තමොතමපරායනසුත්තං
4. 2. 4. 5.
4. 2. 4. 5.
[තමොතමපරායනසුත්තං]
[තමෝතමපරායන සූත්‍රය]
35. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
35. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. කවර සතර දෙනෙක යත්:
තමොතමපරායනො, තමොජොතිපරායනො, ජොතිතමපරායනො, ජොතිජොතිපරායනො.
තමෝ තමපරායනය (අඳුරෙන් අඳුරට යන), තමෝජෝතිපරායනය (අඳුරෙන් එළියට යන), ජෝති තමපරායනය (එළියෙන් අඳුරට යන), ජෝති ජෝතිපරායනය (එළියෙන් එළියට යන) - මේ පුද්ගලයෝ සතර දෙනය.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො තමො හොති තමපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා, න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො තමො හොති තමපරායණො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝතමපරායන වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාහාරපාන භෝජන ඇති සහදුක් දිවි වැටුම් ඇති දුකින් ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලයෙහි වේව යි, කුළුපොතු කුලයෙහි වේවයි, වැදි කුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬු කුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙද දුර්වර්ණ වෙයි. අමනාප දර්ශන වෙයි. ලකුණ්ටක වෙයි. බහවාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කරන්නේ වෙයි. වචනයෙන් දුශ්චරිත කරන්නේ වෙයි. සිතින් දුශ්චරිත කරන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමෝතමපරායන වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො තමො හොති ජොතිපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො තමො හොති ජොතිපරායනො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාන්නපාන භෝජන ඇති සහදුක් දිවිවැටුම් ඇති දුකසේ ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලෙහි වේවයි, කුළුපොතු කුලෙහි වේවයි, වැදිකුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬුකුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙ ද දුර්වර්ණ වෙයි. මන නොවඩන දැකුම් ඇති වෙයි. ලකුණ්ටක වෙයි. බව්හාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වේ. හේ කයින් සුචරිත කෙරෙයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුගුල් තමෝජෝතිපරායන වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ජොති හොති තමපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ජොති හොති තමපරායනො:
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිතමපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල්කුලෙහි වේවයි, බමුණුමහසල්කුලෙහි වේවයි, ගෙහෙවි මහසල් කුලෙහි වේවයි - උතුම් කුලෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශයනාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හේ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිතමපරායන වෙයි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ජොති හොති ජොතිපරායනො? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ජොති හොති ජොතිපරායනො.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලෙහි වේවයි, බමුණුමහසල් කුලෙහි වේවයි, ගෙහෙවිමහසල් කුලෙහි වේවයි - උතුම් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්ණසෞන්දර්ය්යයෙන් සමන්වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මත්තෙහි ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිජෝතිපරායන වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.