යෙදුමෙන් කියවන්න

2. පත‍්තකම‍්මවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පත්තකම්ම වර්ගය

1. පත‍්තකම‍්මසුත‍්තවණ‍්ණනා

1. පත්තකම්ම සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ අනිට‍්ඨපටික‍්ඛෙපෙන ඉට‍්ඨා. මනෙ කමන‍්ති පවිසන‍්තීති කන‍්තා. මනං අප‍්පායන‍්ති පවඩ‍්ඪෙන‍්තීති මනාපා. දුල‍්ලභාති පරමදුල‍්ලභා. භොගාති භුඤ‍්ජිතබ‍්බා රූපාදයො විසයා. සහධම‍්මෙනාති ධම‍්මෙනෙව සද‍්ධිං උප‍්පජ‍්ජන‍්තු, මා ධම‍්මූපඝාතං කත්‍වා අධම‍්මෙනාති. අථවා සහධම‍්මෙනාති සකාරණෙන, තෙන තෙන සෙනාපතිසෙට‍්ඨිට‍්ඨානාදිකාරණෙන සද‍්ධිංයෙව උප‍්පජ‍්ජන‍්තූති අත්‍ථො. යසොති පරිවාරසම‍්පත‍්ති. සහ ඤාතීභීති ඤාතකෙහි සද‍්ධිං. සහ උපජ‍්ඣායෙහීති සුඛදුක‍්ඛෙසු උපනිජ‍්ඣායිතබ‍්බත‍්තා උපජ‍්ඣායසඞ‍්ඛාතෙහි සන්‍දිට‍්ඨසම‍්භත‍්තෙහි සද‍්ධිං.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අනිටුදෙය (අයහපත) පිළිකෙව් කිරීමෙන් ඉට්ඨා නමි, සිත ඇතුළත් වෙත්, පිවිසෙත්නුයි කන්තා නමි. සිත නගත් වඩනුයි මනාප නමි, දුල්ලභා යනු අතිශයින්ම දුර්‍ලභ වූවෝයි, භොගා යනු විඳිය යුතු රූපාදී වූ විෂයයෝයි, සහධම්මෙන යනු ධර්‍මය සමඟම උපදිත්වා; ධර්‍මය විනාශකොට අධර්‍මයෙන් නොවේ, නැතහොත් සහධම්මෙන යනු හේතු සහිතවීමෙනි, ඒ සෙනෙවි සිටු තනතුරු ආදී කරුණු සමගම උපදිත්වායි අරුත්ය. යසො යනු පිරිවර සැපතයි, සහඤාතීහි යනු නෑයන් සමගය, සහ උපජ්ඣායෙහි යනු සැපදුකෙහිදී මැදහත් වියයුතු බැවින් උපාධ්‍යාය සංඛ්‍යාත වූ හිතමිතුරන් සමඟය,

අකිච‍්චං කරොතීති අකාතබ‍්බං කරොති. කිච‍්චං අපරාධෙතීති කත‍්තබ‍්බයුත‍්තකං කිච‍්චං අකරොන‍්තො තං අපරාධෙති නාම. ධංසතීති පතති පරිහායති. අභිජ‍්ඣාවිසමලොභන‍්ති අභිජ‍්ඣාසඞ‍්ඛාතං විසමලොභං. පජහතීති නුදති නීහරති. මහාපඤ‍්ඤොති මහන‍්තපඤ‍්ඤො. පුථුපඤ‍්ඤොති පුථුලපඤ‍්ඤො. ආපාතදසොති තං තං අත්‍ථං ආපාතෙති තමෙව පස‍්සති, සුඛුමම‍්පිස‍්ස අත්‍ථජාතං ආපාතං ආගච‍්ඡතියෙවාති අත්‍ථො.

අකිච්චං කරොති යනු නොකළයුත්තක් කරයි, කිච්චං අපරාධෙති යනු කළයුතු වූ කටයුත්ත නොකරන්නේ එය වළක්වන්නේ නමි. ධංසති යනු වැටෙයි. පිරිහෙයි. අභිජ්ඣාවිසමලොභං යනු අභිධ්‍යා සංඛ්‍යාත වූ විෂම ලොභයයි, පජහති යනු දුරු කරයි, ඉවත්කරයි, මහාපඤ්ඤො යනු මහත් ප්‍රඥාවක් ඇත්තේයි, පුථුපඤ්ඤො යනු පළල් වූ නුවණ ඇත්තේයි, ආපාථදසො යනු ඒ ඒ අර්‍ත්‍ථයට පැමිණෙයි, එයම බලයි, සියුම් වූද අර්‍ත්‍ථසමූහය ඔහුගේ මාර්ගයට පැමිණේමය යන අරුත්ය.

උට‍්ඨානවීරියාධිගතෙහීති උට‍්ඨානසඞ‍්ඛාතෙන වීරියෙන අධිගතෙහි. බාහාබලපරිචිතෙහීති බාහාබලෙන පරිචිතෙහි වඩ‍්ඪිතෙහි. සෙදාවක‍්ඛිත‍්තෙහීති අවක‍්ඛිත‍්තසෙදෙහි, සෙදං මුඤ‍්චිත්‍වා වායාමෙන පයොගෙන සමධිගතෙහීති අත්‍ථො. ධම‍්මිකෙහීති ධම‍්මයුත‍්තෙහි. ධම‍්මලද‍්ධෙහීති දසකුසලකම‍්මපථධම‍්මෙ අකොපෙත්‍වා ලද‍්ධෙහි. පත‍්තකම‍්මානීති යුත‍්තකම‍්මානි අනුච‍්ඡවිකකම‍්මානි. සුඛෙතීති සුඛිතං කරොති. පීණෙතීති පීණිතං බලසම‍්පන‍්නං කරොති. ඨානගතං හොතීති කාරණගතං හොති. කිං පන තන‍්ති? චතූසු පත‍්තකම‍්මෙසු එකං භොගෙහි කත‍්තබ‍්බකම‍්මං භොගජාතමෙව ඨානගතං. පත‍්තගතන‍්ති යුත‍්තප‍්පත‍්තට‍්ඨානගතං. ආයතනසො පරිභුත‍්තන‍්ති කාරණෙනෙව පරිභුත‍්තං භොගජාතං හොති.

