3. අපණ්ණකවග්ගො අට්ඨකථා
3. අපණ්ණක වර්ගය
1. පධාන-අපණ්ණක පටිපදාසුත්තවණ්ණනා
1. පධාන - අපණ්ණකපටිපදා සූත්‍ර වර්ණනාව
තතියවග්ගස්ස පඨමෙ අපණ්ණකප්පටිපදන්ති අවිරද්ධප්පටිපදං. යොනි චස්ස ආරද්ධා හොතීති කාරණඤ්චස්ස පරිපුණ්ණං හොති. ආසවානං ඛයායාති අරහත්තත්ථාය. දුතියං උත්තානමෙව.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අපණ්ණකතං පටිපදං යනු අවිරෝධී ප්‍රතිපදාවයි, යොනි චස්ස ආරද්ධා හොති යනු එයට හේතුව ද පිරිපුන් වූයේ වෙයි, ආසවානං ඛායාය යනු රහත් බව සඳහායි, දෙවැන්න පැහැදිලිමය.
3. අසප්පුරිස-වධුකාසුත්තවණ්ණනා
3. අසප්පුරිස - වධුකා සූත්‍ර වර්ණනාව
තතියෙ අවණ්ණොති අගුණො. පාතු කරොතීති කථෙති, පාකටං කරොති. පඤ්හාභිනීතොති පඤ්හත්ථාය අභිනීතො. අහාපෙත්වා අලම්බිත්වාති අපරිහීනං අලම්බිතං කත්වා. එත්ථ ච අසප්පුරිසො පාපිච්ඡතාය අත්තනො අවණ්ණං ඡාදෙති, සප්පුරිසො ලජ්ජිතාය අත්තනො වණ්ණං. ඉදානි යස්මා අසප්පුරිසො හිරොත්තප්පරහිතො සංවාසෙන අවජානාති, සප්පුරිසො පන හිරොත්තප්පසමන්නාගතො සංවාසෙනාපි නාවජානාති. තස්මා අසප්පුරිසභාවසාධකං අධුනාගතවධුකොපම්මං දස්සෙතුං සෙය්යථාපි, භික්ඛවෙ, වධුකාතිආදිමාහ. තත්ථ වධුකාති සුණිසා. තිබ්බන්ති බහලං. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
තෙවැනි සූත්‍රයෙහි අවණ්ණො යනු නුගුණයි, පාතුකරොති යනු කියයි, ප්‍රකට කරයි, පඤ්හාභිනීතො යනු ප්‍රශ්න කිරීම සඳහා පමුණුවන ලද්දේසි, අහාපෙත්වා අලම්පෙත්වා යනු නොපිරිහුණක් නොඑල්ඹෙන්නක් කොටයි, මෙහි ද අසත්පුරුෂ තෙමේ පවිටු ආසාවෙන් තමන්ගේ නුගුණ වසයි, සත්පුරුෂයා ලජ්ජාවෙන් තමන්ගේ ගුණය වසයි, දැන් යම්හෙයකින් අසත්පුරුෂ තෙමේ ලජ්ජාබිය නැත්තේ එක්ව විසීමෙන් අවමන් කරයි ද සත්පුරුෂයා වනාහි විලිබියෙන් යුක්ත වූයේ එක්ව විසීමෙනුදු අවමන් නොකරයි ද එබැවින් සත්පුරුෂභාවයට සාධක වූ අලුත පැමිණි ලේලියගේ උපමාව දැක්වීමට “සෙය්යථාපි භික්ඛවෙ වධුකා” යනාදිය පැවසූ සේක. එහි වධුකා යනු ලේලියයි, තිබ්බං යනු ඝනවූයි, මෙහි ඉතිරිය පැහැදිලිමය,
4-5. පඨමඅග්ගසුත්තාදිවණ්ණනා
4-5. පඨම අග්ග ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථෙ සීලග්ගන්ති අග්ගප්පත්තං උත්තමසීලං. එසෙව නයො සබ්බත්ථ. පඤ්චමෙ රූපග්ගන්ති යං රූපං සම්මසිත්වා අරහත්තං පාපුණාති, ඉදං රූපග්ගං නාම. සෙසෙසුපි එසෙව නයො. භවග්ගන්ති එත්ථ පන යස්මිං අත්තභාවෙ ඨිතො අරහත්තං පාපුණාති, එතං භවග්ගං නාමාති.
