සමණමචල - ඛන්ධසුත්තං
4. 2. 4. 10.
4. 2. 4. 10.
[සමණමචල - ඛන්ධසුත්තං]
[සමාණමචල - ඛන්ධ සූත්රය]
40. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
40. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
සමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්ම ය, ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර යි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සෙඛො හොති අප්පත්තමානසො, අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානො විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්ෂ වූයේ නො පත් රහත්ඵල ඇත්තේ අනුත්තරයෝගක්ෂේමය ඉස්මින් වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල (=ප්රමාදවිහාරීශෛක්ෂ) වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති: ඉති රූපං ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො. ඉති සඤ්ඤා ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථගමො, ඉති සඞ්ඛාරා ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථගමො, ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. නො ච ඛො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චඋපාදානස්කන්ධයෙහි උදා විය දක්නා සුලු ව වෙසේ: රූපය මෙසේ ය, රූපයාගේ සමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියායි. අෂ්ටවිධ විමෝක්ෂයන් නාමකයින් නො පැහැසැ ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණපුණ්ඩරීක (=අප්රමාදවිහාරීශෛක්ෂ) වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. අට්ඨ ච විමොක්ඛෙ කායෙන ඵස්සිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චෝපාදානස්කන්ධයෙහි උදා - විය දක්නා සුලුව වෙසෙයි: රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියා යි. අෂ්ටවිධවිමෝක්ෂයන් නාමකයින් පැහැසැ ගෙණ වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණපද්ම (=අෂ්ටවිමෝක්ෂාලාභිශෛක්ෂ) වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො -පෙ- යං හි තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති. මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ යාචිත වූයේ ම සිවුරු බහුල කොට වළඳයි. අයාචිතව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර (=ක්ෂීණාස්රව) නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේය.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
මචලවග්ගො චතුත්ථො.
මචලවර්ගය සතරවෙනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
පාණාතිපාතො ච මුසා අවණ්ණකොධතමොනතා, පුත්තො සඤ්ඤොජනං චෙව දිට්ඨිඛන්ධෙන තෙ දසාති.
පාණාතිපාතසූත්රය, මුසාවාදසූත්රය, වර්ණසූත්රය, කෝධසූත්රය, තමෝතමපරායනසූත්රය, ඔනතසූත්රය, පුත්තසූත්රය, සංයොජනසූත්රය, දිට්ඨිසූත්රය, ඛන්ධසූත්රය යි සූත්ර දශයෙකි.