උට්ඨානවිරියාධිතෙහි යනු උත්‍ථාන සංඛ්‍යාත වූ වීර්යයෙන් ලබන ලද්දෙනි, බාහාබලපරිචිතෙහි යනු බාහුබලයෙන් රැස්කළ, වඩන ලද්දෙනි, සෙදාවක්ඛිත්තෙහි යනු හෙළු දහදියෙනි, දහදිය හෙළා, වෑයමෙන් උත්සාහයෙන් රැස්කළ දෙයිනි යන අරුත්ය, ධම්මිකෙහි යනු ධර්‍මයෙන් යුතු වූ දෙයිනි, ධම්මලද්ධෙහි යනු දශකුශල කර්‍මපථ ධර්‍මයන් නොකෙලෙසා ලද දෙයිනි, පත්තකම්මානි යනු සුදුසු කර්‍මයෝයි. ගැලපෙන කර්‍මයෝයි, සුඛෙති යනු සුවපත් කෙරෙයි, පීණෙති යනු පිණවන ලද්දක්, බලසම්පන්න වූවක් කරයි, ඨානගතං හොති යනු කාරණාගත වූයේ වෙයි, එය කුමක්දයත්? සතර අතරෙන් එකක්වූ භොගයන්ගෙන් කළයුතු කර්‍මය භොග සමූහයටම ස්ථානගත වෙයි. පත්තගතං යනු සුදුසු තැනට ගියේයි, ආයතනසො පරිභූත්තං යනු කාරණයෙන්ම (සහේතුකවම) පරිභෝග කළ භොග සමුහය වෙයි.

පරියොධාය සංවත‍්තතීති පිදහිත්‍වා වත‍්තති. යථා අග‍්ගිආදීහි උප‍්පන‍්නාසු ආපදාසු, එවං ආදිත‍්තගෙහනිබ‍්බාපනාදීනං අත්‍ථාය ධනපරිච‍්චාගං කත්‍වා තාසං ආපදානං මග‍්ගං පිදහති නිවාරෙති. සොත්‍ථිං අත‍්තානං කරොතීති නිරුපද‍්දවං ඛෙමං අත‍්තානං කරොති. ඤාතිබලින‍්ති ඤාතකානං බලිං. අතිථිබලින‍්ති ආගන‍්තුකානං බලිං. පුබ‍්බපෙතබලින‍්ති පරලොකගතානං ඤාතකානං බලිං. රාජබලින‍්ති රඤ‍්ඤො කත‍්තබ‍්බයුත‍්තකං රාජබලිං. දෙවතාබලින‍්ති දෙවතානං කත‍්තබ‍්බබලිං. සබ‍්බමෙතං තෙසං තෙසං යථානුච‍්ඡවිකවසෙන දාතබ‍්බදානස‍්ස අධිවචනං.

පරියොධාය වත්තති යනු වසා පවතියි, යම්සේ ගිනි ආදියෙන් උපන් ආපදාවන්හි දී මෙසේ ගිනිගත්ගෙය නිවීම් ආදී වැඩ සඳහා ධන පරිත්‍යාග කොට ඒ උවදුරුවල මග වසයි. වළක්වයි, සොත්‍ථිං අත්තානං කරොති යනු තමා උවදුරු රහිතවූවකු නිර්භයවූවකු කරයි, ඤාතිබලිං යනු ඥාතීන් සඳහා වූ බලිය (පිදීම) යි, අථිතිබලිං යනු ආගන්තුක බලියයි, පුබ්බපෙතබලිං යනු පරලොව ගිය ඥාතීන් සඳහා වූ බලියයි, රාජබලිං යනු රජු සඳහා කළයුතු වූ රාජ බලියයි, දෙවතාබලිං යනු දෙවියන්ට කළයුතු බලියයි, මේ සියල්ල ඒ ඒ අයට සුදුසු පරිද්දෙන් දියයුතු දානයට නමයි,

ඛන‍්තිසොරච‍්චෙ නිවිට‍්ඨාති අධිවාසනක‍්ඛන‍්තියඤ‍්ච සුසීලතාය ච නිවිට‍්ඨා. එකමත‍්තානං දමෙන‍්තීති එකං අත‍්තනොව අත‍්තභාවං ඉන්‍ද්‍රියදමෙන දමෙන‍්ති. සමෙන‍්තීති අත‍්තනො චිත‍්තං කිලෙසවූපසමනෙන සමෙන‍්ති. පරිනිබ‍්බාපෙන‍්තීති කිලෙසපරිනිබ‍්බානෙනෙව පරිනිබ‍්බාපෙන‍්ති. උද‍්ධග‍්ගිකන‍්තිආදීසු උපරූපරිභූමීසු ඵලදානවසෙන උද‍්ධමග‍්ගමස‍්සාති උද‍්ධග‍්ගිකා. සග‍්ගස‍්ස හිතාති තත්‍රුපපත‍්තිජනනතො සොවග‍්ගිකා. නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සුඛොව විපාකො අස‍්සාති සුඛවිපාකා. සුට‍්ඨු අග‍්ගානං දිබ‍්බවණ‍්ණාදීනං දසන‍්නං විසෙසානං නිබ‍්බත‍්තනතො සග‍්ගසංවත‍්තනිකා, එවරූපං දක‍්ඛිණං පතිට‍්ඨාපෙතීති අත්‍ථො.