සතරවැනි සූත්‍රයෙහි සීලග්ගං යනු අග්‍රප්‍රාප්ත වූ උතුම් ශීලයයි, සියලුතන්හි මේ ක්‍රමයමය. පස්වැනි සූත්‍රයෙහි රූපග්ගහං යනු යම් රූපයක් විමසා බලා රහත් බවට පැමිණෙයි ද මෙය රූපග්ග නමි. සෙස්සෙහි ක්‍රමයමයි, භවග්ගං යනු මෙහි වනාහි යම් ආත්මභාවයක සිටියේ රහත්බවට පැමිණෙයි ද මෙය භවග්ග නමි.
6. කුසිනාරාසුත්තවණ්ණනා
6. කුසිනාර සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ උපවත්තනෙති පාචීනගතාය සාලපන්තියා උත්තරෙන නිවත්තිත්වා ඨිතාය වෙමජ්ඣට්ඨානෙ. අන්තරෙන යමකසාලානන්ති ද්වින්නං සාලරුක්ඛානං අන්තරෙ. කඞ්ඛාති ද්වෙළ්හකං. විමතීති විනිච්ඡිතුං අසමත්‍ථතා. “බුද්ධො නු ඛො න බුද්ධො නු ඛො, ධම්මො නු ඛො න ධම්මො නු ඛො, සඞ්ඝො නු ඛො න සඞ්ඝො නු ඛො, මග්ගො නු ඛො න මග්ගො නු ඛො, පටිපදා නු ඛො න පටිපදා නු ඛො”ති යස්ස සංසයො උප්පජ්ජෙය්ය, තං වො වදාමි පුච්ඡථ, භික්ඛවෙති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො. සත්ථුගාරවෙනපි න පුච්ඡෙය්යාථාති “මයං සත්ථු සන්තිකෙ පබ්බජිම්හ, චත්තාරො පච්චයාපි නො සත්ථු සන්තකාව. තෙ මයං එත්තකං කාලං කඞ්ඛං අකත්වා න අරහාම අජ්ජ පච්ඡිමෙ කාලෙ කඞ්ඛං කාතු”න්ති සචෙ එවං සත්ථරි ගාරවෙන න පුච්ඡථ. සහායකොපි, භික්ඛවෙ, සහායකස්ස ආරොචෙතූති තුම්හාකං යො යස්ස භික්ඛුස්ස සන්දිට්ඨො සම්භත්තො, සො තස්ස ආරොචෙතු, අහං එකස්ස භික්ඛුස්ස කථෙස්සාමි, තස්ස කථං සුත්වා සබ්බෙ නික්කඞ්ඛා භවථාති දස්සෙති. එවං පසන්නොති එවං සද්දහාමි අහන්ති අත්ථො. ඤාණමෙවාති නික්කඞ්ඛභාවපච්චක්ඛකරණඤාණංයෙව එත්ථ තථාගතස්ස, න සද්ධාමත්තන්ති අත්ථො. ඉමෙසඤ්හි, ආනන්දාති ඉමෙසං අන්තොසාණියං නිසින්නානං පඤ්චන්නං භික්ඛුසතානං. යො පච්ඡිමකොති යො ගුණවසෙන පච්ඡිමකො, ආනන්දත්ථෙරංයෙව සන්ධායාහ.
සයවැන්නෙහි උපවත්තනෙ යනු පෙරදිගෙහි වූ සල්ගස් පෙලෙක උතුරු දෙසින් නැවතී සිටි මැද තැනයි. අන්තරෙන යමකසාලානං යනු සැක කිරීමට සල්ගස් දෙකක් අතරෙහියි, කංඛා යනු සැකයයි, විමති යනු විනිශ්චය කිරීමට අසමත් බවයි, බුදුවරයෙක්ද? බුදුවරයෙක් නොවේද, ධර්මය ද ධර්මය නොවේද? සංඝයා ද සංඝයා නොවේද? මාර්ගය ද මාර්ගය නොවේද? ප්‍රතිපදාවද, ප්‍රතිපදාව නොවේදැයි යමෙකුට සැකයක් උපදින්නේ ද එය තොපට කියමි මහණෙනි, අසවු යනු මෙහි සැකවින් අර්ත්ථයයි, සත්ථුගාරචෙනාපි න පුච්ඡය්යාථ යනු අපි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වීමු, අපගේ සිවුපසය ද ශාස්තෲන් වහන්සේ සතුවූයේම වෙයි, ඒ අපි මෙපමණකලක් සැක නොකොට අද අන්තිම කාලයෙහි නොසුදුස්සෝ වෙමු, ඉදින් මෙසේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් නොඅසවු, සහායකොපි භික්ඛවෙ සහායකස්ස ආරොවෙතු යනු තොපගෙන් යමෙකුට යම් මිත්‍ර වූ ඇසුරුකරන භික්ෂුවක වේද හෙතෙම ඔහුට සැලකෙරේවා! මම එක් භික්ෂුවකට කියන්නෙම්, ඔහුගේ කථාව අසා සියල්ලෝ සැක නැත්තේ වෙත්වායි දක්වයි, එවං පසන්නො යනු මෙසේ මම අදහමි යන අර්ත්ථයයි, ඤාණමෙව යනු නිසැක බව පසක් කරන නුවණමයි, මෙහි තථාගතයන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රයක් නොවේය යන අර්ත්ථයයි, ඉමෙසං හි ආනන්ද යනු මේ තිරය ඇතුළෙහි හුන්නා වූ මේ පන්සියයක් භික්ෂුන්ගේයි, යො පච්ඡිමතො යනු ගුණ වශයෙන් අන්තිමවූ යමෙකි, අනඳ යමෙකි. අනඳ තෙරුන් සඳහාම කියන ලදි.
