යෙදුමෙන් කියවන්න

තතිය සප‍්පුරිසසුත‍්තං

4. 5. 1. 3.

4. 5. 1. 3.

[තතිය සප‍්පුරිසසුත‍්තං]

[තෙවන සප්පුරිස සූත්‍රය]

3. අසප‍්පුරිසඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි, අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරඤ‍්ච, සප‍්පුරිසඤ‍්ච සප‍්පුරිසෙන සප‍්පුරිසතරඤ‍්ච? තං සුණාථ -පෙ-

3. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා, සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව…

කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතී හොති අදින‍්නාදායී හොති. කාමෙසු මිච‍්ඡාචාරී හොති මුසාවාදී හොති. පිසුණාවාචො හොති. ඵරුසාවාචො හොති සම‍්ඵප‍්පලාපී හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසො.

මහණෙනි, අසත්පුරුෂ කවරේය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස්බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයයි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච පාණාතිපාතී හොති, පරඤ‍්ච පාණාතිපාතෙ සමාදපෙති. අත‍්තනා ච අදින‍්නාදායී හොති, පරඤ‍්ච අදින‍්නාදානෙ සමාදපෙති, අත‍්තනා ච කාමෙසු මිච‍්ඡාචාරී හොති, පරඤ‍්ච කාමෙසු මිච‍්ඡාචාරෙ සමාදපෙති. අත‍්තනා ච මුසාවාදී හොති, පරඤ‍්ච මුසාවාදෙ සමාදපෙති. අත‍්තනා ච පිසුණාවාචො හොති, පරඤ‍්ච පිසුණාය වාචාය සමාදපෙති. අත‍්තනා ච ඵරුසාවාචො හොති, පරඤ‍්ච ඵරුසාය වාචාය සමාදපෙති. අත‍්තනා ච සම‍්ඵප‍්පලාපී හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපෙ සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො.

මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ද පණිවා කරන්නේ වෙයි. මෙරමා ද පණිවායෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදන් ගන්නේ වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයෙහි මිසහසරෙහි ලා සමාදන් කරවයි. තෙමේ ද මුසවා බණන්නේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනුබස් හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද පලප් ඇතියේ වෙයි. මෙරමා ද පලප්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. පිසුණාවාචා පටිවිරතො හොති. ඵරුසාවාචා පටිවිරතො හොති. සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසො.

මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වූයේ වෙයි. පරොස්බසින් දුරු වූයේ වෙයි. පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසෙන සප‍්පුරිසතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ‍්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච අදින‍්නාදානා පටිවිරතො හොති, පරඤ‍්ච අදින‍්නාදානා වෙරමණියා සමාදපෙති. -පෙ- අත‍්තනා ච පිසුණාවාචා පටිවිරතො හොති, පරඤ‍්ච පිසුණාවාචා වෙරමණියා සමාදපෙති. අත‍්තනා ච ඵරුසාවාචා පටිවිරතො හොති, පරඤ‍්ච ඵරුසාවාචා වෙරමණියා සමාදපෙති, අත‍්තනා ච සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, පරඤ‍්ච සම‍්ඵප‍්පලාපා වෙරමණියා සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසෙන සප‍්පුරිසතරොති.

මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේ ද පිසුනු බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පිසුනු බසින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පරොස් බසින් දුරු වීමෙහි සමාදන් කරව යි. තෙමේ ද පලපින් දුරු වූයේ වෙයි. මෙරමා ද පලපින් දුරු වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.