2. පරිසසොභනවග්ගො
2. පරිසසෝභන වර්ගය
4. 5. 2. 1.
4. 5. 2. 1.
[පරිසසොභනසුත්තං]
[පරිසසෝභන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. චත්තාරො’මෙ භික්ඛවෙ පරිසදූසනා. කතමෙ චත්තාරො?
11. මහණෙනි, මේ පරිසදූසනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
භික්ඛු භික්ඛවෙ දුස්සීලො පාපධම්මො පරිසදූසනො. භික්ඛුනී භික්ඛවෙ දුස්සීලා පාපධම්මා පරිසදූසනා. උපාසකො භික්ඛවෙ දුස්සීලො පාපධම්මො පරිසදූසනො. උපාසිකා භික්ඛවෙ දුස්සීලා පාපධම්මා පරිසදූසනා. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පරිසදුසනාති.
මහණෙනි, දුශ්ශීල වූ පාපධර්ම වූ මහණ පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්ම වූ මෙහෙණ පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්ම වූ උවසු පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්ම වූ උවැසි පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසදූසනයෝ යි.
චත්තාරොමෙ භික්ඛවෙ පරිසසොභනා. කතමෙ චත්තාරො?
මහණෙනි, මේ පරිසසෝභනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනක යත්:
භික්ඛූ භික්ඛවෙ සීලවා කල්යාණධම්මො පරිසසොභනො. භික්ඛුනී භික්ඛවෙ සීලවතී කල්යාණධම්මා පරිසසොභනා. උපාසකො භික්ඛවෙ සීලවා කල්යාණධම්මො පරිසසොභනො උපාසිකා භික්ඛවෙ සීලවතී කල්යාණධම්මා පරිසසොභනා. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පරිසසොභනාති.
මහණෙනි, සිල්වත් කලණදහම් ඇති මහණ පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති මෙහෙණ පිරිස් හොබවන්නී වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති උවසු පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති උවැසි පිරිස් හොබවන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසසෝභනයෝ යි.
4. 5. 2. 2.
4. 5. 2. 2.
[පඨම නිරය සග්ගනික්ඛිත්තසුත්තං]
[පළමුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
12. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
12. මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි නිඃක්ෂිප්ත වෙයි. කවර සතරෙකින යත්:
කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, මිච්ඡාදිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, මිථ්‍යා දෘෂ්ටියෙන. මහණෙනි, මේ දහම් සතරින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.
චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙකින යත්:
කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, සම්මාදිට්ඨියා, ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ ය.
4. 5. 2. 3.
4. 5. 2. 3.
[දුතිය නිරය-සග්ග නික්ඛිත්තසුත්තං]
[දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
13. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
13. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන, අකතඤ්ඤුතා අකතවෙදිතා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, අකෘතඥතා - අකෘතවේදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බහා තැබුනේ ය.
චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද එපරිදි ස්වර්ගයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන, කතඤ්ඤුතා කතවෙදිතා. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද එපරිදි ස්වර්ගයෙහි වෙයි.
4. 5. 2. 4.
4. 5. 2. 4.
[තතිය නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
[තෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
14. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
14. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
පාණාතිපාතී හොති. අදින්නාදායී හොති. කාමෙසු මිච්ඡාචාරී හොති. මුසාවාදී හොති. -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 5.
4. 5. 2. 5.
[චතුත්ථ නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
[සිවුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
15. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
15. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
මිච්ඡාදිට්ඨිකො හොති. මිච්ඡාසඞ්කප්පො හොති. මිච්ඡාවාචො හොති. මිච්ඡාකම්මන්තො හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවචන ඇතියේ වෙයි. මිථ්යාකර්මාන්ත ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
සම්මාදිට්ඨිකො හොති. සම්මාසඞ්කප්පො හොති. සම්මාවාචො හොති. සම්මාකම්මන්තො හොති. -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇත්තේ වෙයි. සම්යක්කර්මාන්ත ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 6.
4. 5. 2. 6.
[පඤ්චම නිරය - සග්ග නික්ඛිත්ත සුත්තං]
[පස්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
16. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
16. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
මිච්ඡාආජීවො හොති. මිච්ඡාවායාමො හොති. මිච්ඡාසති හොති. මිච්ඡාසමාධි හොති. -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
මිථ්‍යාජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
සම්මාආජීවො හොති. සම්මාවායාමො හොති. සම්මාසතී හොති. සම්මාසමාධී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 7.
4. 5. 2. 7.
[ඡට්ඨම නිරය - සග්ග නික්ඛිත්ත සුත්තං]
සවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
17. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
17. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
අදිට්ඨෙ දිට්ඨවාදී හොති. අසුතෙ සුතවාදී හොති. අමුතෙ මුතවාදී හොති. අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
නොදුටු රූපායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. අවිඥාතධර්‍මයෙහි විඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
අදිට්ඨෙ අදිට්ඨවාදී හොති. අසුතෙ අසුතවාදී හොති. අමුතෙ අමුතවාදී හොති. අවිඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගොති.]
නොදුටු රූපායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි අශ්‍රැතවාද ඇතියේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි අමුතවාද ඇතියේ වෙයි. අවිඥාතධර්‍මයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 8.
4. 5. 2. 8.
[සත්තම නිරය - සග්ග නික්ඛි ත්ත සුත්තං]
සත්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
18. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
18. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
දිට්ඨෙ අදිට්ඨවාදී හොති. සුතෙ අසුතවාදී හොති. මුතෙ අමුතවාදී හොති. විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
දෘෂ්ටායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි අශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි අමුතවාද ඇත්තේ වෙයි. විඥාතආයතනයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
දිට්ඨෙ දිට්ඨවාදී හොති. සුතෙ සුතවාදී හොති. මුතෙ මුතවාදී හොති. විඤ්ඤාතෙ විඤ්ඤාතවාදී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
දෘෂ්ටායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. විඥාතධර්‍මයෙහි වඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 9.
4. 5. 2. 9.
[අට්ඨම නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
අටවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
19. [චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
19. [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ …]
අස්සද්ධො හොති. දුස්සීලො හොති. අහිරිකො හොති. අනොත්තප්පී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.]
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වෙයි.]
[චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ-]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ …]
සද්ධො හොති. සීලවා හොති. හිරිමා හොති. ඔත්තප්පී හොති -පෙ- [යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.]
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්ලක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ.]
4. 5. 2. 10.
4. 5. 2. 10.
[නවම නිරය-සග්ග නික්ඛිත්ත සුත්තං]
[නවවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
20. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. කවර සතර කරුණින යත්:
අස්සද්ධො හොති. දුස්සීලො හොති. කුසීතො හොති. දුප්පඤ්ඤො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. කුසීත වෙයි. අප්‍රාඥ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ.
චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ. කවර සතර කරුණකින යත්:
සද්ධො හොති. සීලවා හොති. ආරද්ධවිරියො හොති. පඤ්ඤවා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. ඇරඹූ වැර ඇතියේ වෙයි. පැණ ඇතියේ වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ.
පරිසසොභනවග්ගො දුතියො.
පරිසෝභන වර්ගය දෙවැනි යි.