ඛන්තිසොරච්වෙ නිවිට්ඨා යනු ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තියට ද මනා සිල්වත්බවට ද ඇතුළත්වූවාහුයි, එකමත්තානං දමෙන්ති යනු තමාගේම එක් ආත්මභාවය ඉන්ද්‍රිය දමනයෙන් දමනය කරති, සමෙන්ති යනු තමාගේ සිත කෙලෙස් සංසිඳවීමෙන් සමනය කරති, පරිනිබ්බාපෙන්ති යනු ක්ලේශ පරිනිර්‍වාණයෙන්ම පිරිනිවීමට පමුණුවත්, උද්ධග්ගිකං යනාදියෙහි මතුමතු භූමිවල පලදීම් වශයෙන් උසස් මාර්ගය මොහුගේනුයි උද්ධග්ගිකා නමි, ස්වර්‍ගයට හිතකරය. යන්නෙන් එහි උපදවීම් ඇතිකරවන බැවින් සොවග්නිකා නම් වෙයි, උපනුපන් තැන සැප විපාක මොහුගේනුයි සුඛවිපාකා නමි, මනාව උසස් වූ දිව්‍යවර්‍ණාදී දශ විශේෂයන් උපදවන බැවින් සග්ගසංවත්තනිකා නමි, මෙබඳු වූ දක්ෂිණාවක් පිහිටවීයයි අරුත්ය,

අරියධම‍්මෙ ඨිතොති පඤ‍්චසීලධම‍්මෙ පතිට‍්ඨිතො. පෙච‍්ච සග‍්ගෙ පමොදතීති පරලොකං ගන‍්ත්‍වා යත්‍ථ සග‍්ගෙ පටිසන්‍ධිං ගණ‍්හාති, තත්‍ථ මොදති. සොතාපන‍්නසකදාගාමිනො වා හොන‍්තු අනාගාමී වා, සබ‍්බෙසං අයං පටිපදා ලබ‍්භතෙවාති.

අරියධම්මෙ ඨිතො යනු පඤ්චශීලධර්‍මයෙහි පිහිටියේයි, පෙච්ච සග්ගො ච මොදති යනු පරලොව ගොස් යම් ස්වර්ගයක පිළිසිඳ ගනියි ද එහි සතුටුවෙයි, සෝවාන් සකෘදාගාමී හෝ අනාගාමී වෙත්වා! සියල්ලන්ටම මේ ප්‍රතිපදාව ලැබෙයි.

2. අනණසුත‍්තවණ‍්ණනා

2. අනණ සූත්‍ර වර්ණනාව

දුතියෙ අධිගමනීයානීති පත‍්තබ‍්බානි. කාමභොගිනාති වත්‍ථුකාමෙ ච කිලෙසකාමෙ ච පරිභුඤ‍්ජන‍්තෙන. අත්‍ථිසුඛාදීසු අත්‍ථීති උප‍්පජ‍්ජනකසුඛං අත්‍ථිසුඛං නාම. භොගෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස උප‍්පජ‍්ජනකසුඛං භොගසුඛං නාම. අනණොස‍්මීති උප‍්පජ‍්ජනකසුඛං ආනණ්‍යසුඛං නාම. නිද‍්දොසො අනවජ‍්ජොස‍්මීති උප‍්පජ‍්ජනකසුඛං අනවජ‍්ජසුඛං නාම.

දෙවැනි සූත්‍රයෙහි අධිගමනීයා යනු පත්විය යුතුයි, කාමභොගිනා යනු වස්තු කාමයන් ද ක්ලේශ කාමයන් ද පරිභොග කරන්නා විසිනි, අත්‍ථිසුඛාදිසු යනු ඇතැයි යනුවෙන් උපදින සුවය අර්‍ත්‍ථසුඛය නමි, භොගයන් පරිභොග කරන්නහුට උපදින සුවය භොග සුඛය නමි, ණය නැත්තෙක් වෙමැයි උපදින සුවය අනණසුඛය නමි, නිදොස් වෙමි. වරද නැත්තේ වෙමැයි උපදින සුවය අනවජ්ජසුඛය නමි.

භුඤ‍්ජන‍්ති භුඤ‍්ජමානො. පඤ‍්ඤා විපස‍්සතීති පඤ‍්ඤාය විපස‍්සති. උභො භාගෙති ද‍්වෙ කොට‍්ඨාසෙ, හෙට‍්ඨිමානි තීණි එකං කොට‍්ඨාසං, අනවජ‍්ජසුඛං එකං කොට‍්ඨාසන‍්ති එවං පඤ‍්ඤාය පස‍්සමානො ද‍්වෙ කොට‍්ඨාසෙ ජානාතීති අත්‍ථො. අනවජ‍්ජසුඛස‍්සෙතන‍්ති එතං තිවිධම‍්පි සුඛං අනවජ‍්ජසුඛස‍්ස සොළසිං කලං නාග‍්ඝතීති.

