සමණමචල - සඤ්ඤොජන සුත්තං
4. 2. 4. 8.
4. 2. 4. 8.
[සමණමචල - සඤ්ඤොජන සුත්තං]
[සමාණමචල - සඤ්ඤාජන සූත්රය]
38. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
සමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.
ශ්රමණාචලය, ශ්රමණපුණ්ඩරීකය, ශ්රමණපද්මය, ශ්රමණයන් අතුරෙහි ශ්රමණසුකුමාර යි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො, නියතො සම්බොධිපරායණො. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණමචලො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ අචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවන් වූයේ අවිනිපාතධර්ම ඇත්තේ නියත වූයේ සම්බෝධිපරායණ වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණාචල (=ශ්රෝතාපන්න) වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපුණ්ඩරීකො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ පුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සකෘදාගාමී වෙයි. එක් වටෙක ම මෙලොවට අවුදු දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පුණ්ඩරීක (=සකෘදාගාමී) වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණපදුමො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණ පද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. එලොවින් වටාලා නො යන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන් පානේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණ පද්ම (=අනාගාමී) වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො හොති.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂය කිරීමෙන් ... ප්රත්යක්ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්රමණයන් කෙරෙහි ශ්රමණසුකුමාර (=ක්ෂීණාස්රව) වේ.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.