පෙම-දොසසුත‍්තං
4. 4. 5. 10.
4. 4. 5. 10.
[පෙම-දොසසුත‍්තං]
[පේම - දෝස සූත්‍රය]
50. චත‍්තාරිමානි භික‍්ඛවෙ ජායන‍්ති. කතමානි චත‍්තාරි? පෙමා පෙමං ජායති, පෙමා දොසො ජායති, දොසා පෙමං ජායති, දොසා දොසො ජායති.
50. මහණෙනි, මොහු සතර දෙනෙක් උපදනාහු ය. කවර සතර දෙනෙක යත්: ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ පෙමා පෙමං ජායති? ඉධ භික‍්ඛවෙ පුග‍්ගලො පුග‍්ගලස‍්ස ඉට‍්ඨො හොති කන‍්තො මනාපො. තං පරෙ ඉට‍්ඨෙන කන‍්තෙන මනාපෙන සමුදාචරන‍්ති. තස‍්ස එවං හොති : යො ඛො ම්‍යායං පුග‍්ගලො ඉට‍්ඨො කන‍්තො මනාපො, තං පරෙ ඉට‍්ඨෙන කන‍්තෙන මනාපෙන සමුදාචරන‍්තීති . සො තෙසු පෙමං ජනෙති. එවං ඛො භික‍්ඛවෙ පෙමා පෙමං ජායති.
මහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට වූයේ කාන්ත වූයේ මනාප වූයේ වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: යම් මේ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත් ය යි හේ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ පෙමා දොසො ජායති? ඉධ භික‍්ඛවෙ පුග‍්ගලො පුග‍්ගලස‍්ස ඉට‍්ඨො හොති කන‍්තො මනාපො. තං පරෙ අනිට‍්ඨෙන අකන‍්තෙන අමනාපෙන සමුදාචරන‍්ති. තස‍්ස එවං හොති : යො ඛො ම්‍යායං පුග‍්ගලො ඉට‍්ඨො කන‍්තො මනාපො, තං පරෙ අනිට‍්ඨෙන අකන‍්තෙන අමනාපෙන සමුදාචරන‍්තීති. සො තෙසු දොසං ජනෙති. එවං ඛො භික‍්ඛවෙ පෙමා දොසො ජායති.
මහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට ද කාන්ත ද මනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ දොසා පෙමං ජායති? ඉධ භික‍්ඛවෙ පුග‍්ගලො පුග‍්ගලස‍්ස අනිට‍්ඨො හොති අකන‍්තො අමනාපො. තං පරෙ අනිට‍්ඨෙන අකන‍්තෙන අමනාපෙන සමුදාචරන‍්ති. තස‍්ස එවං හොති : යො ඛො ම්‍යායං පුග‍්ගලො අනිට‍්ඨො අකන‍්තො අමනාපො, තං පරෙ අනිට‍්ඨෙන අකන‍්තෙන අමනාපෙන සමුදාචරන‍්තීති. සො තෙසු පෙමං ජනෙති. එවං ඛො භික‍්ඛවෙ දොසා පෙමං ජායති.
මහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ට අකාන්ත අමනාප වේ ද, පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ දොසා දොසො ජායති? ඉධ භික‍්ඛවෙ පුග‍්ගලො පුග‍්ගලස‍්ස අනිට‍්ඨො හොති අකන‍්තො අමනාපො. තං පරෙ ඉට‍්ඨෙන කන‍්තෙන මනාපෙන සමුදාචරන‍්ති. තස‍්ස එවං හොති : යො ඛො ම්‍යායං පුග‍්ගලො අනිට‍්ඨො අකන‍්තො අමනාපො, තං පරෙ ඉට‍්ඨෙන කන‍්තෙන මනාපෙන සමුදාචරන‍්තීති. සො තෙසු දොසං ජනෙති. එවං ඛො භික‍්ඛවෙ දොසා දොසො ජායති. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි පෙමානි ජායන‍්ති.
මහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මේ ලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ටත් අකාන්තත් අමනාපත් වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙති යි හේ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය. මහණෙනි, මෙ සතර දෙනහු උපදිති.
යස‍්මිං භික‍්ඛවෙ සමයෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, යං පිස‍්ස පෙමා පෙමං ජායති, තම‍්පිස‍්ස තස‍්මිං සමයෙ න හොති. යොපිස‍්ස පෙමා දොසො ජායති, සොපිස‍්ස තස‍්මිං සමයෙ න හොති. යම‍්පිස‍්ස දොසා පෙමං ජායති, තම‍්පිස‍්ස තස‍්මිං සමයෙ න හොති, යොපිස‍්ස දොසා දොසො ජායති, සොපිස‍්ස තස‍්මිං සමයෙ න හොති.
