යෙදුමෙන් කියවන්න

සමණමචල - දිට‍්ඨිසුත‍්තං

4. 2. 4. 9.

4. 2. 4. 9.

[සමණමචල - දිට‍්ඨිසුත‍්තං]

[සමාණමචල - දිට්ඨි සූත්‍රය]

39. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

39. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර කෙනෙක යත්:

සමණමචලො, සමණපුණ‍්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.

ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුක්‍රමාර යි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සමණමචලො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිකො හොති, සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවාචො හොති, සම‍්මාකම‍්මන‍්තො හොති, සම‍්මාආජීවො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසතී හොති, සම‍්මාසමාධී හොති. එවං ඛො, භික‍්ඛවෙ, පුග‍්ගලො සමණමචලො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග්ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සමණපුණ‍්ඩරීකො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිකො හොති, සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවාචො හොති, සම‍්මාකම‍්මන‍්තො හොති, සම‍්මාආජීවො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසතී හොති, සම‍්මාසමාධී හොති, සම‍්මාඤාණී හොති, සම‍්මාවිමුත‍්තී හොති. නො ච ඛො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵස‍්සිත්‍වා විහරති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සමණපුණ‍්ඩරීකො හොති.

මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටිය ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. සම්‍යග්ඥාන ඇතියේ වෙයි. සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. වැලිත් අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැසීම් නො කොට වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සමණපදුමො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිකො හොති -පෙ- සම‍්මාවිමුත‍්තී හොති, අට‍්ඨ ච විමොක‍්ඛෙ කායෙන ඵස‍්සිත්‍වා විහරති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො සමණපදුමො හොති:

මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැස ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ‍්ජති, අප‍්පං අයාචිතො -පෙ- යං හි තං භික‍්ඛවෙ සම‍්මාවදමානො වදෙය්‍ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති. මමෙව තං භික‍්ඛවෙ සම‍්මා වදමානො වදෙය්‍ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති.

මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ යදනා ලද්දේ ම සිවුරු බහුල කොට වළඳ කෙරේ. අයාචිත ව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, ඒ මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේ ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.