යෙදුමෙන් කියවන්න

1. සප‍්පුරිසවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සප්පුරිස වර්ගය

1-6. සප‍්පුරිසසුත‍්තාදිවණ‍්ණනා

1-6. සප්පුරිස ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමස‍්ස පඨමෙ අසප‍්පුරිසන‍්ති ලාමකපුරිසං තුච‍්ඡපුරිසං මූළ‍්හපුරිසං අවිජ‍්ජාය අන්‍ධීකතං බාලං. අසප‍්පුරිසතරන‍්ති අතිරෙකෙන අසප‍්පුරිසං. ඉතරෙ ද‍්වෙ වුත‍්තපටිපක‍්ඛවසෙන වෙදිතබ‍්බා. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. යථා චෙත්‍ථ, එවං ඉතො පරෙසු පඤ‍්චසු. එතෙසු හි පඨමං පඤ‍්චවෙරවසෙන දෙසිතං, දුතියං අස‍්සද‍්ධම‍්මවසෙන, තතියං කායවචීද‍්වාරවසෙන, චතුත්‍ථං මනොද‍්වාරවසෙන, පඤ‍්චමං අට‍්ඨමිච‍්ඡත‍්තවසෙන, ඡට‍්ඨං දසමිච‍්ඡත‍්තවසෙන.

පස්වැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි අසප්පුරිසං යනු ලාමක පුද්ගලයායි, හිස් පුද්ගලයායි, මෝඩ පුද්ගලයායි, අවිද්‍යාවෙන් අන්ධ කරනලද මෝඩයායි, අසප්පුරිසතරං යනු අතිරේක වශයෙන් (වැඩිමනක් ලෙස) අසත්පුරුෂ වූ පුද්ගලයායි, ඉතිරි දෙක කියන ලද්දට විරුද්ධ නයින් දතයුතුය, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය, මෙහි යම්සේද මින්මතු සූත්‍ර පසෙහි ද එසේය, මේවා අතුරින් පළමුවැන්න පඤ්චවෛර වශයෙන් දෙසන ලදි. දෙවැන්න අසද්ධර්‍ම වශයෙනි, තෙවැන්න කායවාග් ද්වාර වශයෙනි, සතරවැන්න මනොද්වාර වශයෙනි, පස්වැන්න මිථ්‍යා කරුණු අටවශයෙනි, සයවැන්න මිථ්‍යා කරුණු දහය වශයෙනි.

7-10. පඨම පාප - කල්‍යාණසුත‍්තාදිවණ‍්ණනා

7-10. පළමුවන පාප - කල්‍යාණ ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ පාපන‍්ති ලාමකං සංකිලිට‍්ඨපුග‍්ගලං. කල්‍යාණන‍්ති භද‍්දකං අනවජ‍්ජපුග‍්ගලං. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. අට‍්ඨමෙපි එසෙව නයො. නවමෙ පාපධම‍්මන‍්ති ලාමකධම‍්මං. කල්‍යාණධම‍්මන‍්ති අනවජ‍්ජධම‍්මං. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. දසමෙපි එසෙව නයො. ඉමස‍්මිං වග‍්ගෙ දසසුපි සුත‍්තෙසු අගාරියප‍්පටිපදා කථිතා. සචෙපි සොතාපන‍්නසකදාගාමිනො හොන‍්ති, වට‍්ටතියෙවාති.

සත්වැනි සූත්‍රයෙහි පාපං යනු ලාමක කෙලෙසුණු පුද්ගලයායි, කල්‍යාණං යනු සොඳුරු වූ නිවැරදි පුද්ගලයායි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය. අටවැන්නෙහි ද මේ ක්‍රමයමයි, නවවැන්නෙහි පාපධම්මං යනු ලාමක ධර්‍මයයි. කල්‍යාණධම්මං යනු නිවැරදි ධර්‍මයයි, මෙහි සෙස්ස පැහැදිලිමය, දසවැන්නෙහි ද මේ ක්‍රමයමයි, මේ වර්‍ගයෙහි සූත්‍ර දසයෙහිම අගාරිය ප්‍රතිපදාව කියන ලදි, ඉදින් සෝවාන් සකෘදාගාමීහු වෙත් ද වටීමය.

සප‍්පුරිසවග‍්ගො පඨමො.

පළමුවැනි වූ සප්පුරිස වර්‍ගයයි