මහණෙනි, යම් කලෙක මහණ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වේ. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වේ.
යස‍්මිං භික‍්ඛවෙ සමයෙ භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, යම‍්පිස‍්ස පෙමා පෙමං ජායති. තම‍්පිස‍්ස තස‍්මිං සමයෙ න හොති, යොපිස‍්ස පෙමා දොසො ජායති, සොපිස‍්ස තස‍්මිං සමයෙ න හොති, යම‍්පිස‍්ස දොසා පෙමං ජායති, තම‍්පිස‍්ස තස‍්මිං සමයෙ න හොති, යොපිස‍්ස දොසා දොසො ජායති සොපිස‍්ස තස‍්මිං සමයෙ න හොති.
මහණෙනි, යම් කලෙක මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි.
යස‍්මිං භික‍්ඛවෙ සමයෙ භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, යම‍්පිස‍්ස පෙමා පෙමං ජායති, තම‍්පිස‍්ස පහීනං හොති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං. යොපිස‍්ස පෙමා දොසො ජායති සොපිස‍්ස පහීණො හොති, උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. යම‍්පිස‍්ස දොසා පෙමං ජායති, තම‍්පිස‍්ස පහීනං හොති, උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආය අනුප‍්පාදධම‍්මං, යොපිස‍්ස දොසා දොසො ජායති, සොපිස‍්ස පහීණො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.
මහණෙනි, යම් කලෙක මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි.
අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු නෙවුස‍්සෙනෙති නප‍්පටිස‍්සෙනෙති න ධූපායති න පජ‍්ජලති න අපජ‍්ඣායති.
මහණෙනි, මෙ මහණ (දෘෂ්ටි විසින්) නොම හුවන්නේ යයි, (ප්‍රතිවිරුද්ධව කලහ විග්‍රහ විසින්) නො හුවන්නේ යයි, (තෘෂ්ණා විචරිත විසින්) නො දුවන්නේය යි, (බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිත විසින්) නො දිලෙන්නේ ය යි, (අස්මීමාන විසින්) වෙන්කොට නො හඟනේ ය යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු උස‍්සෙනෙති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං අත‍්තතො සමනුපස‍්සති, වෙදනාවන‍්තං වා අත‍්තානං , අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානං. සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඤ‍්ඤං, සඤ‍්ඤාය වා අත‍්තානං. සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, සඞ‍්ඛාරවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඞ‍්ඛාරෙ, සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු උස‍්සෙනෙති.
මහණෙනි, කෙසෙයින් (දෘෂ්ටි විසින්) හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දක්නේ ය. වේදනාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ වේදනාව ආත්මයෙහි ලා හෝ ආත්මය වේදනායෙහි ලා හෝ දක්නේය. සංඥාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ සංඥාව ආත්මයෙහි ලා හෝ ආත්මය සංඥායෙහි ලා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ ආත්මය සංස්කාරයෙහි ලා හෝ දක්නේය. විඥානය ආත්ම විසින් දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දක්නේය. මහණෙනි, මෙ සෙයින් මහණ දෘෂ්ටි විසින් හුවන්නේය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු න උස‍්සෙනෙති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං අත‍්තතො සමනුපස‍්සති, න වෙදනාවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා වෙදනං, න වෙදනාය වා අත‍්තානං. න සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, න සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා සඤ‍්ඤං, න සඤ‍්ඤාය වා අත‍්තානං. න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, න සඞ‍්ඛාරවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා සඞ‍්ඛාරෙ, න සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු න උස‍්සෙනෙති.
මහණෙනි, කෙසෙයින් මහණ නො හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ නො දක්නේ ය. රූපය ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය රූපයෙහි ලා හෝ නො දක්නේ ය. වේදනා ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ නො දක්නේ ය. වේදනාව ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය වේදනායෙහි ලා හෝ නො දක්නේ ය. සංඥාව ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ නො දක්නේ ය. සංඥාව ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය සංඥායෙහි ලා හෝ නො දක්නේ ය. සංස්කාරයන් ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට නො දක්නේ ය. සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය සංස්කාරයෙහි ලා හෝ නො දක්නේ ය. විඥානය ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ නො දක්නේ ය. විඥානය ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය විඥානයෙහි ලා හෝ නො දක්නේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ නො හුවන්නේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පටිස‍්සෙනෙති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසන‍්තං පච‍්චක‍්කොසති, රොසන‍්තං පටිරොසති, භණ‍්ඩන‍්තං පටිභණ‍්ඩති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පටිස‍්සෙනෙති.
