මහාකොට‍්ඨිකසුත‍්තං
4. 4. 3. 3.
4. 4. 3. 3.
[මහාකොට‍්ඨිතසුත‍්තං]
[මහාකොට්ඨිත සූත්‍රය]
23. අථ ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච :
23. එසඳ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථි ච නත්‍ථි චඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්‍ථි නො නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති? මාහෙවං ආවුසො.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.”
ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථි ච නත්‍ථි චඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්‍ථි නො නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති පුට‍්ඨො සමානො මාහෙවං ආවුසොති වදෙසි. යථා කථම‍්පනාවුසො ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො දට‍්ඨබ‍්බොති?
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නොකියව”යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්ද නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ දතයුතු වේ ද?
ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා අත්‍ථි ච නත්‍ථි චඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්‍ථි නො නත්‍ථඤ‍්ඤං කිඤ‍්චීති ඉති වදං අප‍්පපඤ‍්චං පපඤ‍්චෙති.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච (තණ්හා මාන දිට්ඨි විසින් විස්තර) නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂවිරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේත් නො වෙයි, නැත්තේත් නො වෙයි. මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.
යාවතා ආවුසො ඡන‍්නං ඵස‍්සායතනානං ගති තාවතා පපඤ‍්චස‍්ස ගති. යාවතා පපඤ‍්චස‍්ස ගති, තාවතා ඡන‍්නං ඵස‍්සායතනානං ගති. ඡන‍්නං ආවුසො ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා පපඤ‍්චනිරොධො, පපඤ‍්චනිරොධා පපඤ‍්චවූපසමො”ති.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය (විෂය) යම්තාක් වේ ද, ඒ තාක් ප්‍රපඤ්චයාගේ (තෘෂ්ණාදෘෂ්ටිමාන) ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාග නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්ච නිරෝධයෙන් ප්‍රපඤ්ච ව්‍යුපශමය වෙයි.