7. අචින්තෙය්යසුත්තවණ්ණනා
7. අචින්තෙය්‍ය සූත්‍ර වර්ණනාව
සත්තමෙ අචින්තෙය්යානීති චින්තෙතුං අයුත්තානි. න චින්තෙතබ්බානීති අචින්තෙය්යත්තායෙව න චින්තෙතබ්බානි. යානි චින්තෙන්තොති යානි කාරණානි චින්තෙන්තො. උම්මාදස්සාති උම්මත්තකභාවස්ස. විඝාතස්සාති දුක්ඛස්ස. බුද්ධවිසයොති බුද්ධානං විසයො, සබ්බඤ්ඤුතඤ්ඤාණාදීනං බුද්ධගුණානං පවත්ති ච ආනුභාවො ච. ඣානවිසයොති අභිඤ්ඤාඣානවිසයො. කම්මවිපාකොති දිට්ඨධම්මවෙදනීයාදීනං කම්මානං විපාකො. ලොකචින්තාති “කෙන නු ඛො චන්දිමසූරියා කතා, කෙන මහාපථවී, කෙන මහාසමුද්දො, කෙන සත්තා උප්පාදිතා, කෙන පබ්බතා, කෙන අම්බතාලනාළිකෙරාදයො”ති එවරූපා ලොකචින්තා.
සවැනි සූත්‍රයෙහි අවිනෙතය්යානි යනු සිතීමට නොසුදුසු දේයි, න චින්තෙතබ්බානි යනු නොසිතිය යුතු බැවින්ම නොසිතිය යුතුවු දේයි, යානි චින්තෙන්තො යනු යම් කිසි කරුණු සිතන්නායි, උම්මාදස්ස යනු උමතුබවටයි, විඝාතස්ස යනු දුකටයි, බුද්ධවිසයො යනු බුදුවරුන්ට විෂය (ගෝචර) වූයි, සර්වඥතාඥාන ආදී බුද්ධගුණයන්ගේ පැවැත්ම හා ආනුභාවයයි, ඣානවිසයො යනු අභිඥාධ්යාන විෂයයි, කම්මවිපාකො යනු දිට්ඨධම්මවේදනීය ආදී කර්මයන්ගේ විපාකයයි, ලොකචින්තා යනු කවරකු විසින් සඳහිරු කරන (මවන) ලද්දේ ද, කවරකු විසින් මහපොළොව, කවරකු විසින් මහසයුර, කවරකු විසින් සත්ත්වයෝ, උපදවන ලද්දාහුද? කවරකු විසින් පර්වත, කවරකු විසින් අඹ තල් පොල් අදිය මවන ලද්දයි මෙබඳු වූ ලෝකය පිළිබඳවූ සිතීමය.