භූඤ්ජං යනු විදින්නේයි, පඤ්ඤා විපස්සති යනු ප්‍රඥාවෙන් මනාව බලයි, උභොභාගෙ යනු දෙකොටසෙහිය, යටම තුන එකකොටසකි, අනවද්‍යසුඛය එක කොටසකැයි මෙසේ නුවණින් දකින්නේ දෙකොටසක් දනියි යන අරුතය, අනවජ්ජසුඛස්සෙතං යනු මේ තෙවැදෑරුම් සුවයම අනවද්‍ය සුවයෙන් සොළසින් කලාවක් නොඅගියි යනුයි.

3. සබ්‍රහ‍්මසුත‍්තවණ‍්ණනා

3. සබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව

තතියං තිකනිපාතෙ වණ‍්ණිතමෙව. සපුබ‍්බදෙවතානීති පදමත‍්තමෙව එත්‍ථ විසෙසොති. චතුත්‍ථෙ සබ‍්බං උත‍්තානත්‍ථමෙව.

තෙවැනි සූත්‍රය තික නිපාතයෙහි වර්‍ණනා කරන ලද්දේමය, සපුබ්බදෙවකානි යන පදමාත්‍රයම මෙහි විශේෂයයි, සතරවැනි සුත්‍රයෙහි සියල්ල පැහැදිලි අරුත් ඇත්තේමය.

5. රූප ප‍්පමාණ සුත‍්තවණ‍්ණනා

5. රූප ප්පමාණ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ රූපෙ පමාණං ගහෙත්‍වා පසන‍්නො රූපප‍්පමාණො නාම. රූපප‍්පසන‍්නොති තස‍්සෙව අත්‍ථවචනං. ඝොසෙ පමාණං ගහෙත්‍වා පසන‍්නො ඝොසප‍්පමාණො නාම. චීවරලූඛපත‍්තලූඛෙසු පමාණං ගහෙත්‍වා පසන‍්නො ලූඛප‍්පමාණො නාම. ධම‍්මෙ පමාණං ගහෙත්‍වා පසන‍්නො ධම‍්මප‍්පමාණො නාම. ඉතරානි තෙසංයෙව අත්‍ථවචනානි. සබ‍්බසත‍්තෙ ච තයො කොට‍්ඨාසෙ කත්‍වා ද‍්වෙ කොට‍්ඨාසා රූපප‍්පමාණා, එකො න රූපප‍්පමාණො. පඤ‍්ච කොට‍්ඨාසෙ කත්‍වා චත‍්තාරො කොට‍්ඨාසා ඝොසප‍්පමාණා, එකො න ඝොසප‍්පමාණො. දස කොට‍්ඨාසෙ කත්‍වා නව කොට‍්ඨාසා ලූඛප‍්පමාණා, එකො න ලූඛප‍්පමාණො. සතසහස‍්සං කොට‍්ඨාසෙ කත්‍වා පන එකො කොට‍්ඨාසොව ධම‍්මප‍්පමාණො, සෙසා න ධම‍්මප‍්පමාණාති වෙදිතබ‍්බා.

පස්වැනි සූත්‍රයෙහි රූපයෙහි ප්‍රමාණය ගෙන පැහැදුණේ රූපප්පමාණො නමි, රූපප්පසන්නො යනු එයටම සමාන අර්‍ත්‍ථවත් වචනයකි, ශබ්දයෙහි ප්‍රමාණය ගෙන පැහැදුණේ ඝොසප්පමාණො නමි, රූක්ෂ චීවර, රූක්‍ෂ පාත්‍රයන්හි ප්‍රමාණය ගෙන පැහැදුණේ ලුඛප්පමාණො නමි. ධර්‍මයෙහි ප්‍රමාණය ගෙන පැහැදුණේ ධම්මප්පමාණො නමි. සෙසු ඒවා ඒවායේ අර්‍ත්‍ථය ඇති පර්‍ය්‍යාය වචනයි. සියලු සත්ත්වයන් තුන්කොටසක් කොටස් දෙකොටසකට අයත් වූවෝ රූප ප්‍රමාණයෝයි, එක් කොටසක් රූපප්‍රමාණ නොවේ. පස්කොටසක් කොට සතර කොටසක් සොඝප්‍රමාණයෝය, එක් කොටසක් සොඝප්‍රමාණ නොවේ, දස කොටසක් කොට නව කොටසක් ලූඛප්‍රමාණයෝයි, එක් කොටසක් ලූඛප්‍රමාණ නොවේ, කොටස් ලක්ෂයක් කොට එක් කොටසක්ම ධර්‍මය ප්‍රමාණකොට ගන්නෝය, සෙස්සෝ ධර්‍ම ප්‍රමාණයෝ නොවෙතියි දතයුතුය.

