පධානසුත්තං
4. 2. 2. 9.
4. 2. 2. 9.
[පධානසුත්තං]
[පධාන සූත්‍රය]
19. චත්තාරිමානි භික්ඛවෙ පධානානි. කතමානි චත්තාරි?
19. මහණෙනි, මේ ප්‍රධන් වීර්‍ය්‍යයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සංවරප්පධානං, පහාණප්පධානං, භාවනප්පධානං, අනුරක්ඛණප්පධානං.
සංවර ප්‍රධන් වීර්‍ය්‍යය, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය, අනුරක්ෂණා ප්‍රධන් වීර්ය්යයි.
කතමඤ්ච භික්ඛවෙ සංවරප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ සංවරප්පධානං.
මහණෙනි, සංවර ප්‍රධන් වීර්‍ය්‍යය කවරේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලමු අකුසල දහමුන් නූපදනා සඳහා ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මෙ සංවර ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ පහාණප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ පහාණප්පධානං.
මහණෙනි, ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ලමු අකුසල දහමුන් දුරලනු සඳහා ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ ප්‍රහාණ ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ භාවනප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ භාවනප්පධානං.
මහණෙනි, භාවනා ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් කුසල් දහමුන් උපදනා සඳහා ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරේ, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ භාවනා ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ අනුරක්ඛණප්පධානං? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ අනුරක්ඛණප්පධානං.
මහණෙනි, අනුරක්ෂණා ප්‍රධන් වීර්‍ය්‍යය නම් කවරේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය සඳහා විනාශ නොවන බව සඳහා බොහෝ වන බව සඳහා විපුල වන බව සඳහා භාවනායෙන් පරිපූර්ණ වන බව සඳහා ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත තිර කොට ගණියි. මහණෙනි, මේ අනුරක්ෂණා ප්‍රධන් වීර්‍ය්‍ය යි කියනු ලැබේ.
ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි පධානානීති.
මහණෙනි, මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ යි.
53. සංවරො ච පහාණං ච භාවනා අනුරක්ඛණා, එතෙ පධානා චත්තාරො, දෙසිතාදිච්චබන්ධුනා, යෙහි භික්ඛු ඉධාතාපී ඛයං දුක්ඛස්ස පාපුණෙති.
53. මෙසස්නෙහි කෙලෙස් තවන මහණෙක් යමෙකින් දුඃඛක්‍ෂයට පැමිණේ ද, ඔහුට සංවරය හා ප්රහාණය හා භාවනාව හා අනුරක්ෂණාව හා මේ සතර ප්‍රධන් වීර්‍ය්‍යයෝ ආදිත්යබන්ධු බුදුන් විසින් දෙසන ලදහ.