උදකොරොහභයසුත‍්තං
4. 3. 3. 2.
4. 3. 3. 2.
[උදකොරොහභයසුත‍්තං]
[උදකොරෝගභය සූත්‍රය]
22. චත‍්තාරිමානි භික‍්ඛවෙ භයානි උදකොරොහන‍්තස‍්ස පාටිකඞ‍්ඛිතබ‍්බානි. කතමානි චත‍්තාරි? ඌමිභයං, කුම‍්භීලභයං, ආවට‍්ටභයං, සුසුකාභයං. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි භයානි උදකොරොහන‍්තස‍්ස පාටිකඞ‍්ඛිතබ‍්බානි.
22. මහණෙනි, දියට බස්නහුට මේ භීතීහු සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: රළ බිය, කිඹුල් බිය, සුළි බිය, සැඩමස් බිය යි. මහණෙනි, දියට බස්නහුව මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ.
එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චස‍්ස කුලපුත‍්තස‍්ස ඉමස‍්මිං ධම‍්මවිනයෙ සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො චත‍්තාරිමානි භයානි පාටිකඞ‍්ඛිතබ‍්බානි. කතමානි චත‍්තාරි? ඌමිභයං, කුම‍්භීලභයං, ආවට‍්ටභයං, සුසුකාභයං.
මහණෙනි, එපරිදි ම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මේ ශාසනයෙහි පැවිදි වන ඇතැම් කුලපුත්‍රයකුට මේ සතර භීතීහු කැමැති විය යුත්තාහ. කවර සතර භීතීහු ය යත්: ඌමිභය, කුම්භීලභය, ආවට්ටභය, සුසුකාභය යි.
කතමඤ‍්ච භික‍්ඛවෙ ඌමිභයං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති “ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරා, මරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො, අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා”ති.
මහණෙනි, ඌමිභය නම් කවරේය යත්: මහණෙනි, “ජාතිවිසිනුදු ජරාමරණවිසිනුදු ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසිනිදු අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක් විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි. මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
තමෙනං තථා පබ‍්බජිතං සමානං සබ්‍රහ‍්මචාරී ඔවදන‍්ති අනුසාසන‍්ති : “එවං තෙ අභික‍්කමිතබ‍්බං. එවං තෙ පටික‍්කමිතබ‍්බං. එවං තෙ ආලොකෙතබ‍්බං. එවං තෙ විලොකෙතබ‍්බං. එවං තෙ සමිඤ‍්ජිතබ‍්බං. එවං තෙ පසාරිතබ‍්බං. එවං තෙ සඞ‍්ඝාටිපත‍්තචීවරං ධාරෙතබ‍්බන‍්ති.”
එසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කෙරෙත්, අනුශාසනා කෙරෙත්: “තොප විසින් මෙසේ පෙරට යා යුතුය. තොප විසින් මෙසේ වටාලා ආ යුතුය. තොප විසින් මෙසේ ඉදිරි බැලිය යුතුය. තොප විසින් මෙසේ හාත්පස බැලිය යුතුය. තොප විසින් මෙසේ අත් පා වක්කළ යුතුය. තොප විසින් මෙසේ අත් පා දිගු කළ යුතුය. තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරිය යුතුය” කියා යි.
තස‍්ස එවං හොති : “මයං ඛො පුබ‍්බෙ අගාරියභූතා සමානා අඤ‍්ඤෙ ඔවදාමපි අනුසාසාමපි. ඉමෙ පනම‍්හාකං පුත‍්තමත‍්තා මඤ‍්ඤෙ, නත‍්තමත‍්තා මඤ‍්ඤෙ, ඔවදිතබ‍්බං අනුසාසිතබ‍්බං මඤ‍්ඤන‍්තී”ති. සො කුපිතො අනත‍්තමනො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු ඌමිභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. ඌමිභයන‍්ති ඛො භික‍්ඛවෙ කොධුපායාසස‍්සෙතං අධිවචනං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ඌමිභයං.
ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි ගිහි වූවමෝ සෙස්සනට අවවාදත් කරමෝ වම්හ, අනුශාසනාත් කරමෝ වම්හ. මොහු වනාහි අපගේ පුත්‍රමාත්‍රයන් බන්දහ, මුණුපුරන් බන්දහ. (එහෙත් අප) අවවාද කළ යුතු කොට අනුශාසනා කළ යුතු කොට හඟිති” යි. හේ කිපියේ නොසතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මේ මහණ ඌමිභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට පෙරළා වැටුනේ ය යි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ-උපායාසයට තෙල නමෙකි. මහණෙනි, මේ ඌමිභය යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ කුම‍්භීලභයං: ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති “ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො, අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා”ති.
මහණෙනි, කුම්භීලභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් මැඩුනෙම් වෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ අවසන් කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි.
තමෙනං තථා පබ‍්බජිතං සමානං සබ්‍රහ‍්මචාරී ඔවදන‍්ති අනුසාසන‍්ති : “ඉදං තෙ ඛාදිතබ‍්බං, ඉදං තෙ න ඛාදිතබ‍්බං, ඉදං තෙ භුඤ‍්ජිතබ‍්බං, ඉදං තෙ න භුඤ‍්ජිතබ‍්බං, ඉදං තෙ සායිතබ‍්බං, ඉදං තෙ න සායිතබ‍්බං, ඉදං තෙ පාතබ‍්බං, ඉදං තෙ න පාතබ‍්බං. කප‍්පියං තෙ ඛාදිතබ‍්බං, අකප‍්පියං තෙ න ඛාදිතබ‍්බං, කප‍්පියං තෙ භුඤ‍්ජිතබ‍්බං, අකප‍්පියං තෙ න භුඤ‍්ජිතබ‍්බං, කප‍්පියං තෙ සායිතබ‍්බං, අකප‍්පියං තෙ න සායිතබ‍්බං, කප‍්පියං තෙ පාතබ‍්බං, අකප‍්පියං තෙ න පාතබ‍්බං, කාලෙ තෙ පාතබ‍්බං, විකාලෙ තෙ පාතබ‍්බං, කාලෙ තෙ ඛාදිතබ‍්බං, විකාලෙ තෙ න ඛාදිතබ‍්බං, කාලෙ තෙ භුඤ‍්ජිතබ‍්බං, විකාලෙ තෙ න භුඤ‍්ජිතබ‍්බං, කාලෙ තෙ සායිතබ‍්බං, විකාලෙ තෙ න සායිතබ‍්බන‍්ති.”
එසේ පැවිදි වූ තෙල මුහුට සබ්‍රම්සරු අවවාද කරත්, අනුශාසනා කරත්. “මේ තොප විසින් කෑ යුතුය, මේ තොප විසින් නො කෑ යුතුය, මේ තොප විසින් බිදිය යුතුය, මේ තොප විසින් නො බිදිය යුතුය, මේ තොප විසින් ආස්වාද කළ යුතුය, මේ තොප විසින් ආස්වාද නො කළ යුතුය, මේ තොප විසින් පිය යුතුය, මේ තොප විසින් නො පිය යුතුය, තොප විසින් කැප දෑ කෑ යුතුය. තොප විසින් නො කැප දෑ නො කෑ යුතුය. තොප විසින් කැප දෑ බිදිය යුතුය, තොප විසින් නො කැප දෑ නො බිදිය යුතුය, තොප විසින් කැප දෑ ආස්වාද කට යුතුය, තොප විසින් නො කැප දෑ ආස්වාද නො කට යුතුය, තොප විසින් කැප දෑ පිය යුතුය, තොප විසින් නො කැප දෑ නො පිය යුතුය, තොප විසින් නිසි කාලයෙහි පිය යුතුය, තොප විසින් විකාලයෙහි නො පිය යුතුය, තොප විසින් කාලයෙහි කෑ යුතුය, තොප විසින් විකාලයෙහි නො කෑ යුතුය, තොප විසින් කාලයෙහි බිදිය යුතුය, තොප විසින් විකාලයෙහි නො බිදිය යුතුය, තොප විසින් කාලයෙහි ආස්වාද කටයුතුය, තොප විසින් විකාලයෙහි ආස්වාද නො කට යුතුය” කියා යි.
