යෙදුමෙන් කියවන්න

තතියසමාධිසුත‍්තං

4. 2. 5. 4.

4. 2. 5. 4.

[තතියසමාධිසුත‍්තං]

[තතිය සමාධි සූත්‍රය]

44. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

44. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.

මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො නෙව ලාභී හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේ, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානයත් නො ලබන සුලු වූයේ වෙයි.

ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන ය‍්වායං පුග‍්ගලො ලාභී අධිපඤ‍්ඤා ධම‍්මවිපස‍්සනාය, සො උපසඞ‍්කමිත්‍වා එවමස‍්ස වචනීයො : කථංනු ඛො ආවුසො සඞ‍්ඛාරා දට‍්ඨබ‍්බා? කථං සඞ‍්ඛාරා සම‍්මසිතබ‍්බා? කථං සඞ‍්ඛාරා විපස‍්සිතබ‍්බාති? තස‍්ස සො යථාදිට‍්ඨං යථාවිදිතං ව්‍යාකරොති: එවං ඛො ආවුසො සඞ‍්ඛාරා දට‍්ඨබ‍්බා, එවං සඞ‍්ඛාරා සම‍්මසිතබ‍්බා, එවං සඞ‍්ඛාරා විපස‍්සිතබ‍්බාති.

මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වී නම්, වෙත පැමිණ හේ මෙසේ කිය යුතු වෙයි: “ඇවත, කෙසේ නම් සංස්කාරයෝ දතයුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත් ද?” උහුට හේ දුටුසැටිය දත් සැටිය පවසයි: “ඇවත, සංස්කාරයෝ මෙසේ දතයුත්තාහ. සංස්කාරයෝ මෙසේ සිමිදිය යුත්තාහ. සංස්කාරයෝ මෙසේ වෙසෙසින් බැලිය යුත්තාහ” යි.

සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය න ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස. තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන ය‍්වායං පුග‍්ගලො ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, සො උපසඞ‍්කමිත්‍වා එවමස‍්ස වචනීයො : “කථං නු ඛො ආවුසො චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං? කථං චිත‍්තං සන‍්නිසාදෙතබ‍්බං? කථං චිත‍්තං එකොදි කත‍්තබ‍්බං? කථං චිත‍්තං සමාදහාතබ‍්බන‍්ති?” තස‍්ස සො යථාදිට‍්ඨං යථාවිදිතං ව්‍යාකරොති: “එවං ඛො ආවුසො චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං, එවං චිත‍්තං සන‍්නිසාදෙතබ‍්බං, එවං චිත‍්තං එකොදි කත‍්තබ‍්බං, එවං චිත‍්තං සමාදහාතබ‍්බන‍්ති.

මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වී නම්, ලංව සිට හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවත, කෙසේ නම් සිත සකසා තැබිය යුතු වේ ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු දැයි” කියා යි. ඔහුට හේ දුටු සැටිය දත් සැටිය පවසයි. “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳවිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු ය” කියා යි.

සො අපරෙන සමයෙ ලාභී චෙව හොති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, ලාභී ච අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස.

හේ පසු කලෙක සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො නෙව ලාභී අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, න ලාභී අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන ය‍්වායං පුග‍්ගලො ලාභී චෙව අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය. සො උපසඞ‍්කමිත්‍වා එවමස‍්ස වචනීයො: “කථංනු ඛො ආවුසො චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං? කථං චිත‍්තං සන‍්නිසාදෙතබ‍්බං? කථං චිත‍්තං එකොදි කත‍්තබ‍්බං? කථං චිත‍්තං සමාදහාතබ‍්බං? කථං සඞ‍්ඛාරා දට‍්ඨබ‍්බා? කථං සඞ‍්ඛාරා සම‍්මසිතබ‍්බා? කථං සඞ‍්ඛාරා විපස‍්සිතබ‍්බා?”ති. තස‍්ස සො යථාදිට‍්ඨං යථාවිදිතං ව්‍යාකරොති: “එවං ඛො ආවුසො චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං, එවං චිත‍්තං සන‍්නිසාදෙතබ‍්බං, එවං චිත‍්තං එකොදි කත‍්තබ‍්බං, එවං චිත‍්තං සමාදහාතබ‍්බං, එවං සඞ‍්ඛාරා දට‍්ඨබ‍්බා, එවං සඞ‍්ඛාරා සම‍්මසිතබ‍්බා, එවං සඞ‍්ඛාරා විපස‍්සිතබ‍්බා”ති.

මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වී නම්, ලං ව ගෙණ හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවැත්නි, කෙසේ නම් සිත මොනොවට පිහිටුවිය යුතු ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ නම් සිත අරමුණෙහි නඟා ලිය යුතු ද? කෙසේ නම් සංස්කාරයෝ දත යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත්දැ” යි කියා යි. ඔහුට හේ දුටු සැටිය දත්සැටිය පවසයි: “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳුවාලිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතුය. මෙසේ සංස්කාරයෝ දතයුතු වෙති. මෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙති. මෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙති” යි කියා යි.

සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය.

හේ පසුකලෙක චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං පුග‍්ගලො ලාභී චෙව හොති අජ‍්ඣත‍්තං චෙතොසමථස‍්ස, ලාභී ච අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය, තෙන භික‍්ඛවෙ පුග‍්ගලෙන තෙසු චෙව කුසලෙසු ධම‍්මෙසු පතිට‍්ඨාය උත‍්තරිං ආසවානං ඛයාය යොගො කරණීයො.

මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල්දහම්හි ම පිහිටා මතුයෙහි ආස්‍රවක්‍ෂය පිණිස යෝගය කළ යුතුය.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.