යෙදුමෙන් කියවන්න

අසුරසුත‍්තං

4. 2. 5. 1.

4. 2. 5. 1.

[අසුරසුත‍්තං]

[අසුර සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

41. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

අසුරො අසුරපරිවාරො, අසුරො දෙවපරිවාරො, දෙවො අසුරපරිවාරො, දෙවො දෙවපරිවාරො.

අසුරසදෘශ අසුරපරිවාරය, අසුරසදෘශ දේවපරිවාරය, දේවසදෘශ අසුරපරිවාරය, දේවසදෘශ දේවපරිවාර යි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අසුරො හොති අසුරපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො. පරිසාපිස‍්ස දුස‍්සීලා හොති පාපධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අසුරො හොති අසුරපරිවාරො.

මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො අසුරො හොති දෙවපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො, පරිසා ච ඛ‍්වස‍්ස හොති සීලවතී කල්‍යාණධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො අසුරො හොති දෙවපරිවාරො.

මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො දෙවො හොති අසුරපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලවා හොති කල්‍යාණධම‍්මො. පරිසා ච ඛ‍්වස‍්ස හොති දුස‍්සීලා පාපධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො දෙවො හොති අසුරපරිවාරො.

මහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස දුශ්ශීල වේ. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො දෙවො හොති දෙවපරිවාරො? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො සීලවා හොති කල්‍යාණධම‍්මො. පරිසා පිස‍්ස හොති සීලවතී කල්‍යාණධම‍්මා. එවං ඛොභික‍්ඛවෙ පුග‍්ගලො දෙවො හොති දෙවපරිවාරො.

මහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණ දහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතරපුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.