයි, යම්සේ ඒ තණ අඹරා කළ රැහැන දිරුණු කල කිසිතැනක වැටුණු විට ඒ තණවල මේ අගය මේ මුලයයි අගින් අග හෝ මුලෙන් මුල හෝ වෙන්කර ගැනීමට දුෂ්කර වෙයිද එය වෙන් වෙන් පුරුෂත්වයෙහි සිට සෘජු කිරීමට හැකිවෙයි, බෝධිසත්වයන් හැර තමන්ගේ ස්වභාවයෙන් තෘෂ්ණා දැල පලා තමන්ගේ විමුක්ති මාර්‍ගය සෘජු කිරීමට සමත් වූ වෙනත් සත්ත්වයෙක් නම් නැත. එසේ මේ ලෝකය තෘෂ්ණා දැලින් වටවූයේ පහත් වූ නරක ස්වභාවය ඇති පහතට හෙලන සසර නොඉක්මවයි, එහි අපායො යනු නිරය තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, හා අසුරකායයි, මේ සියල්ලම අභිවෘද්ධි සංඛ්‍යාත අය නොපැවැත්ම නිසා අපායයි කියනු ලැබේ, එසේම දුක් ස්වභාවය නිසා දුග්ගති නමි, සැප එකතුවෙන් පහතට වැටෙන බැවින් විනිපාතො යි, සෙස්ස (සංසාර) වනාහි,

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චති.

ස්කන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද පිළිවෙල නොසිදී පැවැත්ම සසර යැයි කියනු ලැබේ.

තං සබ‍්බං නාතිවත‍්තති නාතික‍්කමති, අථ ඛො චුතිතො පටිසන්‍ධිං පටිසන්‍ධිතො චුතින‍්ති එවං පුනප‍්පුනං චුතිපටිසන්‍ධියො ගණ‍්හමානො තීසු භවෙසු චතූසු යොනීසු පඤ‍්චසු ගතීසු සත‍්තසු විඤ‍්ඤාණට‍්ඨිතීසු නවසු සත‍්තාවාසෙසු මහාසමුද‍්දෙ වාතක‍්ඛිත‍්තනාවා විය යන‍්තෙ යුත‍්තගොණො විය ච පරිබ‍්භමතියෙව.

ඒ සියල්ල නොනවතී, නොඉක්මවයි, චුතියෙන් ප්‍රතිසන්ධිය ද ප්‍රතිසන්ධියෙන් චුතය දැයි මෙසේ නැවත නැවත චුති ප්‍රතිසන්ධීන් ගනිමින් තුන් භවයෙහි, සිවු යෝනියෙහි, පස් ආකාර ගතීන්හි සප්ත විඥානස්ථිතීන්හි නව සත්වාවාසයන්හි මහසමුදුර සුළඟින් ගසාගෙන යන නැවක් මෙන් ද යන්ත්‍රයෙහි යෙදු ගොනෙකු මෙන් ද කරකැවේමය,

අජ‍්ඣත‍්තිකස‍්ස උපාදායාති අජ‍්ඣත‍්තිකං ඛන්‍ධපඤ‍්චකං උපාදාය. ඉදඤ‍්හි උපයොගත්‍ථෙ සාමිවචනං. බාහිරස‍්ස උපාදායාති බාහිරං ඛන්‍ධපඤ‍්චකං උපාදාය, ඉදම‍්පි උපයොගත්‍ථෙ සාමිවචනං. අස‍්මීති, භික‍්ඛවෙ, සතීති, භික‍්ඛවෙ, යදෙතං අජ‍්ඣත‍්තං ඛන්‍ධපඤ‍්චකං උපාදාය තණ‍්හාමානදිට‍්ඨිවසෙන සමූහග‍්ගාහතො අස‍්මීති හොති, තස‍්මිං සතීති අත්‍ථො. ඉත්‍ථස‍්මීති හොතීතිආදීසු පන එවං සමූහතො අහන‍්ති ගහණෙ සති තතො අනුපනිධාය ච උපනිධාය චාති ද‍්විධා ගහණං හොති. තත්‍ථ අනුපනිධායාති අඤ‍්ඤං ආකාරං අනුපගම‍්ම සකභාවමෙව ආරම‍්මණං කත්‍වා ඉත්‍ථස‍්මීති හොති, ඛත‍්තියාදීසු ඉදංපකාරො අහන‍්ති එවං තණ‍්හාමානදිට‍්ඨිවසෙන හොතීති අත්‍ථො. ඉදං තාව අනුපනිධාය ගහණං. උපනිධාය ගහණං පන දුවිධං හොති සමතො ච අසමතො ච. තං දස‍්සෙතුං එවංස‍්මීති අඤ‍්ඤථාස‍්මීති ච වුත‍්තං. තත්‍ථ එවංස‍්මීති ඉදං සමතො උපනිධාය ගහණං, යථායං ඛත‍්තියො යථායං බ්‍රාහ‍්මණො, එවමහම‍්පීති අත්‍ථො. අඤ‍්ඤථාස‍්මීති ඉදං පන අසමතො ගහණං, යථායං ඛත‍්තියො යථායං බ්‍රාහ‍්මණො, තතො අඤ‍්ඤථා අහං, හීනො වා අධිකො වාති අත්‍ථො. ඉමානි තාව පච‍්චුප‍්පන‍්නවසෙන චත‍්තාරි තණ‍්හාවිචරිතානි.

