අචින‍්තෙය්‍යසුත‍්තං
4. 2. 3. 7.
4. 2. 3. 7.
[අචින‍්තෙය්‍යසුත‍්තං]
[අචින්තෙය්‍ය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
27. චත‍්තාරිමානි භික‍්ඛවෙ අචින‍්තෙය්‍යානි න චින‍්තෙතබ‍්බානි, යානි චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස. කතමානි චත‍්තාරි?
27. මහණෙනි, යම් කරුණු සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතියයුතු මේ සතර කරුණුය. කවර සතර කරුණුය යත්:
බුද‍්ධානං භික‍්ඛවෙ බුද‍්ධවිසයො අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේ ද, එබඳු වූ බුදුවරුන් පිළිබඳ බුද්ධවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
ඣායිස‍්ස භික‍්ඛවෙ ඣානවිසයො අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ධ්‍යායීහු පිළිබඳ ධ්‍යානවිෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
කම‍්මවිපාකො භික‍්ඛවෙ අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
ලොකචින‍්තා භික‍්ඛවෙ අචින‍්තෙය්‍යා න චින‍්තෙතබ‍්බා. යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස.
මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි අචින‍්තෙය්‍යානි න චින‍්තෙතබ‍්බානි, යානි චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සාති.
මහණෙනි, යම් බඳු කරුණු සිතනුයේ උමතු බවට දුකට හිමි වේ ද, එබඳු වූ සිතන්නට නොයුතු එහෙයින් ම නොසිතිය යුතු මේ සතර කරුණු යි.