යෙදුමෙන් කියවන්න

4. මචලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. මචල වර්ගය

1-5. පාණාතිපාතිසුත‍්තාදිවණ‍්ණනා

1-5. පාණාතිපාතී ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථස‍්ස පඨමාදීනි උත‍්තානත්‍ථානෙව. පඤ‍්චමෙ “නීචෙ කුලෙ පච‍්චාජාතො”තිආදිකෙන තමෙන යුත‍්තොති තමො. කායදුච‍්චරිතාදීහි පුන නිරයතමූපගමනතො තමපරායණො. ඉති උභයෙනපි ඛන්‍ධතමොව කථිතො හොති. “අඩ‍්ඪෙ කුලෙ පච‍්චාජාතො”තිආදිකෙන ජොතිනා යුත‍්තතො ජොති, ආලොකභූතොති වුත‍්තං හොති. කායසුචරිතාදීහි පුන සග‍්ගුප‍්පත‍්තිජොතිභාවූපගමනතො ජොතිපරායණො. ඉමිනා නයෙන ඉතරෙපි ද‍්වෙ වෙදිතබ‍්බා.

සතරවැනි වර්ගයේ පළමු සූත්‍රාදිය පැහැදිලි අරුත් ඇත්තේමය, පස්වැන්නෙහි පහත් කුලයෙහි උපන්නේය යනාදී අඳුරෙන් යුක්තවූයේයි තමො නමි. කායදුශ්චරිතාදියෙන් නිරයට එළඹීමෙන් තම්පරායනො නමි, මෙසේ මේ දෙකින්ම ස්කන්ධ අන්ධකාරය කියන ලදි. ආඪ්‍ය කුලයෙහි උපන්නේය යනාදී වූ බැබලීමෙන් යුතුවූයේ ජොති නමි, ආලෝකවත් වූයේයි කියන ලද්දේ වෙයි. කාය සුචරිතාදිය නිසා ස්වර්‍ගයෙහි ඉපදීම නමැති ආලෝකවත් බවට එළැඹීමෙන් ජොතිපරායනො නමි, මේ ක්‍රමයෙන් ඉතිරි දෙක ද දතයුතුය,

වෙනකුලෙති විලීවකාරකුලෙ. නෙසාදකුලෙති මිගලුද‍්දකාදීනං කුලෙ. රථකාරකුලෙති චම‍්මකාරකුලෙ. පුක‍්කුසකුලෙති පුප‍්ඵඡඩ‍්ඩකකුලෙ. කසිරවුත‍්තිකෙති දුක‍්ඛවුත‍්තිකෙ. දුබ‍්බණ‍්ණොති පංසුපිසාචකො විය ඣාමඛාණුවණ‍්ණො. දුද‍්දසිකොති විජාතමාතුයාපි අමනාපදස‍්සනො. ඔකොටිමකොති ලකුණ‍්ඩකො. කාණොති එකච‍්ඡිකාණො වා උභයච‍්ඡිකාණො වා. කුණීති එකහත්‍ථකුණී වා උභයහත්‍ථකුණී වා. ඛඤ‍්ජොති එකපාදඛඤ‍්ජො වා උභයපාදඛඤ‍්ජො වා. පක‍්ඛහතොති හතපක‍්ඛො පීඨසප‍්පී. පදීපෙය්‍යස‍්සාති තෙලකපල‍්ලාදිනො දීපඋපකරණස‍්ස. එවං ඛො, භික‍්ඛවෙති එත්‍ථ එකො පුග‍්ගලො බහිද‍්ධා ආලොකං අදිස‍්වා මාතු කුච‍්ඡිම‍්හියෙව කාලං කත්‍වා අපායෙසු නිබ‍්බත‍්තන‍්තො සකලම‍්පි කප‍්පං සංසරති. සොපි තමොතමපරායණොව. සො පන කුහකපුග‍්ගලො භවෙය්‍ය. කුහකස‍්ස හි එවරූපා නිප‍්ඵත‍්ති හොතීති වුත‍්තං.