අජ්ඣත්තිකස්ස උපාදාය යනු ආධ්‍යාත්මික වූ ස්කන්ධපංචකය නිසායි, මේ වූ කලී උපයෝගාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයයි, බාහිරස්ස උපාදාය යනු බාහිර වූ ස්කන්ධ පංචකය නිසාය. මෙය ද උපයෝගාර්‍ත්‍ථයෙහි සම්බන්ධ විභක්තියයි, අස්මිති භික්ඛවෙ සති යනු මහණෙනි, යම් මේ ආධ්‍යාත්මික වූ ස්කන්ධ පංචකය නිසා තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් එක්ව ගැනීමක් වේද ‘වෙමැයි’ වේද එය ඇතිවිට යන අරුත්ය. ඉත්‍ථස්මිති හොති යනාදියෙහි මෙසේ සමූහ වශයෙන් “මම”යි ගැනීම ඇතිවිට පැවැත්ම සමාන නොකිරීමෙන් ද සමාන කිරීමෙන් දැයි දෙපරිද්දකින් ගැනීමක් වෙයි, එහි සමාන නොකිරීමෙන් (අනුපනිධාය) යනු වෙනත් අයුරකට නොපැමිණ ස්වකීයත්වයම අරමුණුකොට මම වෙමියි (අදහස) වෙයි, ක්‍ෂත්‍රියාදීන් අතුරෙහි මෙම මේ ආකාරයයි මෙසේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් වේයයි අර්‍ත්‍ථයයි, මේවූකලී සමාන නොකිරීමෙන් ගැනීමයි, සමාන කිරීමෙන් ගැනීම සමවශයෙන් ද අසමවශයෙන් දැයි දෙයාකාර වෙයි, එය දැක්වීමට එවස්මි යනුද අඤ්ඤථාස්මි යනු ද කියන ලදි, එහි එවස්මි යන මෙය සම වශයෙන් සමානකොට ගැනීමයි, මේ ක්‍ෂත්‍රියයා යම්සේද මේ බමුණා යම්සේද මම ද එසේය යන අරුත්ය, අඤ්ඤථාස්මි යනු මේ වනාහි අසමසේ ගැනීමයි, මේ ක්‍ෂත්‍රියයා යම්සේද මේ බ්‍රාහ්මණයා යම්සේද මම එයින් වෙනස්ය. පහත් හෝ උසස් හෝ වූයේ වෙමියි අර්‍ත්‍ථයි, මේවා වනාහි, වර්‍තමාන වශයෙන් තෘෂ්ණා විචරිතයෝයි,

අසස‍්මීති සතස‍්මීති ඉමානි පන ද‍්වෙ යස‍්මා අත්‍ථීති අසං, නිච‍්චස‍්සෙතං අධිවචනං. සීදතීති සතං, අනිච‍්චස‍්සෙතං අධිවචනං. තස‍්මා සස‍්සතුච‍්ඡෙදවසෙන වුත‍්තානීති වෙදිතබ‍්බානි. ඉතො පරානි සන‍්ති එවමාදීනි චත‍්තාරි සංසයපරිවිතක‍්කවසෙන වුත‍්තානි. සන‍්ති හොතීති එවමාදීසු අහං සියන‍්ති හොතීති එවමත්‍ථො වෙදිතබ‍්බො. අධිප‍්පායො පනෙත්‍ථ පුරිමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බො. අපිහං සන‍්තිආදීනි පන චත‍්තාරි අපි නාම අහං භවෙය්‍යන‍්ති එවං පත්‍ථනාකප‍්පනවසෙන වුත‍්තානි. තානිපි පුරිමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. භවිස‍්සන‍්තිආදීනි පන චත‍්තාරි අනාගතවසෙන වුත‍්තානි. තෙසම‍්පි පුරිමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. එවමෙතෙ –

