නිකට‍්ඨපුග‍්ගලසුත‍්තං
4. 3. 4. 8.
4. 3. 4. 8.
[නිකට‍්ඨපුග‍්ගලසුත‍්තං]
[නිකට්ඨපුග්ගල සූත්‍රය]
38. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
නිකට‍්ඨකායො අනිකට‍්ඨචිත‍්තො. අනිකට‍්ඨකායො නිකට‍්ඨචිත‍්තො. අනිකට‍්ඨකායො ච අනිකට‍්ඨචිත‍්තො ච. නිකට‍්ඨකායො ච නිකට‍්ඨචිත‍්තො ච.
(වෙනෙන්) ඇද ගත් කය ඇත්තේ (වනයට) වැද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය. ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ද ඇත්තේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො නිකට‍්ඨකායො හොති අනිකට‍්ඨචිත‍්තො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්‍ථ කාමවිතක‍්කම‍්පි විතක‍්කෙති, ව්‍යාපාදවිතක‍්කම‍්පි විතක‍්කෙති, විහිංසාවිතක‍්කම‍්පි විතක‍්කෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො නිකට‍්ඨකායො හොති අනිකට‍්ඨචිත‍්තො.
මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍ය සෙනසුන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද, සෙවුනේ ය. හේ එහි ලා කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. ව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. විහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇදගත්, කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අනිකට‍්ඨකායො හොති නිකට‍්ඨචිත‍්තො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො නහෙව ඛො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්‍ථ නෙක‍්ඛම‍්මවිතක‍්කම‍්පි විතක‍්කෙති අබ්‍යාපාදවිතක‍්කම‍්පි විතක‍්කෙති, අවිහිංසාවිතක‍්කම‍්පි විතක‍්කෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අනිකට‍්ඨකායො හොති නිකට‍්ඨචිත‍්තො.
මහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද නො ම සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්ම විතර්‍කය ද, විතර්‍කණය කෙරෙයි, අව්‍යාපාද විතර්‍කය ද විතර්‍කණය කෙරෙයි, අවිහිංසා විතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අනිකට‍්ඨකායො ච හොති අනිකට‍්ඨචිත‍්තො ච? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො න හෙව ඛො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්‍ථ කාමවිතක‍්කම‍්පි විතක‍්කෙති, බ්‍යාපාදවිතක‍්කම‍්පි විතක‍්කෙති, විහිංසාවිතක‍්කම‍්පි විතක‍්කෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අනිකට‍්ඨකායො ච හොති අනිකට‍්ඨචිත‍්තො ච.
මහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද නොම සෙවුනේ ය. හේ එහි කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කණය ද විතර්‍කණය කෙරෙයි. විහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය.
කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො නිකට‍්ඨකායො ච හොති නිකට‍්ඨචිත‍්තො ච? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවති. සො තත්‍ථ නෙක‍්ඛම‍්මවිතක‍්කම‍්පි විතක‍්කෙති, අබ්‍යාපාදවිතක‍්කම‍්පි විතක‍්කෙති, අවිහිංසාවිතක‍්කම‍්පි විතක‍්කෙති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො නිකට‍්ඨකායො ච හොති නිකට‍්ඨචිත‍්තො ච.
මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්මවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. අව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. අවිහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ද වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.