මහණෙනි, කෙසෙයින් මහණ ප්‍රතිවිරුද්ධ විසින් හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අකෙස්ලි කරණහුට පෙරළා අකෙස්ලි කෙරෙයි. රොස්නහුට පෙරළා රොස්නේ වෙයි. ඩබර කරන්නහුට පෙරළා ඩබර කෙරෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ විරුද්ධ විසින් හුවන්නේය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු න පටිස‍්සෙනෙති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසන‍්තං න පච‍්චක‍්කොසති, රොසන‍්තං න පටිරොසති, භණ‍්ඩන‍්තං න පටිභණ‍්ඩති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු න පටිස‍්සෙනෙති.
මහණෙනි, කෙසෙයින් මහණ විරුද්ධ විසින් නො හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අකෙස්ලි කරණහුට පෙරළා අකෙස්ලි නො කරණේ වේද, රොස්නහුට පෙරළා නො රොස්නේ වේ ද, කලහ කරන්නහුට පෙරළා කලහ නො කරන්නේ වේ ද, මහණෙනි, මෙ සෙයින් මහණ විරුද්ධ විසින් නො හුවන්නේය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ධූපායති? අස‍්මීති භික‍්ඛවෙ සති ඉත්‍ථස‍්මීති හොති, එවස‍්මීති හොති, අඤ‍්ඤථස‍්මීති හොති, අසස‍්මීති හොති, සතස‍්මීති හොති, සන‍්ති හොති, ඉත්‍ථං සන‍්ති හොති, එවං සන‍්ති හොති, අඤ‍්ඤථා සන‍්ති හොති, අපිහ සන‍්ති හොති, අපි ඉත්‍ථං සන‍්ති හොති, අපි එවං සන‍්ති හොති, අපි අඤ‍්ඤථා සන‍්ති හොති, භවිස‍්සන‍්ති හොති, ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති, එවං භවිස‍්සන‍්ති හොති, අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ධූපායති.
මහණෙනි, කිසෙයින් මහණ දුමන්නේ ය යත්: මහණෙනි, ‘මම’ය යන්න ඇති වත් ම ‘මෙ ප්‍රකාරයෙන් වෙමි’යි වෙයි. ‘මෙබඳු වෙමි’යි වෙයි. ‘අන් පරිදි වෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. ‘වෙම් දෝ හෝ’යි වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මෙබඳු වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වෙම්ව’යි වෙයි. ‘මම මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. ‘මම මෙබඳු වෙම්ව’යි වෙයි. ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. ‘මතු වෙම්ව’යි වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. ‘මෙබඳු වෙම්ව’යි වෙයි. ‘අන්පරිදි වෙම්ව’යි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ දුමන්නේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු න ධූපායති? අස‍්මීති භික‍්ඛවෙ අසති ඉත්‍ථස‍්මීති න හොති, අඤ‍්ඤථස‍්මීති න හොති, අසස‍්මීති න හොති, සතස‍්මීති න හොති, සන‍්ති න හොති, ඉත්‍ථං සන‍්ති න හොති, එවං සන‍්ති න හොති, අඤ‍්ඤථා සන‍්ති න හොති, අපිහ සන‍්ති න හොති, අපි ඉත්‍ථං සන‍්ති න හොති, අපි එවං සන‍්ති න හොති, අපි අඤ‍්ඤථා සන‍්ති න හොති, භවිස‍්සන‍්ති න හොති, ඉත්‍ථං භවිස‍්සන‍්ති න හොති, එවං භවිස‍්සන‍්ති න හොති, අඤ‍්ඤථා භවිස‍්සන‍්ති න හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු න ධූපායති.