තස‍්ස එවං හොති : “මයං ඛො පුබ‍්බෙ අගාරියභූතා සමානා යං ඉච‍්ඡාම තං ඛාදාම, යං න ඉච‍්ඡාම තං න ඛාදාම, යං ඉච‍්ඡාම තං භුඤ‍්ජාම, යං න ඉච‍්ඡාම තං න භුඤ‍්ජාම, යං ඉච‍්ඡාම තං සායාම. යං න ඉච‍්ඡාම න තං සායාම, යං ඉච‍්ඡාම තං පිබාම, යං න ඉච‍්ඡාම තං න පිබාම, කප‍්පියම‍්පි ඛාදාම, අකප‍්පියම‍්පි ඛාදාම, කප‍්පියම‍්පි භුඤ‍්ජාම, අකප‍්පියම‍්පි භුඤ‍්ජාම, කප‍්පියම‍්පි සායාම, අකප‍්පියම‍්පි සායාම, කප‍්පියම‍්පි පිබාම, අකප‍්පියම‍්පි පිබාම, කාලෙපි ඛාදාම, විකාලෙපි ඛාදාම, කාලෙපි භුඤ‍්ජාම, විකාලෙපි භුඤ‍්ජාම, කාලෙපි සායාම, විකාලෙපි සායාම, කාලෙපි පිබාම, විකාලෙපි පිබාම. යම‍්පි නො සද‍්ධා ගහපතිකා දිවා විකාලෙ පණීතං ඛාදනීයං වා භොජනීයං වා දෙන‍්ති, තත්‍රාපිමෙ මුඛාවරණං මඤ‍්ඤෙ කරොන‍්තී”ති. සො කුපිතො අනත‍්තමනො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු කුම‍්භීලභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. කුම‍්භීලභයන‍්ති ඛො භික‍්ඛවෙ ඔදරිකත‍්තස‍්සෙතං අධිවචනං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කුම‍්භීලභයං.
ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “අපි පෙර ගිහි වූවමෝ යමක් කැමැත්තමෝ නම් එය කම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ. යමක් කැමැත්තමෝ නම් එය බිදිම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බිදිම්හ. යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය ආස්වාද නොකරම්හ. යමක් කැමැත්තමෝ නම් එය බොම්හ. යමක් නො කැමැත්තමෝ නම් එය නො බොම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ. කැප දැය ද බිදිම්හ, අකැප දැය ද බිදිම්හ. කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ. කැප දැය ද බොම්හ, අකැප දැයද බොම්හ. කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ. කාලයෙහි ද බිදිම්හ, විකාලයෙහි ද බිදිම්හ, කාලයෙහි දු ආස්වාද කරම්හ, විකාලයෙහි ද ආස්වාද කරම්හ. කාලයෙහි ද බොම්හ, විකාලයෙහි ද බොම්හ. සැදැහැති ගෙහෙවිහු දාවල විකාලයෙහිත් අපට යම් පිණී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් දෙත් ද, එහිත් මොහු මුඛාවරණ කරණවුන් බන්දහ” යි හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට පෙරළා වැටෙයි. මහණෙනි, මෙ මහණ කුම්භීලභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට පෙරළා වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, කුම්භීලභය යනු මහොදරභාවයට (බොහෝකනුවට) තෙල නමෙකි. මහණෙනි, මේ කුම්භීභය යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ ආවට‍්ටභයං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති “ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො. අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා”ති. සො එවං පබ‍්බජිතො සමානො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති අරක‍්ඛිතෙනෙව කායෙන අරක‍්ඛිතාය වාචාය අරක‍්ඛිතෙන චිත‍්තෙන අනුපට‍්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහි. සො තත්‍ථ පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගීභූතං පරිචාරයමානං. තස‍්ස එවං හොති : “මයං ඛො පුබ‍්බෙ අගාරියභූතා සමානා පඤ‍්චහි කාම ගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගීභූතා පරිචාරිම‍්හ. සංවිජ‍්ජන‍්තෙ ඛො පන මෙ කුලෙ භොගා. සක‍්කා භොගෙ ච භුඤ‍්ජිතුං පුඤ‍්ඤානි ච කාතුං. යන‍්නූනාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිත්‍වා භොගෙ ච භුඤ‍්ජෙය්‍යං පුඤ‍්ඤානි ච කරෙය්‍යන‍්ති.” සො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු ආවට‍්ටභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. ආවට‍්ටභයන‍්ති ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ආවට‍්ටභයං.
