යෙදුමෙන් කියවන්න

පටිපදාසුත‍්තං

4. 4. 2. 1.

4. 4. 2. 1.

[පටිපදාසුත‍්තං]

[ප්‍රතිපදා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. චතස‍්සො ඉමා භික‍්ඛවෙ පටිපදා, කතමා චතස‍්සො?

11. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:

දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා. ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො පටිපදාති.

දුක් වූ පිළිවෙත් ඇති දන්‍ධ (ගුරුබැවින් ලැසි) වූ අභිඥා (අවබෝධ) ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර (ශීඝ්‍ර) වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති එකෙක. මහණෙනි, මේ ප්‍රතිපත් සතර යි.