යෙදුමෙන් කියවන්න

පාණාතිපාතිසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 2. 4. 1.

4. 2. 4. 1.

[පාණාතිපාතිසුත‍්තං]

[පාණාතිපාතී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි.]

31. චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?

31. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:

පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති.

පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි බහන ලද්දේ වෙයි.

චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි චතූහි?

මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:

පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති.

පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ’ති.

මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි බහා තබන ලද්දේ වෙයි.

4. 2. 4. 2.

4. 2. 4. 2.

[මුසාවාදීසුත‍්තං]

මුසාවාදී සූත්‍රය

32. චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?

32. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර සතර කරුණෙන යත්:

මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසාවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති.

මුසවා බණන සුලු වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. කැකුළු බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් නිරයෙහි නික්‍ෂිප්ත ය.

චතූහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ. කතමෙහි චතූහි?

මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:

මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති.

මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරුවූයේ වෙයි. කැකුළුබසින් දුරුවූයේ වෙයි. පලප්බසින් දුරුවූයේ වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං සග‍්ගෙ’ති.

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණවුත් බහා තබන ලද්දක් පරිද්දෙන් ස්වර්‍ගයෙහි බැහුනේ වෙයි.