ජානුස්සොනීසුත්තං
4. 4. 4. 4.
4. 4. 4. 4.
[ජානුස්සොනීසුත්තං]
[ජාණුස්සොනී සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
34. අථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදී. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච :
34. එකල ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස් ව හින. එකත්පස් ව හුන් ජාණුස්සොනී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
අහං හි භො ගොතම එවංවාදී එවංදිට්ඨි : “නත්ථි යො සො මරණධම්මො සමානො න භායති. න සන්තාසං ආපජ්ජති මරණස්සා”ති.
භවත් ගෞතමයෙනි, “මම මෙ බඳු වාද ඇතියෙමි. මෙබඳු දිටු ඇතියෙමි. මරණසැහැවි ඇතිව මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදනා යමෙක් නැත” යනුයි.
අත්ථි බ්‍රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස. අත්ථි පන බ්‍රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
බමුණ, මරණසැහැවි ඇතිව මරණයට බානා සන්ත්‍රාසයට පැමිණෙන යමෙක් ඇත. බමුණ, මරණසැහැවි ඇත ද මරණයට නොබානා සන්ත්‍රාසයට නොවදිනා යමෙක් ද ඇත.
කතමො ච බ්‍රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස?
බමුණ, මරණසැහැවි ඇතියේ මරණයට බානා, සන්ත්‍රාසයට වදනා පුද්ගල කවරේ ය යත්:
ඉධ බ්‍රාහ්මණ එකච්චො කාමෙසු අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : පියා වත මං කාමා ජහිස්සන්ති, පියෙ චාහං කාමෙ ජහිස්සාමීති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති. සම්මොහං ආපජ්ජති. අයං ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
බමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි අවීතරාග වූයේ අවිගත ඡන්ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිළාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪරෝගාතඞ්කයෙක් තුලුන් ස්පර්ශ කෙරේ. කිසියම් ගාඪරොගාතඞ්කයෙකින් පැහැසුනු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියත්. වැලි මමත් ප්‍රිය කාමසම්පත් හැරපියමි.” කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වෙයි. වලප්නේ වෙයි. ලෙහි අත් පැහැරැ පැහැරැ හඬයි. සම්මෝහයට පැමිණෙයි. බමුණ මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
පුන චපරං බ්‍රාහ්මණ ඉධෙ කච්චො කායෙ අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : පියො වත මං කායො ජහිස්සති. පියං චාහං කායං ජහිස්සාමීති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
තවද බමුණ, මෙලොව කිසිවෙක් කයෙහි නොපැහු රාග ඇතියේ නොපැහු ඡන්ද ඇතියේ නොපැහු ප්‍රේම ඇතියේ නොපැහු පිපාසා ඇතියේ නොපැහු පරිළාහ ඇතියේ නොපැහු තෘෂ්ණා ඇතියේ වෙයි. එක්තරා ගාඪ වූ රෝගයෙක් තුලුන් ස්පර්ශ කෙරෙයි. එක්තරා ගාඪරෝගයෙකින් පහස්නා ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි. වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි කියා යි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරණුයේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනුයේ වෙයි. සම්මෝහයට වදනේ වෙයි. බමුණ, මෙයිත් මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
පුන චපරං බ්‍රාහ්මණ ඉධෙකච්චො අකතකල්යාණො හොති අකතකුසලො අකතභීරුත්තාණො. කතපාපො කතලුද්දො කතකිබ්බිසො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං, කතං පාපං, කතං ලුද්දං, කතං කිබ්බිසං. යාවතා භො අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමීති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
තවද බමුණ, මෙලොව කිසිවෙක් පින්කම් නොකෙළේ වෙයි. කුසල් නො කෙළේ වෙයි. බියට පරිත්‍රාණ නොකෙළේ වෙයි. පව් කෙළේ වෙයි. කැකුළුකම් කෙළේ වෙයි. කිලිටිකම් කෙළේ වෙයි. එක්තරා ගාඪවූ රෝගයෙක් තුලුන් පැහැස සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්වාගත වු ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් කල්‍යාණයෙක් නොකරණ ලදී. කුසලයෙක් නොකරණ ලදි. බියට පරිත්‍රාණයෙක් නොකරණ ලදි. පාපයෙක් කරණ ලදි. කැකුළුකමෙක් කරණ ලදි. කිලිටිකමෙක් කරණ ලදී. භවත්නි, කල්‍යාණයන් නොකළ කුසලයන් නොකළ බියට පරිත්‍රාණ නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තන්ගේ යම් ගතියෙක් වේ ද, පරලොව ඒ ගතියට යෙමි යි හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැරැ පැහැරැ හඬන්නේ වෙයි. මුළාබවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
පුන චපරං බ්‍රාහ්මණ ඉධෙකච්චො කඞ්ඛී හොති විචිකිච්ඡී අනිට්ඨංගතො සද්ධම්මෙ. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : කඞ්ඛී වතම්හි වෙචිකිච්ඡී අනිට්ඨංගතො සද්ධම්මො’ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො භායති, සන්තාසං ආපජ්ජති මරණස්ස.
තවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියේ වෙයි. විචිකිච්ඡා ඇතියේ වෙයි. ශාසන සද්ධර්මයෙහි නිෂ්ඨාගත වූයේ නො වෙයි. එක්තරා ගාඪරෝගයෙක් තුලුන් පැහැසැ සිටී. එක්තරා ගාඪරෝගයෙකින් සමන්වාගත ඔහුට මෙබඳු සිතෙක් වෙයි. බුද්ධාදීන් කෙරෙහි සැක ඇතියෙම් වෙමි. විචිකිච්ඡා ඇතියෙම් වෙමි. ශාසනසද්ධර්‍මයෙහි නිෂ්ඨාගත වූයෙම් ද නො වෙමියි. හේ සොස්නේ වෙයි. ක්ලාන්ත වන්නේ වෙයි. පරිදේවනා කරන්නේ වෙයි. අතින් ලය පැහැර පැහැර හඬනේ වෙයි. මුළාවට වදනේ වෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට බානේ නම් වෙයි. සන්ත්‍රාසයට වදනේ නම් වෙයි.
ඉමෙ ඛො බ්‍රාහ්මණ චත්තාරො මරණධම්මා සමානා භායන්ති සන්තාසං ආපජ්ජන්ති මරණස්ස.
බමුණ, මේ සතර දෙනා මරණසැහැවි ඇත්තාහු මරණයට බති. සන්ත්‍රාසයට පැමිණෙත්.
කතමො ච බ්‍රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස?
බමුණ, කවරෙක් නම් මරණසැහැවි ඇතියේ මරණයට නොබානේ වේ ද? සන්ත්‍රාසයට නො වදුනේ වේ ද?
ඉධ බ්‍රාහ්මණ එකච්චො කාමෙසු වීතරාගො හොති විගතච්ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස න එවං හොති : පියා වත මං කාමා ජහිස්සන්ති, පියෙ චාහං කාමෙ ජහිස්සාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයං ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො න භායති න සන්තාසං ආපජ්ජති මරණස්ස.
බමුණ, මෙලොව කිසිවෙක් කාමයෙහි වීතරාග වූයේ, විගතඡන්ද වූයේ, විගතප්රේම වූයේ, විගතපිපාස වූයේ, විගතපරිදාහ වූයේ, විගතතෘෂ්ණ වූයේ වෙයි. එක්තරා දැඩි රෝගයෙක් තුලුන් පැහැසැ ගෙණ සිටි. එක්තරා දළ රෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිතෙක් නො වේ. “ප්‍රිය වූ කාමසම්පත්හු එකැතින් මා හැරපියති. වැලි මමත් ප්‍රිය වූ කාමසම්පතුත් හැරපියමි” කියා යි. හේ සොස්නේ නො වෙයි. ක්ලාන්ත වන්නේ නො වේ. පරිදේවනා කරන්නේ නො වේ. අතින් ලය පැහැර හඬනේ නො වේ. මුළාවට වදනේ නො වේ. බමුණ, මේ වනාහි මරණසැහැවි ඇතියේ මරණයට නොබානේ, සන්ත්‍රාසයට නො වදුනේ නම් වේ.
පුන චපරං බ්‍රාහ්මණ ඉධෙකච්චො කායෙ වීතරාගො හොති විගතච්ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස න එවං හොති : පියො වත මං කායො ජහිස්සති, පියං චාහං කායං ජහිස්සාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
තවද බමුණ, මෙලොව ඇතැමෙක් කයෙහි පහව ගිය රාග ඇත්තේ, පහව ගිය ඡන්ද ඇත්තේ, පහව ගිය ප්‍රේම ඇත්තේ, පහව ගිය පවස ඇත්තේ, පහව ගිය පරිදාහ ඇත්තේ, පහව ගිය තෘෂ්ණා ඇත්තේ වෙයි. එක්තරා දළරොගයෙක් මොහු පැහැසැ ගණී. එක්තරා දළ රෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිත් නො වෙයි. “ප්‍රිය වූ කය එකැතින් මා හැරපියයි, වැලි මමත් ප්‍රිය වූ කය හැරපියමි” කියා යි. හේ සොචනා නො කෙරේ. කිලමනා නො කෙරේ. පරිදේවනා නො කෙරේ. අතින් ලය පැහැරැ පැහැරැ නො හඬයි. මුළාවට නො වදියි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ ය. සන්ත්‍රාසයට නො වදුනේ ය.