රූපෙ පමාණිංසූති යෙ රූපං දිස‍්වා පසන‍්නා, තෙ රූපෙ පමාණිංසු නාම, පසීදිංසූති අත්‍ථො. ඝොසෙන අන්‍වගූති ඝොසෙන අනුගතා, ඝොසප‍්පමාණං ගහෙත්‍වා පසන‍්නාති අත්‍ථො. ඡන්‍දරාගවසූපෙතාති ඡන්‍දස‍්ස ච රාගස‍්ස ච වසං උපෙතා. අජ‍්ඣත‍්තඤ‍්ච න ජානාතීති නියකජ‍්ඣත‍්තෙ තස‍්ස ගුණං න ජානාති. බහිද‍්ධා ච න පස‍්සතීති බහිද‍්ධාපිස‍්ස පටිපත‍්තිං න පස‍්සති. සමන‍්තාවරණොති සමන‍්තතො ආවාරිතො, සමන‍්තා වා ආවරණමස‍්සාති සමන‍්තාවරණො. ඝොසෙන වුය‍්හතීති ඝොසෙන නියති, න ගුණෙන. අජ‍්ඣත‍්තඤ‍්ච න ජානාති, බහිද‍්ධා ච විපස‍්සතීති නියකජ‍්ඣත‍්තෙ ගුණං න ජානාති, බහිද‍්ධා පනස‍්ස පටිපත‍්තිං පස‍්සති. බහිද‍්ධා ඵලදස‍්සාවීති තස‍්ස පරෙහි කතං බහිද‍්ධා සක‍්කාරඵලං පස‍්සන‍්තො. විනීවරණදස‍්සාවීති විවටදස‍්සාවී. න සො ඝොසෙන වුය‍්හතීති සො ඝොසෙන න නීයති.

රූපෙන පාමිංසු යනු යමෙක් රූපය දැක පැහැදුනාහු ද ඔවුහු රූපයෙන් ප්‍රමාණ කළාහුය, පාමිංසු යනු ප්‍රමාණ කළාහු යන අරුත්ය, ඝොසෙන අන්වගු යනු ශබ්දයෙන් අනුගතවූවාහු ශබ්දය ප්‍රමාණකොට ගෙන පැහැදුනාහු යයි අරුත්ය, ඡන්දරාගචසූපෙතා යනු ඡන්දයේ ද රාගයේ ද වසඟයට එළඹියාහුය, අජ්ඣත්තං ච න ජානාති යනු තමාගේ අධ්‍යාත්මයෙහි ඔහුගේ ගුණය නොදනියි, බහිද්ධා ච න පස්සති යනු පිටතින් ද ඔහුගේ ප්‍රතිපත්තිය නොදකියි, සමන්තාවරණො යනු හාත්පසින් අවුරණ ලද්දේ හෝ හාත්පසින් ආවරණය ඔහුගේ යයි හෝ සමන්තාවරණො නමි, ඝොසෙන වුය්හති යනු හෙතෙම ශබ්දයෙන් ගෙනයනු ලැබේ. ගුණයෙන් නොවේ, අජ්ඣත්තං ච න ජානාති බහිද්ධා ච විපස්සති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි ගුණය නොදනියි පිටතින් වනාහි ඔහුගේ ප්‍රතිපත්තිය දකියි, බහිද්ධා ඵලදස්සාවි යනු විවෘත දැකීම් ඇත්තේයි, න සො ඝොසෙන වුය්හති යනු හෙතෙම ශබ්දයෙන් නොමෙහයවනු ලැබේ.

6. සරාග පුග‍්ගල සුත‍්තවණ‍්ණනා

6. සරාග පුග්ගල සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ මොහජං චාපවිද‍්දසූති මොහජං චාපි අවිද‍්දසූ අපණ‍්ඩිතා. සවිඝාතන‍්ති සදුක‍්ඛං. දුඛුද්‍රයන‍්ති ආයතිඤ‍්ච දුක‍්ඛවඩ‍්ඪිදායකං. අචක‍්ඛුකාති පඤ‍්ඤාචක‍්ඛුරහිතා. යථා ධම‍්මා තථා සන‍්තාති යථා රාගාදයො ධම‍්මා ඨිතා, තථා සභාවාව හුත්‍වා. න තස‍්සෙවන‍්ති මඤ‍්ඤරෙති මයං එවංසන‍්තා එවංසභාවාති තස‍්ස න මඤ‍්ඤරෙ, න මඤ‍්ඤන‍්තීති අත්‍ථො. ඉමස‍්මිං සුත‍්තෙපි ගාථාසුපි වට‍්ටමෙව කථිතං.

සයවැන්නෙහි මොහජඤ්චාපචිද්දසු යනු මුළාවෙන් හටගත් දෙය ද නොදත්තාහු, අනුවණයෝයි, සවිඝාතං යනු දුක්සහිතවූයි, දුබුද්‍රයං යනු අනාගතයෙහි ද දුක වැඩිකර දෙන්නාවූයි, අචක්ඛුකා යනු නුවණැස රහිතවූවෝයි, යථා ධම්මා තථා සන්තා යනු යම් සේ රාගාදී ධර්‍මයෝ සිටියාහු ද එබඳු ස්වභාවය ඇත්තෝම වීයි, නස්සෙවන්ති මඤ්ඤරෙ යනු අපි මෙසේ වූවාහු මෙබඳු ස්වභාවය ඇත්තෝයි නොහඟිති නොසිතතියි අර්‍ත්‍ථයි, මෙම සූත්‍රයෙහි ද ගාථාවන්හි ද සසරම කියන ලදි.

7. අහි මෙත‍්ත සුත‍්තවණ‍්ණනා

7. අහි මෙත්ත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ඉමානි චත‍්තාරි අහිරාජකුලානීති ඉදං දට‍්ඨවිසානෙව සන්‍ධාය වුත‍්තං. යෙ හි කෙචි දට‍්ඨවිසා, සබ‍්බෙතෙ ඉමෙසං චතුන‍්නං අහිරාජකුලානං අබ‍්භන‍්තරගතාව හොන‍්ති. අත‍්තගුත‍්තියාති අත‍්තනො ගුත‍්තත්‍ථාය. අත‍්තරක‍්ඛායාති අත‍්තනො රක‍්ඛණත්‍ථාය. අත‍්තපරිත‍්තායාති අත‍්තනො පරිත‍්තාණත්‍ථාය. පරිත‍්තං නාම අනුජානාමීති අත්‍ථො.