වෙන කුලෙ යනු කුළුපොතු කුලයෙහියි, නෙසාදකුලෙ යනු මුව වැද්දන්ගේ කුලයෙහියි, රථාකාරකුලෙ යනු සම්කරුවන්ගේ කුලයෙහියි, පුක්කුසකුලෙ යනු කසළ ඉවත් කරන්නන්ගේ කුලයෙහියි, කසිරවුත්තිකෙ යනු දුෂ්කර රැකියා කරන්නවුන්ය, දුබ්බණ්ණො යනු පාංශු පිසාචයකු මෙන් දැවුණු කණුවක පැහැය ඇත්තේයි, දුදදසසිකො යනු වැදූ මවට ද අමනාප වූ දැකුම් ඇත්තේයි, ඔකොටිමකො යනු මිට්ටායි, කාණො යනු එකැස් කණා හෝ දෑස් කණා හෝයි, කුණී යනු එක් අතක් කොර වූ හෝ දෑත කොරවූ හෝ තැනැත්තායි, ඛඤ්ජො යනු එක් පයක් කොරවූ හෝ දෙපය කොරවූ තැනැත්තායි, පක්ඛහතො යනු පැත්තක් නැසුණු තැනැත්තේ, ඇවිදීමට නොහැකිවූයේයි. පදීපෙය්‍යස්ස තෙල් කබලු ආදී පහන් උපකරණයෝයි, එවං ඛො භික්ඛවෙ යනු මෙහි එක් පුද්ගලයෙක් පිටත ආලෝකය නොදැක මවුකුසෙහිදීම කළුරිය කොට අපායන්හි උපදින්නේ සියලු කල්පයම සැරිසරයි, හෙතෙම අඳුරෙන් අඳුරම පිහිට කරගන්නායි, හෙතෙම කුහක පුද්ගලයෙක් වන්නේය, කුහකයාට මෙබඳු උපතක් වේයි කියන ලදි.

එත්‍ථ ච “නීචෙ කුලෙ”තිආදීහි ආගමනවිපත‍්ති චෙව පච‍්චුප‍්පන‍්නපච‍්චයවිපත‍්ති ච දස‍්සිතා. “දලිද‍්දෙ”තිආදීහි පවත‍්තපච‍්චයවිපත‍්ති, “කසිරවුත‍්තිකෙ”තිආදීහි ආජීවුපායවිපත‍්ති, “දුබ‍්බණ‍්ණො”තිආදීහි අත‍්තභාවවිපත‍්ති, “බහ‍්වාබාධො”තිආදීහි දුක‍්ඛකාරණසමායොගො, “න ලාභී”තිආදීහි සුඛකාරණවිපත‍්ති චෙව උපභොගවිපත‍්ති ච, “කායෙන දුච‍්චරිත”න‍්තිආදීහි තමපරායණභාවස‍්ස කාරණසමායොගො, “කායස‍්ස භෙදා”තිආදීහි සම‍්පරායිකතමූපගමො. සුක‍්කපක‍්ඛො වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බො.

මෙහිද “පහත් කුලයෙහි” ආදියෙන් පැමිණෙන විපත් මෙන්ම අනාගත හේතු විපත ද දක්වන ලදි. “දළිද්දෙ” යනාදියෙන් පැවති හේතු විපත ද “කසිරවුත්තිකෙ” යනාදියෙන් ජීවනෝපාය විපත්තිය ද දුබ්බණ්ණො යනාදියෙන් ආත්මභාව විපත්තිය ද “බව්හාබාධො” යනාදියෙන් දුකට හේතු එක්වීම ද “නලභති” ආදියෙන් සැපතට හේතු විනාශය මෙන්ම උපභොග විනාශය ද “කායෙන දුච්චරිතං” යනාදියෙන් අඳුර පිහිට කොට ඇති බවට කරුණු එකතුවීම ද “කායස්සභෙදා” යනාදියෙන් පරලොව අඳුර එළඹීම ද දක්වන ලදි. කියන ලද්දට විරුද්ධ ක්‍රමයෙන් යහපත් වූ පැත්ත දතයුතුය.

6. ඔනතොනතසුත‍්තවණ‍්ණනා

6. ඔනතොනත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ඔණතොණතොති ඉදානි නීචකො ආයතිම‍්පි නීචකො භවිස‍්සති. ඔණතුණ‍්ණතොති ඉදානි නීචො ආයතිං උච‍්චො භවිස‍්සති. උණ‍්ණතොණතොති ඉදානි උච‍්චො ආයතිං නීචො භවිස‍්සති. උණ‍්ණතුණ‍්ණතොති ඉදානි උච‍්චො ආයතිම‍්පි උච‍්චො භවිස‍්සති. විත්‍ථාරො පන නෙසං පුරිමසුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