මහණෙනි, ආවට්ටභය නම් කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසවිසින් අවතීර්‍ණයෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවලදුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීම පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැකි වූ ම කයින් නො රැකි වචනයෙන් නො රැකි සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණෙන් සමර්පිත සමන්‍විත ඉඳුරන් පිණවන ගොවියකු හෝ ගොවියා පුතකු හෝ දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: අපි පෙර ගිහි වූවමෝ පස්කම් ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිණවූම්හ. මාගේ කුලයෙහි භෝගයෝ විද්‍යමානයහ. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකිය. ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහිගෙට වැටී භෝගයන් වළඳම් නම් පින් ද කෙරෙම් නම් මැනැව” කියා යි. හෙ ශික්‍ෂාව හැර පියා ගිහිගෙට වටාලා වැටෙයි. මහණෙනි, මේ මහණ ආවට්ටභයෙන් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, ආවට්ටභය යනු පස්කම් ගුණයට තෙල නමෙකි. මහණෙනි, මේ ආවට්ටභය යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ සුසුකාභයං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති “ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණොදුක‍්ඛපරෙතො. අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා”ති.
මහණෙනි, සුසුකාභය නම් කවරේය යත්: මහණෙනි, මෙලොව ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතිවිසින් ජරාමරණවිසින් ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යඋපායාසවිසින් අවතීර්‍ණ වෙමි. දුකට බටුයෙමි. දුක්විසින් පෙළුනෙමි. මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ අවසානය පැණේ නම් මනා නම් නු” යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වැදුනේ වෙයි.
සො එවං පබ‍්බජිතො සමානො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති අරක‍්ඛිතෙනෙව කායෙන අරක‍්ඛිතාය වාචාය අරක‍්ඛිතෙන චිත‍්තෙන අනුපට‍්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහි. සො තත්‍ථ පස‍්සති මාතුගාමං දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා. තස‍්ස මාතුගාමං දිස‍්වා දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා රාගොචිත‍්තං අනුද‍්ධංසෙති. සො රාගානුද‍්ධංසිතෙන චිත‍්තෙන සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු සුසුකාභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. සුසුකාභයන‍්ති ඛො භික‍්ඛවෙ මාතුගාමස‍්සෙතං අධිවචනං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ සුසුකාභයං.
හේ මෙසේ පැවිදි වූයේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ නො රැක ගත් කයින්, නො රැක ගත් වචනයෙන්, නො රැක ගත් සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් යුක්ත ව පිඬු පිණිස පිවිසෙයි. හේ එහි දී වසඩක් නොවසා හැඳගත් වසඩක් නොවසා පෙරව ගත් මාගමක් දක්නේ ය. වසඩක් නොවසා හැඳි වසඩක් නොවසා පෙරවි මාගම දැක්මෙන් ඔහුගේ සිත රාගය පුන පුනා පෙළයි. හේ රාගයා විසින් පෙළුනු සිතින් ශික්‍ෂාව හැර ගිහිගෙට වැටෙයි. මහණෙනි, මේ මහණ සුසුකාභයින් බිය වූයේ ශික්‍ෂාව හැර ගිහිගෙට වැටිනැ යි කියනු ලැබේ. මහණෙනි, සුසුකාභය යනු මාගමට තෙල නමෙකි. මහණෙනි, මේ සුසුකාභය යි කියනු ලැබේ.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි භයානි ඉධෙකච‍්චස‍්ස කුලපුත‍්තස‍්ස ඉමස‍්මිං ධම‍්මවිනයෙ සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතස‍්ස පාටිකඞ‍්ඛිතබ‍්බානීති.
මහණෙනි, මේ සතර භීතීහු සැදැහැයෙන් ගිහිගෙන් නික්ම මෙසස්නෙහි පැවිද්දට පැමිණි කුලපුත්‍රයා විසින් කැමැති විය යුත්තාහ.