සත්වැනි සූත්‍රයෙහි ඉමානි චත්තාරී අහිරාකුලානි යන මෙය දෂ්ට කිරීමෙන් විෂ ඇත්තවුන් සඳහාම කියන ලදි, දෂ්ට කිරීමෙන් විෂ ඇති යම්කිසිවෙක් වෙත්ද ඒ සියල්ලෝ මේ සතර අභිරාජකුලයන්ට ඇතුළත් වූවෝම වෙති, අත්තගුත්තියා යනු තමාගේ ආරක්ෂාව සඳහායි, අත්තරක්ඛාය යනු තමාගේ රැකවරණය සඳහායි, අත්තපරිත්තාය යනු තමන් හාත්පසින් ආරක්ෂාවීම සඳහා පිරිත අනුදනිමියි අර්‍ත්‍ථයි.

ඉදානි යථා තං පරිත‍්තං කාතබ‍්බං, තං දස‍්සෙන‍්තො විරූපක‍්ඛෙහි මෙතිආදිමාහ. තත්‍ථ විරූපක‍්ඛෙහීති විරූපක‍්ඛනාගකුලෙහි. සෙසෙසුපි එසෙව නයො. අපාදකෙහීති අපාදකසත‍්තෙහි. සෙසෙසුපි එසෙව නයො. සබ‍්බෙ සත‍්තාති ඉතො පුබ‍්බෙ එත‍්තකෙන ඨානෙන ඔදිස‍්සකමෙත‍්තං කථෙත්‍වා ඉදානි අනොදිස‍්සකමෙත‍්තං කථෙතුං ඉදමාරද‍්ධං. තත්‍ථ සත‍්තා පාණා භූතාති සබ‍්බානෙතානි පුග‍්ගලවෙවචනානෙව. භද්‍රානි පස‍්සන‍්තූති භද්‍රානි ආරම‍්මණානි පස‍්සන‍්තු. මා කඤ‍්චි පාපමාගමාති කඤ‍්චි සත‍්තං පාපකං ලාමකං මා ආගච‍්ඡතු. අප‍්පමාණො බුද‍්ධොති එත්‍ථ බුද‍්ධොති බුද‍්ධගුණා වෙදිතබ‍්බා. තෙ හි අප‍්පමාණා නාම. සෙසපදද‍්වයෙපි එසෙව නයො. පමාණවන‍්තානීති ගුණප‍්පමාණෙන යුත‍්තානි. උණ‍්ණනාභීති ලොමසනාභිකො මක‍්කටකො. සරබූති ඝරගොලිකා. කතා මෙ රක‍්ඛා, කතා මෙ පරිත‍්තාති මයා එත‍්තකස‍්ස ජනස‍්ස රක‍්ඛා ච පරිත‍්තාණඤ‍්ච කතං. පටික‍්කමන‍්තු භූතානීති සබ‍්බෙපි මෙ කතපරිත‍්තාණා සත‍්තා අපගච‍්ඡන‍්තු, මා මං විහෙඨයිංසූති අත්‍ථො.

දැන් යම් සේ ඒ පිරිත කළයුතු ද එය දක්වන්නේ විරූපක්ඛෙහි මේ යනාදිය වදාළ සේක, එහි විරූපක්ඛෙහි යනු විරූපාක්ෂ නාගකුලයන්ගෙනි, සෙස්සෙහි ද මේ ක්‍රමයයි, අපාදකෙහි යනු පාරහිත සත්ත්වයන්ගෙනි, සෙස්සෙහි ද මේ ක්‍රමයයි, සබ්බෙ සත්තා යනු මෙයින් පෙර මෙපමණ තැනකින් ඒ ඒ සත්ත්වයන් උදෙසා කළයුතු මෛත්‍රිය පවසා දැන් උදෙසීමක් නැති මෛත්‍රිය පැවසීමට මෙය අරඹන ලදි. එහි සත්ත්වයෝ ප්‍රාණීහු භූතයෝ යන මේ සියල්ලම පුද්ගල පර්‍ය්‍යාය වචනයෝමය. භද්‍රානි පස්සන්තු යනු සොඳුරු වූ අරමුණු දකිත්වායි, මා කඤ්චි පාපගමා යනු කිසිසතකු වෙත පවිටු වූ දෙයක් ලාමක වූ දෙයක් නොපැමිණේවා යනුයි, අප්පමාණො බුද්ධො යන මෙහි බුද්ධ ගුණයෝ දතයුත්තාහ. ඒවා අප්‍රමාණ නම් වෙයි. සෙසු පද දෙකෙහි ද දේ ක්‍රමයමයි, පමාණවන්තානි යනු ගුණප්‍රමාණයෙන් යුක්තවූයි, උණ්ණානාභි යනු ලොම් සහිත නැබ ඇති මකුළුවායි, සරබූ යනු හුනායි, කතා මෙ රක්ඛා කතා මෙ පරිත්තා යනු මවිසින් මෙපමණ දෙනාට ආරක්ෂාව ද රැකවල ද කරන ලදියි. පටික්කමන්තු භූතානි යනු මවිසින් කරන ලද රැකවල ඇති සත්ත්වයෝ ඉවත් වෙත්වා, මා නොවෙහෙසත්වා යන අරුත්ය.

