පරිපූරකාරීපුග‍්ගලසුත‍්තං
4. 3. 4. 6.
4. 3. 4. 6.
[පරිපූරකාරීපුග‍්ගලසුත‍්තං]
[පරිපූරකාරීපුග්ගල සූත්‍රය]
36. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
36. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලෙසු න පරිපූරකාරී හොති, සමාධිස‍්මිං න පරිපූරකාරී, පඤ‍්ඤාය න පරිපූරකාරී. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං න පරිපූරකාරී, පඤ‍්ඤාය න පරිපූරකාරී. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය න පරිපූරකාරී. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය පරිපූරකාරී.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී නො වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී වේ.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 4. 7.
4. 3. 4. 7.
[ගරුපුග‍්ගලසුත‍්තං]
[ගරුපුග්ගල සූත්‍රය]
37. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
37. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො න සීලගරු හොති න සීලාධිපතෙය්‍යො. න සමාධිගරු හොති න සමාධාධිපතෙය්‍යො. න පඤ‍්ඤාගරු හොති න පඤ‍්ඤාධිපතෙය්‍යො.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක නො වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද නො වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලගරු හොති සීලාධිපතෙය්‍යා. න සමාධිගරු හොති න සමාධාධිපතෙය්‍යො. න පඤ‍්ඤාගරු හොති න පඤ‍්ඤාධිපතෙය්‍යො.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලගරු හොති සීලාධිපතෙය්‍යො, සමාධිගරු හොති සමාධාධිපතෙය්‍යො, න පඤ‍්ඤාගරු හොති න පඤ‍්ඤාධිපතෙය්‍යො.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ, සමාධිය අධිපති කොට ඇත්තේ ද වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ ද නො වේ.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලගරු හොති සීලාධිපතෙය්‍යො, සමාධිගරු හොති සමාධාධිපතෙය්‍යො, පඤ‍්ඤාගරු හොති පඤ‍්ඤාධිපතෙය්‍යො.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ. සමාධිය අධිපති කොට ඇත්තේ වේ. ප්‍රඥාගරුක වේ. ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වේ.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.