යෙදුමෙන් කියවන්න

වජ‍්ජපුග‍්ගලසුත‍්තං

4. 3. 4. 5.

4. 3. 4. 5.

[වජ‍්ජපුග‍්ගලසුත‍්තං]

[වජ්ජපුග්ගල සූත්‍රය]

35. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

35. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

සාවජ‍්ජො, වජ‍්ජබහුලො, අප‍්පවජ‍්ජො, අනවජ‍්ජො.

සාවද්‍යය, වද්‍යබහුලය, අල්පවද්‍යය, අනවද්‍ය යි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සාවජ‍්ජො හොති? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සාවජ‍්ජෙන කායකම‍්මෙන සමන‍්නාගතො හොති, සාවජ‍්ජෙන වචීකම‍්මෙන සමන‍්නාගතො හොති, සාවජ‍්ජෙන මනොකම‍්මෙන සමන‍්නාගතො හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සාවජ‍්ජො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල සාවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාවද්‍ය වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො වජ‍්ජබහුලො හොති? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සාවජ‍්ජෙන බහුලං කායකම‍්මෙන සමන‍්නාගතො හොති, අප‍්පං අනවජ‍්ජෙන. සාවජ‍්ජෙන බහුලං වචීකම‍්මෙන සමන‍්නාගතො හොති, අප‍්පං අනවජ‍්ජෙන. සාවජ‍්ජෙන බහුලං මනොකම‍්මෙන සමන‍්නාගතො හොති, අප‍්පං අනවජ‍්ජෙන. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො වජ‍්ජබහුලො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල වද්‍යබහුල වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝසෙයින් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය කායකර්‍මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය වාක්කර්‍මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය මනඃකර්‍මයෙන් අල්පකොට ය. මහණෙනි, මෙසේ පුද්ගල වද්‍යබහුල වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අප‍්පවජ‍්ජො හොති? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අනවජ‍්ජෙන බහුලං කායකම‍්මෙන සමන‍්නාගතො හොති, අප‍්පං සාවජ‍්ජෙන. අනවජ‍්ජෙන බහුලං වචීකම‍්මෙන සමන‍්නාගතො හොති, අප‍්පං සාවජ‍්ජෙන. අනවජ‍්ජෙන බහුලං මනොකම‍්මෙන සමන‍්නාගතො හොති, අප‍්පං සාවජ‍්ජෙන. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අප‍්පවජ‍්ජො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල අල්පවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්‍ය කායකර්‍මයෙන් බහුලකොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය කායකර්‍මයෙන් අල්ප කොට ය. අනවද්‍ය වාක්කර්‍මයෙන් බහුල කොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් අල්ප කොට ය. අනවද්‍ය මනඃකර්‍මයෙන් බහුල කොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් අල්ප කොට ය. මහණෙනි, මෙසේ පුද්ගල අල්පවද්‍ය වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අනවජ‍්ජො හොති? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අනවජ‍්ජෙන කායකම‍්මෙන සමන‍්නාගතො හොති, අනවජ‍්ජෙන වචීකම‍්මෙන සමන‍්නාගතො හොති, අනවජ‍්ජෙන මනොකම‍්මෙන සමන‍්නාගතො හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අනවජ‍්ජො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල අනවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අනවද්‍ය වේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.