තණ‍්හාජාලිනීසුත‍්තං
4. 4. 5. 9.
4. 4. 5. 9.
[තණ‍්හාජාලිනීසුත‍්තං]
[තණ්හාජාලිනී සූත්‍රය]
49. තණ‍්හං වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි ජාලිනිං සරිතං විසටං විසත‍්තිකං, යාය අයං ලොකො උද‍්ධස‍්තො පරියොනද‍්ධො තන‍්තාකුලකජාතො ගුලාගුණ‍්ඨිකජාතො මුඤ‍්ජබබ‍්බජභූතො අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තති. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමී’ති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච :
49. මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ, වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, තෘෂ්ණාව තොපට දෙසමි. එ අසව මොනවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යැ යි ඒ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කතමා ච සා භික‍්ඛවෙ තණ‍්හා ජාලිනී සරිතා විසටා විසත‍්තිකා, යාය අයං ලොකො උද‍්ධස‍්තො පරියොනද‍්ධො තන‍්තාකුලකජාතො ගුලාගුණ‍්ඨිකජාතො මුඤ‍්ජබබ‍්බජභූතො අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තති ?
මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, එ තෘෂ්ණා නම් කවර?
අට‍්ඨාරස ඛො පනිමානි භික‍්ඛවෙ තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය, අට‍්ඨාරසතණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය.
මහණෙනි, ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි. බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි.
කතමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය? අස‍්මීති භික‍්ඛවෙසති ඉත්‍ථස‍්මීති හොති, එවමස‍්මිති හොති, අඤ‍්ඤථස‍්මීති හොති, අසස‍්මීති හොති, සතස‍්මීති හොති, සන‍්ති හොති, ඉත්‍ථං සන‍්ති හොති, එවං සන‍්ති හොති, අඤ‍්ඤථා සන‍්ති හොති, අපිහ සන‍්ති හොති, අපි ඉත්‍ථං සන‍්ති හොති, අපි එවං සන‍්ති හොති, අපි අඤ‍්ඤථා සන‍්ති හොති, භවිස‍්සන‍්ති හොති, ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති, එවං භවිස‍්සන‍්ති හොති, අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති. ඉමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය.
ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනා කවරහ යත්: මහණෙනි, (ආධ්‍යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාමාන දෘෂ්ටිවශයෙන් සමූහග්‍රාහය වේ නුයි) ‘මම’ යැ යි (වෙන් කොට) ගැණුම ඇති කල්හි (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි) “මෙබඳු ප්‍රකාර ඇත්තෙමි”යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි සම විසින් ගෙණ) ‘මෙසේ වෙමි’යි වෙයි. (ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි අසම විසින් ගෙණ) ‘අන් ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයපරිවිර්‍කවශයෙන්) ‘වෙම් දෝ හෝ’ වෙයි. ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වියහෙම් දෝ හෝ’යි ‘මම මෙබඳු ප්‍රකාර ඇති විය හෙම් දෝ හෝ’යි වෙයි. ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. ‘මම අන් සැටියකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) වෙමි’යි වෙයි. ‘මෙබඳු ප්‍රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. ‘මෙසේ වෙමි’යි වෙයි. ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. ආධ්‍යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
කතමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය? ඉමිනා අස‍්මීති භික‍්ඛවෙ සති ඉමිනා ඉත්‍ථස‍්මීති හොති, ඉමිනා එවස‍්මීති හොති, ඉමිනා අඤ‍්ඤථස‍්මීති හොති, ඉමිනා අසස‍්මීති හොති, ඉමිනා සතස‍්මීති හොති, ඉමිනා සන‍්ති හොති, ඉමිනා ඉත්‍ථං සන‍්ති හොති, ඉමිනා එවං සන‍්ති හොති, ඉමිනා අඤ‍්ඤථා සන‍්ති හොති, ඉමිනා අපිහං සන‍්ති හොති, ඉමිනා අපි ඉත්‍ථං සන‍්ති හොති, ඉමිනා අපි එවං සන‍්ති හොති, ඉමිනා අපි අඤ‍්ඤථා සන‍්ති හොති, ඉමිනා භවිස‍්සන‍්ති හොති, ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති, ඉමිනා එවං භවිස‍්සන‍්ති හොති, ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති. ඉමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය.
බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙන කවරහ යත්? මහණෙනි, මේ රූපාදීන් ‘මම’ යැ යි වෙන් කොට ගැණුම ඇති කල්හි මේ රූපාදීන් ‘මෙබඳු ප්‍රකාර ඇතියෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘නිත්‍යයෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අනිත්‍යයෙමි’යි වෙයි. (සංශයවිතර්‍කවශයෙන්) මේ රූපාදීන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙබඳු ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘අන්සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙබඳු ප්‍රකාර ඇතිවියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම අන් සැටියෙකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) මේ රූපාදීන් ‘වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙ බඳු ප්‍රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියෙකින් වෙමි’යි වෙයි. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
ඉති අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය, අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය. ඉමානි වුච‍්චන‍්ති භික‍්ඛවෙ ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි. ඉති එවරූපානි අතීතානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, අනාගතානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි. අට‍්ඨ ච තණ‍්හාවිචරිතානි සතං හොති.
මෙසෙයින් ආධ්‍යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙක. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙකැයි, මහණෙනි, මොහු සතිස් තෘෂ්ණාවිචරිතයහ යි කියනු ලැබේ. මෙසේ මෙබඳු අතීත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. අනාගත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. ප්‍රත්‍යුත්පන්න තෘෂ්ණාවිචරිතයෝ සතිසෙකැයි (මෙ හැම ගොස්) තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වෙයි.
අයං ඛො සා භික‍්ඛවෙ තණ‍්හාජාලිනී සරිතා විසටා විසත‍්තිකා, යාය අයං ලොකො උද‍්ධස‍්තො පරියොනද‍්ධො තන‍්තාකුලකජාතො ගුලාගුණ‍්ඨිකජාතො මුඤ‍්ජබබ‍්බජභූතො අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තතීති.
මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළදනාලදුයේ වටා වෙළුනේ හූ කැටියක් සෙයින් අවුල් වූයේ පෙහෙර හූ ගෙඩි වැනි වූයේ මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්‍ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, මෝ ඒ තෘෂ්ණා ය.