සයවැන්නෙහි ඔණතොණතො යනු දැන් පහත් තැනැත්තේ අනාගතයෙහි ද පහත්වූවෙක්ම වන්නේය. ඔණතුණ්ණතො යනු දැන් පහත් තැනැත්තේ අනාගතයෙහි උසස් වූවෙක් වන්නේය, උණ්ණතොණතො යන දැන් උසස් තැනැතත්තේ අනාගතයෙහි පහත්වූවෙක් වන්නේය, උණ්ණතුණ්ණතො යනු දැන් උසස් තැනැත්තේ අනාගතයෙහි ද උසස්වූවෙක් වන්නේයයි මොවුන්ගේ විස්තරය මුල් සුත්‍රයේ ක්‍රමයෙන්ම දතයුතුය.

7. සමණමචල - පුත‍්තසුත‍්තවණ‍්ණනා

7. සමාණමචල - පුත්ත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සමණමචලොති සමණඅචලො, මකාරො පදසන්‍ධිකරො, නිච‍්චලසමණොති අත්‍ථො. ඉමිනා සත‍්තවිධම‍්පි සෙඛං දස‍්සෙති. සො හි සාසනෙ මූලජාතාය සද‍්ධාය පතිට‍්ඨිතත‍්තා අචලො නාම. සමණපුණ‍්ඩරීකොති පුණ‍්ඩරීකසදිසො සමණො. පුණ‍්ඩරීකං නාම ඌනසතපත‍්තං සරොරුහං. ඉමිනා සුක‍්ඛවිපස‍්සකඛීණාසවං දස‍්සෙති. සො හි ඣානාභිඤ‍්ඤානං අභාවෙන අපරිපුණ‍්ණගුණත‍්තා සමණපුණ‍්ඩරීකො නාම හොති. සමණපදුමොති පදුමසදිසො සමණො. පදුමං නාම පරිපුණ‍්ණසතපත‍්තං සරොරුහං. ඉමිනා උභතොභාගවිමුත‍්තං ඛීණාසවං දස‍්සෙති. සො හි ඣානාභිඤ‍්ඤානං භාවෙන පරිපුණ‍්ණගුණත‍්තා සමණපදුමො නාම හොති. සමණෙසු සමණසුඛුමාලොති සබ‍්බෙසුපි එතෙසු සමණෙසු සුඛුමාලසමණො මුදුචිත‍්තසරීරො කායිකචෙතසිකදුක‍්ඛරහිතො එකන‍්තසුඛී. එතෙන අත‍්තානඤ‍්චෙව අත‍්තසදිසෙ ච දස‍්සෙති.

සත්වැන්නෙහි සමණමචලො යනු සමණඅචලො යනුයි, මකාරය පදසන්ධිය කරන්නේයි. නිශ්චල ශ්‍රමණයා යනාර්ථයි, මෙයින් සත්ආකාර වූ ශෛක්ෂයා දක්වයි, හෙතෙම සසුනෙහි මුල වූ ශ්‍රද්ධාවෙහි පිහිටි බැවින් නොසෙල්වෙන්නේ නම් වෙයි, සමණපුණ්ඩරිකො යනු හෙළඋපුලක් වැනි වූ ශ්‍රමණයායි, පුණ්ඩරීකය නම් සියපතට අඩු පියුමකි. මෙයින් ශුෂ්කවිදර්‍ශක ක්ෂීණාශ්‍රවයා දක්වයි, හෙතෙම ධ්‍යාන අභිඥා නැති බැවින් නොපිරිපුන් ගුණ ඇති බැවින් සමණපුණ්ඩරීක නම්වෙයි. සමණපදුමො යනු පියුමක් සමාන වූ ශ්‍රමණයායි, පදුමය නම් පිරිපුන් සියපත් ඇති පියුමයි, මෙයින් උභතොභාග විමුක්ත වූ ක්ෂීණාශ්‍රවයා දක්වයි. හෙතෙම ධ්‍යාන අභිඥා පැවතීමෙන් පිරිපුන්ගුණ ඇත්තේ සමනපදුම නම්වෙයි. සමණොසු සමණසුඛුමාලො යනු මේ සියලු ශ්‍රමණයන්ගෙන් සියුමැලි මහණතෙමේ මුදු සිත හා සිරුර ඇත්තේ කායික චෛතසික දුක්රහිත වූයේ ඒකාන්තයෙන්ම සුව ඇත්තේයි, මෙයින් තමන් ද තමන් වැනිවූවන් ද දක්වයි.

