යෙදුමෙන් කියවන්න

දුතිය සප‍්පුරිසසුත‍්තං

4. 5. 1. 2.

4. 5. 1. 2.

[දුතිය සප‍්පුරිසසුත‍්තං]

[දෙවන සප්පුරිස සූත්‍රය]

2. අසප‍්පුරිසඤ‍්ච වො භික‍්ඛවො දෙසිස‍්සාමි අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරඤ‍්ච, සප‍්පුරිසඤ‍්ච සප‍්පුරිසෙන සප‍්පුරිසතරඤ‍්ච. තං සුණාථ -පෙ-

2. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව …

කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, අප‍්පස‍්සුතො හොති, කුසීතො හොති, මුට‍්ඨස‍්සතී හොති, දුප‍්පඤ‍්ඤො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසො.

මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ නැත්තේ ය. ලජ්ජා නැත්තේ ය. පවට බිය නැත්තේ ය. අල්පශ්‍රැත ය. කුසීත ය. මුළා වූ සිහි ඇතියේ ය. දුෂ්ප්‍රාඥ ය. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච අස‍්සද‍්ධො හොති, පරඤ‍්ච අස‍්සද‍්ධියෙ සමාදපෙති. අත‍්තනා ච අහිරිකො හොති, පරඤ‍්ච අහිරිකතාය සමාදපෙති. අත‍්තනා ච අනොත‍්තප‍්පී හොති, පරඤ‍්ච අනොත‍්තප‍්පෙ සමාදපෙති. අත‍්තනා ච අප‍්පස‍්සුතො හොති, පරඤ‍්ච අප‍්පස‍්සුතෙ සමාදපෙති. අත‍්තනා ච කුසීතො හොති, පරඤ‍්ච කොසජ‍්ජෙ සමාදපෙති. අත‍්තනා ච මුට‍්ඨස‍්සතී හොති, පරඤ‍්ච මුට‍්ඨසච‍්චෙ සමාදපෙති. අත‍්තනා ච දුප‍්පඤ‍්ඤො හොති, පරඤ‍්ච දුප‍්පඤ‍්ඤතාය සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො.

මහණෙනි, අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සැදැහැ නැත්තේ ය. මෙරමා ද සැදැහැ නැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට ලජ්ජා නැත්තේ ය. මෙරමා ද ලජ්ජානැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය නැත්තේ ය. මෙරමා ද පවට බියනැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද අල්පශ්‍රැත ය. මෙරමා ද අල්පශ්‍රැතබව්හි සමාදන් කරවයි. තෙමේ ද කුසීත ය. මෙරමා ද කුසීතබව්හි සමාදන් කරවයි. තෙමේ ද මුළාවූ සිහි ඇත්තේ ය. මෙරමා ද මුළාවූ සිහිඇතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද දුෂ්ප්‍රාඥය. මෙරමා ද දුෂ්ප්‍රාඥබව්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, බහුස‍්සුතො හොති, ආරද‍්ධවිරියො හොති, සතිමා හොති, පඤ‍්ඤවා හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසො.

මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළවැර ඇතියේ වෙයි. සිහි ඇතියේ වෙයි. පැණවත් වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසෙන සප‍්පුරිසතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච සද‍්ධාසම‍්පන‍්නො හොති. පරඤ‍්ච සද‍්ධාසම‍්පදාය සමාදපෙති. අත‍්තනා ච හිරිමා හොති, පරඤ‍්ච හිරිමතාය සමාදපෙති අත‍්තනා ච ඔත‍්තප‍්පී හොති, පරඤ‍්ච ඔත‍්තප‍්පෙ සමාදපෙති. අත‍්තනා ච බහුස‍්සුතො හොති. පරඤ‍්ච බාහුසච‍්චෙ සමාදපෙති. අත‍්තනා ච ආරද‍්ධවිරියො හොති, පරඤ‍්ච විරියාරම‍්භෙ සමාදපෙති. අත‍්තනා ච උපට‍්ඨිතසතී හොති, පරඤ‍්ච සතිපට‍්ඨානෙ සමාදපෙති. අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො හොති, පරඤ‍්ච පඤ‍්ඤාසම‍්පදාය සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසෙන සප‍්පුරිසතරොති

මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් ශ්‍රද්ධාසම්පන්න වෙයි. මෙරමාත් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් පවට ලජ්ජා ඇතියේ වෙයි. මෙරමා ද පවට ලජ්ජා ඇතිබව්හි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය ඇත්තේ වෙයි. මෙරමා ද පවට බියඇතිබව්හි සමාදන් කරවයි. තෙමේ ද බහුශ්‍රුත වෙයි. මෙරමා ද බහුශ්‍රුත බව්හි සමාදන් කරවයි. තෙමේ ද ඇරඹූ වැර ඇතියේ වෙයි. මෙරමා ද වැර ඇරඹුම්හි සමාදන් කරවයි. තෙමේ ද එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මෙරමා ද සීවටන්හි සමාදන් කරවයි. තෙමේ ද ප්‍රඥාසම්පන්න වෙයි. මෙරමා ද ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.