“අසස්මි” යන ‘සතස්මි’ යන මේ දෙක “යම් හෙයකින් ඇත යන මෙය නිත්‍යභාවයට නමකි, කිඳා බස්නේනුයි සතංවේ. මෙය අනිත්‍යභාවයට නමකි. එහෙයින් සාශ්වත උච්ඡෙද වශයෙන් කියන ලදැයි දතයුතුය. සන්ති හොති යන මේ ආදියෙහි සියං යනු වේයයි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. මෙහි අදහස මුල් චතුෂ්කයෙහි කියන ලද අයුරින් ගතයුතුය, අපිහසන්ති ආදි සතර මම වන්නේනම් මැනවි, මෙසේ ප්‍රාර්ථනා කිරීම් වශයෙන් දතයුතුය, භවිස්සං ආදී සතර අනාගත කාල වශයෙන් කියන ලදි, ඔවුන්ගේ අර්‍ත්‍ථය ද පළමු චතුෂ්කයෙහි කියන ලද පරිද්දෙන් දත යුතුය මෙසේ මේ:

“ද‍්වෙ දිට‍්ඨිසීසා සීසඤ‍්ඤෙ, චත‍්තාරො සීසමූලකා; තයො තයොති එතානි, අට‍්ඨාරස විභාවයෙ.

දෘෂ්ටිශීර්ෂ දෙකෙකි, අන්‍ය වූ ශිර්ෂ සතරෙකි, ශීර්ෂ මූලකයෝ තුනක් තුනක් බැගින් වෙති, මේ අටළොස පැහැදිලි කරන්නේය.

එතෙසු හි අසස‍්මි, සතස‍්මීති එතෙ ද‍්වෙ දිට‍්ඨිසීසා නාම. අස‍්මි, සන‍්ති, අපිහං සන‍්ති, භවිස‍්සන‍්ති එතෙ චත‍්තාරො සුද‍්ධසීසා එව. ඉත්‍ථස‍්මීතිආදයො තයො තයොති ද‍්වාදස සීසමූලකා නාමාති එවමෙතෙ ද‍්වෙ දිට‍්ඨිසීසා චත‍්තාරො සුද‍්ධසීසා ද‍්වාදස සීසමූලකාති අට‍්ඨාරස තණ‍්හාවිචරිතධම‍්මා වෙදිතබ‍්බා. ඉමානි තාව අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි. බාහිරස‍්ස උපාදාය තණ‍්හාවිචරිතෙසුපි එසෙව නයො. ඉමිනාති ඉමිනා රූපෙන වා…පෙ… විඤ‍්ඤාණෙන වාති එස විසෙසො වෙදිතබ‍්බො. සෙසං තාදිසමෙව.

මේවා අතුරෙහි අසස්මි යනු ද සතස්මි යනු ද දෘෂ්ටිශීර්ෂ දෙකයි, අස්මි, සන්ති, අපිහ සන්ති භවිස්සන්ති යන මේ සතර ශුද්ධ ශීර්ෂයෝමය, ඉත්ථස්මි ආදීහු තුනක් තුනකැයි දොළොස් ශීර්ෂ මූලකයෝ නමැයි මෙසේ මේ දෘෂ්ටිශීර්ෂ දෙක ශුද්ධ ශීර්ෂ සතර ශීර්ෂ මුලක දොළොසදැයි අටළොස් තෘෂ්ණාවිචරිත ධර්‍මයෝ දතයුත්තාහ, මේවා වනාහි ආධ්‍යාත්මිකය ඇසුරු කොට ගන්නාලද අටළොස් තෘෂ්ණා විචරිතයෝයි, බාහිරත්වය ඇසුරු කරගන්නා ලද තෘෂ්ණා විචරිතයන් අතුරෙහි ඉමිනා යනු මේ රූපයෙන් හෝ -පෙ- විඥානයෙන් හෝයි යන මෙය විශේෂයයි දතයුතුය. සෙස්ස එබඳුමය,