එවං මාතිකං නික‍්ඛිපිත්‍වා ඉදානි පටිපාටියා විභජන‍්තො කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සෙඛොති සත‍්තවිධොපි සෙඛො. පාටිපදොති පටිපන‍්නකො. අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානො විහරතීති අරහත‍්තං පත්‍ථයන‍්තො විහරති. මුද‍්ධාවසිත‍්තස‍්සාති මුද‍්ධනි අවසිත‍්තස‍්ස, කතාභිසෙකස‍්සාති අත්‍ථො. ආභිසෙකොති අභිසෙකං කාතුං යුත‍්තො. අනභිසිත‍්තොති න තාව අභිසිත‍්තො. මචලප‍්පත‍්තොති රඤ‍්ඤො ඛත‍්තියස‍්ස මුද‍්ධාවසිත‍්තස‍්ස පුත‍්තභාවෙන චෙව පුත‍්තෙසු ජෙට‍්ඨකභාවෙන ච න තාව අභිසිත‍්තභාවෙන ච අභිසෙකප‍්පත‍්තිඅත්‍ථාය අචලප‍්පත‍්තො නිච‍්චලපත‍්තො. මකාරො නිපාතමත‍්තං. කායෙන ඵුසිත්‍වාති නාමකායෙන ඵුසිත්‍වා.

මෙසේ මාතෘකාව තබා දැන් පිළිවෙළින් බෙදා දක්වන්නේ “කතමො ච භික්ඛවෙ” යනාදිය කීවේය. එහි සෙඛො යනු සත් ආකාරවූද ශෛක්‍ෂයායි, පටිපදො යනු පිළිපන් තැනැත්තායි, අනුත්තරං යොගක්ඛෙමං පත්‍ථයමානො විහරති යනු රහත්බව පතමින් වාසයකරයි, මුද්ධාවසිත්තස්ස යනු මුදුනෙහි ඉසින ලද්දහුගේයි, කරනලද අබිසෙස් ඇත්තහුගේ යන අරුතය, ආභිසෙකො යනු අබිසෙස් කිරීමට සුදුස්සායි, අනභිසිත්තො යනු මෙතෙක් අබිසෙස් නොකරන ලද්දේයි, මචලප්පත්තො යනු මුදුනෙහි අබිසෙස් කරනලද ක්ෂත්‍රිය රජුගේ පුත් බැවින් ද පුතුන් අතර දෙටුබැවින් ද, එතෙක් අබිසෙස් නොකරන ලද බැවින් ද, අභිෂේකයට පැමිණීම සඳහා නිසල බවට පත්වූයේ නිසල පැතුම් ඇත්තේයි, මකාරය නිපාත මාත්‍රයකි, කායෙන ඵස්සිත්වා යනු නාමකායයෙන් ස්පර්‍ශකොටයි,

යාචිතොව බහුලං චීවරං පරිභුඤ‍්ජතීති “ඉදං, භන‍්තෙ, පරිභුඤ‍්ජථා”ති එවං දායකෙහි යාචමානෙහෙව උපනීතං චීවරං බහුං පරිභුඤ‍්ජති, කිඤ‍්චිදෙව අයාචිතං, බාකුලත්‍ථෙරො විය. පිණ‍්ඩපාතං ඛදිරවනමග‍්ගෙ සීවලිත්‍ථෙරො විය. සෙනාසනං අට‍්ඨකනාගරසුත‍්තෙ (ම· නි· 2.17 ආදයො; අ· නි· 11.16 ආදයො) ආනන්‍දත්‍ථෙරො විය. ගිලානපච‍්චයං පිලින්‍දවච‍්ඡථෙරො විය. ත්‍යස‍්සාති තෙ අස‍්ස. මනාපෙනෙවාති මනං අල‍්ලීයනකෙන. සමුදාචරන‍්තීති කත‍්තබ‍්බකිච‍්චානි කරොන‍්ති පවත‍්තන‍්ති වා. උපහාරං උපහරන‍්තීති කායිකචෙතසිකඋපහාරං උපහරන‍්ති උපනීයන‍්ති. සන‍්නිපාතිකානීති තිණ‍්ණම‍්පි සන‍්නිපාතෙන නිබ‍්බත‍්තානි. උතුපරිණාමජානීති උතුපරිණාමතො අතිසීතඅතිඋණ‍්හඋතුතො ජාතානි. විසමපරිහාරජානීති අච‍්චාසනඅතිට‍්ඨානාදිකා විසමපරිහාරතො ජාතානි. ඔපක‍්කමිකානීති වධබන්‍ධනාදිඋපක‍්කමෙන නිබ‍්බත‍්තානි. කම‍්මවිපාකජානීති විනාපි ඉමෙහි කාරණෙහි කෙවලං පුබ‍්බෙ කතකම‍්මවිපාකවසෙනෙව ජාතානි. චතුන‍්නං ඣානානන‍්ති එත්‍ථ ඛීණාසවානම‍්පි බුද‍්ධානම‍්පි කිරියජ‍්ඣානානෙව අධිප‍්පෙතානි. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

