කුසිනාරාසුත්තං
4. 2. 3. 6.
4. 2. 3. 6.
[කුසිනාරාසුත්තං]
[කුසිනාරා සූත්‍රය]
26. එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ, අන්තරෙන යමකසාලානං පරිනිබ්බාණසමයෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වදනා සෙමෙහි කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්යරජුන්ගේ සල්උයනෙහි යමකශාලයන් අතර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක: ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සියා ඛො පන භික්ඛවෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ “සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති”. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
මහණෙනි, එක් මහණක්හට දු බුදුන් කෙරෙහි වේවයි දහම් කෙරෙහි වේවයි සඟුන් කෙරෙහි වේවයි මාර්ගය කෙරෙහි වේවයි පිළිවෙත කෙරෙහි වේවයි විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි ලා බුදුන් පුළුවුස්නට නොහැකිවූම්හ” යි පසුව විපිළිසර නොවා යි. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
දුතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි : සියා ඛො පන භික්ඛවෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො “අහුවත්ථ සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති”. දුතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ සැකයෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “අපට ශාස්තෘන් වහන්සේ සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවා යි. දෙවනවටත් ඒ මහණහු නිශ්ශබ්ද වූහු.
තතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි : සියා ඛො පන භික්ඛවෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ “සම්මුඛීභූතො නො සත්ථා අහොසි, නාසක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති”. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ ඇත් ද, මහණෙනි, පුළුවුස්ව. “ශාස්තෘන් වහන්සේ අපට සම්මුඛ වූහ. හමුයෙහි දී බුදුන් පුළුවුස්නට නොහැකි වූම්හ” යි පසුව විපිළිසර නොවව යි. තෙවනවටත් ඒ භික්ෂූහු නිහඬ වූහු.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි : සියා ඛො පන භික්ඛවෙ සත්ථුගාරවෙනාපි න පුච්ඡෙය්යාථ, සහායකොපි භික්ඛවෙ සහායකස්ස ආරොචෙතූති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ශාස්තෘගෞරවයෙනුත් නොපුළුවුස්නහු නම්, මහණෙනි, යහළුවකු යහළුවකුට කියන්නේය යි වදාළහ. මෙසේ වදාළ කල්හිත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහු.
අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ. එවං පසන්නො අහං භන්තෙ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, නත්ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වාති.
එසඳ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ආශ්චර්‍ය්‍යය, වහන්ස, අද්භූතය, වහන්ස, මම මේ බික්සඟුන් කෙරෙහි මෙසේ හදහමි. “මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හට ද බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැතැ”යි.
පසාදා ඛො ත්වං ආනන්ද වදෙසි. ඤාණමෙව හෙත්ථ ආනන්ද තථාගතස්ස, නත්ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා.
ආනන්දය, තෝ සැදැහැයෙන් කියහි. ආනන්දය, මේ බික්සඟුන් කෙරෙහි එක් මහණක්හටත් බුදුන් කෙරෙහි වේවයි, දහම් කෙරෙහි වේවයි, සඟුන් කෙරෙහි වේවයි, මාර්ගය කෙරෙහි වේවයි, පිළිවෙත කෙරෙහි වේවයි, විචිකිච්ඡායෙක් හෝ විමතියෙක් හෝ නැත යනු මෙහි තථාගතයන්ගේ ඥානය මැ වෙයි.
ඉමෙසං හි ආනන්ද පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු, සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
ආනන්දය, මේ පන්සියක් භික්ෂූන් අතර යම් හැමට සග මහණෙක් ඇත් ද, හේ සෝවන් වෙයි. අවිනිපාතධර්‍ම ඇත. නියතය, සම්බෝධිපරායන යි.