යෙදුමෙන් කියවන්න

ඡට‍්ඨ සප‍්පුරිස සුත‍්තං

4. 5. 1. 6.

4. 5. 1. 6.

[ඡට‍්ඨ සප‍්පුරිස සුත‍්තං]

[සවන සප්පුරිස සූත්‍රය]

6. අසප‍්පුරිසඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරඤ‍්ච සප‍්පුරිසඤ‍්ච සප‍්පුරිසෙන සප‍්පුරිසතරඤ‍්ච. තං සුණාථ -පෙ-

6. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…

කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති, -පෙ- මිච‍්ඡාඤාණී හොති, මිච‍්ඡාවිමුත‍්තී හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසො.

මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි … මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති. -පෙ- අත‍්තනා ච මිච‍්ඡාඤාණී හොති, පරඤ‍්ච මිච‍්ඡාඤාණෙ සමාදපෙති. අත‍්තනා ච මිච‍්ඡාවිමුත‍්තී හොති, පරඤ‍්ච මිච‍්ඡාවිමුත‍්තියා සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසෙන අසප‍්පුරිසතරො.

මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සම‍්මාදිට‍්ඨිකො හොති -පෙ- සම‍්මාඤාණී හොති. සම‍්මාවිමුත‍්තී හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසො.

මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසෙන සප‍්පුරිසතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච සම‍්මාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති -පෙ- අත‍්තනා ච සම‍්මාඤාණී හොති, පරඤ‍්ච සම‍්මාඤාණෙ සමාදපෙති. අත‍්තනා ච සම‍්මාවිමුත‍්තී හොති, පරඤ‍්ච සම‍්මාවිමුත‍්තියා සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසෙන සප‍්පුරිසතරොති.

මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.