පඨමසමාධිසුත‍්තං
4. 2. 5. 2.
4. 2. 5. 2.
[පඨමසමාධිසුත‍්තං]
[පඨම සමාධි සූත්‍රය]
42. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
42. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො නෙව ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නොම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය ද ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ද ලබන සුලු වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.