දක්ඛිණාවිසුද්ධිසුත්තං
4. 2. 3. 8.
4. 2. 3. 8.
[දක්ඛිණාවිසුද්ධිසුත්තං]
[දක්ඛිණවිසුද්ධි සූත්‍රය]
28. චතස්සො ඉමා භික්ඛවෙ දක්ඛිණාවිසුද්ධියො. කතමා චතස්සො?
28. මහණෙනි, මේ දක්ෂිණා විශුද්ධීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අත්ථි භික්ඛවෙ දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථි භික්ඛවෙ දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථි භික්ඛවෙ දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථි භික්ඛවෙ දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
මහණෙනි, දායකයන් මිස පිළිගාවන් (ප්‍රතිග්‍රාහකයන්) කෙරෙන් පිරිසිදු නොවන දක්ෂිණායෙක් ඇත. මහණෙනි, පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙන් වේවයි, පිළිගාවන් කෙරෙන් වේවයි පිරිසිදු නො වන දක්ෂිණායෙක් ඇත. මහණෙනි, දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්ෂිණායෙක් ඇත.
කථඤ්ච භික්ඛවෙ දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො? ඉධ භික්ඛවෙ දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
මහණෙනි, කෙසේ නම් දායකයන් මිස පිළිගාවන් කෙරෙන් පිරිසිදු නො වන දක්ෂිණාව වේ ය යත්: මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි. කලණ දහම් ඇත්තේ වෙයි. පිළිගාවෝ දුසිල් වෙත්, ලමු දහම ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් මිස පිළිගාවත් කෙරෙන් පිරිසිදු නො වන දක්ෂිණාව වෙයි.
කථඤ්ච භික්ඛවෙ දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො? ඉධ භික්ඛවෙ දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො.
මහණෙනි, කෙසේ නම් පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නො වන දක්ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක දුශ්ශීල වෙයි. පාපධර්ම වෙයි. පිළිගාවෝ සිල්වත් වෙති. කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ පිළිගාවන් මිස දායකයන් කෙරෙන් පිරිසිදු නොවන දක්ෂිණාව වේ.
කථඤ්ච භික්ඛවෙ දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො? ඉධ භික්ඛවෙ දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකාපි හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
මහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව්හි දායක දුශ්ශීල වෙයි. ලමු දහම් ඇති වෙයි. පිළිගාවෝත් දුශ්ශීල වෙත්. ලමු දහම් ඇති වෙති. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු නො වන දක්ෂිණාව වේ.
කථඤ්ච භික්ඛවෙ දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච? ඉධ භික්ඛවෙ දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකාපි හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො භික්ඛවෙ දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
මහණෙනි, කෙසේ නම් දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්ෂිණාව වේ ය? මහණෙනි, මෙ ලොව දායක සිල්වත් වෙයි, කලණ දහම් ඇති වෙයි. පිළිගාවෝත් සිල්වත් වෙති, කලණ දහම් ඇති වෙත්. මහණෙනි, මෙසේ දායකයන් කෙරෙනුත් පිළිගාවන් කෙරෙනුත් පිරිසිදු වන දක්ෂිණාව වෙයි.
ඉමා ඛො භික්ඛවෙ චතස්සො දක්ඛිණා විසුද්ධියොති.
මහණෙනි, මේ දක්ෂිණා විශුද්ධීහු සතර දෙනා වෙති.