අහි මෙත්ත සුත්තං
4. 2. 2. 7.
4. 2. 2. 7.
[අහි (මෙත්ත) සුත්තං]
[අහි (මෙත්ත) සූත්‍රය]
17. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලකතො හොති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
17. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල සැවැත් නුවර එක්තරා මහණෙක් සර්පයකු විසින් දෂ්ටව කලුරිය කෙළේ වෙයි. එසඳ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ:
ඉධ භන්තෙ සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දට්ඨො කාලකතොති.
වහන්ස, මේ සැවැත්නුවර අන්‍යතර භික්ෂුවෙක් සර්පදෂ්ට ව කාලක්‍රියා කෙළේය යනුයි.
නහනූන සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨො කාලං කරෙය්ය. කතමානි චත්තාරි අහිරාජකුලානි?
මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණ සතර අහිරාජකුල මෙත්සිතින් නො පැහැසීය. මහණෙනි, ඒ මහණ ඉදින් සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ට ව කලුරිය නො කරන්නේ ම ය. කවර අහිරාජකුල සතරෙක යත්:
විරූපක්ඛං අහිරාජකුලං, එරාපථං අහිරාජකුලං, ඡබ්යාපුත්තං අහිරාජකුලං, කණ්හාගොතමකං අහිරාජකුලං.
විරූපක්ඛ අහිරාජකුලය, ඒරාපථ අහිරාජකුලය, ඡබ්‍යාපුත්ත අහිරාජකුලය, කණ්හාගෝතමක අහිරාජකුල යි.
නහිනූන සො භික්ඛවෙභික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, නහි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨො කාලං කරෙය්ය.
මහණෙනි, ඒ මහණ ඒකාන්තයෙන් මේ සතර අහිරාජකුල මෙත්සිතින් නොපැහැසී. මහණෙනි, ඒ මහණ මේ සතර අහිරාජකුල මෙත්සිතින් පැහැසී නම්, මහණෙනි, ඒ මහණ සපුහු විසින් දෂ්ටව කලුරිය නො කරන්නේ ම ය.
අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරිතුං, අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායාති.
මහණෙනි, මේ සතර අහිරාජකුල මෙත්සිතින් පහස්නට අනුදනිමි. තමාගේ ගුප්තිය පිණිසය, තමාගේ රකවල පිණිසය, තමාගේ පිරිත් පිණිස යි.
48. විරූපක්ඛෙහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහි මෙ, ඡබ්යාපුත්තෙහි මෙ මෙත්තං මෙත්තං කණ්හාගොතමකෙහි ච.
48. මාගේ මෛත්‍රිය විරූපක්ඛ අහිරාජ කුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය එරාපථ අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත අහිරාජකුලයන් හා වේවා. මාගේ මෛත්‍රිය කණ්හාගෝතමක අහිරාජ කුලයන් හා වේවා.
49. අපාදකෙහි මෙ මෙත්තං මෙත්තං දිපාදකෙහි මෙ, චතුප්පදෙහි මෙ මෙත්තං මෙත්තං බහුප්පදෙහි මෙ.
49. මාගේ මෛත්‍රිය අපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය ද්විපාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය චතුෂ්පාදක සතුන් හා වේවා. මාගේ මෛත්‍රිය බහුප්පාදක සතුන් හා වේවා.
50. මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො, මා මං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො.
50. අපාදක සතෙක් නහමක් මා පෙළාවා. ද්විපාදක සතෙක් නහමක් මා පෙළාවා. චතුෂ්පාදක සතෙක් නහමක් මා පෙළාවා. බහුප්පාදක සතෙක් නහමක් මා පෙළාවා.
51. සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා ච කෙවලා, සබ්බෙ භද්‍රානි පස්සන්තු මා කඤ්චි පාපමාගමා.
51. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණයෝ, සියලු භූතයෝ යන හැම භද්‍ර දෑ දකිත්වා. කිසිවකු කරා අනිෂ්ටයක් නො එළඹේවා.
අප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො. අප්පමාණො සඞ්ඝො. පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා සතපදී උණ්ණනාභී සරබූ මූසිකා. කතා මෙ රක්ඛා. කතා මෙ පරිත්තා. පටික්කමන්තු භූතානි. සො’හං නමො භගවතො. නමො සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.
බුද්ධරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. ධර්මරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. සඞ්ඝරත්නය ගුණවශයෙන් අප්‍රමාණ වෙයි. අහිය, ගෝනුහුසුය, සියපාය, මකුළුය, ගෘහගෝධා (සුහුනු) ය, මීය යන සිරිංසපජාතීහු ගුණ විසින් ප්‍රමාණවත්හ. මා විසින් රකවල් කරණ ලදී. මා විසින් පිරිත් කරණ ලදී. භූතයෝ බැස යෙත්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකෙරෙමි. සත් සම්බුදුවරුනට නමස්කාර කෙරෙමි.