දුතියසමාධිසුත‍්තං
4. 2. 5. 3.
4. 2. 5. 3.
[දුතියසමාධිසුත‍්තං]
[දුතිය සමාධි සූත්‍රය]
43. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?
43. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො නෙව ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය නො ම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය ද ලබන සුලු ම වේ. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් ලබන සුලු වෙයි.
තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන අජ‍්ඣත‍්තං චෙතොසමථෙ පතිට‍්ඨාය අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ අර්‍පණාචිත්තසමාධිය ලබනුයේ සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබනුයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ චිත්තසමථයෙහි පිහිටා සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානයෙහි යුක්තප්‍රයුක්තතා සඞ්ඛ්‍යාත යෝගය කටයුතුයි හේ පසුකලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස. තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය පතිට‍්ඨාය අජ‍්ඣත‍්තං චෙතොසමථෙ යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, ලාභී ච අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබනුයේ, තමා තුළ චිත්තසමථය නො ලබනුයේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයෙහි පිහිටා තමා තුළ චිත්තසමථයෙහි යෝගය කළ යුතු ය. හේ පසුකාලයෙක සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබනුයේත්, තමා තුළ චිත්තසමථය ලබනුයේත් වෙයි.
තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො නෙව ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය. තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන තෙසං යෙව කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤං ච කරණීයං.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නොම ලබනුයේත් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබනුයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්‍ර ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො නවත්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කළ යුතු ය.
සෙය්‍යථාපි භික‍්ඛවෙ ආදිත‍්තචෙලො වා ආදිත‍්තසීසො වා තස‍්ස තස‍්සෙව චෙලස‍්ස වා සීසස‍්ස වා නිබ‍්බාපනාය අධිමත‍්තං ඡන්‍දඤ‍්ච වායාමඤ‍්ච උස‍්සාහඤ‍්ච උස‍්සොළ‍්හිඤ‍්ච අප‍්පටිවානිඤ‍්ච සතිඤ‍්ච සම‍්පජඤ‍්ඤං ච කරෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ තෙන පුග‍්ගලෙන තෙසංයෙව කුසලානං ධම‍්මානං පටිලාභාය අධිමත‍්තො ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤංච කරණීයං. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.
මහණෙනි, යම් පරිදි ඇවිළ දැවෙන පිළි ඇතියෙක් වේ වයි, ඇවිළ දැවෙන හිසැතියෙක් වේ වයි, ඒ ඒ පිළිය හෝ හිස හෝ නිවාලනු පිණිස අධිමාත්‍ර ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධික වීර්‍ය්‍යය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කරන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්‍ර වූ ඡන්‍දය ද ව්‍යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්‍රඥානය ද කළ යුතු ය. හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන තෙසු යෙව කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල් දහමුන් කෙරෙහි පිහිටා මතුයෙහි ආස්‍රවයන් ක්‍ෂය කරණු පිණිස යෝගය කළ යුතු ය.
ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.