දුතියපටිපදාසුත‍්තං
4. 4. 2. 2.
4. 4. 2. 2.
[දුතියපටිපදාසුත‍්තං]
[දෙවැනි ප්‍රතිපදා සූත්‍රය]
12. චතස‍්සො ඉමා භික‍්ඛවෙ පටිපදා. කතමා චතස‍්සො?
12. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා.
දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ශීඝ්‍රාභිඥා ඇති එකෙක.
කතමා ච භික‍්ඛවෙ දුක‍්ඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පකතියාපි තිබ‍්බරාගජාතිකො හොති. අභික‍්ඛණං රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ‍්බදොසජාතිකො හොති. අභික‍්ඛණං දොසජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ‍්බමොහජාතිකො හොති. අභික‍්ඛණං මොහජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි මුදූනි පාතුභවන‍්ති: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. සො ච ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං මුදුත‍්තා දන්‍ධං ආනන‍්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා.
මහණෙනි, දුක් පිළිවෙත් ඇති දන්‍ධාභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර (තියුණු) රාග ඇති වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂ ඇති වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහ ඇති වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හෙ ද මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික (අතර නැති ඒකක්‍ෂණික) මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ දුක‍්ඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පකතියාපි තිබ‍්බරාගජාතිකො හොති. අභික‍්ඛණං රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ‍්බදොසජාතිකො හොති. අභික‍්ඛණං දොසජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි තිබ‍්බමොහජාතිකො හොති. අභික‍්ඛණං මොහජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි අධිමත‍්තානි පාතුභවන‍්ති: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අධිමත‍්තත‍්තා ඛිප‍්පං ආනන‍්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා.
මහණෙනි, දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා නම් කවර? මහණෙනි, මෙ සස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික වෙයි. නිතර රාගයෙන් උපන් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥා යී කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පකතියාපි න තිබ‍්බරාගජාතිකො හොති. නාභික‍්ඛණං රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි න තිබ‍්බදොසජාතිකො හොති, නාභික‍්ඛණං දොසජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි න තිබ‍්බමොහජාතිකො හොති, නාභික‍්ඛණං මොහජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි මුදූනි පාතුභවන‍්ති: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං මුදුත‍්තා දන්‍ධං ආනන‍්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච‍්චති භික‍්ඛවෙ සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා.
මහණෙනි, සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය ... ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො පකතියාපි න තිබ‍්බරාගජාතිකො හොති. නාභික‍්ඛණං රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියාපි න තිබ‍්බදොසජාතිකො හොති. නාභික‍්ඛණං දොසජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති, පකතියාපි න තිබ‍්බමොහජාතිකො හොති. නාභික‍්ඛණං මොහජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි අධිමත‍්තානි පාතුභවන‍්ති: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අධිමත‍්තත‍්තා ඛිප‍්පං ආනන‍්තරියං පාපුණාති ආසවානං ඛයාය. අයං වුච‍්චති භික‍්ඛවෙ සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා.
මහණෙනි, සුව පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට වහා පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා යී කියනු ලැබේ.
ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො පටිපදාති.
මහණෙනි, මේ සතර ප්‍රතිපත් ය.