පුන චපරං බ්‍රාහ්මණ ඉධෙකච්චො අකතපාපො හොති අකතලුද්දො අකතකිබ්බිසො. කතකල්යාණො හොති කතකුසලො කතභීරුත්තාණො. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : අකතං වත මෙ පාපං, අකතං ලුද්දං, අකතං කිබ්බිසං, කතං කල්‍යාණං, කතං කුසලං, කතං භීරුත්තාණං. යාවතා භො අකතපාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං කතකල්යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති තං ගතිං පෙච්ච ගච්ඡාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො න භායති න සන්තාසං ආපජ්ජති මරණස්ස.
තවද බමුණ, මෙලොව කිසිවෙක් පව් නො කෙළේ, කැකුළුකම් නො කෙළේ, කිලිටිකම් නො කෙළේ වෙයි. කලණ දෑ කෙළේ කුසල් කෙළේ බියට පරිත්‍රාණ කෙළේ වේ. එක්තරා දළරොගයෙක් තුලුන් පැහැසැ ගණී. එක්තරා දළරෝගයෙකින් සමන්වාගත වූ ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් එකැතින් පව් නො කරණ ලදි. කැකුළුකම් නො කරණ ලදි. කිලිටිකම් නො කරණ ලදි. කලණකම් කරණ ලදි. කුසල් කරණ ලදි. බියට රකවල් කරණ ලදි. භවත්නි, පව් නො කළ, කැකුළුකම් නො කළ, කිලිටිකම් නො කළ, කලණකම් කළ, කුසල් කළ, බියට රැකවරණ කළ ඇත්තන්ගේ යම් ගතියෙක් ඇද්ද, පරලොව ඒ ගතියට යෙමි. හේ ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වලපි. අතින් ලය පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ නම් වෙයි. සන්ත්‍රාසයට නො වදුනේ නම් වෙයි.
පුන චපරං බ්‍රාහ්මණ ඉධෙකච්චො අකඞ්ඛී හොති අවෙචිකිච්ඡී නිට්ඨං ගතො සද්ධම්මෙ. තමෙනඤ්ඤතරො ගාළ්හො රොගාතඞ්කො ඵුසති. තස්සඤ්ඤතරෙන ගාළ්හෙන රොගාතඞ්කෙන ඵුට්ඨස්ස එවං හොති : අකඞ්ඛී වතම්හි අවෙචිකිච්ඡී නිට්ඨංගතො සද්ධම්මෙති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. අයම්පි ඛො බ්‍රාහ්මණ මරණධම්මො සමානො න භායති, න සන්තාසං ආපජ්ජති මරණස්ස.
තවද බමුණ, මෙලොව කිසිවෙක් බුද්ධාදීන් කෙරෙහි සැක නැතියේ වෙයි. විචිකිච්ඡා නැතියේ වෙයි. ශාසන සද්ධර්මයෙහි (උද්ග්රහපරිපෘච්ඡාදීන්) නිෂ්ඨාවට ගියේ වෙයි. එක්තරා දළරොගයෙක් තුලුන් පැහැසැ ගණී. එක්තරා දළරෝගයෙකින් යුක්ත වූ ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම බුද්ධාදීන් කෙරෙහි සැක නැතියෙමි. විචිකිච්ඡා නැතියෙමි. ශාසනසද්ධර්‍මයෙහි (උද්ග්රහණාදීන්) නිෂ්ඨාවට ගියෙම් වෙමි කියා යි. හේ ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. පරිදේවනා නො කෙරෙයි. අතින් ලය පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. බමුණ, මෙ ද මරණසැහැවි ඇතියේ මරණයට නො බානේ සතැව්ලියට නො පැමිණුනේ නම් වෙයි.
ඉමෙ ඛො බ්‍රාහ්මණ චත්තාරො මරණධම්මා සමානා න භායන්ති, න සන්තාසං ආපජ්ජන්ති මරණස්සාති.
බමුණ, මේ සතර දෙනා මරණ සැහැවි ඇත්තාහු මරණයට නො බති. සතැව්ලියට නො පැමිණෙත්.
අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා.