වණ්ණසුත්තං
4. 2. 4. 3.
4. 2. 4. 3.
[වණ්ණසුත්තං]
[වණ්ණ සූත්රය]
33. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
33. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණැර තැබුවක් සෙයින් නිරයෙහි නික්ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති. අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති.
නො විමසා නො බැස ගෙණ වර්ණනාර්හ නො වන්නහුගේ ගුණ කියයි. නො විමසා නො බැස ගෙණ වර්ණනාර්හයාගේ අගුණ කියයි. නො විමසා නො බැස ගෙණ නො පැහැදිය යුතු කරුණෙහි පහදියි. නො විමසා නො බැසගෙන පැහැදිය යුතු කරුණෙහි නො පහදියි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත පුද්ගල ගෙණ ඇර තැබුවක් මෙන් නිරයෙහි බැහුනේ ය.
චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති. අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති. අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති. අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති.
විමසා බැස ගෙණ අවර්ණනාර්හයාගේ අගුණ කියයි. විමසා බැස ගෙණ වර්ණනාර්හයාගේ ගුණ කියයි. විමසා බැස ගෙණ නො පැහැදිය යුතු තැන නොපහදී. විමසා බැසගෙන පැහැදිය යුතු තැන පහදී.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණැරැ තැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්තය.