8. දෙවදත‍්තසුත‍්තවණ‍්ණනා

8. දෙවදත්ත සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අචිරපක‍්කන‍්තෙ දෙවදත‍්තෙති සඞ‍්ඝං භින්‍දිත්‍වා නචිරපක‍්කන‍්තෙ. පරාභවායාති අවඩ‍්ඪියා විනාසාය. අස‍්සතරීති වළවාය කුච‍්ඡිස‍්මිං ගද්‍රභස‍්ස ජාතා. අත‍්තවධාය ගබ‍්භං ගණ‍්හාතීති තං අස‍්සෙන සද‍්ධිං සම‍්පයොජෙන‍්ති, සා ගබ‍්භං ගණ‍්හිත්‍වා කාලෙ සම‍්පත‍්තෙ විජායිතුං නසක‍්කොන‍්තී පාදෙහි භූමිං පහරන‍්තී තිට‍්ඨති. අථස‍්සා චත‍්තාරො පාදෙ චතූසු ඛාණූසු බන්‍ධිත්‍වා කුච‍්ඡිං ඵාලෙත්‍වා පොතකං නීහරන‍්ති. සා තත්‍ථෙව මරති. තෙනෙතං වුත‍්තං.

අටවැන්නෙහි අචිරපක්කන්තෙ දෙවදත්තෙ යනු සංඝභේදය කොට වැඩිකල් නොගොස් තිබියදීයි, පරාභවාය යනු අවැඩ සඳහා විනාශය සඳහාය, අස්සතරී යනු වෙළඹකගේ කුසෙහි කොටලුවාට දාව උපන්නාවූයි, අත්තවධාය ගබ්හං ගණ්හාති යනු ඇය අශ්වයකු සමඟ යොදවනු ලබන ඕ ගැබ්ගෙන කල් පැමිණි විට වදනු නොහැක්කී පාවලින් බිම පහරමින් සිටියි. ඉක්බිති ඕ සිවුපා කණු සතරක බැඳ කුස පළා පැටවා පිටතට ගන්නී එහිම මැරෙයි. එහෙයින් මෙසේ කියන ලදි.

9. පධානසුත‍්තවණ‍්ණනා

9. පධාන සූත්‍ර වර්ණනාව

නවමෙ කිලෙසානං සංවරත්‍ථාය පවෙසනද‍්වාරං පිදහනත්‍ථාය පධානං සංවරප‍්පධානං, පජහනත්‍ථාය පධානං පහානප‍්පධානං, කුසලානං ධම‍්මානං බ්‍රූහනත්‍ථාය වඩ‍්ඪනත්‍ථාය පධානං භාවනාප‍්පධානං, තෙසංයෙව අනුරක‍්ඛණත්‍ථාය පධානං අනුරක‍්ඛණාප‍්පධානං.

නවවැන්නෙහි කෙලෙසුන්ගේ සංවරය සඳහා පිවිසෙන දොරටුව වසනු සඳහා වූ උත්සාහය සංවරප්පධානං නමි, දුරුකිරීම සඳහා වූ උත්සාහය පහානප්පධානං නමි, කුසල ධර්‍මයන් දියුණුව සඳහා, වැඩෙනු සඳහා වූ උත්සාහය භාවනාපධානං නමි. ඔවුන්ගේම ආරක්ෂාව සඳහා වූ උත්සාහය අනුරක්ඛනාපධානං නමි.

10. අධම‍්මිකසුත‍්තවණ‍්ණනා

10. අධම්මික සූත්‍ර වර්ණනාව

දසමෙ අධම‍්මිකා හොන‍්තීති පොරාණකරාජූහි ඨපිතං දසභාගබලිඤ‍්චෙව අපරාධානුරූපඤ‍්ච දණ‍්ඩං අග‍්ගහෙත්‍වා අතිරෙකබලිනො චෙව අතිරෙකදණ‍්ඩස‍්ස ච ගහණෙන අධම‍්මිකා. රාජායුත‍්තාති රඤ‍්ඤො ජනපදෙසු කිච‍්චසංවිධායකා ආයුත‍්තකපුරිසා. බ්‍රාහ‍්මණගහපතිකාති අන‍්තොනගරවාසිනො බ්‍රාහ‍්මණගහපතයො. නෙගමජානපදාති නිගමවාසිනො චෙව ජනපදවාසිනො ච. විසමන‍්ති විසමා හුත්‍වා, අසමයෙන වායන‍්තීති අත්‍ථො. විසමාති න සමා, අතිථද‍්ධා වා අතිමුදුකා වාති අත්‍ථො. අපඤ‍්ජසාති මග‍්ගතො අපගතා, උම‍්මග‍්ගගාමිනො හුත්‍වා වායන‍්තීති අත්‍ථො. දෙවතා පරිකුපිතා භවන‍්තීති වාතෙසු හි විසමෙසු අපඤ‍්ජසෙසු වායන‍්තෙසු රුක‍්ඛා භිජ‍්ජන‍්ති, විමානානි භිජ‍්ජන‍්ති. තස‍්මා දෙවතා පරිකුපිතා භවන‍්ති, තා දෙවස‍්ස සම‍්මා වස‍්සිතුං න දෙන‍්ති. තෙන වුත‍්තං දෙවො න සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡතීති. විසමපාකානි සස‍්සානි භවන‍්තීති එකස‍්මිං ඨානෙ ගබ‍්භීනි හොන‍්ති, එකස‍්මිං සඤ‍්ජාතඛීරානි, එකං ඨානං පච‍්චතීති එවං විසමං පාකානි සස‍්සානි භවන‍්ති.

