කොධගරුසුත්තං
4. 2. 4. 4.
4. 2. 4. 4.
[කොධගරුසුත්තං]
[කෝධගරු සූත්‍රය]
34. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
34. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණැරැ තබන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
කොධගරු හොති න සද්ධම්මගරු, මක්ඛගරු හොති න සද්ධම්මගරු, ලාභගරු හොති න සද්ධම්මගරු, සක්කාරගරු හොති න සද්ධම්මගරු.
ක්රෝධගරුක වෙයි, සද්ධර්‍මගරුක නො වෙයි. ගුණමකුබව ගරු කොට ඇත්තේ වෙයි. සදහම් ගරු කොට නැත්තේ වෙයි. ලාභය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්මය ගරු කොට නැත්තේ වෙයි. සත්කාරය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්මය ගරු කොට නැත්තේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
සද්ධම්මගරු හොති න කොධගරු, සද්ධම්මගරු හොති න මක්ඛගරු, සද්ධම්මගරු හොති න ලාභගරු, සද්ධම්මගරු හොති න සක්කාරගරු.
සදහම් ගරු කොට වසන්නේ ක්‍රෝධය ගරු කොට නොවසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ගුණමකු බව ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ලාභය ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ සත්කාරය ගරු කොට නො වසන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්තය.