යෙදුමෙන් කියවන්න

ධම‍්මකථිකසුත‍්තං

4. 3. 4. 9.

4. 3. 4. 9.

[ධම‍්මකථිකසුත‍්තං]

[ධම්මකථික සූත්‍රය]

39. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ධම‍්මකථිකා. කතමෙ චත‍්තාරො?

39. මහණෙනි. මේ ධර්‍මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො ධම‍්මකථිකො අප‍්පං ච භාසති අසහිතඤ‍්ච. පරිසා ච න කුසලා හොති සහිතාසහිතස‍්ස. එවරූපො භික‍්ඛවෙ ධම‍්මකථිකො එවරූපාය පරිසාය ධම‍්මකථිකොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්‍ත්‍ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ හෝ බසට අදක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො ධම‍්මකථිකො අප‍්පඤ‍්ච භාසති සහිතඤ‍්ච, පරිසා ච කුසලා හොති සහිතාසහිතස‍්ස. එවරූපො භික‍්ඛවෙ ධම‍්මකථිකො එවරූපාය පරිසාය ධම‍්මකථිකොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්‍ත්‍ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂපිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො ධම‍්මකථිකො බහුඤ‍්ච භාසති අසහිතඤ‍්ච. පරිසා ච න කුසලා හොති සහිතාසහිතස‍්ස. එවරූපො භික‍්ඛවෙ ධම‍්මකථිකො එවරූපාය පරිසාය ධම‍්මකථිකොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් බොහෝ කොට ද අර්‍ත්‍ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ නො වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි ‘ධර්‍මකථිකයෙක් ම ය’යි ගණයට යේ.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො ධම‍්මකථිකො බහුඤ‍්ච භාසති සහිතඤ‍්ච. පරිසා ච කුසලා හොති සහිතාසහිතස‍්ස. එවරූපො භික‍්ඛවෙ ධම‍්මකථිකො එවරූපාය පරිසාය ධම‍්මකථිකොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් බොහෝ කොට ද අර්‍ත්‍ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ධම‍්මකථිකාති.

මහණෙනි, මේ සතර ධර්‍මකථිකයෝ යි.