යෙදුමෙන් කියවන්න

ආනන්‍දසුත‍්තං

4. 4. 3. 4.

4. 4. 3. 4.

[ආනන්‍දසුත‍්තං]

[ආනන්‍ද සූත්‍රය]

24. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙනායස‍්මා මහාකොට‍්ඨිතො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාකොට‍්ඨිතෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං මහාකොට‍්ඨිතං එතදවොච :

24. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ:

ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථි ච නත්‍ථි චඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්‍ථි නො නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො.

ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, එසේ නො කියව” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.”

ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථි ච නත්‍ථි චඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්‍ථි නො නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. යථාකථම‍්පනාවුසො ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො දට‍්ඨබ‍්බොති?

ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේදැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මත්තෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්දැ නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නොකියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය දතයුතු වේ ද?

ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථි ච නත්‍ථි චඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්‍ථි නො නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති.

ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැයි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි මෙසේ කියනුයේ ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ වෙයි, නැත්තේ හෝ වෙයි, මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.

යාවතා ආවුසො ඡන‍්නං ඵස‍්සායතනානං ගති, තාවතා පපඤ‍්චස‍්ස ගති. යාවතා පපඤ‍්චස‍්ස ගති, තාවතා ඡන‍්නං ඵස‍්සායතනානං ගති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා පපඤ‍්චනිරොධො. පපඤ‍්චනිරොධා පපඤ‍්චවූපසමොති.

ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය යම්තාක් වේ ද, ඒතාක් ප්‍රපඤ්චයාගේ ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්චනිරෝධයෙන් ප්‍රපඤ්ච නිවීම වෙයි.