8. දක්ඛිණාවිසුද්ධිසුත්තවණ්ණනා
8. දක්ඛිණවිසුද්ධි සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ දක්ඛිණාවිසුද්ධියොති දානසඞ්ඛාතාය දක්ඛිණාය විසුජ්ඣනකාරණානි. දායකතො විසුජ්ඣතීති මහප්ඵලභාවෙන විසුජ්ඣති, මහප්ඵලා හොතීති අත්ථො. කල්යාණධම්මොති සුචිධම්මො. පාපධම්මොති ලාමකධම්මො. දායකතො විසුජ්ඣතීති එත්ථ වෙස්සන්තරමහාරාජා කථෙතබ්බො. සො හි ජූජකබ්රාහ්මණස්ස දාරකෙ දත්වා මහාපථවිං කම්පෙසි. පටිග්ගාහකතො විසුජ්ඣතීති එත්ථ කල්යාණීනදීමුඛද්වාරවාසී කෙවට්ටො කථෙතබ්බො. සො කිර දීඝසුමත්ථෙරස්ස තික්ඛත්තුං පිණ්ඩපාතං දත්වා මරණමඤ්චෙ නිපන්නො “අය්යස්ස මං දීඝසුමත්ථෙරස්ස දින්නපිණ්ඩපාතො උද්ධරතී”ති ආහ. නෙව දායකතොති එත්ථ වඩ්ඪමානවාසී ලුද්දකො කථෙතබ්බො. සො කිර පෙතදක්ඛිණං දෙන්තො එකස්ස දුස්සීලස්සෙව තයො වාරෙ අදාසි. තතියවාරෙ “අමනුස්සො දුස්සීලො මං විලුම්පතී”ති විරවි. එකස්ස සීලවතො භික්ඛුනො දත්වා පාපිතකාලෙයෙවස්ස පාපුණි. දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො චාති එත්ථ අසදිසදානං කථෙතබ්බන්ති.
අටවැනි සූතයෙහි දක්ඛිණාවිසුද්ධියො යනු දානසංඛ්යාත දක්ෂිණාව පිරිසුදුකරවන කරුණුයි, දායකතො විසුජ්ඣති යන මහත්ඵලභාවයෙන් පිරිසුදුවෙයි, මහත්ඵලවේයයි අරුත්ය. කල්යාණධම්මො යනු පිරිසුදු ධර්මයෝයි, පාපධම්මො යනු පහත් ධර්මයයි, දායකතො විසුජ්ඣති යන මෙහි වෙස්සන්තර මහරජු කිවයුතුය, හෙතෙම වනාහි ජූජක බමුණාට දරුවන් දී මහපොළොව කම්පා කරවූයේය, ගටිග්ගාහකතො විසුජ්ඣති යන මෙහි කැලණි ගං මුවදොර වැසි කෙවුලා කිවයුතුය, හෙතෙම දීඝසුම්ම තෙරුන්ට තෙවරක් පිණ්ඩපාතය දී මරණ මඤ්චකයෙහි හොවින්නේ ආර්යවූ දීඝසුම්ම තෙරුන්ට දුන් පිණ්ඩපාතය මා ඔසවන්නේ යයි කීවේය, නෙව දායකතො යන මෙහි වඩ්ඪමානවාසී වැද්දා කිවයුතුය, හෙතෙම ප්රෙතදානය දෙන්නේ එකම දුසිලෙකුටම තෙවරක් දුන්නේය, තෙවැනිවර දුශ්ශීල අමනුෂ්‍යයෙක් මා මැඩලතියි හඬනැඟීය, එක් සිල්වත් භික්ෂුවකට දී පැමිණවූ කාලයෙහිම පැමිණියේය, දායකතො චෙව පටිග්ගාහකතො යන මෙහි අසදෘශදානය කිවයුතුය.
9. වණිජ්ජාසුත්තවණ්ණනා
9. වණිජ්ජා සූත්‍ර වර්ණනාව
නවමෙ තාදිසා වාති තංසදිසාව තංසරික්ඛකාව. ඡෙදගාමිනී හොතීති ඡෙදං ගච්ඡති. යං පත්ථිතං, තං සබ්බං නස්සතීති අත්ථො. න යථාධිප්පායා හොතීති යථාජ්ඣාසයා න හොති. පරාධිප්පායා හොතීති පරජ්ඣාසයා අජ්ඣාසයතො අධිකතරඵලා හොති. සමණං වා බ්රාහ්මණං වාති එත්ථ සමිතපාපබාහිතපාපතාහි සමණබ්රාහ්මණතා වෙදිතබ්බා. වදතු, භන්තෙ, පච්චයෙනාති, භන්තෙ, චතුබ්බිධෙන චීවරාදිනා පච්චයෙන වදෙය්යාසීති එවං පවාරෙති නිමන්තෙති. යෙන පවාරෙතීති පරිච්ඡින්දිත්වා යත්තකෙන පවාරෙති. තං න දෙතීති තං සබ්බසොව න දෙති. න යථාධිප්පායං දෙතීති යථා තස්ස අජ්ඣාසයො, එවං දාතුං න සක්කොති, හාපෙත්වා අප්පකං දෙති. යථාධිප්පායං දෙතීති යත්තකං සො ඉච්ඡති, තත්තකමෙව දෙති. පරාධිප්පායං දෙතීති අප්පකං පවාරෙත්වා අවත්ථරිත්වා බහුං දෙති.
නවවැන්නෙහි තාදිසාව යනු එබඳුවූම, එයට සමානවූම යනුයි, ජෙදගාමිනී හොති යනු සිඳීමට යයි, යමක් පතන ලද්දේ ද ඒ සියල්ල නැසේයයි අරුත්ය, න යථාධිප්පායා හොති යන අදහස පරිදි සිදුනොවෙයි, පරාධිප්පායා හොති යනු අනුන්ගේ අදහස තම අදහසට වඩා වැඩි ප්‍රතිඵල ඇත්තේ වෙයි, සමණං වා බ්රාහ්මණං වා යනු මෙහි සමනය කළ බහා තැබූ පවු ඇති බැවින් ශ්‍රමණ බ්‍රාහ්මණ බව දතයුතුය. වද භන්තෙ පච්චයෙන යනු ස්වාමීනි සතරාකාර චීවරාදී ප්‍රත්‍යයෙන් ඉල්වන්නේයයි මෙසේ පවරයි. ආරාධනය කරයි, යෙන පවාරෙති යනු පිරිසිඳ යම්පමණකින් පවරයි, තං න දෙති යනු එය සියල්ලෙන්ම නොදෙයි. තං න යථාධිප්පායං දෙති යනු ඔහුගේ අදහස යම්සේද එසේ දීමට නොහැකි වෙයි, අඩුකොට මදක් දෙයි, යථාධිප්පායං දෙති යනු ඔහුගේ අදහස යම්සේද එසේදීමට නොහැකි වෙයි, අඩුකොට මදක් දෙයි, යථාධිප්පායං දෙති යනු හෙතෙම යම් පමණක් කැමති වෙයිද එපමණම දෙයි, පරාධිප්පායං දෙති යනු මදක් පවරා අතුරා බොහෝ දෙයි.
10. කම්බොජසුත්තවණ්ණනා
10. කම්බොජ සූත්‍ර වර්ණනාව
දසමෙ නෙව සභායං නිසීදතීති විනිච්ඡයකරණත්ථං විනිච්ඡයසභායං නෙව නිසීදති. න කම්මන්තං පයොජෙතීති කසිවණිජ්ජාදිමහාකම්මන්තං නප්පයොජෙති. න කම්බොජං ගච්ඡතීති භොගෙ සම්භරණත්ථාය කම්බොජරට්ඨං න ගච්ඡති. දෙසනාමත්තමෙව චෙතං, යං කිඤ්චි තිරොරට්ඨං න ගච්ඡතීති අත්ථො. කොධනොතිආදීසු කොධනතාය කොධපරියුට්ඨිතො අත්ථානත්ථං න ජානාති, ඉස්සුකිතාය පරසම්පත්තිං න සහති, මච්ඡරිතාය ධනං දත්වා කිච්චං කාතුං න සක්කොති, නිප්පඤ්ඤතාය කිච්චං සංවිධාතුං න සක්කොති. තස්මා එතානි සභානිසීදනාදීනි න කරොතීති.
දසවැන්නෙහි නෙව සහායං නිසීදති යනු විනිශ්චය කිරීම සඳහා විනිශ්චය සභාවෙහි නොහිඳියි, න කම්මන්තං පයොජෙති යනු කෘෂිවණික් ආදී මහා කර්මාන්ත නොයොදයි. න කම්බොජං ගච්ඡති යනු භොග ගෙන ඒම සඳහා කාම්බෝජ රටට නොයයි, මෙය දේශනාමාත්රයක්ම වෙයි, යම්කිසි පිටරටකට නොයයි යන අරුත්ය, කොධනො යනාදියෙහි ක්‍රෝධ කරන බැවින් ක්‍රෝධයෙන් මැඩලුණේ අර්ත්ථ අනර්‍ත්‍ථ නොදනියි, ඊර්ෂ්‍යාවෙන් අනුන්ගේ සැපත නොයිවසයි, මසරු බැවින් ධනය දී වැඩක් කිරීමට නොහැකි වෙයි, අනුවණ බැවින් යම්කිසිවක් සංවිධානය කරන්නට නොහැකි වෙයි, එබැවින් මේ සභාවෙහි හිඳීම ආදිය නොකරයි.
අපණ්ණකවග්ගො තතියො.
තෙවැනි වර්ගයයි.