යෙදුමෙන් කියවන්න

දුතිය පාපධම‍්ම - කල්‍යාණධම‍්ම සුත‍්තං

4. 5. 1. 10.

4. 5. 1. 10.

[දුතිය පාපධම‍්ම - කල්‍යාණධම‍්ම සුත‍්තං]

[දෙවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]

10. පාපධම‍්මඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි පාපධම‍්මෙන පාපධම‍්මතරඤ‍්ච කල්‍යාණධම‍්මඤ‍්ච කල්‍යාණධම‍්මෙන කල්‍යාණධම‍්මතරඤ‍්ච. තං සුණාථ -පෙ-

10. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …

කතමො ච භික‍්ඛවෙ පාපධම‍්මො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො මිච‍්ඡාදිට‍්ඨිකො හොති -පෙ- මිච‍්ඡාඤාණී හොති. මිච‍්ඡාවිමුත‍්තී හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ පාපධම‍්මො.

මහණෙනි, පාපධර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි ... මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ පාපධම‍්මෙන පාපධම‍්මතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච මිච‍්ඡාදිට‍්ඨිකො හොති, පරඤ‍්ච මිච‍්ඡාදිට‍්ඨියා සමාදපෙති -පෙ- අත‍්තනා ච මිච‍්ඡාඤාණී හොති, පරඤ‍්ච මිච‍්ඡාඤාණෙ සමාදපෙති. අත‍්තනා ච මිච‍්ඡාවිමුත‍්තී හොති, පරඤ‍්ච මිච‍්ඡාවිමුත‍්තියා සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ පාපධම‍්මෙන පාපධම‍්මතරො.

මහණෙනි, පාපධර්‍මයාට වැඩි සිටි පාපධර්‍මතරයා කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කල්‍යාණධම‍්මො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සම‍්මාදිට‍්ඨිකො හොති -පෙ- සම‍්මාඤාණී හොති. සම‍්මාවිමුත‍්තී හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ කල්‍යාණධම‍්මො.

මහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ කල්‍යාණධම‍්මෙන කල්‍යාණධම‍්මතරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ච සම‍්මාදිට‍්ඨිකො හොති. පරඤ‍්ච සම‍්මාදිට‍්ඨියා සමාදපෙති. -පෙ- අත‍්තනා ච සම‍්මාඤාණී හොති, පරඤ‍්ච සම‍්මාඤාණෙ සමාදපෙති. අත‍්තනා ච සම‍්මාවිමුත‍්තී හොති, පරඤ‍්ච සම‍්මාවිමුත‍්තියා සමාදපෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ කල්‍යාණධම‍්මෙන කල්‍යාණධම‍්මතරොති.

මහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්‍යාණධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතරය යි කියනු ලැබේ.

සප‍්පුරිසවග‍්ගො පඨමො.

සත්පුරුෂ වර්‍ගය පළමුවැනි යි