දුතිය පාප - කල්යාණසුත්තං
4. 5. 1. 8.
4. 5. 1. 8.
[දුතිය පාප - කල්යාණසුත්තං]
[දෙවන පාප - කල්‍යාණ සූත්‍රය]
8. පාපඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපෙන පාපතරඤ්ච කල්යාණඤ්ච කල්යාණෙන කල්යාණතරඤ්ච. තං සුණාථ -පෙ-
8. මහණෙනි, පාපයා ද පාපයාට වැඩිසිටි පාපතරයා ද කල්යාණයා ද කල්‍යාණයාට වැඩි සිටි කල්යාණතරයා ද දෙසමි. ඒ අසව …
කතමො ච භික්ඛවෙ පාපො? ඉධ භික්ඛවෙ එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති -පෙ- මිච්ඡාඤාණී හොති. මිච්ඡාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ පාපො.
මහණෙනි, පාප කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු වේ ... මිථ්‍යාඥාන ඇතියේ වේ. මිථ්‍යාවිමුක්ති ඇතියේ වේ. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ පාපෙන පාපතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති -පෙ- අත්තනා ච මිච්ඡාඤාණී හොති, පරඤ්ච මිච්ඡාඤාණෙ සමාදපෙති. අත්තනා ච මිච්ඡාවිමුත්තී හොති, පරඤ්ච මිච්ඡාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපෙන පාපතරො.
මහණෙනි, පාපයාට වැඩිසිටි පාපතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතරය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ කල්යාණො? ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාඤාණී හොති. සම්මාවිමුත්තී හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණො.
මහණෙනි, කල්‍යාණ නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වේ ... සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
කතමො භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච සම්මාදිට්ඨිකො හොති. පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. -පෙ- අත්තනා ච සම්මාඤාණී හොති. පරඤ්ච සම්මාඤාණෙ සමාදපෙති. අත්තනා ච සම්මාවිමුත්තී හොති. පරඤ්ච සම්මාවිමුත්තියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණෙන කල්යාණතරොති.
මහණෙනි, කල්‍යාණයාට වඩා කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වේ. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වඩා කල්යාණතරය යි කියනු ලැබේ.