යෙදුමෙන් කියවන්න

දෙවදත‍්තසුත‍්තං

4. 2. 2. 8.

4. 2. 2. 8.

[දෙවදත‍්තසුත‍්තං]

[දේවදත්ත සූත්‍රය]

18. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ අචිරපක‍්කන‍්තෙ දෙවදත‍්තෙ. තත්‍ර ඛො භගවා දෙවදත‍්තං ආරබ‍්භ භික‍්ඛූ ආමන‍්තෙසි :

18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ) බැසගිය නොබෝකල් ඇතිවත් ම රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වෙසෙති. එසඳ භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:

අත‍්තවධාය භික‍්ඛවෙ දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය භික‍්ඛවෙ දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, ආත්මවධය පිණිස දේවදත්තහට ලාභසත්කාර යශස් උදා විය. මහණෙනි, පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ කදලී අත‍්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙවං ඛො භික‍්ඛවෙ අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම්සේ කෙසෙල් ආත්මවධය පිණිස ඵල දේ ද, පිරිහීම පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ වෙළු අත‍්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික‍්ඛවෙ අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම්සේ හුණවනය ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ නළො අත‍්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික‍්ඛවෙ අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම්සේ රණහුණ ආත්මවධය පිණිස ඵල දේ ද, පරාභවය පිණිස ඵල දේ ද, මහණෙනි, එ පරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ අස‍්සතරී අත‍්තවධාය ගබ‍්භං ගණ‍්හාති, එවමෙව ඛො භික‍්ඛවෙ අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදීති.

මහණෙනි, යම්සේ (වෙළබ කුසැ ගදුබුවාට දා) අශ්වතරිය ආත්මවධය පිණිස ගප් ගණී ද, මහණෙනි, එපරිදි ම ආත්මවධය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර යශස් උදා විය. පරාභවය පිණිස දෙව්දත්හට ලාභසත්කාර යශස් උදා විය.

52. ඵලං වෙ කදලිං හන‍්ති ඵලං වෙළුං ඵලං නළං, සක‍්කාරො කාපුරිසං හන‍්ති ගබ‍්භො අස‍්සතරිං යථාති

52. යම්සේ ඵලය කෙහෙල නස්නේ ම වේ ද, ඵලය මහහුණ නස්නේ ම වේ ද, ඵලය රණහුණ නස්නේ ම වේද, ගබ වෙළබ නස්නේ ම වේ ද, එපරි සත්කාරය කුපුරිස් නසා.