මහණෙනි, කිසෙයින් මහණ නො දුමන්නේ ය යත්: මහණෙනි, ‘මම’ය යන්න නැති වත් ම ‘මෙ ප්‍රකාරයෙන් වෙමි’යි නො වෙයි. ‘මෙබඳු වෙමි’යි නො වෙයි. ‘අන් පරිදි වෙමි’යි නො වෙයි. ‘නිත්‍යයෙමි’යි නො වෙයි. ‘අනිත්‍යයෙමි’යි නො වෙයි. ‘වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මෙබඳු වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මම වෙම්ව’යි නො වෙයි. ‘මම මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මම මෙබඳු වෙම්ව’යි නො වෙයි. ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. ‘මතු වෙම්ව’යි නො වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. ‘අන්පරිදි වෙම්ව’යි නො වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ නො දුමන්නේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පජ‍්ජලති? ඉමිනා අස‍්මීති භික‍්ඛවෙ සති ඉමිනා ඉත්‍ථස‍්මීති හොති, ඉමිනා එවස‍්මීති හොති ඉමිනා අඤ‍්ඤථස‍්මීති හොති, ඉමිනා අසස‍්මීති හොති, ඉමිනා සතස‍්මීති හොති, ඉමිනා සන‍්ති හොති, ඉමිනා ඉත්‍ථං සන‍්ති හොති, ඉමිනා එවං සන‍්ති හොති, ඉමිනා අඤ‍්ඤථා සන‍්ති හොති, ඉමිනා අපිහ සන‍්ති හොති, ඉමිනා අපි ඉත්‍ථං සන‍්ති හොති, ඉමිනා අපි එවං සන‍්ති හොති, ඉමිනා අපි අඤ‍්ඤථා සන‍්ති හොති, ඉමිනා භවිස‍්සන‍්ති හොති, ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති, ඉමිනා එවං භවිස‍්සන‍්ති හොති, ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු පජ‍්ජලති.
මහණෙනි, කිසෙයින් මහණ (තෘෂ්ණාවිචරිත විසින්) දුල්නේ ය යත්: මෙබඳු රූපාදියෙන් ‘වෙමි’යි ඇති වත් ම, මෙ රූපාදියෙන් ‘මේ ප්‍රකාරයෙන් වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘නිත්‍යයෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අනිත්‍යයෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම්ව’යි (ප්‍රාර්‍ත්‍ථනා විසින්) වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මතු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ දුල්නේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු න පජ‍්ජලති? ඉමිනා අස‍්මීති භික‍්ඛවෙ අසති ඉමිනා ඉත්‍ථස‍්මීති න හොති, ඉමිනා එවස‍්මීති න හොති, ඉමිනා අඤ‍්ඤථස‍්මීති න හොති, ඉමිනා අසස‍්මීති න හොති, ඉමිනා සතස‍්මීති න හොති, ඉමිනා සන‍්ති න හොති, ඉමිනා ඉත්‍ථං සන‍්ති න හොති, ඉමිනා එවං සන‍්ති න හොති, ඉමිනා අඤ‍්ඤථා සන‍්ති න හොති, ඉමිනා අපිහ සන‍්ති න හොති, ඉමිනා අපි ඉත්‍ථං සන‍්ති න හොති, ඉමිනා අපි එවං සන‍්ති න හොති, ඉමිනා අපි අඤ‍්ඤථා සන‍්ති න හොති, ඉමිනා භවිස‍්සන‍්ති න හොති, ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති න හොති, ඉමිනා එවං භවිස‍්සන‍්ති න හොති, ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති න හොති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු න පජ‍්ජලති.
මහණෙනි, කිසෙයින් මහණ නො දුල්නේ ය යත්: මෙ රූපාදියෙන් ‘මම’ය යන්න නැති වත් ම, මෙ රූපාදියෙන් ‘මේ ප්‍රකාරයෙන් වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘නිත්‍යයෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අනිත්‍යයෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම්ව’යි ප්‍රාර්‍ත්‍ථනා විසින් නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මතු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ නො දුල්නේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අප‍්පජ‍්ඣායති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අස‍්මිමානො පහීණො න හොති -පෙ- (ආයතිං උප‍්පාදධම‍්මො.) එවං භික‍්ඛවෙ භික‍්ඛු අජ‍්ඣායති.
මහණෙනි, කිසෙයින් මහණ ලමු කොට සිතනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ නො වෙයි ... මතු උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ලමු කොට සිතනේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු න අපජ‍්ඣායති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අස‍්මිමානො පහීණො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු න අපජ‍්ඣායතීති.
මහණෙනි, කිසෙයින් මහණ ලමු කොට නො සිතනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක කරණ ලදුයේ අනභාව්‍යකෘත වූයේ මතු නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ලමු කොට නො සිතනේ ය.
මහාවග‍්ගො පඤ‍්චමො.
මහාවර්‍ගය පස්වැනි යි.
මහාපණ‍්ණාසකො චතුත්‍ථො.
මහා පණ්ණාසකය සතරවැනි යි.