දසවැනි සුත්‍රයෙහි අධම්මිකා හොන්ති යනු පැරණි රජුන් විසින් තබන ලද දසභාගබලිය ද, අපරාධයට අනුරූප වූ දඬුවම ද නොගෙන අතිරේක බලි ද, අතිරේක දඬුවම ද, ගැනීමෙන් අදැහැමි වූවෝයි, රාජයුත්තා යනු රජුගේ ජනපදයන්හි කටයුතු සංවිධානය කරන්නා වූ නියෝජිත පුරුෂයෝයි, බ්‍රාහ්මණගහපතිකා යනු ඇතුල් නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතීහුයි, නෙගමජානපදා යනු නියම්ගම් වැසියෝ ද ජනපදවැසියෝ ද වෙති, විසමං යනු විසමවූවෝ වී නොකල්හි හමත් යන අර්‍ත්‍ථයි, විසමා යනු සමනොවූයි. ඉතාදැඩි හෝ ඉතා මෘදු වූවෝ හෝ වෙති යන අර්‍ත්‍ථයි. අපඤ්ජසා යනු මගින් ඉවත්වූවෝ, නොමග යන්නෝ වී හමතියි අර්‍ත්‍ථයි, දෙවතා පරිකුපිතා භවන්ති යනු සුළඟ විසමව මගින් ඉවත්ව හමනවිට ගස් කඩා වැටෙයි. විමන් බිඳීයයි, එහෙයින් දෙවියෝ කිපියාහු වෙති. ඔවුහු කිපියාහු වැස්සට මනාව වසින්නට ඉඩ නොදෙති. එහෙයින් කියන ලදි: “දෙවො න සම්මා ධාරං අනුපවෙච්ඡති”. විසමපාකිනී සස්සානි භවන්ති යනු තැනක ගොයම ගැබ්ගන්නේ වෙයි, එකතැනක කිරිවදින්නේ වෙයි, එක් තැනක පැසෙයි,

සමං නක‍්ඛත‍්තානි තාරකරූපානි පරිවත‍්තන‍්තීති යථා කත‍්තිකපුණ‍්ණමා කත‍්තිකනක‍්ඛත‍්තමෙව ලභති, මිගසිරපුණ‍්ණමා මිගසිරනක‍්ඛත‍්තමෙවාති එවං තස‍්මිං තස‍්මිං මාසෙ සා සා පුණ‍්ණමා තං තං නක‍්ඛත‍්තමෙව ලභති, තථා සම‍්මා පරිවත‍්තන‍්ති. සමං වාතා වායන‍්තීති අවිසමා හුත්‍වා සමයස‍්මිංයෙව වායන‍්ති, ඡ මාසෙ උත‍්තරා වාතා, ඡ මාසෙදක‍්ඛිණාති එවං තෙසං තෙසං ජනපදානං අනුරූපෙ සමයෙ වායන‍්ති. සමාති සමප‍්පවත‍්තිනො නාතිථද‍්ධා නාතිමුදූ. පඤ‍්ජසාති මග‍්ගප‍්පටිපන‍්නා, මග‍්ගෙනෙව වායන‍්ති, නො අමග‍්ගෙනාති අත්‍ථො.

විසමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති යනු යම්සේ ඉල්පොහොය ඉල් නැකතම ලබයි ද බිනර පොහොය බිනර නැකතම ලබයි ද එසේ ඒ ඒ මාසයෙහි ඒ ඒ පොහොයම ඒ ඒ නැකතම ලබයි ද එසේ සමව නොපෙරෙලෙත්, අවිසමං වාතා වායන්ති යනු විසම නොවී සුදුසු කාලයෙහිම හමත්, සමසක උතුරු සුළඟය සමසක දකුණු සුළභයයි මෙසේ ඒ ඒ දනව්වලට සුදුසු කාලයෙහි හමත්, සමා යනු සම පැවතුම් ඇත්තාහු, ඉතා දැඩි ඉතාමුදු නොවූවාහුයි, පඤ්ජසා යනු මගට පිළිපන්නාහු මගෙහිම හමත්, නොමඟින් නොවේයයි අර්‍ත්‍ථයි,

ජිම‍්හං ගච‍්ඡතීති කුටිලං ගච‍්ඡති, අතිත්‍ථං ගණ‍්හාති. නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සතීති නයතීති නෙත‍්තා. තස‍්මිං නෙත‍්තෙ ජිම‍්හං ගතෙ කුටිලං ගන‍්ත්‍වා අතිත්‍ථං ගණ‍්හන‍්තෙ ඉතරාපි අතිත්‍ථමෙව ගණ‍්හන‍්තීති අත්‍ථො. නෙතෙතිපි පාඨො. දුක‍්ඛං සෙතීති දුක‍්ඛං සයති, දුක‍්ඛිතං හොතීති අත්‍ථො.

ජිම්හං ගච්ඡති යනු වක්ව යයි. නොතොට ගනියි, නෙතෙ ජීම්හගතෙ සති යනු පමුණුවන්නේනුයි නෙතා නමි, ඒ පමුණුවන්නා වක්ව ගියකල ඇදව ගොස් නොතොට ගන්නා කල්හි සෙස්සෝ ද නොතොටම ගනිත්යයි අර්‍ත්‍ථයි, නෙත්තෙති යනුද පාඨයි, දුක්ඛං සෙති යනු දුකසේ නොවී දුකට පත්වේයයි අරුත්ය.

පත‍්තකම‍්මවග‍්ගො දුතියො.

දෙවැනිවූ පත්තකම්මවර්‍ගයයි.

ගාථාකුලකය සමාප්තයි.