ඔනතොනතසුත්තං
4. 2. 4. 6.
4. 2. 4. 6.
[ඔනතොනතසුත්තං]
[ඔනතොනත සූත්‍රය]
36. චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
36. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඔනතොනතො, ඔනතුන්නතො, උන්නතොනතො, උන්නතුන්නතො.
ඔනතොනත (නීච-නීච) ය, ඔනතුන්නත (නීච-උත්තම) ය, උන්නතොනත (උත්තම-නීච) ය, උන්නතුන්නත (උත්තම-උත්තම) යි.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඔනතොනතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා -පෙ- සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඔනතොනතො හොති.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල් කුලයෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන, නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතොනත වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ඔනතුන්නතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා -පෙ- සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ඔනතුන්නතො හොති.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල්කුලෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කරයි, වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට, කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතුන්නත වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උන්නතොනතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙකුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා -පෙ- සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උන්නතොනතො හොති.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතොනත වේ.
කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උන්නතුන්නතො හොති? ඉධභික්ඛවෙ එකච්චො පුග්ගලො උච්චෙකුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා -පෙ- සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උන්නතුන්නතො හොති.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති, ස්වර්ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතුන්නත වේ.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තරා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.