යාචිතො ච බහුලං චීවරං පරිභූඤ්ජති යනු ස්වාමීනි මෙය පරිභෝග කරනු මැනවැයි අයදිනු ලබන දායකයන් විසින් ගෙනෙන ලද බොහෝ සිවුරු පරිභොග කරයි, අයදිනු නොලබන කිසිවක් (පරිභොග නොකරයි). බක්කුල තෙරුන් මෙනි, ඛදිරවන මාර්‍ගයෙහි පිණ්ඩපාතය වැළඳු සීවලී තෙරණුවන් මෙනි, අට්ඨකනාගර සූත්‍රයෙහි සෙනසුන පරිභොග කළ ආනන්ද තෙරණුවන් මෙනි. ගිලන්පස වළඳන පිලින්දිවච්ඡ තෙරණුවන් මෙනි, ත්‍යස්ස යනු තෙ අස්ස යනුයි, මනාපෙන වා යනු සිත ඇලෙන දෙයිනි, සමුදාචරන්ති යනු කළයුතු කටයුතු කරත් හෝ පවතිත් හෝ යනුයි, උපහාරං උපහරන්ති යනු කායික චෛතසික ගෞරවය එලවත් ගෙනඑත් යනුයි, සන්නිපාතිකානි යනු සන්නිපාත තුනෙන්ම උපන්නා වූ දෙයයි. උතුපරිනාමජානි යනු ඍතු පරිනාමයෙන් දැඩි ශීත දැඩි උෂ්ණ සෘතුන්ගෙන් හටගත් දේයි, ඔපක්කමිකානි යනු වධබන්ධනාදී උපක්‍රමයෙන් හටගත් දෙයයි, කම්මවිපාකජානි යනු (ඉහත දැක්වූ) මේ කරුණින් තොරව ද හුදෙක් පෙරකළ කර්‍මවිපාක වශයෙන් හටගත්තාවූ දෙයයි, චතුන්නං ඣානානං යනු මෙහි ක්ෂීණාශ්‍රවයන්ගේ ද බුදුවරුන්ගේ ද ක්‍රියා ධ්‍යානයෝම අදහස් කරන ලද්දාහුය, සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

8. සමණමචල - සඤ‍්ඤොජන සුත‍්තවණ‍්ණනා

8. සමාණමචල - සඤ්ඤාජන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සාසනෙ ලද‍්ධප‍්පතිට‍්ඨත‍්තා සොතාපන‍්නොව සමණමචලොති වුත‍්තො, නාතිබහුගුණත‍්තා න බහුපත‍්තං විය සරොරුහං සකදාගාමී සමණපුණ‍්ඩරීකොති, තතො බහුතරගුණත‍්තා සතපත‍්තං විය සරොරුහං අනාගාමී සමණපදුමොති, ථද‍්ධභාවකරානං කිලෙසානං සබ‍්බසො සමුච‍්ඡින‍්නත‍්තා මුදුභාවප‍්පත‍්තො ඛීණාසවො සමණසුඛුමාලොති.

අටවැන්නෙහි සසුනෙහි ලබනලද ප්‍රතිෂ්ඨාව ඇති බැවින් “සමණමචලො”යි කියන ලදි. ඉතා බොහෝ ගුණ නැති බැවින් බොහෝ පත් නැති පියුමක් මෙන් සකෘදාගාමී තැනැත්තේ සමණපුණ්ඩරිකො නමි, එයින් බොහෝ වැඩි ගුණ ඇති බැවින් සියපත් ඇති පියුමක් මෙන් අනාගාමී තැනැත්තේ සමණපදුමො නමි, දැඩිබව ඇතිකරන කෙලෙසුන් සර්‍වප්‍රකාරයෙන් මුලසුන් කරනලද බැවින් මෘදුබවට පැමිණි ක්ෂීණාශ්‍රවයා සමණසුඛුමාලො නම් වෙයි.

