පඨම පාපධම්ම - කල්‍යාණධම්ම සුත්තං
4. 5. 1. 9.
4. 5. 1. 9.
[පඨම පාපධම්ම - කල්‍යාණධම්ම සුත්තං]
[පළමුවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
9. පාපධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පාපධම්මෙන පාපධම්මතරඤ්ච කල්යාණධම්මඤ්ච කල්යාණධම්මෙන කල්යාණධම්මතරඤ්ච. තං සුණාථ -පෙ-
9. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්යාණධර්මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්යාණධර්මතරයා ද දෙසමි. ඒ අසව …
කතමො ච භික්ඛවෙ පාපධම්මො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතී හොති -පෙ- මිච්ඡාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ පාපධම්මො.
මහණෙනි, පාපධර්ම නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ පාපධර්මය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ පාපධම්මතරො? ඉධ භික්ඛවෙ, එකච්චො අත්තනා ච පාණාතිපාතී හොති. පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. -පෙ- අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ පාපධම්මෙන පාපධම්මතරො.
මහණෙනි, පාපධර්‍මයා කෙරෙන් වැඩිසිටි පාපධර්මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්මතරය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ කල්යාණධම්මො? ඉධ භික්ඛවෙ එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති. -පෙ- සම්මාදිට්ඨිකො හොති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණධම්මො.
මහණෙනි, කල්යාණධර්ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්යාණධර්මය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ කල්යාණධම්මෙන කල්යාණධම්මතරො? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති -පෙ- අත්තනා ච සම්මාදිට්ඨිකො හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණධම්මෙන කල්යාණධම්මතරොති.
මහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්යාණධර්මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්යාණධර්මතරය යි කියනු ලැබේ.