ඉති එවරූපානි අතීතානි ඡත‍්තිංසාති එකමෙකස‍්ස පුග‍්ගලස‍්ස අතීතෙ අද‍්ධනි ඡත‍්තිංස. අනාගතානි ඡත‍්තිංසාති එකමෙකස‍්සෙව පුග‍්ගලස‍්ස ච අනාගතෙ අද‍්ධනි ඡත‍්තිංස. පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංසාති එකස‍්ස වා පුග‍්ගලස‍්ස යථාසම‍්භවතො බහූනං වා පච‍්චුප‍්පන‍්නෙ අද‍්ධනි ඡත‍්තිංසාව. සබ‍්බසත‍්තානං පන නියමෙනෙව අතීතෙ අද‍්ධනි ඡත‍්තිංස, අනාගතෙ ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නෙ ඡත‍්තිංස. අනන‍්තා හි අසදිසතණ‍්හාමානදිට‍්ඨිභෙදා සත‍්තා. අට‍්ඨසතං තණ‍්හාවිචරිතං හොන‍්තීති එත්‍ථ පන අට‍්ඨසතසඞ‍්ඛාතං තණ‍්හාවිචරිතං හොතීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

ඉති එවරූපානි අතීතානි ජත්තිංස යනු එක් එක් පුද්ගලයාට අතීත කාලයෙහි සතිසෙකි, අනාගතානි ජත්තිංස යනු එක් එක් පුද්ගලයාට අනාගත කාලයෙහි සතිසෙකි, පච්චුප්පන්නානි ජත්තිංස යනු එක් පුද්ගලයකුට හෝ හටගැනීම් අනුව බොහෝ දෙනෙකුට හෝ වර්‍තමාන කාලයෙහි සතසෙකි, සියලු සත්ත්වයන්ට අවශ්‍යයෙන්ම අතීත කාලයෙහි සතිසෙකි, අනාගත කාලයෙහි සතිසෙකි, වර්‍තමාන කාලයෙහි සතිසෙකි, අසදෘශ වූ තෘෂ්ණාමාන, දෘෂ්ටිපභේද ඇති සත්ත්වයෝ අනන්තයහ, අට්ඨසතං තණ්හාවිචරිතං යන මෙහි අටසියයක් වූ තෘෂ්ණා විචරිතයක් වේයයි මෙසේ අර්ථය දැක්විය යුතුය.

10. පෙම-දොසසුත‍්තවණ‍්ණනා

10. පේම - දෝස සූත්‍ර වර්ණනාව

දසමෙ න උස‍්සෙනෙතීති දිට‍්ඨිවසෙන න උක‍්ඛිපති. න පටිසෙනෙතීති පටිවිරුද‍්ධො හුත්‍වා කලහභණ‍්ඩනවසෙන න උක‍්ඛිපති. න ධූපායතීති අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය තණ‍්හාවිචරිතවසෙන න ධූපායති. න පජ‍්ජලතීති බාහිරස‍්ස උපාදාය තණ‍්හාවිචරිතවසෙන න පජ‍්ජලති. න සම‍්පජ‍්ඣායතීති අස‍්මිමානවසෙන න සම‍්පජ‍්ඣායති. සෙසං පාළිනයෙනෙව වෙදිතබ‍්බං. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

දසවැනි සූත්‍රයෙහි නෙවුස්සෙනෙති යනු දෘෂ්ටි වශයෙන් ඔසවා නොදමයි, න පටිස්සෙනෙති යනු ප්‍රතිවිරුද්ධ වී අඬදබරකිරීම් වශයෙන් ඔසවා නොදමයි, න ධූපායති යනු ආධ්‍යාත්මිකය ඇසුරු කොට තෘෂ්ණා විචරිත වශයෙන් නොදුමයි, න පජ්ජලති යනු බාහිරත්වය ඇසුරුකොට තෘෂ්ණාවිචරිත වශයෙන් නොඇවිලෙයි, න අපජ්ඣායති යනු අසමිමාන වශයෙන් සැලකිල්ලට නොගනියි, සෙස්ස පෙළවශයෙන්ම දතයුතුය, මේ සූත්‍රයෙහිදී සසර හා නිවන කියන ලදි.

මහාවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වූ මහාවර්‍ගයයි

චතුත්‍ථපණ‍්ණාසකං නිට‍්ඨිතං.

සතරවැනි පණ්ණාසකය නිමියේයි.