9. සමණමචල - දිට‍්ඨිසුත‍්තවණ‍්ණනා

9. සමාණමචල - දිට්ඨි සූත්‍ර වර්ණනාව

නවමෙ සම‍්මාදිට‍්ඨිකොතිආදීහි අට‍්ඨඞ‍්ගිකමග‍්ගවසෙන පඨමසුත‍්තෙ විය සත‍්ත සෙඛා ගහිතා. දුතියවාරෙ දසඞ‍්ගිකමග‍්ගවසෙන වා අරහත‍්තඵලඤාණඅරහත‍්තඵලවිමුත‍්තීහි සද‍්ධිං, අට‍්ඨඞ‍්ගිකමග‍්ගවසෙන වා සුක‍්ඛවිපස‍්සකඛීණාසවො කථිතො, තතියවාරෙ උභතොභාගවිමුත‍්තො, චතුත්‍ථවාරෙ තථාගතො ච තථාගතසදිසඛීණාසවො චාති. ඉති ඉදං සුත‍්තං පඨමසුත‍්තෙ කථිතපුග‍්ගලානං වසෙනෙව කථිතං, දෙසනාමත‍්තමෙව පනෙත්‍ථ නානන‍්ති.

නවවැන්නෙහි සම්මාදිට්ඨිකො යනාදියෙහි අෂ්ටාංගිකමාර්‍ග වශයෙන් පළමු සූත්‍රයෙහි මෙන් ශෛක්ෂයෝ සත්දෙනා ගන්නා ලදහ. දෙවැනිවර දසාංගිකමාර්‍ග වශයෙන් හෝ අරහත්ඵලඤාණ හා අරහත්ඵල විමුත්තිඥාණයන් ද සමඟ අෂ්ටාංගික වශයෙන් හෝ ශුෂ්ක විදර්‍ශක ක්ෂීණාශ්‍රවයා කියන ලදි. තෙවැනිවරෙන් උභතොභොග විමුක්තයා ද සිවුවැනි වරින් තථාගතයන් වහන්සේ හා තථාගත සමාන ක්ෂීණාශ්‍රවයාදැයි මෙම සූත්‍රය පළමු සූත්‍රයෙහි කියන ලද පුද්ගලයන්ගේ වශයෙන් කියන ලදි. මෙහි දේශනා මාත්‍රයම විශේෂයයි.

10. සමණමචල - ඛන්‍ධසුත‍්තවණ‍්ණනා

10. සමාණමචල - ඛන්ධ සූත්‍ර වර්ණනාව

දසමෙ පඨමවාරෙ අරහත‍්තත්‍ථාය පයොගං අනාරභිත්‍වා ඨිතො පමාදවිහාරී සෙඛපුග‍්ගලො කථිතො. දුතියවාරෙ අනුප‍්පාදිතජ‍්ඣානො ආරද‍්ධවිපස‍්සකො අප‍්පමාදවිහාරී සෙඛපුග‍්ගලො කථිතො. තතියවාරෙ ආරද‍්ධවිපස‍්සකො අප‍්පමාදවිහාරී අට‍්ඨවිමොක‍්ඛලාභී සෙඛපුග‍්ගලො කථිතො, චතුත්‍ථවාරෙ පරමසුඛුමාලඛීණාසවොති.

දසවැනි සූත්‍රයෙහි පළමුවරින් අරහත්බවට උත්සාහය නොඅරඹා සිටි ප්‍රමාදව වෙසෙන ශෛක්ෂ පුද්ගලයා කියන ලදි. දෙවැනිවරින් නොඋපදවන ලද ධ්‍යාන ඇති අරඹන ලද විදර්‍ශනා ඇති අප්‍රමාදව වෙසෙන ශෛක්ෂ පුද්ගලයා කියන ලදි, තෙවැනිවරින් අරඹන ලද විදර්‍ශනා ඇති අප්‍රමාදව වෙසෙන අෂ්ට විමොක්ෂලාභී ශෛක්ෂ පුද්ගලයා කියන ලදි. සිවුවැනිවරින් පරමසුඛුමාල වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදි.

මචලවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වූ මචල වර්‍ගයයි.