කම්බොජසුත්තං
4. 2. 3. 10.
4. 2. 3. 10.
[කම්බොජසුත්තං]
[කම්බෝජ සූත්‍රය]
30. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච.
30. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්මන්තං පයොජෙති, න කම්බොජං ගච්ඡතීති?
වහන්ස, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්මාන්ත නො කෙරේද, පිටරට නො යේද, එයට හේතු කවරේ ය, එයට ප්‍රත්‍යය කවරේ ය?
කොධනො ආනන්ද මාතුගාමො, ඉස්සුකී ආනන්ද මාතුගාමො, මච්ඡරී ආනන්ද මාතුගාමො, දුප්පඤ්ඤො ආනන්ද මාතුගාමො.
ආනන්දය, මාගම කිපෙන සුලුය. ආනන්දය, මාගම ඊර්ෂ්‍යා ඇත්තියක. ආනන්දය, මාගම මසුරු ඇත්තියක. ආනන්දය, මාගම නුවණ නැත්තියක.
අයං ඛො ආනන්ද හෙතු, අයං පච්චයො, යෙන මාතුගාමො නෙව සභායං නිසීදති, න කම්මන්තං පයොජෙති, න කම්බොජං ගච්ඡතීති.
ආනන්දය, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නො හිඳී ද, කර්මාන්ත නො කෙරේ ද, පිටරට නො යේ ද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යය යි.
අපණ්ණකවග්ගො තතියො.
අපණ්ණක වර්ගය තෙවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
පධානං දිට්ඨි’සප්පුරිස - වධුකා ද්වෙ ච හොන්ති අග්ගානි, කුසිනාරා අචින්තිතං දක්ඛිණාය වණිජ්ජකම්බොජෙන වග්ගො’ති.
පධාන - දිට්ඨි අපණ්ණක සූත්‍ර දෙකය, අසප්පුරිස - වධුකා සූත්‍රය, අග්ග සූත්‍ර දෙකය, කුසිනාරා සූත්‍රය, අචින්තෙය්‍ය සූත්‍රය, දක්ඛිණා සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, කම්බෝජ සූත්‍රයෙනැ යි වර්ගය වේ.