පඨම පාප - කල්යාණසුත්තං
4. 5. 1. 7.
4. 5. 1. 7.
[පඨම පාප - කල්යාණසුත්තං]
[පළමුවන පාප - කල්‍යාණ සූත්‍රය]
7. පාපඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපෙන පාපතරඤ්ච කල්යාණඤ්ච කල්යාණෙන කල්යාණතරඤ්ච. තං සුණාථ -පෙ- භගවා එතදවොච:
7. මහණෙනි, පාපයාත් පාපයාට වැඩිසිටි පාපතරයාත් කල්යාණයාත් කල්‍යාණයාට වැඩිසිටි කල්යාණතරයාත් දෙසමි. ඒ අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
කතමො ච භික්ඛවෙ පාපො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති. -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ පාපො.
මහණෙනි, පාප නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා ඇත්තේ වෙයි ... මිසදිටුහ ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ පාපෙන පාපතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති. පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති -පෙ- අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡා දිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපෙන පාපතරො.
මහණෙනි, පාපයා කෙරෙන් වැඩි සිටි පාපතර නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි ... තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතර යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ කල්යාණො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණො.
මහණෙනි, කල්‍යාණ (භද්‍ර) කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග් දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති -පෙ- අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරොති.
මහණෙනි, කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වැඩි සිටි කල්යාණතරය යි කියනු ලැබේ.